Business News

ආසිරි රෝහල සමූහයේ සාමාජිකයෙක් මෙන්ම JCI අනුමැතිය ලත් රෝහලක් වන ආසිරි සෙන්ට්‍රල් රෝහල තම විශිෂ්ට සේවාවත් අසමසම රෝගී ප්‍රතිකාරත් තුළින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඉහළ තලයකට ඔසවා තැබූ රෝහලකි.

ෆිච් රේටින් ආයතනය කාලානුරූපව සිදු කරන ලද සමාලෝචන මත 2017 ජනවාරි මාසයේදී ලංකා බැංකුවේ ජාතික දිගු කාලීන ශේ්‍රණිගත කිරීම AA+(lka) Outlook Stable ලෙසද ජාත්‍යන්තර දිගු කාලීන Issuer Default Rating (IDR) ශේ්‍රණිගත කිරීම B+ Outlook Negative ලෙසද නැවත වරක්‌ තහවුරු කර ඇත. වසර 2000 සිට ෆිච් රේටින් ආයතනයෙන්, බැංකුව ශේ්‍රණිගත කිරීම් ලබා ගෙන ඇති අතර ජාතික දිගු කාලීන ශේ්‍රණිගත කිරීම AA+(lka) ලෙස තහවුරු වූ තැන් පටන් තවදුරටත් එය ප්‍රගතිය කරා ගමන් කරමින් සිටියි.

බදු සංශෝධනය හේතුවෙන් ආනයනික සහල් කිලෝවක මිල රුපියල් දහයකින් (10) පමණ පහත බසිනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ලබන සතියේ සිට නව මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇති බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ තම දෙවන ශතකයේ ශාඛා ඇරඹුම මෙම වර්ෂය ඇරඹුමත් සමඟ සිදුවිණ.

සීනි, පරිප්පු ඇතුලු ආහාර ද්‍රව්‍ය 05කට, උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ආනයනික සහල් සඳහා දැනට පවතින බදු තවදුරටත් පහළ දැමීමට ක්‍රියාකරමින්, ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ආනයිනක සහල් කිලෝවක් සඳහා දැනට පවතින රු.15ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.5ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

දැනට මන්දගාමී තත්ත්වයක පසුවන කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වඩාත් සක්‍රීය මට්ටමකට ගෙන ඒමේ අරමුණු ඇතිව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගමක් වන Zerodha සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙරට දිනපතා පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී Nithin Kamath විසින් මේ බව අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර පහසුකම් වැඩිදියුණු කරගනු වස් තිබෙන බාධක ඉවත්කිරීමේ අරමුණෙන් ආරම්භ කරන ලද ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදයේ 11 වැනි හමුව අද (27) සවස 2.00 ට කොළඹ 01 ශ්‍රීමත් රසීක් ෆාරීඩ් මාවතේ ‘මිලෝදා’ මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ.

ගෘහස්ත සුර්ය බලාගාර සවිකිරීම සඳහා අයදුම්කරන විදුලි පාරිභෝගිකයින්ට සති දෙකක් තුළදී සම්බන්ධතාවය ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි පුද්ගලික සමාගමට දැනුම් දී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.1 හි සිට 2016 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 2016 දෙසැම්බර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website