Business News

සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බවත් එම ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඕමානයට කුකුළු මස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම ආරම්භ කර තිබේ. දෙරට අතර පවතින ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ යටතේ මෙම කුකුළු නිෂ්පාදන අපනයනය ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසීය.

කොළඹ වරාය නගරයේ මහජන උද්‍යාන ඉදිකිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරෙන අතර එම උද්‍යාන ලබන වසරේදී මහජනතාවට විවෘත කිරීමට හැකි වන බව නාගරික සංවර්ධන,ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

දැනට මරණීය දණ්ඩනයට නියම වී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා කොටස් වෙළෙඳපොළේ පවා මුදල් ආයෝජනය කර තිබෙන බව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඊයේ (09දා) අනාවරණය කළේය.

කොළඹ නගරයේ ආකර්ෂණීය ගොඩනැගිලි සංකීර්ණයකින් යුත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘ඇල්ටෙයාර්’ ව්‍යාපෘතිය ​වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) සමාගමේ සභාපතිවරයා වන නිමල් පෙරේරා විශේෂ බලයලත් නිලධාරියා ලෙස පත් කර ඇත.

රජය විසින් ලබා දුන් කොවිඩ්-19 ණය සහන ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් මේ මාසයේ සිට පොලිය අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත.

ශ්‍රී ලංකාවට සංචාරකයන් කණ්ඩායම් වශයෙන් පමණක් ගෙන්වීමටත්, සංචාරය කිරීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම තහනම් කිරීමටත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය තීරණය කර ඇත.

සියළුම සංචාරක ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි සහන පැකේජයක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා.

කෘෂිකර්මයට භාවිතා නොකරන ඉඩම් අක්කර පහළොස් දහසක් කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා තණකොළ වගා කිරීමට රජය සූදානම් වෙයි.

ආනයන සීමා දැඩි කර නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ඒ වන විට ඇනවුම් කර තිබූ භාණ්ඩ පිරවූ කන්ටේනර් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සති තුනක් තිස්සේ කොළඹ වරායේ ගොඩ ගැසී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන ව්‍යාපාරිකයෝ පවසති.

Business News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website