Features

රටක් හැටියට අපට තාක්ෂණ නගරයක්  ඕනෑ වෙන්නේ ඇයි? 

  • ප‍්‍රදේශවාසීන්ගෙන් අක්කර4,000ක ඉඩම් ගන්නවා කියමින් අමූලික බොරු පතුරුවා ජනතාව නොමග යවන්නේ සයිටම් සිදුවීමෙන් පස්සේ පැවැත්මට, ජනබලයක් හෝ සටන් පාඨයක් නොමැතිව ඉන්නා දේශපාලන කල්ලියක්.
  • 1868 ජේම්ස් ටේලර්ගේ තේ වගාවත්, 1977 උපාලි විජේවර්ධනගේ කටුනායක නිදහස් වෙළඳ කලාපයත් වගේ, ලංකාවේ ආර්ථිකයේ ඊලඟ ඉදිරි පිම්ම වන්නේ මේ තාක්ෂණ නගර ව්‍යාපෘතියයි.
  • කෝටි දෙකක බඩවල්වලට කතා කරනවා වෙනුවට,කෝටි දෙකක මොළවල්වලට කතා කරන ආර්ථික ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇමති චම්පික පැහැදිලි කරයි.

ලංකාවේ අපට තාක්ෂණ නගරයක් මොකටද කියන දේ ගත්තාම, මූලික ප‍්‍රවණතා දෙකක් නිසා තමයි  මේ රජය අපේ මහානගර සැලසුම අනුව තාක්ෂණ නගර ව්‍යාපෘතිය දියත් කළේ. අපි දන්නවා අපේ රටේ 1948 ඉඳන් 1977 දක්වා පැවති විවිධ රජයන් ආනයන ආදේශක ආර්ථිකයක් ගෙනයන්න උත්සහා කළා. ඒ කියන්නේ විශේෂයෙන්ම 1970 - 1977 පැවතිච්ච ආණ්ඩුව රට ඇතුළේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ රට ඇතුලෙ අපිම නිෂ්පාදනය කරගෙන පිටරටින් භාණ්ඩ ගේන එක ඒ කියන්නේ ආනයන පුළුවන් තරම් සීමාකරලා ‘ආනයන ආදේශක’ නිර්මාණය කරන රටක් හදන්න උත්සාහ කළා. නමුත් 1977 දී හරියටම කිව්වොත් 1976 දී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ඒ ආර්ථිකය ලිහිල්කරණය කරලා ලංකාවේ අපේ භාණ්ඩ හා සේවාවන් පිටරටට යවන එක අරමුණ කරගත්තු අපනයන අභිමුඛ ආර්ථිකයක් හදන්න කටයුතු කළා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි එහි මූලික කටයුත්ත සිදු කළේ. එතනදී ආයෝජකයින් රටට ගෙන්වා ගැනීම සඳහා ලංකාව පාවිච්චි කළ ප‍්‍රධාන සාධක හා උපක‍්‍රම කිහිපයක් තිබෙනවා, ලාභ ශ‍්‍රමය ඒ කියන්නේ අඩු මිලට අපේ ජනතාවගේ සේවය ලබාගන්න තියෙන හැකියාව, ඒ වගේම ලාභ සම්පත්, ශක්තිමත් නැති පහත් පෙළේ පරිසර නීති, ඒ වගේම පහත් මට්ටමේ ශ‍්‍රම නීති කියන කාරණා මෙතනදි කැපී පෙනුනා. ඒවා සමග බටහිර රටවල වෙළඳපල අපට ආකර්ෂණය කර ගැනීම සඳහා ඒ බටහිර රටවල්වලට පක්ෂපාතී විදේශ ප‍්‍රතිපත්තියක් එතුමා අනුගමනය කළා. එතුමාගේ මේ ක්‍රියාදාමය විසින් ඉතාම ශක්තිමත් ප‍්‍රතිඵල ලංකාවට මුල අවුරුදු කිහිපයේ ලැබුණා. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාළේ 1977 නොවැම්බර් මාසේ 16 වනදා වගේ දවසක රොනී ද මැල් මහත්මයා එකපාරටම රුපියල 100% කින් අවප‍්‍රමාණය කලා. එතනදී රුපියල අවප‍්‍රමාණය වුණත් ඊළඟ අවුරුද්දේ රටේ ආර්ථික වර්ධන වේගය 8% කට වඩා වැඩි උනා. ඒ මොකද අර ලාභ ශ‍්‍රමය නිසා ආපු ක‍්‍රියාදාමයත් එක්ක. ඒ අවස්ථාවේදී උපාලි විජේවර්ධන මහත්මයා, ලලිත් ඇතුළත්මුදලි මහත්මයා වැනි අය අපනයන සැලසුම් කලාප ඇති කරන්න කටයුතු කළා. ඔබ දන්නවද අද චීනයේ ෂෙන් ෂෙන්, ගොන්ෂෝ වැනි පර්ල් නදිය අවට තිබෙන ලෝකයේ ප‍්‍රධානම ආර්ථික නගරයේ ආදර්ශය බවට පත්වුණේ ලංකාවේ අපේ ඒ අපනයන සැකසුම් කලාප කියන කාරණය? එදත් මේ කටුනායක බියගම ඒ ව්‍යාපෘති ඇති කරන කොට, අද තාක්ෂණ නගරයට වගේම මෙවැනි විරෝධතා එල්ල උනා. පොල්ගස් කපනවා කිව්වා, ජන ජීවිතය අඩාල වෙනවා කිව්වා, මීගමු කලපුව විනාශ වෙනවා කිව්වා, ඔය වගේ නොයෙක් විරෝධතා ව්‍යාපාර මැද, විදේශිකයින්ට රට විකුණනවා කිව්වා, විශේෂ නීති පද්ධතියක් මෙතන ඇතිවෙනවා වගේ කාරණාවල් කියාගෙන තමයි එදා ඔය විරෝධතාකරුවන් ගමන් කළේ. කෙසේ නමුත් මේ රටේ එතෙක් තිබූ තේ, පොල්, රබර් ආර්ථිකය වෙනුවට අලූත් අපනයන ආර්ථිකයක් එයින් ඇති වුණා.

හැබැයි දැන් යුගය වෙනස්, එදා වැඩ කළාට ලංකාවට දැන් තවදුරටත් මේ අපනයන සැකසුම් කලාප සංකල්පය මගින් ආර්ථිකය ඉදිරියට ගෙනයන්න බැහැ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාළේ කටුනායක බියගම, කොග්ගල ආදී ස්ථානවලට සීමාවී තිබූ  කර්මාන්ත ගමට ගෙන ගියා. එයින් බලාපොරොත්තු උනේ අඩුමුදලට ජනතාවගෙන් සේවය මේ කර්මාන්තවලට අරගන්න, ඒ කියන්නේ ලාභ ශ‍්‍රමය ගමෙන් ගන්න. නමුත් ඒ පියවරත් 1990 ගණන් වන විට අවසන් උනා. තවදුරටත් ඒක ලංකාවේ කරන්න බැහැ. ලංකාවේ ලාභ ශ‍්‍රමය තවදුරටත් නැහැ. ඒ අනුව අපි ආර්ථික විද්‍යාවේ හඳුන්වන නිෂ්පාදන සාධක ලාභ කිරීමෙන් ආයෝජකයින් කැඳවා ගැනීම කියන ප‍්‍රතිපත්තිය උපාය මාර්ගය දැන් ලංකාවට වලංගු නැහැ. ඒ නිසා ලංකාවේ ආසනයන් ආසනයක් පාසා අපනයන සැකසුම් කලාප හැදුවත් කිසිම ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ. ඒක තමයි යතාර්ථය. එහෙමනම් මොකක්ද අපි කළ යුතු? වර්තමානයේ අපේ උපාය මාර්ගය මාරු කළ යුතුයි. අපේ උපාය මාර්ගය අපනයන ක්‍රියාදාමය මාරු කළ යුතුයි. 1990 යම් අපනයන සැකසුමක් තිබුණත්, තේ, පොල්, රබර්, ඇඟලූම් සහ අනෙක් භාණ්ඩ හා සේවාවල අද තිබෙන්නෙත් ඒ සැකසුමමයි අවුරුදු 30 කට පස්සෙත් අපි එතැනමයි. මේක තමයි අපේ ලංකාවේ තිබෙන අපනයන අර්බුදය අපේ ආනයන වැඩි උනාට අපනයන වැඩිවෙලා නැහැ.

