Saturday, 24 August 2019 10:22

වැඩි සද්ද බද්ද නැතිව උදේශ ඉන්දුලත් කසාද බැඳලා; රියැලිටි වේදිකාවකදී ඇය මට හමුවුණා....

රියැලිටි තරුවක් වුණ උදේශ් ඉන්දුල වැඩි සද්දයක් බද්දයක් නැතිවම පසුගිය සතියේ කසාද බැන්දා’ උදේශ කසාද බැන්දේ කාවද?’ අපිත් උදේශගෙන් ඇහැව්වේ එ් ප‍්‍රශ්නය’ මෙන්න උදේශ එ්කට දුන්න උත්තරය’



උදේෂ් වැඩි සද්දබද්දයක් නැතිවම වෙඩින් එක ගත්තා කියලා ආරංචියි ?

ඔව්’ වැඩිය සද්දබද්දයක් දැම්මේ නැහැ’ හැබැයි කරන්න ඕනෑ වැඩටික කෙරුණා’ වෙඩින් එක සැලසුම් කළේ මාසයක් විතර වගේ කෙටි කාලයක් ඇතුළත’ ඒ නිසා මගේ ළඟින්ම හිටපු කට්ටියට තමයි කිව්වේ’

ඇයි වැඩිය කාටවත් කිව්වේ නැත්තේ ?

කිව්වේ නැත්තෙත් නැහැ’ ළඟම හිතවතුන්ට විතරයි කිව්වේ’ දැන් ඉතිං වෙඩින් එකක් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයිනේ’ අනික මම පොඞ්ඩක් එ්වගේ දේවල්ට කැමැතියි’ පස්සේ ඉතිං මාධ්‍ය හරහා මගේ වෙඩින් එක තිබුණා කියලා දැනගන්නවා’ කොහොමත් මගේ වෙඩින් එක හැමෝටම කියන්න අදහසක් තිබුණේ නැහැ’

වෙඩින් එකේ විස්තර කියමු නේද?

වෙඩින් එක තිබුණේ පසුගිය 09 වැනිදා’

මේ හමුව සිදධවුණේ කොහොමද?

ඇගේ නම දිල්හාරා සෙනරත් ගමගේ’ ඇයව මට මුණගැසුණේ මීට අවුරුදු හතකට විතර කලින්’ එතකොට අපි විවාහයක් දක්වා එනවා කියලා එකක් තිබ්බේ නැහැ’ අපි හොඳ යාළුවෝ’ අවුරුදු ගණනාවක් අපේ හිතවත්කම තිබුණා’

රියැලිටි තරුවක් වුණාට පසුවද

ඔබට ඇයව මුණගැසුණේ ?

ඔව්’ ඔව්’’ රියැලිටි තරුවක් වෙන්න කලින් මට ආදර සම්බන්ධතා තිබිලා නැහැ’ මට එ් කාලේ ගොඩක් මිතුරු මිතුරියෝ හම්බවුණා’ අපි දෙන්නා වැඩිපුර කතාබහ කළා’ මුලින් එහෙම ලොකු විශේෂයෙක් තිබුණේ නැහැ’ කාලයක් ගිහින් තමයි එහෙම විශේෂ කෙනෙක් බවට පත්වුණේ’ අනික අපේ ගෙවල්වලින් දැන් කසාද බඳින්නත් ඕනෑ” කාලය හරි කියලා නිතර කිව්වා’ එතකොට හිතුණා දිල්හාර එක්ක කතා කරලා මේ ගැන තීරණයක් ගන්න ඕනෑ කියලා’ එ්කේ ප‍්‍රතිඵලයක් තමයි අපේ වෙඩින් එක’

උදේශ් පෙම්වතෙක් කියලා මාධ්‍යයට කියලා තිබුණෙත් නැහැ නේද?

ඔව්’ යාළුවෙක් විදිහට තමයි දිල්හාරාව ආශ‍්‍රය කළේ’ මාස දෙක තුනක් ඇතුළත තමයි අපි වෙඩින් එක ගන්නවා කියලා තීරණය කළේ’ එ් වෙනකම් ඇය මගේ යාළුවෙක්’ ඉතිං යාළුවෙක් ගැන වැඩිය මාධ්‍යයට කියන්නේ නැහැනේ’

ඔබේ සංගීත වැඩකටයුතුවලට දිල්හාරාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

