Business News

ශ්‍රී ලංකා මහ බැංකුව සහ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සංවිධානය කරන මාතලේ දිස්ත්‍රික් සුවහස් මල් සංගමයේ විසිතුරු මල් ප්‍රදර්ශනයක් හා අලෙවි දැක්මක් මේ මස 23 සිට 25 දක්වා මාතලේ මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙතෙක් බටහිර වෙද ක්‍රමයට පමණක් සීමා වී තිබූ වෛද්‍ය රක්ෂණ වරප්‍රසාදයන්, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ද ව්‍යාප්ත කිරීමට රජය සූදානම් වේ.

මහ කන්නයේ අස් වැන්න නෙළීම අාරම්භ කිරීමත් සමග වෙළෙඳ ‍පොළේ ඉහළම මිලට වී මිලදී ගැනීමට වි අලෙවි මණ්ඩලය කටයුතු කර ඇතැයි වී මණ්ඩලයේ සභාපති එම්.ඩී දිසානායක මහතා පවසයි.

පුරාණ ශ්‍රී ලාංකික සමාජයේ විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් පැවැති බව මුළු ලෝකයාම පිළිගන්නා සත්‍යයකි.

අපනයනය ආදායම වැඩිකර ගැනීම සහ ඍජු විදේශ ආයෝජන වැඩිකර ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳාගැනීමේ විසඳුම් මාර්ග දෙකකි.

උතුර සහ දකුණ අතර ඇනහිට තිබුණු ව්‍යාපාරික සබඳතා දැන් ක්‍රමයෙන් සවිබලගැන්වෙන අයුරු පසුගිය සතියේ ඇස්පනාපිට දක්නට ලැබුණි. උතුරේ සහ දකුණේ පවත්වන ලද අන්තර් ජාතික වෙළෙඳ දැක්ම දෙකක් වෙන වෙනම යාපනයේ සහ කොළඹ පැවැත්විණි. උතුරේ ව්‍යාපාරිකයනගේ නිෂ්පාදන දකුණේත්, දකුණේ නිෂ්පාදන උතුරේත් ප්‍රදර්ශනය කර විදේශීය වෙළෙඳ පොළට ඒවා හඳුන්වා දීම ප්‍රදර්ශන යුගල‍යේ ඒකාබද්ධ ප්‍රයත්නයයි.

උතුරේ ප්‍රදර්ශනය යාපනය අන්තර්ජාතික වෙළෙඳ දැක්මයි. එය පැවැත්වුණේ යාපනය මහ නගර සභා පිටියේ දී ය. දකුණේ ප්‍රදර්ශනය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ය. ප්‍රදර්ශන කාලය දින 3 බැගිනි.

උතුරේ ප්‍රදර්ශනයට යාපන වාණිජ මණ්ඩලය , කොළඹ ශ්‍රී ලංකා ජාතික අපනයන වාණිජ මණ්ඩලය, යාපනය මහ නගර සභාව දායකත්වය සපයන ලදී. කොළඹ ප්‍රදර්ශනය අන්තර්ජාතික සම්භාණ්ඩ හා පාවහන් දැක්මයි. “ලෙදර් 2017” යනුවෙන් එය හැඳින්විනි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යංශය “ලෙදර් 17” වෙළෙඳ දැක්මට දායකත්වය සපයන ලදී.

කොළඹ ප්‍රධාන පෙළේ කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර අ‍ලෙවිකරණ සමාගම්, ඇසුරුම් ආයතන සහ ඉදිකිරීම් අංශයේ නවතම අංශ, සූර්යබල තාප උත්පාදන ආදිය යාපනය ජනයාගේ සිත්ගත් අංශයෝය. වෙළෙඳ කුටි 300කින් සමන්විත යාපනය වෙළෙඳ දැක්මේදී යාපනය එළවළු හා පලතුරු අංශය විදේශ වෙළෙඳ පොළට සරිලන අන්දමට දියුණුව ඇති අන්දම දැකගත හැකි විය. යාපනයේ ගෘහ සම් කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පවතී. එසේම ධීවර නිෂ්පාදන අංශය සහ මුහුදු ආහාර කර්මාන්තය ද ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් තිබේ. (යාපනය කරෙයිනගර් පාරේ මුහුදු ආහාර කර්මාන්ත ශාලාවකට මුහුදු නිෂ්පාදන සැපයීමට ධීවර ප්‍රජාව උනන්දුවක් දක්වති.)

