Friday, 18 October 2019 09:37

පැතුම්ගෙ කේන්දරේ කොහේද දන්නෙ නෑ...

* ජනප‍්‍රිය වෙනව කියල තිබුණලූ

මගේ කේන්දරේ කොහේ තියෙනවද කියලා දන්නෙ නෑ. අම්ම ජීවත් වෙලා ඉන්න කොට නම් මගේ කේන්දරේ බලවලා ඒ කියන කියන විදියට වැඩ කරා. එක කාලෙකට සුර දානවා. තවත් කාලෙකට මුදු ගෙනත් දානවා. අම්මා ඒ දේවල් කළේ මගේ හොඳට කියලා දන්න නිසා මම ඒ දේවල්වලට කැමත්තෙන් යොමු වුණා. අම්මගේ වියෝවත් එක්ක ඒ හැමදේම නතර වෙලා කේන්දරෙත් අස්ථානගත වෙලා.

 

කේන්දරේ ගැන මොකද හිතෙන්නෙ?

ඒ ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒත් ඒ පස්සෙ ඕනවට වඩා යන්නෙ නෑ. ගොඩක් අය කේන්දර නිතර නිතර බලවන ගමන් අයියෝ මේ කාලේ අපලයි. බිස්නස් වැටෙනවලූ. ඇක්සිඩන්්ට් අනිවාර්යලූ. මාරක තියෙනවලූ කියලා හිත හිත ගොඩක් විඳවනවා. මම අන්න ඒ තත්ත්වෙට හරිම අකැමැතියි. වෙන්න තියෙන දේ වළක්වන්න බෑ. ඒත් ඒවා කලින් දැනගෙන මැරි මැරි ඉපදෙන්න මම කැමැති නෑ.

ප‍්‍රයෝජනයට ගන්නෙ මොන වෙලාවටද?

මම හිතන්නෙ ජීවිත කාලෙටම මම කේන්දරේ ප‍්‍රයෝජනයට ගත්තෙ මේ සැලොන් එක ඕපන් කරන්න නැකතක්

හදාගන්න තමයි. කේන්දරේ නැති නිසා තාත්තා මට උපන් වෙලාව කිව්වා. ඒකට අනුව තමයි නැකත හදාගෙන ඒ වැඩවලට අත ගැහුවෙ.

අපල කාල ගැන විශ්වාස කරනවද?

උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ඒක අපලයක් පලදීලා වුණ දෙයක් කියලා කියන්න මම කැමැති නෑ. ඒවා එදිනෙදා අපිට මුහුණ දෙන්න වෙන සාමාන්‍ය දේවල්. ඒත් පෙර කුසල් අකුසල්වලට අනුව තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ කියන එක මගේ හිතේ නැතුවම නෙමෙයි. අපි හරි දේ කරලා හරියට ජීවත් වෙනවා නම් ඔය කියන අපලවලින් මිදිලා ජීවත් වෙන්න පුළුවන් කියන එක සහතිකයි.

නැකැත් අනුගමනය කරනවද?

අපිට පැහැදිලි ඉතිහාසයක් තියෙනවා. ඒහා බැඳුණු චාරිත‍්‍ර වාරිත‍්‍ර අපේ සීයලා ආච්චිලා සිදු කරලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි. විශේෂයෙන්ම සිංහල අලූත් අවුරුදු දවසේ උදාවෙන නැකැත්. ඒවා ඔවුන්ගෙන් අපේ අම්මලා තාත්තලට දායාද වුණා වගේ ඔවුන්ගෙන් අපිට දායාද වෙලා තියෙනවා. අපේ යුතුකම තමයි ඒ දේවල් කවදහරි අපේ දරුවන්ට දීම. ඒ නිසා මම අනිවාර්යයෙන් ඒ නැකැත් අනුගමනය කරන අතරේ මගේ ජීවිතේ හා සම්බන්ධ සුබ වැඩක් පටන් ගන්නෙ සුබ නැකතට අනුව තමයි.

දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය

උන්වහන්සේලා ගැන මගේ ලොකු විශ්වාසයක් වගේම දැඩි භක්තියක් තියෙනවා. පුළුවන් හැම වෙලාවෙම ආගමික කටයුතුවල යෙදෙනවා. දවසකට සැරයක්වත් බුදුන් වැඳලා දෙවියන්ට පිං දෙන්න මම කාලය වෙන් කර ගන්නවා. ගෙදරින් එළියට යන හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේට වැඳලා තමයි මම යන්නෙ. දෙවියන් අපිව ආරක්ෂා කරනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම තමයි මම ටැටෝ එකක් විදියටත් ශිව දෙවියන්ම මගේ අතක ගහගෙන ඉන්නෙ.

