අඟහරුවාදා, 02 ජූනි 2020 07:40

කුකුළු මස් සහ බිත්තර මිලත් සීඝ්‍රයෙන් ඉහළට. ජනතාව තවත් දුෂ්කරතාවට

දිවයිනේ ප්‍රදේශ රැසක, සම ඉවත් කළ කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 630ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇතැම් ස්ථානවල සම ඉවත් කළ කුකුළු මස් කිලෝවක් රුපියල් 650 - 700 අතර මිල ගණන්වලට ද අලෙවි කෙරේ.

රුපියල් 150කින් පමණ මෙම මිල වැඩිවීම සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිදුවීම ද විශේෂත්වයකි.

මීට සති දෙකකට පමණ පෙර සම රහිත කුකුළු මස් කිලෝවක මිල පැවතියේ රුපියල් 480 මට්ටමේය. එය සතියකදී 550 දක්වා ඉහළ ගිය අතර පසුගිය දින කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් ඊයේ (01) දිනය වනවිට 630ක මට්ටමට පැමිණ තිබිණි.

ඇඳිරි නීතිය පනවා තිබිණු කාලසීමාව තුළ නිෂ්පාදනය බිඳවැටීම නිසා මේ වනවිට කුකුළු මස් හිඟයක් පැවතීම මෙන්ම ආනයන බදු වැඩිකිරීම නිසා කුකුළු කෑම මිල ඉහළ යාමත් මීට බලපා ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග පැවසුවේ.

මේ අතර බිත්තර මිල ද රුපියල් 20 දක්වා ඉහළ ගොස් තිබේ. මීට සති දෙකකට පමණ පෙර බිත්තරයක මිල පැවතියේ රුපියල් 13 - 15 අතර මට්ටමකය.

කුකුළු මස් සහ බිත්තර මිල ඉදිරි දින කිහිපය තුළ තවත් ඉහළ යනු ඇති බව ද වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේය.

(LNW)

Business News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website