1990 දී වියට්නාමයේ අපනයනය බිලියන 5 යි. ලංකාවෙත් බිලියන 5යි. අද වියට්නාමයේ අපනයනය බිලියන 175 යි ලංකාවේ 10 යි. මේ තත්වය වෙනස් කිරීමට අපි මොකක් ද කළ යුත්තේ. එය වෙනස් කිරීම සඳහා කළ යුත්තේ නවෝත්පාදන උපායමාර්ගයට ගමන් කිරීමයි. තවදුරටත් ලාභ ශ‍්‍රමය ලංකාවේ නැති උනාට අපට ශක්තිමත් දැනුම සහිත බුද්ධිමත් පරපුරක් ඉන්නවා. ඒකයි අපි නිතරම අවධාරණය කරන්නේ කෝටි දෙකක් බඩවල්වලට කතා කරන දේශපාලනය වෙනුවට කෝටි දෙකක් මොළවල් වලට කතා කරන ආර්ථික ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි කියලා. මේ නවෝත්පාදනය වෙනුවෙන් අපි සෑහෙන වැඩපිළිවෙලක් දියත් කළා. 2013 දී මම තාක්ෂණ ඇමති හැටියට ලංකාවට නවෝත්පාදන උපාය මාර්ගයක් හඳුන්වා දුන්නා. අපි පෙන්වලා දුන්න එදා අද මේ රටේ 5% ක 6% ක ආර්ථික වර්ධන වේගයක් ගන්න දළ දේශීය නිෂ්පාදනයෙන් 30% ක් 35% ක් ආයෝජනය කළ යුතු බව. අපි තාක්ෂණ ක්‍ෂෙත‍්‍රයේ ආයෝජනයක් කළොත් 1%ක තරමකවත්, ඒකෙන් ආර්ථික වර්ධනය ලැබෙන ප‍්‍රවේගය අනෙකුත් ක්‍ෂෙත‍්‍රවල ආයෝජනය කරනවා වගේ හතර පස් ගුණයක් වෙනවා කියලා අපේ ආර්ථික මහාචාර්යවරු පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඒ උපාය මාර්ගය අපි ලබාදුන්නා. පසුගිය රජය යටතේ යම් යම් පියවර ගත්තා ඒ උපායමාර්ගය මත පදනම් වෙලා. අපට තාම මතකයි ඒ අවස්ථාවේ අපේ කැබිනට් රැස්වීම කිලිනොච්චියේ රැස් වූ වෙලාවේ අපේ අධ්‍යාපන ඇමතිතුමා ආදී පිරිස් සමග සාකච්ඡා කරලා, යෝජනාව මුලින්ම ආවේ තාක්ෂණ ක්‍ෂෙත‍්‍රයේ උපාධි ඇති කළ යුතුයි, මේ කලා ක්‍ෂෙත‍්‍රයේ උපාධි ගොඩට තවත් පිරිස ගොඩ කරන්නේ නැතිව කියන දේ. ඒ අනුව තමයි තාක්ෂණ පාඨමාලාව ඇති කළේ. නමුත් තාක්ෂණය නවෝත්පාදනය ඉදිරියට ගන්න පුළුවන්  විධිමත් වැඩසටහනක් එතන තිබුණේ නැහැ. ඒක තමයි පළවෙනි කාරණය. ඒ අනුව රටට අවශ්‍යයි තාක්ෂණ නගරයක්. ඒ වගේම තාක්ෂණ ව්‍යාපෘති ඉදිරියට ගෙන යා හැකි කාර්මික පුරවරයක්. හැමතැනම ගොඩනගනන් උත්සහ දරණ අපනයන සැකසුම් කලාප වෙනුවට දැනුම අපනයනය කරන නව යුගයකට අවශ්‍ය පසුබිම රටට අවශ්‍යයි.

දෙවෙනි කාරණය අද ලෝකයේ පවතින තාක්ෂණ රටාවේ ක්‍රියාදාමය කුමක්ද?, එය අපි හඳුන්වන්නේ 4 වෙනි කාර්මික විප්ලවය කියලා. අපි දන්නා තරමින් 1760 දී ලෝකයේ ආරම්භ උනා ලෝකයේ පළවෙනි කාර්මික විප්ලවය. ඒකට අපි කිව්වා යන්ත‍්‍ර යුගය කියලා. එය අවුරුදු 100 ක් ගියා. ඒක ලෝකයේ විශාල පරිවර්ථනයක් සිදු කළා 1860 දක්වා. 1860 න් පසුව තෙල්, ගල් අඟුරු, ගෑස් ආවා. ඒකත් සමග අලූත් යුගයක් ආවා. ඒ යුගයට කිව්වා පොසිල ඉන්ධන යුගය කියලා. ඊට පසුව 1960 දී අර්ධ සන්නායක යුගය, ඉලෙක්ට්‍රොනික යුගය සහ චන්ද්‍රිකා යුගය ආරම්භ උනා. ඒකත් සමග තොරතුරු තාක්ෂණ යුගය ආවා.  Information Technology Age එක ආවා. දැන් මේ 2010 ඉඳන් අපේ ලෝකයේ තිබෙන්නේ අපි කියනවා සුහුරු යුගය එහෙම නැත්නම් Smart Age. මොනවද ඒකෙ වෙන්නේ අලූත් තාක්ෂණ දහරාවන් ගණනාවක් විසින් ලෝකය විප්ලවකාරී විදිහට පරිවර්ථනය කරන එක. ඒ තමයි නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, අනුක ජීව විද්‍යා තාක්ෂණය ඒ වගේම ආහාර, හරිත, රොබෝ, චන්ද්‍රිකා තාක්ෂණය ආදී වශයෙන් එකිනෙක හා ගැටගැහිච්ච, අන්තර්ජාලය සමග ගැටගැහිච්ච ක්‍රියාදාමයන් ගණනාවක් ඇතිවෙනවා. ඊට අමතරව අද ලංකාවේ අලූත් දැනුම් ක්‍ෂෙත‍්‍රයේ සේවා ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ දරුවන් ඉන්නවා තනිවම අප්වර්ක්, ෆයිවර්, ෆ්රීලාන්සර් ආදී නොයෙකුත් වෙබ්අඩවි හරහා නොයෙකුත් සේවාවන් පිටරැටියන්ට නිවසේ ඉඳගෙනම සපයලා දීලා රටට විශාල ආදායමක් ගෙන දෙන. අද අපේ රටේ තේ, පොල්, රබර් කියන ආදායම් ජනනය කරවන අංශයන්ගෙන්, මේ රබර් සහ පොල් වලට වඩා ලොකු අපනයන ආදායමක් අදටත් ආණ්ඩුවේ කිසිම සහයෝගයක් නැතිව දැනුම පදනම් කරගත් ව්‍යාපාර මගින් කරගෙන යනවා.

බොහොමයක් ඒවාට අපි කියන්නේ ඒවාට Knowledge Process Outsourcing -Business Process Outsourcingකියලා. ඉතාම දුෂ්කර මට්ටමේ පටන් අරගෙන තිබෙන මේ ස්ටාර්ටප් කම්පැණි විසින් අද දැනට ඩොලර් මිලියන 600 කට අධික ප‍්‍රමාණයක් රටට විනිමය ගෙනඑනවා. මේක බිලියන ගණනක ආදායම් බවට පරිවර්තනය කරන්න පුළුවන්. මේ ක්‍රියාදාමයට, කාර්මික විප්ලවයට අපි  සම්බන්ධ වෙන්න  ඕනේ. තායිවානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව මේ හැමෝම ලෝකයේ බලවත් උනේ තමන්ගේ සාපේක්‍ෂ වාසිය තෝරා ගැනීම. අපි කියනවාඒකටComparative Advantageකියලා. මේ සාපේක්‍ෂ  වාසිය ලංකාවේ අද ලාභ ශ‍්‍රමය නෙමෙයි අද අපට තිබෙන මේ දැනුම මුල්කරගත් ක්‍රියාදාමය. ඒ නිසා මුළු ලෝකයම යන මේ හතරවෙනි කාර්මික විප්ලවයට අදාල ඒ දැනුම ලංකාවේ අපේ දරුවන් කරා ලබාදෙන ප‍්‍රධාන ස්ථානය තමයි අද මේ හෝමාගම සහ මාලබේ ඉදිකරගෙන යන්නේ.

පළමුවෙන්ම සඳහන් කළ යුතුයි අක්කර 4000 ක් මිනිස්සුන්ගේ ඉඩම් ගන්නවාය කියලා පට්ටපල් බොරුවක්  පතුරුවලා තිබෙනවා. එවැනි කිසිම ක්‍රියාදාමයක් නැහැ. ඒවගේම ඉඩම් කොරියාවට විකුණන්න යනවයි කියලා චෝදනාවක් තියෙනවා. කිසිම කොරියන් ආයතනයකට මෙහි ඉඩම් විකිණෙන්නේ නැහැ. ඇත්තටම අපි කොරියානු ආණ්ඩුවට ස්තූතිවන්ත විය යුතුයි අපට නොමිලේ මේ මුළු ප‍්‍රදේශයේම අවශය කරන ප‍්‍රධාන සැලසුම, මාස්ටර් ප්ලෑන් එක අපට නොමිලේම සිදුකර දීම ගැන. Land use කියන ඉංග‍්‍රීසි වචනය පටලවාගෙන තමයි මේ අක්කර 4,000 කතාව නිර්මාණය කර ගත්තේ. ඒක නිසා කිසිම එවැනි ක්‍රියාදාමයක් මෙතන සිදු නොවන බව තහවුරු කළ යුතුයි.

ඒ වගේම අපි දැනටමත් අපේ දේශීය ආයතනවලට රටේ අනාගතය වන මේ මාස්ටර් ප්ලෑන් එකට අනුව ඉඩහසර විවෘත කරලා දීලා තිබෙනවා, උදාහරණයක් විදිහට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ සඳහා අක්කර 17 ක් ලබාදී තිබෙනවා. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය රත්මලානේ ඉතාම දුෂ්කර විදිහට පවත්වාගෙන යන්නේ සර්වෝදයට අයිති ඉඩම්වල කිසිම පහසුකමක් නැතිව. ඒ සඳහා අපි ලබාදී තිබෙනවා අක්කර 20 ක්. මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා අක්කර 20ක් ලබාදී තිබෙනවා. ඊළඟට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය  ඉතාමත්ම ප‍්‍රභල ඉදිරි ගමනක් යනවා, ඒ අනුව ඔවුන් භාරගෙන තිබෙනවා ඒ ප‍්‍රදේශයේ සන්නිවේදන කොඳුනාරටිය යව රැහැන් පද්ධතිය සම්බන්ධ කටයුතු. ඒ අනුව ඒ කටයුතු අද ඒ අය කරගෙන යනවා. ඒ අයගේ ප‍්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථානය ඒතැන ස්ථාපිත කර තිබෙනවා. ඊළඟට නැනෝ තාක්ෂණ ආයතනය සඳහා අක්කර 45 ක් දීලා තිබෙනවා. ඒ නිසා මම නැවත සඳහන් කරන්නට කැමතියිි අක්කර 4000 ක් මිනිස්සුන්ගේ ඉඩම් ගන්නවාය කියලා පට්ටපල් බොරුවක් කියන කාරණය. අපි එහෙම කරන්නේ නැහැ.