යාපනයේ ප්‍රදර්ශනය

වෙළෙඳ කුටි 300කින් සමන්විත වූ මෙවර යාපනය වෙළෙඳ දැක්මට විදේශික ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වය ද හිමිවිය. ඔවුන් අතර විශේෂත්වයක් ගනු ලැබුවේ ඉන්දියාවේ වාණිජ මණ්ඩලයේ නියෝජිත කණ්ඩායමයි. කෘෂිකාර්මික අංශයෙන් හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට උනන්දු වූ ආයෝජකයෝ ද ඒ අතර වූහ. උතුරේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳ පොළට හඳුන්වාදීමට මේ වෙළෙඳ දැක්ම බෙහෙවින් ප්‍රයෝජනවත් වී යැයි ශ්‍රී ලංකා ජාතික අපනයන වාණිජ මණ්ඩලයේ චන්දන විජේකොන් මහතා පවසයි.

අපනයනයට සම්බන්ධ දකුණේ අපනයනකරුවනට උතුරේ නිෂ්පාදන දැන හඳුනාගෙන ඒවා අපනයනය කිරීමට මෙම ප්‍රදර්ශනය අවස්ථාව සලසන බවද එම වාණිජ මණ්ඩලය කියයි. මණ්ඩලයේ සභාපති ෂිහාම් මරික්කාර් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් වෙළෙඳ දැක්මේදී වෙහෙස වී ක්‍රියා කළහ. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සාමාජිකත්වය දරන සමාගම් 10ක් මෙහි වෙළෙඳ කුටිවලද තවත් සාමාජික ආයතන 30ක් එළිමහනේ ද වශයෙන් ක්‍රියාකාරිවෙමින් වාණිජ සබඳතා වැඩි දියුණු කරගෙන තිබේ.

මේ ප්‍රදර්ශනයට අමතරව යාපනය දේශීය සංචාරකයන් අතර ජනප්‍රිය කරවීමේ ව්‍යාපාරික උත්සාහයක් දැන් දියත්ව තිබේ. විශේෂයෙන් දකුණේ බෞද්ධ ජනතාව උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමේ ආගමික සංචාරයන්හි නිරත වෙති.

කන්තරෝඩේ නමින් හැඳින්වෙන පුරාණ කදුරුගොඩ විහාර සංකීර්ණ නටබුන් දක්නට ලැබෙන්නේ චුන්නාකම් නගරයට කිට්ටුවය. හින්දු කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මේ පුදබිම පිළිසකර කිරීමට ද නියමිතය.

එසේම දකු‍ණෙන් එන සංචාරකයන් සඳහා කැසරිනා වෙරළ තීරය විවෘතය. යාපනයේ සිට කිලෝමීටර් 20 ක් ගිය තැන කරෙයිනගර් ප්‍රාදේශීය සභාව මේ මුහුදු වෙරළ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි. ඇතුල්වීම සඳහා පුද්ගලයකුට රුපියල් 2‍0 ක්ද වාහනයකට රුපියල් 50ක්ද අයකරනු ලැබේ.

උතුරේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන කටයුතු යුද්ධය නිසා අඩාලව ගියද දැන් එම අංශය ද යළි ප්‍රකෘතිමත් වෙමින් තිබේ.

විශේෂයෙන් පාරම්පරික සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය පැවතුණේ මනිපායි ප්‍රදේශය කිට්ටුවය. යුද්ධයෙන් අසරණභාවයට පත් කාන්තාවන් පාවහන්, සම්බෑග්, සම්පටි සහ පසුම්බි නිෂ්පාදනයට යළි පෙලඹවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැඩ පිළිවෙළක් ඇරැඹු‍වේය.

මේ අනුව උතුරු පළාතේ ප්‍රදේශ කීපයක වැඩමුළු පවත්වා ගෘහස්ථ කර්මාන්තයක් ලෙස සම්භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලිය ඇරැඹිණි. මෙ‍සේ නිපදවන ලද සම් භාණ්ඩ සඳහා විදේශ වෙළෙඳ පොළක් සහ දේශීය වෙළෙඳ පොළක් ලබාදීම එම ව්‍යාපෘතියේ දෙවන පියවරයි.

පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පවත්වන ලද “ලෙදර් 17” සම්භාණ්ඩ දැක්මට ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ නියුතු මහා පරිමාණ කර්මාන්තකරුවෝද, සුළු හා මධ්‍යම පරිමාණ කරුවෝ ද හවුල් වූහ.ඊට අමතරව ඉන්දියාව, පකිස්ථානය සහ චීනය යන රටවල පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයට සම්බන්ධ ආයතනද මේ වෙළෙඳ දැක්මට සහභාගි වූහ.