පුද පූජා ශාන්ති කර්මවලට දෙන තැන

ඒ දේවල්වලට අනුව කටයුතු කළේ අම්මා ඉන්න කාලේ තමයි. මොකද ඇය මගේ කේන්දරේ නිතර නිතර බලවල විවිධ ශාන්ති කර්ම කළා මට හොඳක් වෙන්න. අද මම ඒවාට ලොකු නැඹුරුවක් නැහැ. ඒත් අනිවාර්යයෙන්ම ඉඩක් ලැබුණ ගමන් බෝධි පූජාවල් නම් පවත්වනවා. එයින් ලොකු සෙතක් සහනයක් ලැබෙනවා අපිට.

කේන්දරේ සඳහන් වුණ විශේෂ කාරණා

අධ්‍යාපනය අතින් ඉහළට ගිහින් විශ්වවිiාල අධ්‍යාපනය හදාරලා උසස් රැකියාවක නිරත වෙන බව සඳහන් වෙලා තිබුණ කියලා අම්මා කිව්වා. අධ්‍යාපන කටයුතු

සාර්ථකව නිම කරාට මම විශ්වවිiාල අධ්‍යාපන ලැබුණවත් ඒ කියපු විදියට

රැකියාවක නිරත වුණේවත් නැහැ.

රංගන ශිල්පියෙක් වෙන බව එහි සඳහන් වුණාද?

කලාවෙන් ඉහළට යන සමාජයේ ජනපි‍්‍රය චරිතයක් වෙන බව මගේ කේන්දරේ සඳහන් වෙලා තිබුණ බව පසු කාලෙකදී අම්මා මට කියලා තියෙනවා.

කේන්දරේට කියපු දේවල වෙනස් කරගෙන ආපු තැන්

මම හිතලා කිසි දෙයක් වෙනස් කරගෙන ආවේ නෑ. විශ්වවිiාල අධ්‍යාපනය ලබලා

රැකියාවකට යොමු වෙනවා කියපු මම රංගන ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක් වුණා. ඒවා ඉබේම වෙනස් වෙලා ආපු තැන්.

රාහු කාලෙට බයද?

බය වෙන්නවත් බය නොවී ඉන්නවත් මම රාහු කාලය ගැන දැනුවත් නැහැ. කවුරුම හරි මොනම වැඩකට වෙලාවක් කිව්වොත් ඒ වෙලාවට අදාළ වැඬේට යනවා. මගේ එදිනෙදා කටයුතු මම පහසු වෙලාවල්වලදී කරනවා. ඒ අතරේ රාහු කාලේ යෙදෙනවද නැද්ද කියලා. හොයලා බලන සිරිතක් මට නැහැ.

ලග්නය -

කටක

කවදාහරි විවාහ වෙන්නෙ කේන්දර ගලපලා නැකැත්වලට අනුවද?

යම් තරමකට කේන්දර ගැලපුවට වරදක් නෑ. ඒත් ඒක මත්තෙ සීයට සීයක් ඉන්නෙ නෑ. ඊට වඩා තැනක් දෙන්න ඕන විවාහ වෙන දෙන්නෙකුගේ අදහස් ගැලපීමට කියන එකයි මගේ මතය. කේන්දර සීයට සීයක් ගැලපිලා විවාහ වුණ අයට වඩා ඒවා නොබල විවාහ සිදුකරගත්තු අය හොඳින් ඉන්න අවස්ථා ඕන තරම් තියෙනවා. හිතලා බලලා ඔය දේවල්වලට යොමු වුණොත් වරදින්න තියෙන ඉඩකඩ අඩුයි කියලා මම හිතනවා.

අවුරුද්දකට කී වතාවක් පැතුම් හඳහන බලවනවද?

එහෙම ගණන්

තියාගෙන මම කේන්දරේ බලවන්නෙ නෑ. දැන් කේන්දරේ අස්ථානගත වෙලා නිසා ඔය යන එන තැනකදී

පිළිගන්න පුළුවන් හොඳ ජ්‍යොතිෂවේදියෙක්

මුණගැහුණොත් උපන් වෙලාව දීලා ඒ අනුව පලාඵල ටිකක් අහගන්න නම් කැමැතියි.

(Meevitha)

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website