ඒ වගේම අද මේ සමහරු කියනවා නැනෝ පර්යේෂණාගාරයෙන් නිකුත්වන කිරණවලින් තමයි කියලා පසුගිය කාලේ පෑවිල්ල ඇතිවුණේ ආදී මෙන්න මේ වගේ කතා. නැනෝ තාක්ෂණ ආයතනයේ ආචාර්ය මහාචාර්යවරු අද ඉතාම විල්වකාරී පරිවර්ථන කිහිපයක් සිදුකලා. එකක් අද ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක‍්‍රීඩා කරන ඒ ඇඳුම ඇත්තටම Self Cleaning Apparel එකක්. අපේ රටේ තිබෙන නෙලූම් කොලේ ආදර්ශයට අරගෙන තමයි ඒ ඇඳුම නිර්මාණය කළේ. එය ඒ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන තාක්ෂණ පිම්මක් බවට පත්වුණා. ඒ වගේම අද අපේ කුඹුරුවලට නිකුත් කරන පොහොර වලින් 50% ක් අපතේ යනවා. නමුත් නැනෝ තාක්ෂණ ආයතනයේ අපේ විද්‍යාඥවරියක් නිර්මාණය කළා පොහොරවලින් 50% ක් ඉතිරි කරගන්න පුළුවන් වැඩපිළිවෙලක්.   ඒවා තමයි මෙතන සිදු කෙරෙන්නේ. එය තමයි අද රටට අවශ්‍යය. මෙතන අහසට තරංග යවලා පෑවිල්ල ඇති කළා කියලා, විහිළු සහගත කතාවක්, තුට්ටු දෙකේ දේශපාලනය කරන අය ප‍්‍රචාරය කරනවා. එහෙම කරලා ජනතාව රවටලා ඔවුන්ව තමන්ගේ දේශපාලනයේ කොටස් කාරයෝ කරගන්න. මේ අපේ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි, එය සඳහන් කළ යුතුයි. ඉතින් මේ පිරිස් උත්සාහ කරනවා ජනතාව බිය වද්දන්න. ජනතාව නොදන්න තවත් කාරණයක් මම කියන්න කැමතියි. අපේ රටේ අද මුලතිව්වල තිබෙනවා විශාල ඛනිජ සම්පතක්. එකෙන් අපට ටයිටේනියම් ලෝහය මුදාගන්න පුළුවන් නම් ටොන් එකකට ඩොලර් 14000 ක් උපයා ගන්න පුළුවන්. අද අපට හම්බවෙන්නේ ඩොලර් 300 යි. ඉතින් ඒ සම්පතෙන් ටයිටේනියම් වෙන්කර ගැනීමේ පර්යේෂණගාරය සහ ඒකට අවශ්‍ය අනෙකුත් උත්පාදන ක්‍රියාදාමය අද එතන සිදුකරමින් තිබෙන්නේ. ඒ අනුව තව වර්ෂයකින් දෙකකින් එහි ප‍්‍රතිඵල අපට ලැබෙනවා. එතකොට අපනයනයෙන් යෝධ ධනයක් රටට ගලාගෙන එනවා. මෙන්න මේකයි අපි අද එතන කරගෙන යන්නේ නැනෝ තාක්ෂණ ආයතනය මගින්. නමුත් පටු දේශපාලනය කරන පිරිස්වලට රටේ අනාගතය අදාල වෙන්නේ නෑ. ඔවුන්ට  ඕනෑ ජනතාව නොමග යවා ඔවුන්ගේ දේශපාලනයට පාවිච්චි කරගන්න.

ඊළඟට අපේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ගමු, අපි ස්තූතිවන්ත වෙනවා බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට. එතුමා හෝමාගම සංවිධායකවරයෙක් වෙලත් එතුමා වචනයකින්වත් මේවට විරුද්ධ වෙලා නැහැ. පාසල නිසා අද ළමයි 7,000 ක් එහේ ඉගෙන ගන්නවා. අද ඒ පැත්තේ මේ ගැන සාකච්ඡා කරන්න ගියහම, ඒ පිරිස් කියන්නේ මොකද්ද ඉස්සර මේ වත්තේ පොල්ගෙඩි 4,000 ක් කැඩුනා දැන් එය නැතිවුණා මහින්ද රාජපක්ෂ විද්‍යාලය හින්දා කියලා. ශිෂ්‍යත්වය පාස්වු ළමයි 7,000 ක් ඉගෙන ගන්නවා එතැන. ඔවුන් නිසි අධ්‍යාපනයක් ලබලා විශ්ව විද්‍යාලයට යනවා. නමුත් ඔවුන් ඒකයි මේ පොල්ගෙඩි 4,000 යි සන්සන්දනය කරනවා. මෙන්න මේක තමයි අපි වෙනස් කර ගන්න  ඕනේ ආකල්පය. ඒ පාසල එතන ඉදිකිරීම නිසා ඒ ප‍්‍රදේශයට ආලෝකයක් ලැබුණා. හැබැයි ඒකට අවශ්‍ය යටිතල පහසුකම් තවමත් නැහැ. යන්න මාර්ගයක් නැහැ. ඒවා දියුණු කරන්න විදිහක් නැහැ. ඉතින් මේ ක්‍රියාවලියෙන් වෙන්නේ එය ඉදිරියේදී දියුණුවෙන එක.

ඊළඟට මිනුම් ඒකක ප‍්‍රමිති කාර්යංශයට දීලා තිබෙනවා අක්කර 5 ක්. පොත් ගබඩාවට දීලා තිබෙනවා අක්කර 7ක්. පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අක්කර 2 ක් දීලා තිබෙනවා. කොළඹ විද්‍යාලයේ ඉංජිනේරු පීඨය, කැළණිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයත් ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනුත් අපට ඇවිත් තිබෙනවා පශ්චාත් උපාධි ආයතනයක් සඳහා වන යෝජනාවක්. ඒ වගේම කාර්මික තාක්ෂණ ආයතනයට මාලඹේ, ඒ වගේම ජාන විද්‍යා අනුපරමාණුක ජීව විද්‍යාවලින් අපට යොජනා ඇවිත් තිබෙනවා. ඒවා අපි ඉදිරියේදී සලකා බලනවා. එතකොට මේ සඳහා අපි මොනවද කරගෙන යන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා අපි ලබාගන්නවා ඉඩම් අක්කර 246 ක්. ඒ ඉඩම් අක්කර 246ට කිසිම මිනිසෙකුගේ පුද්ගලික පර්චර් 10 - 15 කෑලි, අක්කර භගයේ කෑලිවල එකම ගෙයක්වත් අයිතිවෙන්නේ නැහැ. ප‍්‍රධාන වතු පහක් තමයි එයට අයත් වෙන්නෙ. දෙහිගහවත්ත, පිටිපන දකුණේ අක්කර 23 යි. තලගල වත්ත, තලගල උතුරේ අක්කර 27 යි. දඹගොල්ල වත්ත අක්කර 34 යි. හොරගොල්ල වත්ත අක්කර 120 යි. කාවුුලූ හේන අක්කර  42 යි. මේ ඉඩම් පහෙන් ඉඩම් අයිතිකාරයෝ තුන් දෙනෙක්ම මාව හමුවෙන්න ඇවිල්ලා කිව්වා, මේ වගේ විශිෂ්ඨ කාර්යයකට ඉඩම් දෙන්න ලැබීම අපේ පිංකමක් කියලා. අද මේ අසත්‍ය තොරතුරු නිසා පෙළපාලි යන අය මතක තියා ගන්න  ඕනේ. මේ ව්‍යාපෘතිය නිසා කිසිම කෙනෙක්ගේ කිසිම නිවාසයක් තිබෙන ඉඩමක් අපි අත්පත් කර ගන්නේ නැහැ කියන දේ. අපි NSBM ආයතනය එතන හැදුවා. එය දැන් පුළුල් කරන්න යනවා කුරුඳුවත්ත පැත්තට. ඊට මෙහා පැත්තෙන් අවුරුදු ගානට කලින් කරපු පරණ උක් වගාවක් තිබෙනවා. කෙසේ නමුත් අද හරිත විශ්ව විද්‍යාලය ආදියෙන් ඉතාම විශිෂ්ඨ ගනයේ සේවාවක් රටට සිදුවෙනවා. ඒවා අපි තවදුරටත් පුළුල් කරන්න කටයුතු කරනවා.

ඒ ප‍්‍රදේශයේ මාර්ග ගත්තාම, මේ ව්‍යාපෘතියත් සමගම, පිටිපන - තලගල මාර්ගය, දාම්පේ මාර්ගය, උඩුවන පාර, කහතුඩුව, මහහේනවත්ත පිවිසුම් මාර්ගය, ඒ වගේම අභ්‍යන්තර ප‍්‍රවේශ මාර්ගවලට මේ ආයතනවල ප‍්‍රවාහන පහසුකම් ලැබෙනවාත් සමගම මොකද වෙන්නේ.  මේ ප‍්‍රදේශයේ ඉඩම්වල වටිනාකම වැඩිවෙනවා. රුපියල් 50,000ට තිබුණු පර්චස් එක දැනටමත් මේ පාරවල් හදන්න පටන් ගත්තට පස්සේ රුපියල් ලක්‍ෂ 3 දක්වා වැඩිවී තිබෙනවා. මේ ජනතාවගේ ඉඩම් කොල්ලකනවයි කිව්වට යතාර්ථය තමයි මේ ඉඩම්වල මිල ගණන් අපේ මේ රාජ්‍ය ආයෝජනයත් සමග වැඩිවෙනවා. හයිලෙවල් පාර පුළුල් කරන කොටම ඉඩම් මිල වැඩිවුනා මතක ඇති. ඔබ අපි දන්නවා කඩවතට අධිවේගී මාර්ගය ගියහම එහේ රුපියල් ලක්‍ෂ එකහමාරට දෙකට තිබූ පර්චස් එක අද ලක්‍ෂ 30 වෙලා තිබෙන හැටි. අධිවේගී මාර්ගය හම්බන්තොටට යනකොට අඟුණකොලපැලැස්සේ අද මිලියන ගණනක් පර්චස් එක. අපි මේ හැමොම කතා කරනවා ඉඩම් කොල්ලකෑම ගැන. නමුත් පුද්ගලිකව ගත්තාම ඔවුන්ගේ සෑම පුද්ගලික ඉඩමකම වටිනාකම වැඩිදියුණු වෙනවා.

