බදාදා, 18 මාර්තු 2020 08:40

මූල්‍ය ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් රුපියලේ අගය අඩුවෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට මූල්‍ය ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වීම ඊයේ (17 වැනිදා) දිනයේ වාර්තා විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික වාර්තාවන්ට අනුව ඊයේ දිනයේ ඇමරිකන් ඩොලරයක ගැනුම් මිල රු. 182.57ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 186.66ක් ලෙසිනි.

මෙය ඇමරිකානු ඩොලරය වෙනුවෙන් ගැනුම් මිල රු. 182 සහ විකුණුම් මිල රු. 186 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාවයි.

මේ අතර ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය (India cative us dollar SPOT Exchange Rate) රු. 183.69ක් ලෙස සටහන් විය.

එයද රු. 183 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

(Aruna)

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website