ඇයත් දෙරණ සිටි ඔෆ් ඩාන්සින් පළමු වැඩසටහනේ තරඟකාරියක් විදිහට හිටියා’ රෝයල් වෝරියන්ස් කියන ටීම් එකේ හිටියේ’ එතැනදී තමයි මම ඇයව මුලින්ම හඳුනාගත්තේ’ ඇය දන්නවා මේ ක්‍ෂේත‍්‍රය ගැන’ හැමදේටම

ඇයගෙන් උදව් ලැබෙනවා’ මියුසික් තමයි අපේ ජීවිතය කියන්නේ’ එ් නිසා එ්වත් කරගෙන ඇයගෙන් දැනට ලොකු සහයෝගයක් හම්බවෙනවා’

ඇය දක්‍ෂ නර්තන ශිල්පිණියක්’ ඇගේ නර්තන ශිල්පයට ඔබගෙන් සීමාවන් වැටේවිද?

ඇයට මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා’ හැබැයි දැන් ඇය නර්තනයේ යෙදෙන්නේ නැහැ’ මම කිව්වෙත් එ් වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න කියලා’ මම කොහොමත් ජීවිතය බොහොම නිදහසේ ගෙවන්න කැමැති චරිතයක්’ අනික නීතිදාන්නෙත් නැහැ’ රැුඩිකල් අදහස් මගේ ළඟ නැහැ’ හරිම සරලයි’

ඇය ඔබට කැමැතිවුණේ රියැලිටි තරුවක් වුණ හින්දාද?

උදේශ් ඉන්දුල කියන නමත් ඇයත් බලපානවා’ එ්ක එක එළියක්’ අපි අතර ලොකු සම්බන්ධයක් තිබුණා’ කාලයක් තිබුණා අපි කතා නොකර හිටපු’ අවුරුද්දක් එකහමාරක් විතර කතා නොකර ටත් හිටියා’ මම රියැලිටි තරුවක් වුණ හින්දා නෙමෙයි ඇය මාව කසාද බැන්දේ’ අපේ යාළුකම තිබුණා’ ඇය මේකට කැමැතිවෙන්න තිබුණ ප‍්‍රධානම හේතුව තමයි මම හරි සරල මනුස්සයෙක්වීම’

ඇයගේ ගම කොහේද?

දිල්හාරගේ ගම හොරණ’

ඔබේ සාරෝ සංගීත කණ්ඩායමේ වැඩකටයුතු එහෙම කොහොමද?

ඉතාම හොඳින් කරගෙන යනවා’ සාරෝ සංගීත කණ්ඩායම විවාහ උත්සව වගේම ප‍්‍රිය සම්භාෂණවලට පමණක් සහභාගි වෙන සංගීත කණ්ඩායමක්’ ඉතිං අපි මුලින් සාරෝ සංගීත කණ්ඩායම ආරම්භ කළේ එළිමහන් ප‍්‍රසංගත් භාරගන්න සංගීත කණ්ඩායමක් හැටියට’ මගේ මූලිකත්වයෙන් තමයි සංගීත කණ්ඩායමේ වැඩකටයුතු සිද්ධවෙන්නේ’ එම්’ එස්’ ප‍්‍රනාන්දුගේ මුණුබුරා චානකත් මේ සංගීත කණ්ඩායමේ ඉන්නවා’ බෑන්ඞ් එක ගීතයකුත් නිර්මාණය කළා’

ඔබේ සංගීත පන්තිවලට වැඩ එහෙම කොහොමද?

කිසිම දෙයක් නවතින්නේ නැහැ’ එ්වා දිගටම කරගෙන යනවා’ විසිටින් ලෙක්චර්කෙනෙක් විදිහටත් කටයුතු කරනවා’ මම මුලින්ම ශ‍්‍රීපාලි මණ්ඩපයේ වැඩකළා’ දැනට සරසවි කිහිපකින් පවා ආරාධනා ලැබිලා තියෙනවා’ විවාහයෙන් පසුව කිසිම සංගීත වැඩකටයුත්තක් නවත්වන්නේ නැහැ’ මම එ්ක දන්න දේ’

අලූත් ගීතයක් කරන්න අදහසක් නැතිද?

ළංවෙලා හිම සීතේ” දුප්පත් ආදරේ” මල් කළඹ ළඟ ගීත ගොඩක් ජනප‍්‍රිය වුණා’ සමහරු කතා කරලා බණිනවා ඇයි ගීතයක් කරන්නේ නැත්තේ කියලා’ ගීතයක් කරන්න දැන් කාලය හරි’

(Meevitha)

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website