Monday, 11 June 2018 12:25

සෝමවීර සේනානායක සාහිත්‍යධරයාගේ අවසන් කටයුතු අද

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රවීණ සාහිත්‍යධර සෝමවීර සේනානායක මහතාගේ අවසන් කටයුතු අද (11 දා) පස්‌වරුවේ මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකෙරේ.

බොරලැස්‌ගමුව ඇඹිල්ලවත්ත පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසු දේහය මහරගම ගොඩිගමුව සුසාන භූමිය වෙත රැගෙන යැමට නියමිතය.

නවකතාව, කෙටිකතාව, පුවත්පත්, සිනමාව හා රූපවාහිනිය ආදී මාධ්‍ය ක්‌ෂේත්‍ර රැසක නිපුණතා පළකළ සෝමවීර සේනානායක මහතා නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ශාස්‌ත්‍රීය ලෙස අධ්‍යයනය කරමින් දශක හතරකට වැඩි කාලයක්‌ විශිෂ්ට සාහිත්‍ය මෙහෙවරක නියෑළුණු ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි.

Entertainment News

“සේකර“

09 February 2018

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website