ඒ වගේම මෙම ප‍්‍රදේශයට ඉතිහාසයේවත් නැති විදිහට 220KV විදුලි බල පද්ධතියක් ගෙන එවයා. ඒ වගේම ජල පද්ධතියත් පැති දෙකකින් මෙතනට ගෙන එනවා. එතකොට මේ කලාපයේ තිබෙන ජනාවාසවලටත් අලූතෙන් ජලය ලැබෙනවා. ඒ වගේම මේ ප‍්‍රදේශයේ ජනාවාස වල අලූතින් යමෙක් පදිංචිවනවා නම් ඒ හැම කෙනාටමත් එමගින් ප‍්‍රයෝජනය ලැබෙනවා. අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 11,000 ක් දරුවන් අධ්‍යාපනය ලබනවා. අද ඒ විජේරාම ප‍්‍රදේශයට මොනතරම් වටිනා ආර්ථිකයක් එමගින් ගොඩනැගී තිබෙනවාද?. බත්මුල, හොස්ටල්එක, අනෙකුත් අඳුම් පැලඳුම්, පොතපත  විකුණන්න ද ආදී වශයෙන් පෙර නොතිබූ ආර්ථිකයක් අද විජේරාමයේ ජනතාවට එමගින් ඇතිවී තිබෙනවා. ඒ නිසා මෙමගින් හෝමාගමට ශක්තිමත් බලගතු ආර්ථිකයක් තව අවුරුදු 10 කින් ලැබෙනවා. අද ඔය විරෝධතා දක්වන ඇතැම් පිරිස්වලට නම් මේ ගැන කිසිම උවමනාවක් නැහැ, කෙසේ නමුත් පිටින් පැමිණ දේශපාලන අරමුණුවලට විරෝධතාවය දක්වන පිරිස්වලට නැති වුණත් අනාගතයේ මේ මගින් ඒ ප‍්‍රදේශයේ ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙනවා.

මේ ඉඩම්වල අපි මොනවද කරන්න යන්නේ කියන කාරණය තවදුරටත් කිව්වොත්, දෙහිගහවත්ත අක්කර 23ක ප‍්‍රමාණයක අපි කරන්න යනවා තාක්ෂණික බෙදා හැරීමේ හා සුළු, මධ්‍ය පරිමාණ උපකාරක මධ්‍යස්ථානයක්. ඊළඟට නවෝත්පාදන වාණිජකරණය කිරීමේ ආයතනයක්. එමගින් කරන්නේ නවෝත්පාදනය සඳහා කැපවන සියළුම දෙනාගේ නවෝත්පාදනය වාණිජකරණය කිරීමයි.Commercialization සඳහා අවශ්‍ය කරන පර්යේෂණාගාරය එතැන බිහි වෙනවා. ඊළඟට හරිත කලාපයක්  ඇතිකරනවා පරිසරයට. මේවා වැරදිද? මේවද කරන හානිය හෝමාගමට? ඊළඟට තලගල උතුරේ අක්කර 27ක අපි ප‍්‍රධාන වශයෙන්ම කරන්නේ ලංකා විදුල බල මණ්ඩලයේ  ග‍්‍රිඞ් උපපොළ එතැන ඉදිකරනවා. ඒ වගේම ප‍්‍රදේශයේ වැසිජලය ඇතුළු අනෙකුත් ජලය පිරිසිදු කිරීම සඳහා වන පිරිපහදු මධ්‍යස්ථානයක් ජලසම්පාදන මණ්ඩලයෙන් පිහිටුවනවා.

දඹගොල්ල වත්තේ අක්කර 34 ජෛව තාක්ෂණික පර්යේෂණ ආයතනයක් අපි ඇති කරනවා. මේකෙදි අර පිරිස මොකද කියන්නේ, ලංකාවේ ජාන හොරකම් කරන් යනවයි කියලා. ලංකාවේ ජාන නෙමෙයි මේ ලෝකේ  ඕනම ජානයක් අද ජාන පර්යේෂණයෙන් කරගෙන යන්න පුළුවන්. අපි මේක රජයේ සම්පූර්ණ අධික්‍ෂණය යටතේ සිදුකරන්නේ. මේ ජාන ක්‍රියාදාමය මගින් අද කර තිබෙන දේවල් ඉතා විශාලයි. ලෙඩරෝග ගණනාවකට අද ජාන ක‍්‍රියාදාමය මගින් පිළිතුරු දී තිබෙනවා. මවගේ සිට එන අවේණික ලෙඩ රෝග දහස් ගණනක් මේ ලෝකේ මේ තාක්ෂණයෙන් විසඳලා තිබෙනවා. ඒ වගේම නොයෙක් ආකාරයට, අපේ සතුන්ට, ශාකවලට වැළඳෙන රෝග වලක්වන්නත් මේවයින් ප‍්‍රතිලාභ ලැබිලා තිබෙනවා. අපි එකක් කියනවා ජාන හෝ අනෙකුත් කාරණාවලින් කෙරෙන දේවල් පර්යේෂණවලට හසු කරන්නේ නැතිව කිසිම ආකාරයකින් මනුෂ්‍ය පරිභෝජනයට හෝ වෙනත් කරුණුවලට යොදා ගන්නේ නැහැ. දැනටමත් ලෝකයේ සහතික වෙලා තිබෙන ආකාරයට පසුව ප‍්‍රශ්න ඇති නොවන ආකාරයේ දේවල්වලට විතරයි අපි මෙතන ඉඩකඩ සකසලා තිබෙන්නේ.

ඒ වගේම හොරගොල්ල වත්ත අක්කර 120 ක අපි කරන්න බලාපොරොත්තුවනවා ආතර් සී ක්ලාක් පර්යේෂණ ආයතනය. ඒ වගේම විද්‍යා තාක්ෂණික ආයතනය. දැන් එතන පවත්වාගෙන යනවා නේචර් සීක‍්‍රට් ආයතනය. අපි ඒ අයටත් ඉඩදී තිබෙනවා තවදුරටත් එතන පවත්වාගෙන යන්න. ඒ ඉඩම අපි ගන්නේ නැහැ. ඒ වගේම ළමා උද්‍යානයක්, වාණිජ මධ්‍යස්ථානයක් එතන අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ගැන නොදන්න අයට කියනවා නම් ලංකාවට අභ්‍යවකාශයේ චන්ද්‍රිකා දෙකක් රඳවා ගැනීමේ අයිතිය තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ සිදු කළේ මොකද්ද චීන චන්ද්‍රිකාවකට අපේ චන්ද්‍රිකාවක් කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ගල් අඟුරුවලින් උපයා ගත් මිලියන 460 ක් අර රාජපක්ෂ පුතාට දීලා ලංකාවේ චන්ද්‍රිකාවක් ඇරියා කියලා කියාපු එක. ලංකාවේ කිසිම චන්ද්‍රිකාවක් ඒ ආකාරයට යවලා නැහැ. නමුත් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය අපේ පළවෙනි චන්ද්‍රිකාව දැන් යවන්න සූදානම් කර තිබෙනවා එය නැනෝ චන්ද්‍රිකාවක්. ඒ වගේම අපට එක්සත් ජාතීන්ගේ UNS කප් එක චන්ද්‍රිකාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ චන්ද්‍රිකාවේ ඒ සම්ප්‍රේෂණය ලබාගන්නා ස්ථානය (Receiving Station) අපි මෙතන ඉදිකරන්නේ. ඒ අනුව සියළුම කාලගුණ වාර්තා, අනෙකුත් දේශගුණික වාර්තා, ඒ වගේම ඨෂී මැපින් මේ සියල්ලම අපේ විද්‍යාඥයින්ට රට ඇතුළේ කරන්න පුළුවන්. අද මේ සඳහා කෝටි ගණනක් ගෙවන්න  ඕනේ.

අපේ ජල මට්ටම ගැන හැමදාම මම කතානායකතුමාට කතාකරලා කියනවා අද 1.2 යි.1.65 යි, 2 වුණ ගමන් ගංවතුර එනවා ඒ ආදී වශයෙන් කියනවා. මේ තොරතුරු අපි ජපානෙන් ගන්නේ.  ජපානය අපට දැනට සේවයක් හැටියට කරන්නේ නමුත් ඉදිරියේදි අපට සේවයක් හැටියට කරන්නේ නැහැ. මේ සියල්ලම අපට ලබාගැනීමේ හැකියාව තිබෙනවා මේ මධ්‍යස්ථානයත් සමග. ලංකාව කියන්නේ අභ්‍යවකාශයේ ඉඳන් බැලූවහම පුංචි දෙයක්. මොකද්ද මේකට කියලා තිබෙන කතාව මේකෙ ඉඳන් කි.මි. 2 ක් දක්වා කිරණ නිකුත් වෙනවාලූ. එමගින් පිළිකා හැදෙනවලූ. මේක තමයි මේකට කියන කතාව. මෙන්න මේ වගේ අමූලික අසත්‍යමත පදනම් වෙලා තමයි මේ කතා යන්නේ. මේවායෙන් ආපස්සට යන්නේ රට. අපි අනිවාර්යයෙන්ම මේ තාක්ෂණ ප‍්‍රවාහයට ඇතුළු විය යුතුයි. අපට තනියෙන් කරගන්න බැරි දෙයක් එක්සත් ජාතීන්ගේ ශක්තිය ඇතුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට ලැබිලා තිබෙනවා. ඇත්තටම අපි ආඩම්බර වෙන්න  ඕනේ ආතර් සී ක්ලාක් මැතිතුමා ගැන. එතුමා 1945 මේ විද්‍යාත්මක පත්‍රිකාව ලිව්වේ. චන්ද්‍රිකා 3 ක් දැම්මට පස්සේ ලෝකෙම පණිවිඩ හුවමාරු කරන්න පුළුවන් කියලා. එතුමාට ඒ සඳහා ලැබුනේ පවුම් 15 යි. හැබැයි අද ට්‍රිලියන ගාණක ව්‍යාපාරයක් එය. අපි වහාම මේ ක්‍රියාදාමයට ඇතුළු විය යුතුයි.

