Business News

සෙනසුරාදා, 18 අප්‍රේල් 2020 18:01

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ.

කොළඹ වරායේ බහාලූම් අංගනය මේ වනවිට උපරිම ධාරිතාවට ආසන්න වෙමින් ඇති බැවින් එහි තිබෙන බහාලූම් ඉවත් කර ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 10:29

ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීමේ අවදානමක්

රටේ සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් සඳහා පාලන මිලක් පනවමින් පසුගිය 10 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර කැකුළු සහල් කිලෝවක් රුපියල් 85 කටත්, නාඩු සහ සම්බා කිලෝවක් රුපියල් 90 කටත් අලෙවි කළ යුතු බවද එහි සඳහන් විය.

විශේෂඥ ‌වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 10:57

ඩොලරය රුපියල් 200ට නගී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ පළමු වරට අද රුපියල් 200 සීමාව ඉක්මවා ගියා.

බදාදා, 08 අප්‍රේල් 2020 11:15

බදු ගෙවන්නන්ට අද සිට සහන රැසක්

රට තුළ පවතින තත්ත්වය හමුවේ බදු ගෙවන්නන් සදහා අද (08) සිට සහන රැසක් ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ වෙළඳුන් පවසන්නේ රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ගණන් වලට (MRP ) පරිප්පු, ටින් මාළු සහ ලොකු ළූණු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ නොහැකි බවයි.

අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 11:50

2020 වසරේ අපේක්ෂිත අපනයනය 43%කින් පහළට

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට හා වෙළෙඳාමට සිදුව ඇති හානිය සැලකිල්ලට ගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2020 වසරේ මෙරට අපේක්ෂිත අපනයනය 43%කින් , එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.75කින් කපා දැමීමට තීරණය කර ඇත.

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website