Business News

වසර පහක් පුරාවට ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස, රජයේ වැටුප්, විශ්‍රාම වැටුප් , මහා මාර්ග සංවර්ධනය, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය, ව්‍යවසායක පහසුකම්, කෘෂිකර්මය, සමෘද්ධි, ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කර 2018 වසර වන විට ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීමට ද සමත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 06:44

ලොතරැයි ඉතිහාසයේ ලොකුම ජයමල්ල කෝටි 14.5 දිනාගනී

එදා මෙදා තුර ශ්‍රි ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම සුපිරි ජයමල්ල වෙනුවෙන් ජයග්‍රාහකයෙක් බිහි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක ලොතරැයියට හැකියාව ලැබී ඇති බව සතුටින් දන්වා සිටිමු.

රට පුරා පවතින ගෑස් හිඟය ලබන සෙනසුරාදා වනවිට අවසන් වනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

CBL සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් ව්‍න CBL Foods International සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන ටියාරා යක්ක්, පසුගියදා පැවති ජාතික ප්‍රමිති සම්මාන (NQA) උයෙයේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ රන් සම්මානයයන් පිදුම් ලැබුයේය.

රටේ සංවර්ධනයත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාත් තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනඟා ගත යුතු බව ශ්‍රී ලංකා නවෝත්පාදන හා ව්‍යවසායකත්ව පර්ෂදයෙහි සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ප්‍රකාශ කරයි.

සදුදා, 28 ඔක්තෝබර් 2019 10:09

කොටස් මිළ ඉහ­ළට

සතිය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,935.26 ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.22% වැඩිවීමකි.කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාවය සහ මුල්‍යකමය හැකියාවන් පදනම් කරගත් කොටස් 20ක් අන්තර්ඟතවන S&P SL 20 මිල දර්ශක අගය පසුගිය සතියේ ඒකක 2,935.31 ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කල1.03% වැඩි වීමකි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2018-2019 කාලසීමාව සඳහා වන Business Today Top 30 ලැයිස්තුවේ 14 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී සිටී. මීට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම ලැයිස්තුවේ 23 වැනි ස්ථානයේ පසු විය. මීට වසර 20කට ඉහතදී ආරම්භ කරන ලද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව Business Today Top 30 ලැයිස්තුවට ඇතුළත් වී ඇති සමාගම් අතර කෙටිම ඉතිහාසයක් සහිත සමාගමවීම විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින්, ප්‍රජා සත්කාර ඇතුළුව අනෙකුත් කාර්යභාරයන් සහ ඒවායේ බලපෑම් විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් Business Today Top 30 ලැයිස්තුව සඳහා සමාගම් තෝරාගැනේ.

සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 19:38

සංචාරක ආදායම් 20.5% කින් පහතට

2018 වර්ෂයේදී ශ්‍රි ලංකා සංචාරක කර්මාන්තයෙන් ලැබූ ඩොලර් බිලියන 3.25 ක ආදායම 2019 වර්ෂයේදී ඩොලර් බිලියන 2.58 ක් දක්වා පහත වැටී ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 24 ක අතිරේක ආයෝජනයක් නියෝජනය කරමින්, දැනට පවතින ව්‍යාපෘතියේ අතිරේක ව්‍යාප්තියක් ලෙස, සඳලංකාවෙහි කර්මාන්තශාලා පරිශ්‍රයෙහි ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඔමේගා ලයින් ලිමිටඩ් සමඟ ගිවිසුමක් අත්සන් කළේය.

සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 09:31

"පොල්" සඳහා වූ පාලන මිල ඉවතට

පොල් ගෙඩියක් සඳහා පනවා තිබු රුපියල් 75 ක උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ වන විට නිකුත් කර ඇත.

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website