ඊළඟට කාවුලූහේනේ, විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයේ පර්යේෂණ සංකීර්ණයක්. එය කරන්නේ කොස්ටි කියන ආයතනයෙන්. ශ‍්‍රී ලංකා විද්‍යා තාක්ෂණික ආයතනය එතන අපි බිහිකරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපේ විද්‍යා තාක්ෂණ ආයතන පිහිටුවාගෙන යද්දි 1960 ගණන්වල. ඊට සමාන්තර ආයතන කොරියාව ආදී රටවලත් පිහිටෙව්වා. නමුත් අපේ ආයතනයට සාර්ථක වෙන්න බැරි උනාට ඒ රටවල ආයතන සාර්ථක වෙලා තිබෙනවා. ඒ ආදර්ශය අරගෙන නව විද්‍යා පර්යේෂණ ආයතනයක් එතන අපි කරගෙන යනවා. ඒ වගේම මෙහි යටිතල පහසුකම් සියල්ලම අපි කරනවා. ඒ වගේම මම කියන්න  ඕනෑ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, අපජල කළමනාකරණය ඒ සියල්ලම මෙතන සිදුවෙනවා. ඒ වගේම ඒ ඉඩම් කොටස් අත්පත් කර ගන්න විට ඒ අයට තමන්ගේ අයිතිය නිශ්චිතව සහතික වූ වහාම රජය විසින් වන්දිය අපි ලබාදෙනවා. ඒ වන්දිය අපි ප‍්‍රාදේශීය ලේකම්වරයා ගාව තැන්පත් කරනවා. ඒවගේම සෑම අවුරුද්දක් ගානෙම 7% ගානේ ඒ වන්දි මුදල ඉහළ යනවා ඉඩම්වල අයිතිකාරයා හොයා ගන්නකන්.

එතකොට මේකෙ තිබෙන ඇතැම් වගන්ති අල්ලගෙන, ඇතැම් අයගේ තිබෙන දේශපාලන උවමනාවන් මත ක්‍රියාත්මක වෙනවා. අපි මේවා ගැන දැනුවත් කළේ නැහැ කිව්වට මේවා ගැන ඇතිවෙන්න දැනුවත් කළා. හෝමාගම ප‍්‍රදේශයේ රජයට අයිති පක්ෂවලින් නෙමෙයි ප‍්‍රාදේශී සභාව පිහිටුවලා තිබෙන්නේ. ප‍්‍රාදේශීය සභාව පිහිටුවා තිබෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට එහි දේශපාලන බලධාරියා අපේ බන්දුල ගුණවර්ධණ මැතිතුමා. එතුමා ඒවට විරුද්ධ වෙලා නැහැ. ඒ අය අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා කතා කරලා මේ කරුණු ඉගෙනගෙන, අපටත් යම් යම් යෝජනා ඉදිරිපත් කරලා අපි සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා. කරුණු එහෙම තියෙද්දී අර සයිටම් ප‍්‍රශ්ණයෙන් පස්සේ තමන්ට දේශපාලන පැවැත්මට අල්ලාගන්න සටන් පාඨයක් හොයමින් හිටිය දේශපාලන කල්ලිය තමන්ගේ දේශපාලනයට මිනිස්සු පාවිචචි කරන්න විහිළුසහගත අසත්‍ය තොරතුරු පතුරුවනවා.

අපි ඒ ජනතාවගෙන් ඉල්ලනවා අපේ දරුවොත් අපිත් ජීවත් වෙන්නේ මේ රටේ. හැබැයි ඔය උද්ඝෝෂණ කරුවන්ගේ දරුවෝ ජීවත් වෙන්නේ, පවුල් ජීවත් වෙන්නේ  ඕස්ට්‍රේලියාවේ. එහේ ඉඳන් තමයි මේ ළමයි ටික පාරට ගන්නේ. ඒ අයගේ ළමයි  ඕස්ට්‍රේලියාවේ ඉන්න ගමන්, අපේ ළමයි පාරට ගේනවා.  ඕක තමයි මේ උද්ඝෝෂකයින්ගේ ක්‍රියාදාමය. මමත් අපේ දරුවොත්, මේ රටේ ඉපදිලා ඉන්න අය. මගෙත් ළමයි ඉගෙන ගන්නෙත් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල. එතකොට අපි මේ රටේ ඉන්න අය. මම ඒ සෑම ජන කණ්ඩායමකටම බොහොම පැහැදිලිව කියනවා, කොළඹ දිස්ත‍්‍රික්කයේ කෙනෙක් හැටියට මටත් මනාප දීපු ජනතාවක් එහේ ඉන්න පිරිස හැටියට අපි කිසිම අවස්ථාවක අපේ ජනතාවට වැරදිවන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හෝ ඒ ක්‍රියාදාමයට අපි වැරැද්දක් කරන්නේ නැහැ. නමුත් අපි එකක් මතක තියාගන්න  ඕනේ මේ සම්ප‍්‍රදායික ආර්ථික උපාය මාර්ගයෙන්, සම්ප‍්‍රදායික අධ්‍යාපන උපායමාර්ගයෙන්, සම්ප‍්‍රදායක තාක්ෂණ උපාය මාර්ගයෙන් මේ රට ගොඩගන්න බැහැ.

අද කවුද මේ ලෝකයේ ලොකුම ධනවත්තු මේ ලෝකයේ කාලෙකට කලින් ලොකුම ධනවත්තු ආයුධ වෙළෙන්දො, ඖෂධ වෙළෙන්දෝ, තෙල්, ගෑස්, ගල් අඟුරු ව්‍යාපාරිකයෝ තමයි ලෝකයේ ලොකුම ධනවත්තු. අද කවුද ඇමරිකා එක්සත් ජනපදයේ, ලෝකයේ ලොකුම ධනවත්තු කවුද? ඒ අයට කියන්නේ FAAN කියලා. F අකුරෙන් කියන්නේමොකද්ද Facebook,Aඅකුරෙන් Alphabet, ඒ කියන්නේගූගල් එක. අනෙක් A අකුරෙන් Amazon,N අකුරෙන් Netflix'

නෙට්ෆ්ලික්ස් ගත්තාම ඔවුන්ගේ කතාවෙනුත් ඉගනගත යුතු දේවල් බොහොමයි. ටෙලි නාට්‍ය, චිත‍්‍රපට ඇතුළු වීඩියෝපට බෙදාහැරීමේදී අද ලෝකයේ ප‍්‍රමුඛයා ඔවුන්. ඔවුන්ට කලින් ඇමරිකාවේ ඒ ක්ෂේත‍්‍රයේ හිටපු බලවතා තමයි බ්ලොක්බස්ටර් (BlockBuster) කියන්නේ, ලෝකය පුරා විහිදුනු දස දහසකට ආසන්න ශාඛා සංඛ්‍යාවක් බ්ලොක්බස්ටර් සමාගම සතුව තිබුණා. ඔවුන් ප‍්‍රධානවම කළේ සම්ප‍්‍රදායික විදිහට වීඩියෝ ඩීවීඩී, සීඩී, වීඑච්එස් කැසට් ආදිය කුලියට දීමයි. එතකොට චිත‍්‍රපටයක් බලන්න  ඕනෑ කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ගේ ශාඛාවකට ගිහින් ඒ මුදල ගෙවලා ඒක ගෙදර අරන් එන්න පුලූවන්. නමුත් කාලය ගතවීමත් එක්ක ලෝකයේ සිදුවුණු තාක්ෂණ විප්ලවය හරියට හඳුනාගන්න බ්ලොක්බස්ටර් සමාගමට බැරි වුණා. නෙට්ෆ්ලික්ස් ආයතනය කඩයට ගිහින් චිත‍්‍රපටය ගන්නා ක‍්‍රියාවලිය අන්තර්ජාලය භාවිතයෙන් අනික් පැත්ත හරවලා, ඒ වෙනුවට පාරිභෝගිකයාගේ ගෙදරටම, අතටම චිත‍්‍රපටය එවන්න කටයුතු කළා. අද වනවිට ඔවුන් එසේ යවලා තිබෙන ඒකක සංඛ්‍යාව බිලියන 4කට අධිකයි. ඒ වගේම මේ තාක්ෂණික දියුණුවීමත් එක්ක අද වන විට නෙට්ෆ්ලික්ස් සමාගමේ සේවාවන් හරහා ලෝකය පුරා  ඕනෑ තැනක ඉඳන් තමන්ට  ඕනෑ කරන චිත‍්‍රපටයක්, ටෙලි නාට්‍යයක් බලන්න පුළුවන් කම ලබලා දීලා තිබෙනවා.ඒ විතරක් නොවෙයි දැන් ඔවුන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදනයත් සිදු කරනවා. මේ මගින් අති විශාල ධනස්කන්දයක් ඔවුන් උපයාගන්නවා.  ඕක තමයි තාක්ෂණය එක්ක ලෝකය යන දිශානතිය. අවසානයේ අර තාක්ෂණ විප්ලවය හඳුනාගන්න, ඒකට නිවැරදිව අනුගත වෙන්න අසමත් වුණු බ්ලොක්බස්ටර් සමාගමට වුනේ බංකොලොත්වී ව්‍යාපාරය වසා දමන්නයි. රටක් හැටියට අපිත් ලෝකයේ නව ප්‍රවනතාවයන් හඳුනාගත යුතුයි. අපිත් සුහුරු යුගයට පියමං කළ යුතුයි.

