අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 09:25

ඇඟ­ලුම් කර්මාන්ත‍යට 2025 දී ‍‍ඩොලර් බිලි­යන 8ක ඉල­ක්ක­යක්

ඉලෙ­ක්ට්‍රො­නික ලිය­කි­ය­විලි, ඊ-වාණිජ්‍ය යාන්ත්‍රණ, ක්‍රියා­කා­ර­කම් වැඩි දියුණු කරන නව ව්‍යාපාර ආකෘ­ති­යක් හඳු­න්වා­දීම ඇතුළු ක්‍රියා­මාර්ග ගණ­නා­වක් ශ්‍රී ලංකා ඇඟ­ලුම් කර්මා­න්තය පසු­ගි­යදා රජ­යෙන් ඉල්ලා සිටි­යේය.

ශ්‍රී ලංකා ඇඟ­ලුම් අප­න­යන සංග­මයේ වාර්ෂික මහා සභා රැස්වී­මේදී සභා­පති රෙහාන් ලඛානි මහතා පැව­සුවේ දේශීය හා ජාත්‍ය­න්තර වශ­යෙන් කර්මා­න්තය නංවා­ලීම සඳහා මෙම පිය­වර වැද­ගත් බවයි. 2025 දී කර්මා­න්තයේ ඉල­ක්කය ඩොලර් මිලි­යන 8 ක් වන අතර එය ඔවුන්ගේ වර්ත­මාන කාර්ය සාධ­නය මෙන් දෙගු­ණ­යකි.

“අපගේ විශ්වා­සය මේ වන­විට සැල­කිය යුතු ලෙස වැඩි­දි­යුණු වී ඇති අතර, නව පරි­පා­ල­නය විසින් ප්‍රති­පත්ති පිළි­බඳ නිසි තීරණ ගැනීම සහ කාලා­නු­රූ­පීව ක්‍රියා­ත්මක කිරීම මඟින් අදාළ කර්මා­න්තය ශක්ති­මක් කරනු ඇති බවයි,”

දේශීය දේශ­පා­ලන හා ගෝලීය ගැටලු මෙන්ම “නීති සම්පා­ද­නය සහ විධා­ය­කය අතර ඇති වෙන­ස්කම්” සහ තීරණ ගැනීමේ අවි­නි­ශ්චි­ත­තා­වය හේතු­වෙන් කර්මා­න්තය 2019 දී විනා­ශ­කාරී වාතා­ව­ර­ණ­ය­කට මුහුණ දුන් බව ඔහු පැව­සීය.

දේශීය හා කලා­පීය වශ­යෙන් සැප­යුම් ව්‍යාප්ත කරීම පුළුල් කිරීමේ අව­ශ්‍ය­තාව කෙරෙහි ලඛානි අව­ධා­නය යොමු කළේය. කලා­පීය නිෂ්පා­ද­ක­යකු සහ උප කොන්ත්‍රාත් යාන්ත්‍ර­ණ­යන් සමඟ සහ­යෝ­ග­යෙන් සමස්ත සැප­යුම් විස­ඳුම් ක්‍රියා­ත්මක කිරීම තුළින් “ශ්‍රී ලංකා අප­න­ය­න­ක­රු­වන්ට නව අප­න­යන ඉපැ­යීම් ඇති කිරී­මට හැකි වනු ඇති අතර එය දළ වශ­යෙන් අපේ අංශ­යෙන් තවත් ඩොලර් මිලි­යන 300 ක් පමණ විය හැකි­යයි හෙතෙම අව­ධා­ර­ණය කළේය.වර්ත­මාන බදු ප්‍රති­පා­දන නැවත සලකා බැලී­මෙන් මෙම නව ව්‍යාපාර ආකෘ­තිය රජයේ අනු­ග්‍ර­හ­යෙන් දිරි­මත් කරන ලෙස ඔහු ඉල්ලා සිටි­යේය. ශ්‍රී ලංකාවේ ඒකා­බද්ධ ඇඟ­ලුම් සංගම් සංස­දය (JAAF) මේ සම්බ­න්ධ­යෙන් දැන­ට­මත් කරුණු ඉදි­රි­පත් කර ඇති බව ලඛානි මහතා පැව­සීය.

කර්මා­න්තය මුහුණ දෙන ප්‍රධාන ගැට­ලු­වක් ලෙස මෙහිදී ලඛානි පෙන්වා දුන්නේ අන්ත­ර්ජා­ලය හරහා ගෙවීම් ලැබීමේ යාන්ත්‍ර­ණ­යක් නොමැති වීමයි. මේ සඳහා පේපෑල් හා සමාන යාන්ත්‍ර­ණ­යක් නිර්මා­ණය කිරී­මට අවශ්‍ය වනු ඇතැයි ඔහු අව­ධා­ර­ණය කළේය.

විශේ­ෂ­යෙන් විද්‍යුත්මක ලිය­කි­ය­විලි සම්බ­න්ධ­යෙන් රෙගු­ලාසි වෙනස් කිරීමේ අව­ශ්‍ය­තා­ව­ක් ද ප­ව­තින බව හෙතෙම අව­ධා­ර­ණය කළේය මේ සම්බ­න්ධ­යෙන් වග­කීම භාර ගන්නා ලෙස මුදල් අමා­ත්‍යාං­ශ­යෙන් ලඛානි ඉල්ලා සිටි­යේය.

දේශීය වෙළෙ­ඳ­පොළ සංව­ර්ධ­නය කිරීමේ අව­ශ්‍ය­තා­ව­යක් පව­තින බව පව­සන ශ්‍රී ලංකා ඇඟ­ලුම් අප­න­යන සංග­මයේ සභා­පති, ජාත්‍ය­න්තර වෙළෙ­ඳ‍පොළ විනි­විද යාම ප්‍රමු­ඛ­තා­ව­යක් බව පැව­සීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිද­හස් වෙළෙඳ ගිවි­සුම් (FTAs) පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් කියා සිටියේ මෙම ගිවි­සුම් මඟින් කර්මා­න්ත­යට සැල­කිය යුතු වෙළෙ­ඳ­පොළ ප්‍රවේ­ශ­යක් ලබා නොදෙන බවයි.

(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website