බදාදා, 27 මැයි 2020 08:04

රුපියලේ අගය ඉහළ යයි

ශ‍්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අද ඉහල ගියා.

ශී‍්‍ර ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 188 යි ශත 06 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 183 යි ශත 16 ක් ද, නිරූපිත අගය රුපියල් 185 යි ශත 69 ක් ද වුණා.

ඉකුත් මස මුල් භාගයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 200ක් ද ඉක්මවා ගිය අතර අපේ‍්‍රල් 09වන දින එහි නිරූපිත අගය වුයේ රුපියල් 199යි ශත 75ක්.

බි‍්‍රතාන්‍ය පවුම්, යූරෝ, යුවාන් සහ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් යන මුදල් ඒකකයන්ට සාපේක්ෂව ද රුපියලේ අගය අද ඉහල ගියා. ඒ අනුව එම සියලූ මුදල් ඒකකවල ද විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද අඩු වූ බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පැවසුවේ.

(Neth)

Business News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website