අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 11:50

2020 වසරේ අපේක්ෂිත අපනයනය 43%කින් පහළට

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට හා වෙළෙඳාමට සිදුව ඇති හානිය සැලකිල්ලට ගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2020 වසරේ මෙරට අපේක්ෂිත අපනයනය 43%කින් , එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.75කින් කපා දැමීමට තීරණය කර ඇත.

වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 18.5ක් ලැබෙනු ඇතැයි තක්සේරු කර තිබුණි.

දැන් එම අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 10.75 දක්වා පහත දමා ඇත.

සංශෝධිත නව ඉලක්කම්වලට අනුව 2020දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 7.53ක් සහ සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 3.21ක් අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි.

2019 වර්ෂයේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 16.14ක් විය.

(Aruna)

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website