Entertainment News

නන්දිපාලයි ගුණපාලයි ගැන මිනිස්සු හරියට කතාවෙනවා. නන්දිපාල කාලයක් තිස්සෙ එපාම එපා කරපු වැඩ කළත් නන්දිපාල ගැන අහිතක් හිතන්න ගොඩක් දෙනාගේ හිත් පෙලඹෙන්නේ නැහැ. ගුණපාලගේ චරිතයේ හොඳ නරක ගැන කතා කරන්න තවමත් කල් මදි. ඒ නිසා මේ චරිත දෙකම පිටුපස්සේ ඉන්න ජයන්ත මුතුතන්ත්‍රි එක්ක අපි මේ දෙන්නා ගැන විතරක් නෙවෙයි, ජයන්ත ගැනත් කතා කරන්න තීරණය කළා.

ගායකයෙක් වෙන්න ඇවිත් රංගනයෙන් ජනප්‍රියත්වය හිමිකරගත් තරුණ නළුවන් අතර සිටින දිනුෂ දිසානයක, ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයේ ආකර්ෂණීයම චරිතය වන දේවකගේ චරිතයට පණපොවන්නේ. තරුණියන් කිහිප දෙනකුගේ අවධානයට මැදිව සිටින දේවකගේ ආදරය හිමිවෙන්නේ කාටද? දිනුෂත් එක්ක කතාබහ කරන අතරේ අපි මේ හැම විස්තරයක්ම හෙළිදරව් කරගත්තා.

‘‘නුවන්, අපේ කොටුගොඩ, රැම්රිච් හෝටලේ පොඩි උත්සවයක් තියෙනවා. 12 වෙනිදා රෑ 7.30ට විතර එන්න.’’

සති අන්තයේ විකාශය වන පාවෙලා වලාකුළේ ටෙලි නාටයයේ ට්‍රීෂා නම් අතිශය සුන්දර කාර්යාල යුවතියගේ චරිතයට අයිතිකාරිය ඇයයි. රංගන දිවියේ ආරම්භක පියවරෙහි සිටින රුමාලි ගමගේ අද වනවිට රසිකයන් අතර ජනප්‍රිය චරිතයක්.

මයිකල් ජැක්සන් සමඟ සිටින වේඩ් රොබ්සන්(Wade Robson) තමා 1990 දී අපචාරයට ලක් වූ බව චිත්‍රපටයේ දී පවසයි

ඈ ආරාධනා ඒකනායක. යෞවනය ආකර්ෂණය කළ ගී ගොන්නකම පද රචිකාවිය ලෙස ඈ නමක් දිනා ඇත්තියක්. මෑතක රාවණා, නමින් ගීතයක් ලියා ඇයම නිෂ්පාදනය කර තිබුණා. දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ශෂිකා නිසංසලා ගයන ඒ මියුරු ගීතය මේ දිනවල කතාබහට ලක්වන ගීයකි. ආරාධනා සමග රාවණා ගැනත් ඇගේ ගී ගමන් මග ගැනත් අප කතා බහ කළා.

සංගීතේ ටෙලි නාට්‍යයට අලුතින්ම එකතු වුණ චරිතය තමයි දසුනි. තවත් පැහැදිලි කරනව නම් අසෙනිගේ පාසල් යෙහෙළිය ඇයයි. දසුනි ගැන බොහෝ දෙනා විමසිලිමත් වුණා. ඇය තමයි නර්මදා ජයමහ. සංගීතේටආපු ඒ ඔබට නිවේදිකාවක විදිහට රූපවාහිනී මාධ්‍යයෙන් දැක පුරුදු නිවේදිකාවම තමය මේ.

කිසියම් හෝ පිහිටක් නොමැතිව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින කලාකරුවන් සඳහා රුපියල් පන්දහසක දීමනාවක් මාසිකව ලබාදීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා පැවැසීය.

වේදිකා නාට්‍යය තුළින් තම රංග කෞශල්‍ය ඔප් නංවා ගත් දැවැන්ත නළු නිළියන් අද වන විට සිටින්නේ අතළොස්සකි, එවන් චරිත අතරේ මෙතුමටත් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ එදා අපේ ලාංකීය වේදිකා නාට්‍ය තුළ ඔහු පෙන්වූ රංග පෞරුෂය නිසාවෙනි. අද වනවිට අසනීප තත්වයෙන් පසුවන නිසා රංගනයෙන් යම් හෙයකින් ඈත්ව සිටියද එතුමන්ගේ රංග ප්‍රතිභාව නම් කිසි ලෙසකින් මතකයෙන් ඈත් නොවේ….

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website