ඉතින් ඔය අය තමයි ලෝකයේ ට්‍රිලියනාධිපතියෝ. ට්‍රිලියනයක් වත්කම් තිබෙන ව්‍යාපාර මේවා. කිසිම තෙල් හා ගෑස් සමාගමක්, කිසිම ඖෂධ සමාගමක්, කිසිම ආයුධ නිපදවන්නෙක්  කිට්ටුවකවත් නැහැ. ඒ සමාගම් සියල්ලම කොහොමද බිහි උනේ. මේ පහුගිය අවුරුදු දශක දෙකක කාලය තුළදි. මතක් කරලා බලන්න, අද වගේ අපේ ජනතාව අතර අවුරුදු 10කට කලින් ෆේස්බුක් තිබුණද? කවුද මේ මාර්ක් සකර්බර්ග්. මේ සමාන්‍ය කෙනෙක්. අද අපේ රටෙත් එවැනි ව්‍යාපාරික පන්තියක් බිහිවෙමින් තිබෙනවා. අද ලංකාවේ ලොකුම ධනපතියා, ලාංකිකයා මේ තොරතුරු තාක්ෂණය ඔස්සේ ගොඩනැගුණු කෙනෙක් මිසක් ලංකාවේ අපි දන්න කියන සල්ලිකාරයෝ නෙමෙයි. ඉදිරියේ මෙවැනි පිරිස් දහපහලොස් දෙනෙක් බිහි වෙනවා. ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 1.7 ක්. අපි සතුටු විය යුතුයි මේ ගමන එතනට ගිය එකගැන.

මේ වතුවල අක්කර තිස් හතලිස්දහසක අයිතිය තිබිල හෝ මේ රටේ සමාගම් තිහ හතලිහක අයිතිය තිිබිලා හෝ බැංකුවල අයිතිය තිබිලා හෝ, අරක්කු කඩවල අයිතියෙන් නෙමෙයි එතනට ඇවිල්ලා තිබෙන්නේ.  එතනට ඇවිල්ලා තිබෙන්නේ දැනුම පදනම් කර ගත් අයිතියකින්. අද එවැනි ව්‍යාපාරික පිරිස් බය නැතිව අද ඉදිරියට ඇවිල්ලා මේ ක්‍රියාදාමයට ඇතුළු වෙලා තිබෙනවා. අපි ඒ ගොල්ලන්ට ශක්තිය වෙන්න  ඕනේ, අපි ඒ අයට ඉඩකඩ ලබා දෙන්න  ඕනේ, බැංගලෝරයට පුළුවන්නම් ඒ කටයුත්ත කරන්න අපිටත් පුළුවන් මම බොහොම පැහැදිලිව කියනවා ඉංජිනේරුවෙක් හැටියට අද ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙක්ගෙන් වැඩක් ගන්න සාමාන්‍යයෙන් අඩුම ගානේ ඩොලර් හත් අටසීයයක් ගෙවන්න  ඕනෑ.

නමුත් ලංකාවේ ඒ කුසලතාවය තිබෙන අය ඉන්නවා ඩොලර්  තිහට හතලිහට වැඩකරන්න. එහෙනම් ඒ කුසලතාවය මත අද ලංකාවේ ඉඳන් කටයුතු කරන්න අපට පුළුවන්. අද මේ ඞී.එස්.සේනායක හන්දියේ මේ හැමතැනකම අද කරගෙන යනවා දැන් පටන් අරන් තිබෙන්නේ ව්‍යාපාරය ණඡුධ බිස්නස් එක.  ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල එකවුන්ට් හදන්නේ ලංකාවේ. ඒක තමයි එතන අපි ඇතිකරන්න යන්නේ මේ ක්‍රියාදාමයට ඉඩ දෙන්න. අද ඉඩ නැහැ කොළඹ. මම ඉල්ලන්නේ මේ තාක්ෂණ විප්ලවයට කරුණාකරලා ඉඩදෙන්න. මේක තමයි අපේ අනාගතය. අද අපි බැලූවොත් චීනේ අද ගිහින් බලන්න ගොඩනගලා තිබෙන දේවල්. සාමාන්‍ය අය කෝටිපතියෝ වෙලා. මේ ඊයේ පෙරේදා විශ‍්‍රාම ගිය අලිබබා ව්‍යාපාරයේ ජැක්මා ඉංග‍්‍රීසි ගුරුවරයෙක්. ලෝකේ ලොකුම හුවායි සමාගම රතු හමුදාවේ චීනයේ හිටපු සෙබලෙක්. බායිඩූ කියන ප‍්‍රධාන සර්ච් එන්ජින් එක මෙහෙයවපු පුද්ගලයා සාමාන්‍ය තරුණයෙක්. අද මෙවැනිම පිරිසක් මැලේසියාවෙත් බිහිවෙලා තිබෙනවා. මෙවැනිම පිරිසක් ඉන්දියාවෙත් බිහිවෙලා ඉන්නවා. එවැනි පිරිසක් අපි ලංකාවෙත් බිහිකළ යුතුයි.

ඒ නිසා මේක මේ විප්ලවය ගැන කතාකරන අයට කියන්න  ඕනේ ඒ කාලයේ තරුණයෝ කිව්වේ ‘අපි යන්නේ කොයි පාරේ පිදෙල් කැස්ත්‍රෝ ගිය පාරේ’ කියලා. දැන් කැස්ත්‍රෝලාගෙ යුගය ඉවරයි. මම බොහොම කණගාටුවෙන් උවත් කිව යුතුයි ලංකාවයි කියුබාවයි අතර අද මානව සංවර්ධන දර්ශකයෙන් අද ආසන්නයෙන් සමානයි. ඒකයි ඇත්ත. අපි ආසන්නයෙන් සමානයි. අද අපි යන්න  ඕනේ සකර්බර්ගේ පාරේ. ඒකෙන් අපි කැස්ත්‍රෝට හො චේගුවේරාට  අවමානයක් කරන්නේ නැහැ. අපිත් තරුණයෝ කාලේ  ඕවා ගැන හොයාපු කාලයක් තිබුණා. අපිත් යන්න  ඕනේ මේ අලූත් යුගයට. ඒ ගමන යන්න අවශ්‍ය සකර්බර්ග්ලා දහස් ගණනක් මේ රටේ බිහිකරන ව්‍යාපාරයක් තමයි අපි මේ කරන්නේ. ඒ නිසා මේකට එරෙහිව වංචාවෙන් හා මුලාවෙන් කටයුතු කරන සියළුම දෙනාට ඉතිහාසයේ දිනක කනගාටු වෙන්න වෙයි.

අපි කිසිම ජනතාවකට හානියක් නොකර, කිසිම බලහත්කාරයක් පාන්නේ නැතිව, කිසිම කෙනෙකුට බලය පාවිච්චි කරන්නෙ නැතිව අපි ඉතාමත් ම සබුද්ධිකව මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයනවා. මේක විවෘත කරන්න ගරු අගමැතිතුමා පැමිණිච්ච දවසේ අපි කිව්වා 1868 ජේම්ස් ටේලර් තේ පැලය හිටවපු වෙලාවේ ඔහු කවදාවත් හිතුවේ නැහැ මේ තේ පැලය ලංකාවේ අපනයනයේ බලවතා වෙයි කියලා. උපාලි විිජේවර්ධන 1977 කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇතිකළ වෙලාවේ ආර්ථිකයේ ඊළඟ පිම්ම මේකයි කියලා කල්පනා කළේ නැහැ. ඒ වගේම මේ ආරම්භ කළ එක තමයි මේ රටේ ආර්ථිකයේ ජවන ඇන්ජිම වෙන්නේ කියන එක ප‍්‍රකාශ කරමින්, මේ පාර්ලිමේන්තුවේ සියළුම දෙනාට ඒ සඳහා දායක වන ලෙසත් අදාල  ඕනෙම ප‍්‍රශ්නයක් අහන්න අපි විවෘතයි. අදාල  ඕනෙම සංවාදයකට අපි විවෘතයි, ඒ වගේම කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් නොකරන බවද ප‍්‍රකාශ කරන්න කැමතියි.

ගබ්සාවක් යනු කුමක්ද ?

ගබ්සාවක් යනු කුමක්දැයි පළමුව විමසා බලමු. ගර්භණී වූ ගර්භාෂය තුළ ඇති ගර්භ ද්‍රව්‍ය ඉවත් කිරීම නැතහොත් ඉවත් කිරීමට තැත් කිරීම (Removal/Evacuation) ගබ්සාවක් ලෙස හැඳින්වෙයි. මෙහි දී ගර්භාෂයේ පවතින ගර්භ ද්‍රව්‍ය සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ ඉවත් කිරීම සිදුකළ හැකිය.

ශ‍්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 303 සිට 307 දක්වා වගන්ති වෙන් වී පවතින්නේ ගබ්සාව වෙනුවෙනි. කායික හෝ මානසික ලෙස මව ගේ ජීවිතය දැඩිලෙස අනතුරට පත්ව ඇති අවස්ථාවක තමාගේ ජීවිතය බේරා ගැනීමේ පරම අරමුණෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුට පහසුකම් ඇති රෝහලක දී ගබ්සාවක් කිරීමට (Therapeutic) ශ‍්‍රී ලංකාවේ නීතිය ඉඩ සලසා ඇත. මේ හැර අන් සෑම අවස්ථාවක්ම නීති විරෝධී ලෙස සැලකෙයි.