උතුරේ පාවහන්

උතුරේ ගෘහාශ්‍රිත සම්භාණ්ඩ සහ පාවහන් නිෂ්පාදකය නට ද මේ වෙළෙඳ දැක්මේදී සිය නිෂ්පාදන එළිදැක්වීමට අවස්ථාව සලසා දෙන ලදි. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පාවහන් හා සම්භාණ්ඩ අංශයේ උපදේශක එල්. පී. එස් කරුණාදාස මහතා පවසන අන්දමට උතුරේ ගෘහස්ථ පාවහන් සඳහා එහිදි අගනා ව්‍යාපාරික ප්‍රතිචාරයක් හිමිවිය. ඔවුනගේ නිෂ්පාදන සියල්ලම අලෙවි වූ අතර ප්‍රදර්ශනය නැරඹීමට 30,000 ක් පමණ සහභාගි වූහ. මේසා විශාල පාරිභෝගික ජනතාවක් අතර උතුරේ ගෘහස්ථ පාවහන් පිළිබඳ ප්‍රචාරයක් ලැබීම උතුර දකුණ ව්‍යාපාරික සබඳතා බිම් මට්ටමින්ම වර්ධනයවීමකැයි ද කරුණාදාස මහතා කියයි.

පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනය, වෙළෙඳාම, ආනයනය හා අපනයනය, මෝස්තර නිර්මාණය සහ පාරිභෝගික අංශය යන විවිධ පිරිස් මේ ගේ ප්‍රදර්ශනයට සහභාගි වූහ. මෙතරම් විශාල පිරිසක් අතට උතුරේ පාවහන් කර්මාන්තය පිළිබඳ පණිවිඩය ලැබීම ද විශාල ජයග්‍රහණයකැයි කියන ඒ මහතා, බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ වූ වෙළෙඳ දැක්මට යාපනයෙන් ගෘහස්ත පාවහන් නිෂ්පාදන කණ්ඩායම් 02ක්ද, වව්නියාවෙන් එක් කණ්ඩායමක්ද, ඕමත්තෙන් එක් කණ්ඩායමක් ද, නැ‍ගෙනහිර පළාතේ සයින්ද මරුදු සහ කල්මුණේ ප්‍රදේශයෙන් කණ්ඩායම් දෙකක්ද සිය නිෂ්පාදන ඉදිරිපත් කරමින් සහභාගී වූ බව කීය.

වෙළෙඳ දැක්මට වෙළෙඳ කුටි 225ක් තිබූ අතර එක කුටියක් සඳහා රුපියල් 50,000 ක ගාස්තුවක් අය කළ නමුත්, උතුරේ ගෘහස්ථ පාවහන් නිෂ්පාදකයන් සඳහා වෙළෙඳ කුටි 08ක් නොමිලේම ලබාදුන් බව ද උපදේශක වරයා කියයි.

මේ ප්‍රදර්ශනයේදී කර්මාන්ත හා වෙළෙඳ ඇමැති රිසාඩ් බදුර්දීන් මහතා ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන අංශය දියුණු කිරීම සඳහා මඩකළපුවේ වෙනමම ව්‍යාපාරික කලාපයක් ආරම්භ කරන බවයි.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ඇතිව ඇරැඹෙන මේ රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් දස ලක්ෂ 450කි.

සම්භාණ්ඩ හා ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2016 වසරේදී 2015 වසරට සාපේක්ෂව සියයට 28 ක වර්ධනයක් ලබා ඇතැයි කී ඇමැතිවරයා, ඇමෙරිකා ඩොලර් දස ලක්ෂ 140 ක් වූ එම ආදායමෙන් සියයට 84 ක් උපයාගෙන ඇත්තේ පාවහන් අලෙවියෙන් යැයි ද කියා තිබේ.

එසේම පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුහුණු ආයතනයක් රත්මලානේ පිහිටුවන බව ද ඇමැතිවරයා පවසා ඇත.

උතුරේ මෙන්ම දකුණේ ද සම්භාණ්ඩ සහ පාවහන් කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන සතුන්ගේ සම් සපයාගැනීම දුෂ්කර කාර්යයකි. සම් පදම් කිරීමේ කර්මාන්තශාලා 7ක් රට තුළ ක්‍රියාත්මක වුවත්, අවශ්‍ය සම් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් සහ බංගලිදේශයෙනි.

බදු විරාමය

ස්වභාවික සම් ආනයනය සඳහා සියයට සීයක බදු විරාමයක් ආණ්ඩුව විසින් ප්‍රදානය කර තිබේ. දේශීය සම්භාණ්ඩ නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා මේ පියවර ගෙන ඇත.

ස්වභාවික සම් වෙනුවට කෘත්‍රිම සම් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙනි. එහෙත් ලොව පුරා වැඩි ඉල්ලුම පවතින්නේ ස්වභාවික සමින් කළ නිෂ්පාදන සඳහා ය. 2020 වන විට ලෝක ස්වභාවික සම්භාණ්ඩ ‍වෙළෙඳ පොළ ඇමෙරිකා ඩොලර් දස ලක්ෂ 600ක් වෙතැයි අපේක්ෂා කෙරේ.‍

මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන් බෝට්ටු හා දැල් ආම්පන්න මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය ටෙන්ඩර් කැඳවා තිබුණි. පසුගිය සති අග මේ ටෙන්ඩර් පත්‍ර විවෘත කිරීමට ද නියමිතව තිබුණු ධීවර යාත්‍රා සහ බෝට්ටු නිෂ්පාදනයේ නියුතු විවිධ ආයතන සහ සමාගම් මේ ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සුක වූහ.

