Entertainment News

සිකුරාදා, 08 නොවැම්බර් 2019 07:18

අයේෂා ඉපදිලා තියෙන්නෙ පිරිමි නැකතකලූ

බොහෝ වෙලාවට කේන්දරේ ඇසුරෙන් කියන අනාවැකි වෙනස් කරගෙන අනාගතය ජයගන්න උත්සාහ දරන අතරේ ඒ දේවල් අභියෝග විදියට ගන්න බව තමයි අයේෂා මධුශානි කේන්දරේ ගැන ඇහුවම අපිට කිව්වේ.

මුලින්ම සුබ පතනවා හොඳම නළුවාට

මුලින්ම සුබ පතනවා හොඳම නළුවාට

අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 10:35

ඉඳහිට දකින ජනප්‍රියම නළුවා

පසුගිය දා අවසන් වූ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මානයට පාත්‍රවූ සුමිරාන් ගුණසේකර සම්මාන රාත්‍රියෙන් ඉක්බිතිව අප හා පිළිසඳරකට එක්වූ මොහොතේ සම්මානය ජනප්‍රියත්වය හා රංගනය ගැන අප හා මෙලෙස සිය අදහස් පළකර සිටියා.

යෝජනාවකට අනුව මුලින්ම ඇයව බලන්න ගිය දවසෙ ඔහුගේ හිතේ ඇය කෙරේ තදින්ම බැඳුණලූ. ඒත් එක්කම හිතෙන් ප‍්‍රශ්න කළාලූ ඇය මට කැමැති වෙයිද කියලා. හිතා ගන්න බැරි විදියට ඇයගේ කැමැත්ත ලැබුණ වෙලාවෙ සතුට වැඩි කමට ‘‘ඔබට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී’’ කියන ගී පදවැල හිතට ආවලූ. අන්න එදා ඉඳලා තමයි මේ ගීතය චන්දන වික‍්‍රමසිංහගෙ පි‍්‍රයතම ගීතය වෙන්නෙ.

ප්‍රවීණ රංගන ශිල්පිණී චන්ද්‍රා කලුආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වේ.

ඔහු විශේෂයි. හැම චිත්‍රපටයක් තුළම ඔහු වැඩක් කරනවා. ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් තමා ඔහුගේ අලුත්ම වැඩේ. නමුත් අතීතයේ බොහෝ දේවල් සමග මේ ආ ගමන ගැන මොහොතක් මහේන්ද්‍ර හා දොඩමලු වුණා.

නදුනි කරුණාතිලක අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දවසින් දවස සිය ජනප්‍රියත්වය වැඩිකර ගනිමින් හිඳින නිළියක්. දෙවැනි ඉනිමේ මාලිකා ලෙසින් රසිකයන් අතරට පැමිණි ඇය අද පාවෙලා වලාකුළෙහි නිරාශා ලෙසින් වෙනස්ම චරිතයකට පිවිස සිටිනවා. දරුවෙක් තම කුසෙන් බිහිකරන්නට වරම් නොලද සිය සැමියාගෙන් එල්ලවන දුක්ගැහැට දරාගෙන අන් සතු දරුවකුට මාතෘ සෙනෙහස පුදන්න පාරමී පුරන නිරාශාගේ සැබෑ දිවියේ වගතුග විමසමින් අපි නදුනි සමග කතාබහට එළැඹුණා.

සදුදා, 28 ඔක්තෝබර් 2019 10:00

අවසාන තරගෙට යනකොට මට හොඳටම උණ

කාටවත් නොනැමී කාටවත් යටත් නොවී තමන්ගේ ඉලක්ක කරා යන්න යුවතියකට දැඩි ආත්ම ශක්තියක් තිබිය යුතුමයි. ගමෙන් කොළඹට ඇවිත් මේ ගෙන්දගම් පොළොවේ හැප්පෙන එක යුවතියකට ලේසි නැහැ. නමුත් ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ තමන්ගේ හීනය ජයගත්තා. පසුගියදා පිලිපීනයේ පැවති ක්වීන් ඔෆ් ඉන්ටර්නැෂනල් ටුවරිසම් 2019 තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමස්ත තරගයේ තෙවැනි ස්ථානය හා තරග හතරක් ජයග්‍රහණය කරමින් ඇය ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දුන්නා.

බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 07:27

පාකිස්තානයේදී වීරයන් වූ කෝඩුකාර යුගලය

විස්සයි විස්ස ශ්‍රේණියේ ලොව අංක එකේ පාකිස්තානයට පහර දී ශ්‍රී ලංකා ආධුනික කණ්ඩායම පාකිස්තානයේදීම ලැබූ ජය අතිවිශිෂ්ටය. ඒත් සමගින් ලංකාවේ ප්‍රේක්ෂකයා ආයෙත් ක්‍රිකට් ගැන කතා කරන්න පටන් අරන්. ඒ නිසා පාකිස්තානයේදී පිත්තෙන් වැඩ පෙන්වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් වෙනුවෙන් අපි ඉඩ වෙන් කරන්න හිතුවා. මේ පාකිස්තාන සංචාරයේදී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගත් ඕෂධ ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ සමගින් කළ කතාබහයි…

Entertainment News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website