සිකුරාදා, 03 අප්‍රේල් 2020 09:48

විනිමය නීති ලිහිල් කෙරේ. විදෙස්ගත මුදල් මෙරටට ගෙන එන්නැයි ඉල්ලීමක් !

තමන් සතු විදේශගත මුදල් ශ්‍රී ලංකාවට ගෙන එන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ මෙරට ජීවත් වන විදේශිකයින්ගෙන් ඉල්ලා සිටින බව මහබැංකු අධිපති ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ අප්‍රේල් 01 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණය පරිදි එසේ මුදල් රැගෙන ඒම සඳහා විශේෂ නීතිමය සහන සහ බදු සහන ලබා දෙන බවයි.

ඒ අනුව පැවති විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමටත් කිසිදු බදු මුදලක් අය නොකිරීමටත් තීරණය කර ඇති බවයි මහබැංකු අධිපතිවරයා නිවේදනය කර ඇත්තේ.

ඊයේ (02) සිට මාස තුනක කාලයක් මෙසේ විදෙස්ගත සංචිත මුදල් මෙරටට ගෙන ඒම සඳහා විශේෂ සහන ලබාදී ඇති අතර මෙය කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පත්ව ඇති දුෂ්කරතාවයෙන් මිදීමට යම් රුකුලක් වනු ඇති බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

වර්තමානයේ පවතින ආර්ථික තත්වය අනුව මෙය හොඳ විකල්පයක් වුවත් මේ තුළදී ජාත්‍යන්තර වශයෙන් මුදල් විශුද්ධිකරණ ජාවාරම් ක්‍රියාත්මක වීමේ අවදානමක් ද පවතින හෙයින් ඒ පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බවයි මූල්‍යම ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ.

(LNW)

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website