දකු‍ණේ බෝට්ටු නිෂ්පාදන සමාගම් සහ නියෝජිත ආයතන ‍මේ ටෙන්ඩරය සඳහා උනන්දු වූහ. මේ වනවිට යාපනය, මුලතිව් හා මන්නාරම යන ධීවර නිෂ්පාදනයට සම්බන්ධ දිස්ත්‍රික්කයන්හි ධීවර ජනයා කිසිදු අවහිරයකින් තොරව මුහුදු රැකියාවේ නිරත වෙති. දකුණේ සංචාරක හෝටල් සහ මත්ස්‍ය අපනයන සමාගම් සඳහා මත්ස්‍ය සැපයීම් කිරීම් ඔවුනට වාසිදායකව තිබේ. කරවල කර්මාන්තය ද පණගසා පිබිදී එයි. ඔවුනගේ නිෂ්පාදන සඳහා දකුණ අගනා වෙළෙඳ පොළකි. ඇති එකම ප්‍රශ්නය ඉන්දියා ධීවර උවදුරයි.

මෙයට පෙරදී ද යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැන්මේදී දකුණේ සමාගම් සහ නියෝජිතයෝ එම ව්‍යාපාරික අවස්ථාවන් ලබාගැනීම සඳහා ඉදිරිපත් වූහ. විවිධ යන්ත්‍ර, ලී උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ සැපයිමේ ව්‍යාපාරික අවස්ථා දිනාගැනීමට දකුණේ සමාගම්වලට හැකියාව ලැබුණි.

යාපනය අර්ධද්වීපයේ නිෂ්පාදන දකුණට ද දකුණේ නිෂ්පාදන උතුරට ද ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය ‍මේ වනවිට දියුණු තත්ත්වයට පත්ව තිබේ. මේ ව්‍යාපාරයේ නියුතු සිංහල, ද්‍රවිඩ සහ වෙනත් ජාතීන්ට අයත් ව්‍යාපාරික ජනතාව ඔවුනොවුන් සමඟ සුහදව ව්‍යාපාරික කටයුතුවල නිරත වෙති. උතුරේ මාර්ග සංවර්ධනය, ධීවර ව්‍යාපෘති, ඉදිකිරීම්, ජල සම්පාදන, සන්නිවේදන, සංචාරක සහ සෙසු ව්‍යාපෘති සඳහා දැන් දැන් දකුණේ ව්‍යාපාරික ප්‍රජාව ඍජුවම සම්බන්ධ වෙයි. (දිනමිණ)

 

මුහුදු ජලයෙන් ලවණ ඉවත්කොට ජනතාවට ආරක්ෂිත පිරිසුදු පානීය ජලය ලබාදීමට හැකිදැයි සොයා බැලීමේ නව මධ්‍යස්ථාන දෙකක් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටුවීමට මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ දෙදහස් පන්සියයක මුදලක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ පුරෝගාමී වානිජ බැංකුව වන HNB සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය ජංගම දුරකථන යෙදවුම වන Pick Me සහයෝගීතාවෙන් නව ප්‍රතිලාභයක් පාරිභෝගිකයන්ට ලබා දී ඇත.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල මේ වසර මුල සිට ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීමේ කාර්ය බහුල තත්ත්වයක පවතින බව මත්තල ජාත්‍යයන්තර ගුවන්තොටුපලේ කළමණාකරු උපුල්කලන්සූරිය පවසයි.

ජනතාවගේ තැන්පතු මුදල් එක්රැස් කරමින් හොර රහසේ මූල්‍ය කටයුතු කරන ආයතනවලට වැට බැඳීම් ඒවාට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වේ.

- විශ්වවිද්‍යාල අධ්‍යයනයක්‌

කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකාර පීඨය මෑතකදී පාරිභෝගිකයන්ගේ කුකුළු මස්‌ මිලට ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ ඔවුන්ගේ අදහස්‌ හා රුචි අරුචි කම් පිළිබඳ වෙළෙඳපොළ සමීක්‍ෂණයක්‌ පවත්වනු ලැබීය. මෙහිදී හෙළිදරව් වූ කැපී පෙනෙන සොයා ගැනීම වූයේ කුකුළු මස්‌ වල නැවුම් බව කෙරෙහි පාරිභෝගිකයන්ගේ විශේෂ අවධානය යොමු වී තිබූ බවයි.

Business News

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website