වෛද්‍ය විද්‍යාත්මක ව හා අධිකරණමය කටයුතු සඳහා ගබ්සාව ආකාර දෙකකට අර්ථ දැක්වෙන බවද සඳහන් කළ යුතුය. ගර්භයට සති 28 සම්පූර්ණ වීමට පෙර ගර්භ ද්‍රව්‍ය ඉවත් වීම හෝ ඉවත් කිරීම ගබ්සාවක් වන අතර, සති 28 ත්, දින සම්පූර්ණ වීමත් අතර කාලයේ දී ගර්භ ද්‍රව්‍ය ඉවත් වීම නොමේරූ දරු උපතක් (Premature delivery) ලෙස වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙයි. එහෙත් අධිකරණමය වශයෙන් ගර්භයට දින සම්පූර්ණ වීමට පෙර  ඕනෑම අවස්ථාවක එය ඉවත් වීම (කාලය බලනොපායි) ගබ්සාවකි.

ගබ්සාව වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකිය

  • 1. නිතැත් ගබ්සාව (Spontaneous)

කාන්තාවෝ ගැබ් ගන්නා අවස්ථා වලින් 15% – 20% අතර ප‍්‍රමාණයක් ස්වාභාවික ලෙස ගබ්සාවීම් වලට ලක්වෙති. කලලයේ යම් අසාමාන්‍යතාවයක් නිසා හෝ මවගේ යම් අසාමාන්‍යතාවයක් නිසා හෝ මෙසේ ස්වාභාවික ගබ්සාවන් සිදු වෙයි.

  • 2. පේ‍්‍රරිත ගබ්සාව (Induced)

යම්කිසි බාහිර මැදිහත්වීමක් නිසා ඇති වූ ගබ්සාවක් මෙසේ හඳුන්වන අතර, මෙය චිකිත්සීය හෝ සාපරාධී ලෙස සිදු කළ හැකිය. මවගේ ජීවිතය බේරා ගැනීමට සිදු කරන ගබ්සාව චිකිත්සීය ගබ්සාව වන අතර, එසේ නොවන සෑම අවස්ථාවක්ම සාපරාධි ගබ්සාවක් ලෙස හැඳින්වෙයි.

සංසේචනයේ ප‍්‍රතිඵලයක් ලෙස සැකසුණු දරු කලලය ගර්භාෂයේ බිත්තියට සවිවන අතර, මෙය දරු පිළිසිඳ ගැනීමකි. මෙහි දී කලලයේ ගර්භාෂ බිත්තියට සවිවන කොටසත්, ගර්භාෂ බිත්තියේ ඊට සවිවන ආසන්න ස්ථරයත් එක් වී වැදෑමහ හෙවත් කලල බන්ධය නිර්මාණය වෙයි. මව සහ කලලය අතර පෝෂ්‍ය ද්‍රව්‍ය ගමන් ගන්නේ මේ වැදෑමහ ඔස්සේය.

ස්වාභාවික ගබ්සාවන් වැඩි වශයෙන් සිදු වන්නේ පළමු මාස තුන ඇතුළත දීය. මෙහිදී සිදුවන්නේ ගර්භාෂ බිත්තිය සහ වැදෑමහ අතරට රුධිරය ගලා ඒමයි. මෙහි ප‍්‍රතිඵලය ලෙස ගර්භාෂ බිත්තිය හා කලල බන්ධය අතර සබඳතාව බිඳ වැටෙයි. කලලයේ පෝෂණය බිඳවැටීම නිසා කලලය මිය යයි. වහනය වන රුධිරය ගර්භාෂ කුහරය තුළට පතිත වී, යෝනි මාර්ගය හරහා පිටතට ගලායයි. මේ අනුව ගබ්සාවක මූලික ලක්‍ෂණය රුධිර වහනයයි.

කලලයේ වර්ධනය අත්හිටවූ විට ගර්භාෂ බිත්තිය රටාවකට සංකෝචනය හා ඉහිල්වීම සිදුවෙයි. මෙමඟින් වේදනාවක් ඇතිවන අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ගැබ්ගෙල විවෘත වී කැට වශයෙන් (Clots) කලලයේ කොටස් ඉවත් වී යයි.

වැදෑමහ හා ගර්භාෂ බිත්තිය අතර සබඳතාව රුධිර ගලනයෙන් බිඳ වැටුණ ද ඇතැම් විට එය කලලයේ පෝෂණයට බලනොපායි. මේ නිසා යෝනි මාර්ගය හරහා සුළු රුධිර වහනයක් සිදු වුව ද එය කලලයේ ඉදිරි වර්ධනයට බාධාවක් නොවෙයි. මෙය තර්ජනීය ගබ්සාව හෙවත් (Threatened abortion) ලෙස හැඳින්වෙයි. සමහර අවස්ථාවන්හි දී මිය යන කලලය ගර්භාෂය තුළම පවතියි. මෙය (Missed abortion) ලෙස හෙවත් මඟහැරුණු ගබ්සාවකි. මෙය පසුව ස්වාභාවික ලෙස ශරීරයට උරා ගැනීම සිදුවෙයි.

කාන්තාවන් ගබ්සාවට ලක්වන කාලය අනුව එමඟින් මවට සිදුවන හානිය වෙනස්වන බව පෙනෙයි. සාමාන්‍යයෙන් ගර්භයට සති 8 ත් 12 ත් අතර කාලයේ දී කාන්තාවන් ගබ්සාවන්ට ලක්වන අතර මෙම කාලය වැඩිවත්ම මවක ගබ්සාවක් කරගත හොත් අධික ලෙස රුධිරය වහනය වී මව ද මිය යාමට වැඩි අවස්ථාවක් පවතියි.

සංසර්ගය සිදුවී පළමු පැය 48 ඇතුළත ප්‍රොජෙස්ටරෝන් අධික ලෙස අඩංගු ඖෂධ ලබාදී ගබ්සාවක් සිදු කිරීමට ඉඩ සලසන අතර, මේ ක‍්‍රමය ද අසාර්ථක වන අවස්ථා පවතියි. සාමාන්‍යයෙන් කලලය වර්ධනය ආරම්භ වන්නේ සංසේචනයෙන් දින දහයක් ගත වූ පසුවය. කලලය හොඳින් හඳුනාගත හැක්කේ සති නවයක් ගතවූ පසුවය. මේ නිසා අනාරක්‍ෂිත ලිංගික එක්වීම් වලට ලක්වන්නන්, තමන්ට දරුවකු පිළිසිඳගෙන ඇති බව දැනගන්නේ සති කිහිපයක් ගතවූ පසුවය. වෛද්‍යවරුන් හමුවට පැමිණෙන කාන්තාවන් තමන් ගැබ්ගෙන ඇති බව සරල මුත‍්‍රා පරීක්‍ෂණයෙන් (HCG test) දැනගත් විට ඔවුන්ගේ ඉහ මොළ රත්වන්නේ එබැවිනි.

සාපරාධී ගබ්සාව.

මේ ලිපියේ මුඛ්‍ය අරමුණ සාපරාධී ගබ්සාවක් ගැන විමසීම නිසා දැන් ඒ පිළිබඳව අවධානය යොමු කරමු.

ශ‍්‍රී ලංකාවේ ගර්භණී මවුවරුන් වැඩි ම ප‍්‍රමාණයකට මරණය හෝ රෝගාබාධ ළඟා කරන සුලබ අවස්ථාවක් ලෙස සාපරාධී ගබ්සාව හඳුන්වා දිය හැකිය. අවිවාහක තරුණියන්, මැද පෙරදිග විදේශ රැුකියාවන්ට යොමු වූ විවාහක හෝ අවිවාහක තරුණියන්, ඇඟලූම් කර්මාන්තශාලා ආශ‍්‍රිත රැකියාවල නියුක්ත වූවන් වැඩි වශයෙන් මෙසේ ගබ්සාවන්ට යොමුවන බව පෙනෙයි. පෞද්ගලික උපකාරක පංතිවලට තරුණියන් වැඩි වශයෙන් නැඹුරු වීමත් සමඟ, මෙරට කාන්තාවන්ට බලපෑ දැඩි නීතිරීති ලිහිල් වීමද මෙයට තවත් හේතුවකි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස නාගරික පරිසරයේ සුරංගනා ලෝකවල අතරමංවන තරුණියන් අනියම්, අනවශ්‍ය ගැබ් ගැනීම් වලට ලක්වීම ඉහළ ගොස් ඇත.

කෙසේ වුවද මීට මාස කිහිපයකට පෙර පවුල් සෞඛ්‍ය කාර්යංශය (FHB) නිකුත් කළ පුවත්පත් නිවේදනයක දක්වා තිබුණේ විවාහක තරුණියන් ද වැඩි වශයෙන් ගබ්සාවලට යොමු වන බවයි. ශ‍්‍රී ලංකාව තුළ සිදුවන සාපරාධී ගබ්සා වැඩිම ප‍්‍රමාණයක් කර ගැනීමට නීත්‍යානුකූලව විවාහක අඹු සැමියන් පැමිණෙන බව හෙළි වී ඇත. ලිපිය ආරම්භයේ දී සඳහන් කෙරුණේ ද එවැනි නිදසුනකි.

ස්ථාවර පවුල් පසුබිමක් නොවීම, ආර්ථික ගැටලූ, දරුවා රැක බලාගැනීමට කෙනෙකු නැතිවීම, මව රැකියාවක් කළ යුතු වීම, මව විදේශගත වීමට හෝ උසස් අධ්‍යාපනය හැදෑරීමට නියමිතව සිටීම වැනි හේතු මෙහිදි අඹු සැමියන් විසින් ගෙනහැර පානු ලබයි. වරක් ගබ්සාවක් කරවා ගැනීමට තම ලේලිය රැගෙන එනු ලැබුවේ නැන්දම්මා විසිනි. ”මේ ඉන්න දරුවන් බලාගන්නේ මම, මට ඔච්චර පණ නැහැ දරුවෝ දෙන්නෙක් බලාගන්න. අනේ ඩොක්ටර් දුවගේ දරුවා නැති කරලා දෙන්න.” ලෙස ඇය ඉල්ලා සිටියාය.

