අඟහරුවාදා, 12 ජනවාරි 2021 08:07

ශ්‍රීලංකන් සමාගම සේවක ගිවිසුම් වලින් ඉවත්වීමට ගත් තීරණයට සේවක විරෝධය

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ වෘත්තීය සමිති සහ එම සමාගමේ කළමනාකාරිත්වය අතර මෙතෙක් ක්‍රියාත්මක වූ සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් (COLLECTIVE BARGAINING AGREEMENT) අහෝසි කිරීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ සේවකයෝ දැඩි විරෝධය පළකරති.


අදාළ ගිවිසුම් අහෝසිකිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ කළමනාකාරිත්වය විසින් සේවක වෘත්තීය සමිති වලට දැනුම් දී ඇත්තේ බම්බලපිටියේ සොෆ්ට්ලොජික් ආකේඩ් ආයතනයේ පැවති සාකාච්ඡාවකදීය. සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේද සභාපතිවරයා බැවින් අදාළ රැස්වීම මේ ස්ථානයේ පවත්වා තිබේ. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක විපුල ගුණතිලක ඇතුළු ඉහල නිලධාරීන් කීපදෙනෙකු මීට සහභාගිවී තිබේ.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මේ ඇතැම් සාමුහික ගිවිසුම් වලින් තනිවම තීරණ ගෙන ඉවත්වීමට ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ කළමනාකාරිත්වයට හැකියාවක් නොමැති බවය.ඊට හේතුවී ඇත්තේ මේ ඇතැම් සේවා ගිවිසුම් සිවිල් ගුවන් සේවා අධිකාරිය , ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම සහ ඇතැම් විශේෂිත වෘත්තීය සමිති සමග එක්ව ඇති කර ගත් ඒවා වීම නිසා ඒ සම්බන්ධයෙන් තනි තීරණ ගත නොහැකි වීමය. එහෙත් ඇතැම් ගිවිසුම්, වසර තුනක කාලය අවසන්වූ පසු අලුත් නොකර සිටීම හෝ මාසයකට පෙර දැනුම්දීමකින් පසු ඉවත්වීම වැනි විශේෂිත කොන්දේසි වලින්ද යුක්තය.
මේ අතර ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ නියමුවන් පවසන්නේ ශ්‍රීලංකන් කළමනාකාරිත්වය විසින් තමන්ගේ අනුමැතියකින් තොරව ඇතැම් සේවා කාල සටහන් වෙනස් කිරීම , නිවාඩු දින වල වැඩ කිරීම හා STANDBY සේවා කටයුතු ආදියේ වෙනස්කම් සිදුකර ඇති බවයි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් කර ඒ සඳහා නියමුවන්ගේ කැමැත්තකින් තොරවතොරව අවසර ගෙන ඇති බව පවසන ගුවන් නියමුවෝ ජාත්‍යන්තර රෙගුලාසි හා නීති රීති අනුව සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා නිසි ප්‍රමිතිය හා අවශ්‍යතා සපුරාගැනීම හා නිසි ක්‍රමවේද පවත්වා ගත යුතු බව පෙන්වා දෙති.
මේ කටයුතු පිටුපස ගුවන් සේවා කටයුතු සමබන්ධයෙන් නිසි අවබෝධයක් නැති ඉහල නිලධාරියකු සිටින බවත් කලින් ඔහු මීට පෙර මෙම ගුවන් සේවයේම මූල්‍ය අංශයේ සේවය කර පසුව ඉන් ඉවත්ව ඇන්ගෝලාවේ සේවයට ගොස් යහයපාලන රජය සමයේ යලිත් මෙහි පැමිණ විශාල වැටුපකට මෙහි ඉහල තනතුරක් ලබාගත් ඉහල නිලධාරියකු සිටින බවත් ගුවන් නියමුවෝ පෙන්වා දෙති. මෙම ඉහල නිලධාරියාහට ගුවන් සේවාවක් නිසි පරිදි පවත්වා ගෙනයාම , ගුවන් ගමන් පවත්වා ගෙන යාම, අලෙවිකරණය හෝ විකුණුම්කරණය ගැන නිසි අවබෝධයක් නොමැති බවත් මූල්‍ය අංශයේ පමණක් අත්දැකීම් ඇති බවත් පෙන්වා දෙන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ සේවකයෝ ආයතනය කඩාවැටීමට මොහුගේ කටයුතු ඍජුවම බලපා ඇති බවත් පෙන්වා දෙති.
මෙම නිලධාරියාගේ සහ ආයතනයේ ඉහල තනතුරක් දරන වෛද්‍යවරියකගේ වගකීම් විරහිත කටයුතු නිසා සේවක වෘත්තීය සමිති හා ආයතනයේ කළමනාකාරිත්වය අතර මේ වන විට ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වෙමින් පවතී.
මේ අතර සේවක වෘත්තීය සමිති සමග ඒ ඒ ශ්‍රේණිවලට බලපාන කරුණු සම්බන්ධයෙන් බම්බලපිටියේ සොෆ්ට්ලොජික් ආකේඩ් ආයතනයේ පැවති සාකච්ඡාවේදී වෘත්තීය සමිති වෙනවෙනම සභාපතිවරයා සමග සාකච්ඡා කිරීමට ඉල්ලා ඇති අතර ඒ අනුව සියලුම වෘත්තීය සමිති වලට වෙනවෙනම අවස්ථා ලබාදීමට සභාපතිවරයා කැමැත්ත පළකර තිබේ.

(CNL)

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 29038 listings, 909 categories and 103 owners in our website