සිකුරාදා, 20 මාර්තු 2020 07:40

ගෙවී ගිය සතියේ ආර්ථික අපනයනය අඩුවෙන, විදේශ ණය මුලික කරගත් ක්‍රමයක්

ගෙවී ගිය සතියේ ආර්ථිකය.
අපනයනය අඩුවෙන, විදේශ ණය මුලික කරගත් ක්‍රමයක්.

අපනයනය සංවර්ධණ මණ්ඩලය මඟින් 2020 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 18.5 ක අපනයන ආදායම් ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කළත් කොරෝනා ( covid - 19 ) වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟම එය අපහසු ඉලක්කයක් බව මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ සඳහන් කරයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 16කි.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොල වන ඇමරිකානු එක්සත් ජනපදය පවා ආනයනයන් සීමා කරනු ඇතැයි සභාපතිවරයා බලාපොරොත්තු වේ. දෙවැනි කාර්තුවේදී අපනයනයන් 25% කින් පමණ අඩු වේ යයි ඔහු අනුමාන කරයි. දෙවැනි කාර්තුවේ ඩොලර් මිලියන 750ක ආදායමක් අහිමි විය හැකිය.

අන්තර් භාණ්ඩ සහ අමුද්‍රව්‍ය ආනයනය චීනය වෙතම රැදීම නිසා මේ වන විට ඇගළුම්, කපුරෙදි , යන්ත්‍ර සුත්‍ර, යකඩ, වානේ ආනයනයන් ශීඝ්‍ර වශයෙන් අඩු වෙමින් පවතී.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ප්‍රධාන භාණ්ඩ වන ඇගළුම්, තේ, රබර්,පොල් සහ සකස් කරන ලද ආහාර භාවිතයට දැඩි බලපෑම් එල්ල විය හැකිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය වන ඇගළුම් කර්මාන්තය හොංකොං, කොරියාව, සහ චීනය වෙත යැවීම දැඩි අර්බුධකාරි භාවයක් ඇති කර ඇත.

චීනයේ කර්මාන්තශාලා 1750 ක් පමණ මේ වන විට වසා දමා ඇති නිසා අමු ද්‍රව්‍ය ලබා ගැනීම බරලතල ප්‍රශ්ණයක් වී ඇත.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයනය කරන ප්‍රධාන රටවල් වන ඉරානය, හොංකොං, චීනය ආදි රටවල් ආනයනය සීමාවීමක්ද සිදු විය හැකිය.

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන ගණනක් චීනයෙන් බලාපොරොත්තු වේ.

2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව ඩොලර් බිලියන එකක් හෝ දෙකක් චීනයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

මෙම වර්ෂයේ විදේශීය ණය ගෙවීම සඳහා ජාත්‍යන්තරයෙන් ණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන අතර ණය ගෙවීම සඳහා ඩොලර් බිලියනයක් චීන සංවර්ධණ බැංකුවෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිකාරී නන්ද ලාල් වීරසිංහ මහතා විසිනි. ඩොලර් බිලියන එකක් හෝ දෙකක් බලාපොරොත්තු වූවත් එය අවසානයේදී ඩොලර් බිලියන 1ත3ක් අතර ප්‍රමාණයක් තීරණය විය හැකිය.

එය සති දෙකක් ඇතුළත තීරණය කර යුතු බව ද ඔහු සඳහන් කරයි. රටට වුවද පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති ණය සීමාව වන අතර අප්‍රේල් අවසානය දක්වා මෙම සීමාවන් අතර ආර්ථිකය හැසිරවිය හැකි අරත 2020 ඉදිරි කාලය තුලදි ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණය ඉතාමත් සංකීර්ණ එකක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

ඉදිරි වර්ෂ කිහිපය තුළදී ඩොලර් බිලියන 1.5 බැගින් ණය ලබා ගැනීමට රජයට සිදුවන බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

කෙසේ වුවද ඉදිරි වර්ෂ තුන තුළ ආර්ථිකය හැසිරවීම ඉතාමත් බරපතල කාර්යයක් වන අතර ..... ආර්ථිකයක් සහ රජයේ සේවකයන් සනසන ආර්ථික ක්‍රමයක් පවත්වා ගෙන යාම කිසිසේත්ම කළ නොහැක්කකි.

සේන සුරියප්පෙරුම.
සතියේ ආර්ථික විමසුම...

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website