Business News

රටේ සංවර්ධනයත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාත් තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනඟා ගත යුතු බව ශ්‍රී ලංකා නවෝත්පාදන හා ව්‍යවසායකත්ව පර්ෂදයෙහි සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ප්‍රකාශ කරයි.

Monday, 28 October 2019 10:09

කොටස් මිළ ඉහ­ළට

සතිය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,935.26 ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.22% වැඩිවීමකි.කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාවය සහ මුල්‍යකමය හැකියාවන් පදනම් කරගත් කොටස් 20ක් අන්තර්ඟතවන S&P SL 20 මිල දර්ශක අගය පසුගිය සතියේ ඒකක 2,935.31 ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල1.03% වැඩි වීමකි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2018-2019 කාලසීමාව සඳහා වන Business Today Top 30 ලැයිස්තුවේ 14 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී සිටී. මීට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම ලැයිස්තුවේ 23 වැනි ස්ථානයේ පසු විය. මීට වසර 20කට ඉහතදී ආරම්භ කරන ලද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව Business Today Top 30 ලැයිස්තුවට ඇතුළත් වී ඇති සමාගම් අතර කෙටිම ඉතිහාසයක් සහිත සමාගමවීම විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින්, ප්‍රජා සත්කාර ඇතුළුව අනෙකුත් කාර්යභාරයන් සහ ඒවායේ බලපෑම් විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් Business Today Top 30 ලැයිස්තුව සඳහා සමාගම් තෝරාගැනේ.

2018 වර්ෂයේදී ශ්‍රි ලංකා සංචාරක කර්මාන්තයෙන් ලැබූ ඩොලර් බිලියන 3.25 ක ආදායම 2019 වර්ෂයේදී ඩොලර් බිලියන 2.58 ක් දක්වා පහත වැටී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 24 ක අතිරේක ආයෝජනයක් නියෝජනය කරමින්, දැනට පවතින ව්‍යාපෘතියේ අතිරේක ව්‍යාප්තියක් ලෙස, සඳලංකාවෙහි කර්මාන්තශාලා පරිශ්‍රයෙහි ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඔමේගා ලයින් ලිමිටඩ් සමඟ ගිවිසුමක් අත්සන් කළේය.

පොල් ගෙඩියක් සඳහා පනවා තිබු රුපියල් 75 ක උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ වන විට නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව “ගෝලීය වෙළඳාමේ නැගී එන තාරකා” අතරට ශ්‍රී ලංකාව වඩාත් වෙළෙඳ නැඹුරුවක් සහිත ආර්ථිකයක් බවට පත්කිරීමේ රජයේ ප්‍රති තිසංස්කරණ හේතුවෙන් “ජාත්‍යන්තර වෙළෙඳාමේ නැගී එන තරු 20”අතරට මෙරට මෑතදී පිළිගැනීමට ලක්වී ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යතන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ජාත්‍යන්තර බැංකු දැවැන්තයෙකු වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් ප්‍රකාශිත ‘වෙළඳාම 20: ගෝලීය වෙළඳාමේ නැගී එන තරු’ නම් වූ වාර්තාවෙහි "වෙළෙඳ වර්ධනය සඳහා වඩාත් වේගයෙන් දියුණු වන විභවයන් ’ඇති රටවල් 20 ක් අතරින් ශ්‍රී ලංකාව මෑතකදී 14 වන ස්ථානයට පත්වී තිබේ."වෙළෙඳ සුදානම "අරභයා ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය මෙහිදී හඳුනාගෙන තිබේ. වෙළෙඳ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් යටතේ, විශේෂයෙන් ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්කර ගැනීම පිළිගෙන ඇත. වෙළෙඳ වර්ධන විභවතාවයේ වේගවත් වීම සඳහා ධනාත්මක වර්ධනයන් මෑත කාලීනව පෙන්නුම් කරන ආර්ථිකයන් හඳුනාගැනීම වෙනුවෙන් ප්‍රමිතික 12 ක් හරහා ගෝලීය වෙළඳපොළ 66 ක් (ප්‍රධාන ගෝලීය ආර්ථිකයන් සහ එක් එක් කලාපයේ ප්‍රධාන ආර්ථිකයන්) මෙම වාර්තාව මගින් විමර්ශනය කරයි.

ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන සමුළුව පසුගියදා පැවැත්විණි. “ කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය: දකුණු ආසියාවේ සමාජ ආර්ථික සමෘද්ධිය සඳහා උත්ප්‍රේරකයක් “ යන්න පළමු දේශන සැසිවාරයේ මාතෘකාව විය.ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් අමාත්‍ය , අචාර්ය හර්ෂ ද සිල්වා , ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ උප සභාපති සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සාමාජික , කීර්ති ගුණවර්ධන මහතා,සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ හිටපු සභාපති දේශබන්දු මැකී හශීම් මහතා, ශ්‍රී ලංකාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සහ සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපති රුවන් එදිරිසිංහ මහතා, සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ උප සභාපති ඉෆ්තිහාර් අලි මලික් යන මහත්වරුන් ආර්ථික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා පෞද්ගලික අංශයේ කාර්යභාරය පිළිබඳව තම අදහස් ඉදිරිපත් කළේය.

එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම පසුගිය දිනෙක සිදු කෙරුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබිරාහිම් අල් මුවල්ලා ,සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවීර සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන්බංඩාර අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් නිෂ්පාදන සංගම් ප්‍රධානීන් සහ රාජ්‍ය හා පෞද්ගලික සංවිධානවල නිලධාරීන් මෙන්ම වෙළෙද කුටි සදහා ඉදිරිපත් වන්නන් සහභාගී විය.මෙහිදී එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද එළිදැක්වීම සිදුවිය.

ඇට්ලස් ඇක්සිලියා සමාගම පසුගිය දා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සේවා ස්ථානයේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය.

Page 3 of 129

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website