Friday, 15 March 2019 02:36

දෙවෙනි ගමනට තද නිල් පැහැයෙන් සැරසුණු මනාලියක්

සාමාන්‍යයෙන් දෙවෙනි ගමනට රතු හෝ ආසන්න පැහැයක් යොදා ගත්තත් මේ මනාලිය තෝරාගෙන තිබෙන්නේ තද නිල් පැහැයයි. මෙය වැලන්ටිනා සාරියක්. කිසිදු වර්ක් එකක් නැති තනි ප්‍ලේන් සාරියක්. සාරි හැට්ටය අලංකාර ‍ලේස් වර්ගයකින් හයිනෙක් සහිතව අත් දිගට යොදා නිර්මාණය කර තිබෙනවා. 

ඉයර් රින්ග්ස් යුවල මිස වෙනත් ආභරණ පැළඳ නෑ. මල් කලඹට රතු පැහැය තෝරාගෙන තිබෙන්නෙ දවෛනි ගමන සංකේතවත් කරන්නයි. රතු ඕනෑම පැහැයකට ගැළපෙන වර්ණයක්.  මොඩර්න් මෙසි විලාසිතාවෙන් කෙස් කලඹ සකසා තිබෙනවා.  වෙනස්ම විදියකට සැරසෙන්න කැමති මනාලියකට මේ විලාසිතාව කදිමයි.


(ළක්බිම)

Entertainment News

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website