Wednesday, 04 April 2018 11:07

කලා ක්ෂේත්‍රයේ බුද්ධිමය අයිතියට කමිටු වාර්තා ත්‍රිත්වයක්

දේශීය සිනමා, ටෙලිනාට්‍ය සහ සංගීත ක්ෂේත්‍රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත්‍රිත්වය ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය.

ප්‍රවින රංගන ශිල්පිනී දිපානි සිල්වා මහත්මිය ප්‍රමුඛ ප්‍රවීන කලාකරුවන් පිරිසක් විසින් දේශීය ටෙලිනාට්‍ය පිළිබඳ කමිටු වාර්තාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර ජනාධිපතිතුමා එය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත භාර දුන්නේය. 

දේශීය සිනමාව නගාසිටුවීම පිළිබඳ කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා විසිනි. ජනාධිපතිතුමා විසින් එම කෙටුම්පත රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාරදෙනු ලැබීය.

Entertainment News

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website