Business News

ශ්‍රී ලාංකේය ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට මෙරට ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම, ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම ඉදිරිපත් වීමත් සමග Positive Sri Lanka වැඩසටහන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යමින් සිටින බව සඳහන් වෙයි.

මුදල් අමාත්‍යවරයා 2018 අයවැය කථාවේදී ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව, ශ්‍රී ලංකාව පුරා හරිත උද්‍යාන ඉදිකිරීමට වෙන්කළ මුදල රු.ලක්ෂ 30,000ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටියි.

දේශීය බඩ ඉරිඟු ගොවියා ශක්තිමත් කිරීම සඳහා දැනට බඩ ඉරිඟු කිලෝවක් සඳහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලයේදී ඊයේ (21) පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මගින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් 'ට්‍රැවල් ෆෙස්ට්' (Sri Lankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර සඳහා 40%ක් විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙමගින් ලොව පුරා ගමනාන්ත 35කට අධික සංඛ්‍යාවක් වෙත ඔබට රිසිසේ පියාසර කිරීමට අවස්ථාව උදාවන බවත්, ඉදිරියේදී පිරිමැසුම් පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රය සඳහාද 25%ක විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

'අභීයෝග දිනන ව්‍යාපාරික බලය' මැයෙන් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා නොමිලයේ පවත්වනු ලබන 'සම්පූර්ණ', නැගීඑන ව්‍යාපාර සමුළුව මෙම ජූලි මස 24දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

මහජනතාව වෙත නවමු ක්‍රීඩා අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙරට ප්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ හා ඩිජිටල් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම .'SLT Speed Up' තේමාව යටතේ .'SLT Speed Up Karting Challenge 2019.

හුන්ඩායි සමගම හඳුන්වා දී ඇති පෙරළිකාරී  IONIQ Hybrid  සහ  Grand i10 මෝටර් රථ මෙරට ආගන්තුක සත්කාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තේරීමක් බවට පත්වෙමින් ජෙට්වින් ට්‍රැවල්ස් සමාගමේ සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී යන සමාගම් වල රථවාහන එකතු වලට එක්වීම පසුගියදා සිදුවිය. මෙම රථ ශ්‍රී ලංකාවට ගෙන්වා අලෙවි කරනු ලබන්නේ, මෙරට තුළ හුන්ඩායි රථවාහන සඳහා එකම නිල නියෝජිතයන් වන හුන්ඩායි ලංකා (පුද්.) සමාගම විසිනි. 

මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව,  2019 අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලීමක් කරන ලදී. එමගින් බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබා දීමේදී අය කරන පොලී අනුපාත පහත හෙලනු ඇතැයිද මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට හැකිවෙතැයි ද අපේක්ෂා කෙරිණි.

ඒ අනුව  බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ඉතිරි කිරීමේ සහ මාස 3 ට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත නිත්‍ය  තැන්පතු පහසුකම් අනුපාතය ( SDFR) මත පදනම් වන අතර එයට වඩා වැඩි කාලසීමාවකින් යුතු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාත දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පහල දැමීම මඟින් ද ශ්‍රී ලංකා මහා බැංකුව දේශීය මුදල් වෙළඳපොලට සැලකිය යුතු රුපියල් ද්‍රවශීලතාවයක් සැපයූ අතර එයට අමතරව 2019 මැයි 31 වන දින සිට සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ද පදනම් අංක 50 කින් අඩුකළේය. එහි බලපෑම, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය හා බැඳුණු ඉතුරුම් තැන්පතු පොලී අනුපාතයන්ගේ පහල යාම මඟින් සෘජුව පිලිබිඹු වේ.

නිකිල් අද්වානි තම ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කළ බව AIA රක්ෂණ සමාගම ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම 2019 ජූලි මස 1වනදා සිට බල පවත්වනු ඇත.

එම ධුරයේ මෙතෙක් ක්‍රියාකාරී ලෙස කාර්යයේ නිරත වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වන පන්කජ් බැනර්ජී මහතා හොංකොං හී AIA සමූහයේ, සමුහ රක්ෂණ සහ සහයෝගිතා, ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්කර ඇත.

නිකිල් අද්වානි මහතා මේ දක්වා සමාගමේ සේවාලාභී උපායමාර්ග, ආයතනික පරිවර්තන සහ අලෙවිකරණ අංශයන් භාරව නායකත්වය දැරුවේය. ඔහු එම අංශයන් භාරව දැරූ ප්‍රධාන වගකීම් අතර සමාගමේ රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීම, සේවාලාභී කළමනාකරණය, සන්නාම කළමනාකරණය, ආයතනික සන්නිවේදනය ඩිජිටල් අලෙවිකරණය සහ සමූහ රක්ෂණ මෙහෙයවීම සඳහන් කළ හැකිය. 2016 වසරේ දී, AIA රක්ෂණ සමාගමට එක් වූ ඔහු, සමාගමේ වර්තමාන රක්ෂණ සැලසුම් නිර්මාණය කිරීමෙහි ප්‍රධානත්වය දැරූ අතර, සමාගමේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ වර්ධනය සහ ව්‍යාප්තිය මෙහෙයවීම සඳහාත් වටිනා සේවයක් සලසා තිබේ. මෙයට අමතරව AIA Vitality වැඩසටහන රට පුරා සාර්ථකව ව්‍යාප්ත කිරීම, ශ්‍රී ලංකාව තුළ විවිධ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම තුළින් AIA සන්නාමය සවිමත් කිරීම සහ සමාගමේ සේවාලාභී කේන්ද්‍ර වැඩසටහන් රැසක් නිර්මාණය කිරීම යනාදිය නිකිල් සමාගම තුළ අත්පත් කළ ජයග්‍රහණ කිහිපයකි.

Business News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website