Business News

ඊයේ (05) දිනයේදී බණ්ඩාරවෙල තොග පොලට සහ කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවලු අස්වනු විකුණාගත නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින ආකාරය දැක ගැනීමට ලැබිණි.

COVID-19 වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට හා වෙළඳාමට පෙර නොවූ විරූ ලෙස කඩාකප්පල් වීම සැලකිල්ලට ගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2020 අපනයන පුරෝකථනය 42% කින් එනම් ඩොලර් බිලියන 10.75 දක්වා සංශෝධනය කර තිබේ.

සිකුරාදා, 03 අප්‍රේල් 2020 09:49

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක ණයක්

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 128.6 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම ණය මුදල හරහා සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ප්‍රතිලාභ අත්වන බවයි.

තමන් සතු විදේශගත මුදල් ශ්‍රී ලංකාවට ගෙන එන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ මෙරට ජීවත් වන විදේශිකයින්ගෙන් ඉල්ලා සිටින බව මහබැංකු අධිපති ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා ඉල්ලා සිටී.

බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 10:41

ඇඟලුම් ක්ෂේත්‍රයට බිලියන 1.5ක අලාභයක්

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ 2020 මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේදී රුපියල් බිලියන 1.5ක අලාභයක් ලබනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සම්මේලනය ප්‍රකාශ කරයි.

බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 10:38

උද්ධමනය පහළට

පෙර මාසයේ (පෙබරවාරි) 6.2%ක්ව පැවැති මෙරට උද්ධමනය 2020 මාර්තු මාසයේදී 5.4% දක්වා පහත බැස ඇත. ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව ඊට හේතුවී ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල පහත යෑමයි.

සදුදා, 30 මාර්තු 2020 10:02

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද(30) දිනයේ ද විවෘත නොකිරීමට එහි බලධාරීන් විසින් තීරණය කර තිබේ.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා වෛරසය පැතිර යාහැකි බවට සමාජ මාධ්‍ය ජාල තුළ පැතිරෙන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම සිය අලෙවි නියෝජිතයන් හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙතම ගෑස් ප්‍රවාහනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ රටතුළ මේ වනවිට පවතින හදිසි තත්වය හේතුවෙනි.

සිකුරාදා, 27 මාර්තු 2020 10:14

වැට් බදු ගෙවීමට සහන කාලයක්

වැට් බදු ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Business News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website