ඉරිදා, 24 මැයි 2020 07:48

සංචාරක හෝටල් සංගමය කෝවිඩ්ට එරෙහිව නැගී සිටීමට රජයේ සහාය පතයි!!

කෝවිඩ් -19 අර්බුදයෙන් බේරී සංචාරක ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) රජයෙන් සහය ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පැවසීය.

සංචාරක කර්මාන්තය ඉතා අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටී. ආදායමක් නොමැති අතර කිසිදු අමුත්තන් නොමැති බව ඔහු අනාවරණය කළේය.

ආදායමක් නොමැති නිසා හෝටල් පරිශ්‍ර හා සේවකයින් නඩත්තු කිරීම කළ නොහැක්කකි .(THASL) සභාපති සනත් උක්වත්ත මහතා පැවසුවේ හෝටල්වලින් 90% ක් පමණ අපේ‍්‍රල් මාසය සඳහා තම කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා නොමැති බවයි.

“හෝටල් හිමියන්ට ඔවුන්ගේ ජීවනෝපාය පවත්වා ගැනීම සඳහා සේවකයින්ට ගෙවිය යුතු නමුත් ආදායම ශුන්‍ය වන විට හෝටල් කර්මාන්තයට සහාය වීම සඳහා රජය වෙත යොමු විය.

අවම වශයෙන් මාස හයක කාලයක් සඳහා රජය විසින් සෘජුවම කර්මාන්තයට ලබා දී ඇති ප්‍රදාන හෝ මෘදු ණය මගින් යම් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා හෝටල් සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව හෝටල් හිමියන් තීරනය කරගෙන සිටින්නේ මෙයින් මිදීමට මාර්ගයක් සොයා ගැනීමට සහ හෝටල් නැවත විවෘත කළ විගස ආරක්ෂිතව හෝටල්වල දේශීය සංචාරයකයින්ට අනුග්‍රහය දැක්වීම සහ ඒ සදහා ජනතාව දිරිමත් කිරීමට ය.

හැකි තාක් දුරට දේශීය හෝටල්වලට සහයෝගය ලබා දෙන ලෙසත්, 500,000 ජීවනෝපාය නොනවත්වා තබා ගන්නා ලෙසත් ඔවුහු මහජනතාවගෙන් සහ දේශීය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටිති.

(LIN)

Business News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website