Friday, 04 October 2019 07:20

අඩෝ සපරමාදු සාධාරණව ජීවත් වෙන්නේ

අනුරාධ කාලෙකට පස්සේ පුංචි තිරය හරහා අපිට දකින්න ලැබෙනවා



ඔව්. මම රංගනයෙන් දායක වුණ සුපුන් රත්නායක මහත්මයගෙ‘අඩෝ. ටෙලි නාට්‍යය මේ දිනවල සතියේ දින පහේම රාති‍්‍ර 8.30 ට සිරස නාලිකාවේ විකාශය වෙනවා. එහි එන සපරමාදු කියන චරිතයට පණ දෙන්නේ මමයි.

කොච්චර කාලෙකට පස්සෙද මෙවර පේ‍්‍රක්‍ෂකයා අතරට එන්නේ.

එහෙම වැඩි කාලයක් ගතවුණේ නෑ. දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ල සියත නාලිකාවේ විකාශය වුණ රවීන්ද්‍ර විජේවර්ධනයන්ගෙ සූරිය නෑයෝ නාට්‍යයේ චිරාත් කියන වෛi ශිෂ්‍යයා ලෙසත් මම රසිකයෝ අතර හිටියා.

සපරමාදු ගැන ටිකක් කතා කරමුද?

සපරමාදු කියන්නෙ සුනාමි ව්‍යසනයෙන් තමන්ගෙ පවුලේ සියලූ දෙනාම අහිමිවීම නිසා තනියම දිවි ගෙවන අතරේ බෝට්ටුවක නැඟල ඔස්ටේ‍්‍රලියාවට යන්න ගිහින් ¥පතක අතරමං වෙලා ඒ පිරිස අතර සහයෝගයෙන් සාධාරණව ජීවත්වන කෙනෙක්.

මේ චරිතය කරන්න අනුරාධට වැඩිදුර පිහිනුම් දක්‍ෂතා දක්වන්නත් සිද්ධ වුණාලූ නේද?

ඒක වුණේ එහෙම නෙමෙයි. මගේ කී‍්‍රඩාව පිහිනීම වගේම මම ඒකට පුංචි කාලේ ඉඳලම දක්‍ෂයි. ඒ හරහා බොහෝ ජයග‍්‍රහණත් හිමිකරගෙන තියෙනවා. ඔය අතරේ ජනාධිපති අභියෝගතා කුසලානය පවා දිනා ගන්න තරම් මම වාසනාවන්ත වුණා. මම ලබපු සියලූ ජයග‍්‍රහණ ගැන මගේ මුහුණු පොතේ සටහනක් දැම්මා. ඒක දැකල තමයි සුපුන් රත්නායක කියන අධ්‍යක්‍ෂවරයා

ඔහුගේ අඩෝ නිර්මාණයේ සපරමාදුගේ චරිතයට මාව තෝරා ගත්තේ.

කොහොමද මුලින්ම පිහිනුම් කටයුතුවලට යොමු වෙන්නෙ.

පුංචි කාලේ ඉඳලම පිහිනුම කියන කී‍්‍රඩාවට මගේ ලොකු ඇල්මක් වගේම හැකියාවක් තිබුණා. ඒත් ඒ කාලේ වැඩිපුර ඒ සඳහා යොමුවුණේ නැහැ. පාසල් අධ්‍යාපනය අවසන් කරනවත් සමගම මගේ ශරීරයේ බර අඩුකර ගන්න තමයි මම මේ කී‍්‍රඩාවට වැඩිපුර නැඹුරු වුණේ. ඉන්දික කුමාර කියන ගුරුතුමා යටතේ මම පිහිනුම් ක‍්‍රීඩාව කටයුතු ප‍්‍රගුණ කළා.

ඔබ සතුවූ විශේෂ දක්‍ෂතාවයක් නිසා චරිතයකට ආරාධනා ලැබීම ගැන මොකද හිතෙන්නේ.

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මේක මට ලැබුණ ලොකු අභියෝගයක්. ¥පතක අතරමං වෙලා ඉන්න අවස්ථාවක ¥පත වටේට ගහන මුහුදු රැුළිවලින් ආරක්‍ෂා වෙමින් ඒ අභියෝගය ජය ගත්තා.

රංගන ශිල්පියෙක් වෙන්න අවස්ථාව උදාවුණේ කොහොමද?

පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම රවීන්ද්‍ර විජේවර්ධන සහ තරංග දිසානායක කියන ගුරුවරුන් දෙදෙනාගේ දුරුතු සිනමා පාසලට ඇතුළත් වෙලා රංගනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. ඒ අතරතුර තමයි ඒ ගුරු භවතුන් ඔවුන්ගේ දියණියෝ කියන ටෙලි නාට්‍යයේ නීතිඥයකුගෙ චරිතය හරහා මාව ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දුන්නේ.

පීනන්න ගිහිල්ල ඇබැද්දිවලට මුහුණ දෙන්න වුණ

අවස්ථා අනුරාධගෙ ජීවිතේ ඕන තරම් ඇති නේද?

පැහැදිලිවම එවැනි අවස්ථා බොහොමයක් තියෙනවා. දවසක් මගේ ගම් ප‍්‍රදේශය වන අම්පාරේ නවගිරියාව වැවේ නාන්න ගියා. තරගවලින් දිනල මම ටිකක් ෆෝම් වෙලානේ හිටියෙ යාළුවෝ අතරේ. ඉතින් ගිය ගමන් වැඩා වගේ වැවට පැන්නා. බැලින්නම් මම පැනලා තියෙන්නෙ ලොකු ගලක් උඩට. ගලේ වැදිල හැම තැනම තුවාල වුණා. එදා මට පිහිනීම එපා වෙලා මාසයක් දෙකක් විතර ඒ කී‍්‍රඩාවෙන් ඈත් වෙලත් හිටියා.

මේ දවස්වල කාර්ය බහුල චරිතයක් කියලත් අපිට ආරංචියි.

මේ දවස්වල කාර්ය බහුල වෙලා ඉන්නෙ ඇත්තටම රංගන කටයුතු නිසා නෙමෙයි. මගේ විවාහය ඉදිරි මාසයේදී සිදුකරන්න යොදාගෙන තියෙනවා. එහි වැඩකටයුතුවලට තමයි මේ දිනවල මහන්සි වෙන්නෙ.

අනුරාධගෙ අතගන්න වාසනාවන්තිය කවුද?

ඇය නමින් තිළිණි. වෘත්තියෙන් පාසල් ගුරුවරියක්.

එහෙමනම් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව උදාවෙයි වගේ.

ඔව්. ආපහු පාසල් කාලෙට ගිහින් කීකරු ශිෂ්‍යයෙක් ලෙස ඉන්න වෙයිද දන්නෙ නෑ.

ඉදිරියේදී අනුරාධට පෙම්වතාගේ චරිත රඟපාන්න අවසර ලැබෙන එකක් නැහැ නේද?

ඇය කවදාවත් මගේ රංගන ජීවිතයට බලපෑම් කරන කෙනෙක් නෙමෙයි මේ චරිතය කරන්න මේ චරිතය කරන්න එපා කියලා. කරන දේ හරියට කරන්න කියන එක තමයි නිතරම කියන්නේ.

පවුලේ උදවියගෙන් රංගන ජීවිතයට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?

මගේ ගෙදර හැමෝම ගොඩක් සතුටු වෙනව මම මේ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කිරීම ගැන. හැම වෙලාවෙම අඩුපාඩු පෙන්වා දෙමින් මාව දිරිමත් කරනවා. ඒක තමයි මට ලැබෙන ලොකුම සහයෝගය.

වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වෙන්න ලැබීම

ගැන ඔබ තෘප්තිමත්ද?

මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් නෙමෙයි. හේලීස් ඇගි‍්‍රකල්චර් පෞද්ගලික

සමාගමේ නිෂ්පාදන පරීක්‍ෂකවරයෙක් විදියට සේවය කරනවා. ඊට අමතරව තමයි මම රංගනයේ වගේම පිහිනුම් කී‍්‍රඩාවේ යෙදෙන්නෙ.

රැකියාවත් රඟපෑමත් පිහිනීමත් කියන මේ කාර්යයන් තුනේම නියැළෙන්න ගියාම එකක්වත් හරියට කරගන්න බැරි වෙනව කියල හිතෙන්නෙ නැද්ද?

රැකියාවට බාධාවක් නොවෙන විදියට රඟපෑමත්, ඊට බාධා නොවෙන ලෙස පිහිනීමෙත් යෙදෙන්නෙ කාලය කළමනාකරණය කරගෙන. ඒ තුළ ගැටලූ ඇති වෙන්නෙ නෑ.

ඉදිරි කලා කටයුතු මොන වගේද?

අලූත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිල තියෙන නිසා ඒවට මගේ උපරිම දායකත්වය ලබා දෙන්න සූදානමින් ඉන්නවා.

(Meevitha)

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website