Business News

උසස් තත්ත්වයේ මෘදුකාංග නිෂ්පාදනය කිරීම සහාය ලබාගත හැකි කොලිටි කෝඩර් (Quality Coder) අත්පොතක්   සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය (ICTA) පවසයි.

“1967 වසරේ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් පසු වසර 51 ක් පුරා ශ්‍රී ලංකාවට දෙවන තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට හැකි වුණේ නෑ. එය දැන් අපේ රජය යටතේ ආරම්භ වෙනවා. අද දිනයේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමටත් කටයුතු සිදු කෙරුණා.

රටේ විදුලි පරිභෝජනයෙන් 38%ක් ගෘහස්ත අංශයේ පරිභෝජනය සඳහා වැය වන අතර, කාර්යක්ෂම විදුලි උපකරණ භාවිත කිරීම සහ උපකරණ කාර්යක්ෂම ලෙස භාවිත කිරීම මඟින් නිවෙසේ විදුලි බිල අඩු කර ගැනීමට හැකි වෙනවා මෙන්ම රටේ විදුලි පරිභෝජනය ද එමගින් අඩු කළ හැකිය. කාර්යක්ෂම විදුලි උපකරණයක් තෝරා ගැනීම එය මිල දී ගන්නා අවස්ථාවේදීම කළ යුත්තකි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් ඉදිරිපත් කළ වීඩියෝ පට තුනකට ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ .

තරඟකාරී ආර්ථිකයක් ඇති කිරීමේදී සමාජ අසාධාරණ සිදුවීම ජයගත යුතු විශාලතම අභියෝගය බවට පත්ව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

සතිය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,540.05ක් ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.35% අඩුවීමකි. කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාව සහ මූල්‍යමය හැකියාවන් පදනම් කර ගත් කොටස් 20ක් අන්තර්ගත වන S&P SL 20 මිල දර්ශක අගය පසුගිය සතියේ ඒකක 2,724.94ක් ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.30% අඩු වීමකි.

ශ්‍රී ලාංකිකයන්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දළොස් වස පුරා වැජඹුණු ‘සිංගර්’ සිය ජනප්‍රසාදය තව දුරටත් තහවුරු කරමින් පසුගිය දා පැවැති SLIM-NIELSEN සම්මාන උළෙලේ දී අඛණ්ඩව 13 වැනි වරටත් ‘ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළෙඳ නාමය’ ට හිමි සම්මානයෙන් යළිත් පිදුම් ලැබීය.

ශී‍්‍ර ලංකාවේ අංක එකේ මූල්‍ය සේවා සමූහය වන LOLC බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පැවැති උත්කර්ෂවත් 2019 - SLIM - Nielsen ජනතා සම්මාන ප‍්‍රදානයේදී ‘වසරේ මූල්‍ය සේවා සැපයුම්කරු’ ලෙස කිරුළු දරමින් නැවතත් ජනතා හදවත් දිනා ගැනීමට සමත් විය.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහිකිරීම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළ යටතේ, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් යුත් ජංගම සේවයක් අද (23දා) මාතර වැලිගමදී දවස පුරා පැවැත්වේ.

වර්ෂ 2015න් පසු නිකුත් කරනලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ශ්‍රී ලංකාව ගෙවන පොලිය, 2015ට පෙර නිකුත් කරනලද බැඳුම්කර සඳහා ගෙවූ පොලී අනුපාතවලට සාපේක්ෂව අතිශයින් වැඩිවීමෙන්, ශ්‍රී ලංකාවට විදේශ විනිමයෙන් ඇ.ඩො.මිලියන 834.6ක (රු.බිලියන 151.1ක) දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Business News

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website