Entertainment News

සරත් ලාල් කුමාර

රටක සාහිත්‍ය පෝෂණය වන්නට, ලෝක සාහිත්‍යයෙන් ලැබෙන දායකත්වය ඉමහත් ය. එක් එක් රටවලට අනන්‍ය සාහිත්‍ය ගොඩ නැගී තිබෙන නමුත්, වෙනත් රටවල සාහිත්‍ය කෙරෙහි අවධානය යොමු නොකරන තුරු, සාහිත්‍යයෙන් ලැබෙන්නේ ඒකාකාරී වින්දනයකි. ලාංකේය සාහිත්‍ය වෙත බලපෑම් එල්ල කිරීමට සහ ලාංකේය පාඨක රසඥතාව ඇද බැඳගන්නට රුසියානු සාහිත්‍යයට හැකියාව ලැබෙන්නේ, දශක ගණනාවකට ඈත අතීතයේ සිට ය. රුසියානු සාහිත්‍ය පිළිබඳ ඉහළ රුචිකත්වයකින් සහ මනා අවබෝධයකින් යුතු මාධ්‍යවේදී සරත් ලාල් කුමාර, ‘රුසියාව’සඟරාව සංස්කරණය කරමින්, පාඨකයා වෙත එම සාහිත්‍ය සමීප කිරීමට දායක වූවෙකි. එම සඟරාවේ පනස් වැනි කලාපය එළි දැක්වීම අළලා, ඔහු සමඟ කළ කතාබහකි මේ.

සිනෙත් බැද්දගේ

චිත්‍ර කතා කලාවෙහි තමන්ගේම ආරක් තුළින් පෙළහර පෑ දක්ෂ චිත්‍ර ශිල්පියකු ලෙස සිනෙත් බැද්දගේ හැඳින්විය හැක. දශක කිහිපයක් පුරාවට ඔහුගේ තෙලිතුඩ චිත්‍රකතාවත් සමඟ තවමත් විචිත්‍රවත් වෙයි. මේ පිළිසඳර ඔහු සමඟයි.

ප්‍රසන්න ජයකොඩි

“සංකාරා” හරහා තම සිනමා ගමන ආරම්භ කළ ප්‍රසන්න ජයකොඩි නම් තරුණ සිනමාකරු “කර්ම”, “28” සිනමා කෘති තුළින් දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍රවිය. “සංසාරයේ දඩයක්කාරයා” ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි.

මෑත කාලයේ විකාශය වු, සකූගේ කතාව ටෙලි නාට්‍යයේ, මාලාගේ චරිතයෙන් අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගත් හර්ෂිකා රත්නායක, රජයේ පාසල් ගුරුවරියකි. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියකි. නාට්‍යවේදිනියකි. රංගන ශිල්පිනියකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තරුණියක් සමග සමීපව සිටින පින්තූරයක් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

පන්හිඳ තුළින් යන රේඛාව මත චිත්‍රය සිතුවම් වේ. මොටාගෙදර ආර දේශීයත්වය මනාව පෙන්වන ඔහුගේම චිත්‍ර කලා සම්ප්‍රදායකි. මෙවැනි කලාකරුවකු ලක්දෙරණේ පහළවීම ගැන අපි කවුරුත් ආඩම්බර විය යුතුය - හෙළයේ මහා සාහිත්‍යධර වූ අරිසෙන් අහුබුදු

මංජුල දිසානායක

මංජුල දිසානායක, වසර 25කට ආසන්න කාලයක සිට මිහිර කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා උපාධිධාරියකු වන ඔහු, මේ වන විට විවිධ කෘති 25ක් පමණ ලියා ඇත. පාසල් ළමයින් අතර විද්‍යා දැනුම ව්‍යාප්ත කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන්, දෙවතාවක්ම ශ්‍රී ලංකාවේ හොඳ ම විද්‍යා ලේඛක සම්මානය ද දිනා ගත් ඔහුගේ නවතම පරිවර්තනය, ‘ඇමසෝනියා‘ පිළිබඳ කතාබහකි‍.

දේශීය සිංහල සිනමා කර්මාන්තය කර්මාන්තයක් ලෙස ස්ථාවර තත්ත්වයකට පත්වීමට නම් වාණිජ සිනමාවේ යම් දියුණුවක් දැකිය යුතුය. සිනමාවේ ජනප්‍රිය ධාරාවේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය වී දින සියයක් නොකඩවා ප්‍රදර්ශන තත්ත්වයකට පත්වන විට සිනමාවේ කාර්මික ශිල්පීන්ගේ, නළු නිළියන්ගේද ආදායමද චිත්‍රපට නිෂ්පාදනයේ දියුණුවක්ද දැකිය හැක.

තමන් ඉදිරිපත් කළ නිර්මාණ ප්‍රමාණය සීමිත වුවද, ඒ සියල්ල පිළිබඳව ජනතාවගේ දෑස් යොමු කරගන්නට සමත් විය. ඒ විතරක් ද නොව ප්‍රේක්ෂක, විචාරක ඇගැයීමට ද ලක්විය. එපමණක් ද? ඒ සියල්ල මෙරට මෙන්ම ජාත්‍යන්තර සම්මානවලට පවා පාත්‍ර විය. හරවත් සුභාවිත කලාවක් වෙනුවෙන් වේදිකාවෙත් රිදී තිරයෙත් පුංචි තිරයෙත් දස්කම් දැක්වූ මේ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා නමින් ප්‍රසන්න ජයකොඩි ය. ඔහු පිළිබඳ අද දවසේ දී අපට කතාබහ කරන්නට නිමිත්තක් උදා වී තිබේ.

ස්ටෙෆන් කෙල්මන්

නවක නවකතාකරුවන් බොහෝ දෙනකුගේ පුර්වාදර්ශය බවට පත්වී සිටින්නකු මෙන්ම අතිශය ජනප්‍රිය Pigeon English නවකතාවේ කර්තෘ බ්‍රිතාන්‍ය ජාතික ස්ටෙෆන් කෙල්මන් සමඟ, writers and artists වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

Entertainment News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website