බදාදා, 25 මාර්තු 2020 09:53

ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළඳපොල සතියක්ම වැසේ !

ඉතිහාසයේ පළමුවරට එකදිගට සතියක්ම කොළඹ කොටස් වෙළඳපොල විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

ඊයේ සහ පෙරේදා දින දෙකෙහිද කොළඹ කොටස් වෙළඳපොල විවෘත නොකෙරුණු අතර අද (25), හෙට, අනිද්දා යන දිනයන් ද කොටස් වෙළඳපොල නිවාඩු දින වශයෙන් තැරැව්කාර සමාගම් වෙත දැනුම්දී ඇත.

අවසන් වරට කොටස් වෙළඳපොල විවෘත කෙරුණු පසුගිය 20 වනදා ද මිනිත්තු 30ක් තුළ මිල දර්ශක විශාල වශයෙන් පහළ යාම හේතුවෙන් දෛනික ගනුදෙනු අත්හිටුවන ලදී.

(LNW)

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website