Saturday, 21 July 2018 10:36

ගිටාර් හා ජන සංගීත සැණකෙළිය

ශ්‍රී ලංකා ගිටාර් සංගමය විසින් 08 වෙනි වරටත් සංවිධානය කරනු ලබන "Guitar and folk  music festival 2018" ප්‍රසංගය 2018 ජූලි මස 18 වෙනි දින සිට 28 වෙනි දින දක්වා දිප ව්‍යාප්තව තෝරාගත් ස්ථාන කිහිපයකදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්කර තිබේ.

Solidarity Center ශ්‍රී ලංකා ශාඛාව, ලංකා වෙළඳ කාර්මික පොදු කම්කරු සංගමය හා නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය ඇතුළු සංවිධාන කිහිපයක අනුග්‍රහාහකත්වයෙන් හා ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් මෙම සංගීත සැණකෙළිය පවත්වනු ලබයි.

මොරටුව විශ්වවිද්‍යාලය (ජූලි 18), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (ජූලි 20), කැළණිය විශ්වවිද්‍යාලය (ජූලි 25), පේරාදෙණිය විශ්වවිද්‍යාලය (ජූලි 26),  හා  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (ජූලි 24) වලදීත්, කටුනායක මහජන පුස්තකාල ශ්‍රවණාගරාය (ජූලි 22) හා ලබුදූව ගාල්ල දක්ෂිණපාය ශ්‍රවණාගාරයේදිත් (ජූලි 28) , කොළඹ 07 රුසියන් සෙන්ටර් (ජූලි 21 ) හිදිත් කොළඹ 03, ලංකා වෙළඳ කාර්මික පොදු කම්කරු සංගමයේ ශ්‍රවනාගාරයේදීත් ( ජූලි 19- සවස 05.30 සිට) ටවුන් හෝල් කළුතර හීදීත් මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

රුසියාව, ඉන්දියාව, මාලදිවයින, පලස්තීන හා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගිටාර් වාදක ශිල්පීන් හා ශිල්පිනියන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් වෙන අතරම ප්‍රසංග සියල්ලම පාහේ නොමිලේ පැවැත්වෙන බැවින් ඔබටද මේ අවස්ථාවට සහභාගිවී අලුත් අත්දැකීමක් විඳගැනීමට හැකියාව සලසා දී තිබේ.

එබැවින් ජූලි 18 සිට 28 දක්වා දිනවල ඔබට පහසුම ස්ථානයේදී "Guitar and folk music festival 2018" ප්‍රසංගය නැරඹීමට අමතක නොකර පැමිණෙන්න.

(වැඩබිම)

Entertainment News

“සේකර“

09 February 2018

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website