තවත් දරුවකු හදා වඩා, රැකබලා ගැනීමට සූදානම් නොමැති (Unplanned pregnancy) අවස්ථා වලදී මෙසේ විවාහක යුවල් සාපරාධී ගබ්සාවන්ට යොමු වන බව මේ අනුව පෙනීයයි.

මාස් ශුද්ධිය වරක් සිදු නොවුණ කාන්තාවක වෛද්‍යවරයකු හමුවට පැමිණි පසුව ඇය ගර්භණී දැයි ස්ථිර වශයෙන්ම දැනගැනීමට මුත‍්‍රා පරීක්‍ෂණය (HCG test) අනිවාර්යයෙන් ම සිදු කළ යුතුය. එසේ සිදු නොකර ඇයට ප‍්‍රතිකාර කිරීම, ගර්භ කොටස් ඉවත් කිරීමට කටයුතු කිරීම, නීති විරෝධී ලෙස සැලකෙයි.

සාපරාධී ගබ්සාවක දී සිදු කරනු ලබන්නේ ගර්භාෂයෙහි බිත්තිය සහ කලලය අතර පවතින සබඳතාව බිඳ වැටෙන ආකාරයට රුධිරය වහනයක් සිදුවීමට ක‍්‍රියාකිරීමය. මේ සඳහා තියුණු හෝ මොට ආයුධ යොදා ගැනෙයි. කොණ්ඩා කටු, කතුරු කටු, රේන්ද ගොතන කටු, කූඩවල නණ ආදිය මෙයට නිදසුන්ය. මීට අමතරවව යකඩ කැතීටර්, එන්නත් උපකරණ ආදිය ද යොදාගැනෙයි.

ශල්‍යාගාරයක් තුළ අතිශය ජීවාණුහරිත තත්ත්ව යටතේ ගබ්සාවක් කිරීමට වඩා සාපාරාධී ගබ්සාවක සිදුකරන ස්ථාන මාළු වෙළෙඳසලක් මෙන් අපිරිසිදු විය හැකිය.

ඇතැම් අවස්ථා වලදී රබර් කැතීටර් මාර්ගයෙන්, ගර්භාෂය තුළට සබන් වතුර, වෙනත් විෂ රසායන වර්ග ඇතුළු කිරීම ද සිදු කෙරෙයි. මීට අමතරව එරඬු නටු (Caster stem) ගර්භාෂයට ඇතුළු කිරීම ද සිදු කරයි.

මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය ගර්භාෂය හරහා රුධිර වහනයක් සිදුවීම, ගර්භාෂය සිදුරු වීම, ගර්භාෂයට උග‍්‍ර විෂ ඇතුළු වී රෝගියා මියයාම විය හැකිය. ඇතැම් අවස්ථාවලදී අධික රුධිරය වහනය නිසා රෝගියා මිය යා හැකිය.

සමහර අවස්ථා වලදී උපත් පාලන උපකරණ ඇතුළු කිරීම ද ගබ්සා කිරීමට යොදා ගනියි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මඟින් පවුල් සංවිධාන සායන ලෙස  වංචනික ලෙසින් සාපරාධී ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලැබේ. මෙවැනි ස්ථාන දිවයිනේ ප‍්‍රධාන නගර රැසක, ප‍්‍රසිද්ධ දැන්වීම් සමඟ දැකගත හැකිය. එහෙත් මෙවැනි ස්ථාන වැටලීමක් මේ දක්වා සිදුකර නොමැත.

සාපාරාධී ගබ්සාවන් සිදු කරන්නෝ

වැඩි වශයෙන්ම සාපරාධී ගබ්සාවන් සිදු කරන්නන් අතර වෛද්‍ය ක්ෂේත‍්‍රයට කුමන හෝ සම්බන්ධයක් පවතින පුද්ගලයින්, වින්නඹු මාතාවන්, කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයින්, විශ‍්‍රාම ලත් හෙදියන්, ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් ප‍්‍රධානය. මීට අමතරව සහකාර හා ලියාපදිංචි වෛද්‍යවරුන් ද (AMP/RMP) හොර රහසේ සාපරාධී ගබ්සාවන් සිදුකරන අවස්ථා වාර්තා වෙයි.

රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් සමඟ සේවය කරන ඖෂධවේදීන් හෝ ෆාමසි හිමියන් ද සමහර සාපරාධී ගබ්සාවන්ට හවුල්ය. මීට අමතරව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඉතාම සුළු බටහිර වෛද්‍යවරුන් පිරිසක් ද මේ පාපතර ක‍්‍රියාවන්ට හවුල්ය.

වෛද්‍ය ක්ෂේත‍්‍රයට කිසිදු සම්බන්ධයක් නොමැති, රැුකියා වියුක්තියෙන් පෙළෙන පිරිස් ද, අමතර ආදායම් මාර්ගයක් ලෙස සාපරාධි ගබ්සාව තෝරාගෙන ඇත. ඇතැම් ත‍්‍රීරෝද රථ හිමියන් මෙයට නිදසුනකි. දිවයිනේ ඉතා ප‍්‍රසිද්ධ සාපරාධි ගබ්සා මධ්‍යස්ථාන පවතින අතර, නගරයට ගොස් ත‍්‍රීරෝද රථ හිමියෙකුට එවැනි ස්ථානයකට ගෙනයන ලෙස පැවසූ විට ආයාසයකින් තොරව එහි ළඟාවිය හැකිය. මෙහිදී ත‍්‍රීරෝද හිමියාට ද සංතෝෂමක් ලැබෙයි.

ගබ්සාවන් සිදුකරවා ගැනීමට ගොස් එය වැරදුණු පසුව සියලූ දෙනාටම පැමිණීමට සිදුවන්නේ රජයේ රෝහල් වලටය. ”බබෙක් හම්බවෙන්න හිටියා. දැන් හවස ඉදලා ලේ යනවා.”  ලෙස මෙය ස්වාභාවික ආකාරයට සිදුවූ බව පවසමින් බොහෝදෙනා පැමිණිය ද රෝග ඉතිහාසය, රෝගියාව පරීක්‍ෂාව ආදියෙන් තොරතුරු හෙළිවෙයි.

සාපරාධී ගබ්සාවක් තමාම සිදුකර ගන්නා කාන්තාවන් ද හමුවෙයි. වැසිකිළිය තුළට ගොස් ගබ්සාවක් සිදුකර ගැනීමට තැත්කළ කාන්තාවක් වරක් අධික රුධිර වහනයෙන් එහිම මිය ගොස් සිටියාය.

සාපරාධී ගබ්සාව හා වෛද්‍ය ආචාර ධර්ම

සාපරාධී ගබ්සාවකට ලක්වූ කාන්තාවක් වෛද්‍යවරයකු හමුවට පැමිණි විට, ඒ සම්බන්ධව කටයුතු කිරීමේ වගකීම එම වෛද්‍ය නිලධාරියාට පැවරෙයි. තමා විසින්ම ගබ්සාවක් සිදුකරගන්නා ලද කාන්තාවන් පැමිණි විට ඇය මරණාසන්නව නොසිටී නම්, ඒ සම්බන්ධව පොලීසියට නොදැන්වීම වටිනා බව විශේෂඥ වෛද්‍ය මතයයි. මක්නිසා ද යත් වෛද්‍යවරයාට අදාළ රෝගියා හෙළි කරන තොරතුරු අන් අයට ප‍්‍රකාශ නොකිරීමට වෛද්‍යවරයා සදාචාරාත්මකව (Ethics) බැඳී ඇති බැවිනි.

වෙනත් අයකු විසින් ගබ්සාවක් සිදුකරනු ලැබ ඇතිවිට එය දැනුම් දීම සිදු කළ යුතුය. මෙය අදාළ කාන්තාවගේ අවසරය ඇතිව සිදුකිරීම වැදගත් වන අතර, සමාජ මෙහෙවරක් ලෙස කාන්තාවගේ අවසරය නොමැතිව වුවද පොලීසියට දැනුම්දිය හැකිය. එහෙත් ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය කාන්තාව අකැමැති නම් මෙයද හෙළි නොකළ යුතු බවයි.

තමාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ගබ්සාවක් සිදුකළ අවස්ථාවක දී මෙයට විරුද්ධව නීතිමය කටයුතු සිදුකිරීමට පවතින ප‍්‍රධාන බාධාවක් වන්නේ අදාළ කාන්තාව පැමිණිල්ලේ සාක්‍ෂිකාරියක් වීමට දක්වන අකමැත්තයි. මේනිසා සාපරාධී ගබ්සා සම්බන්ධ නඩු විභාග අතරමගදී නතර කර දැමීමට සිදු වෙයි.

දැනට ශ‍්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන නීති විශාරද මහාචාර්ය ජී.ඇල්. පීරිස් තමාගේ ”ඔෆෙන්සස් අන්ඩර් ද ක‍්‍රිමිනල් කෝඞ්” නම් ග‍්‍රන්ථයේ සඳහන් කරන අනුදමට 303 වගන්තිය ඔප්පු කිරීම සඳහා ගබ්සාවක් සිදුවන ආකාරයේ බලපෑමක් කාන්තාවන්ට කර ඇති බවත් එය කර ඇත්තේ මවගේ ජීවිතය බේරා ගැනීමේ දස්භාවයෙන් නොවන බවත් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවයට සිදු වෙයි.

ජපානය, සිංගප්පූරුව, තායිවානය යන රටවල ගබ්සාව නීතියෙන් තහනම් වන අතර, හොංකොං. දකුණු කොරියාව, තායිලන්තය, බි‍්‍රතාන්‍ය  වැනි රටවල මවගේ ජීවිතය බේරාගැනීමේ අදහසින් ගබ්සාවන් සිදු කළ හැකිය.

සාපරාධී ගබ්සාවේ ආදීනව

සාපරාධී ගබ්සාවේ ආදීනව ආකාර කිහිපයකට බෙදා දැක්විය හැකිය.

1. ගබ්සාව සිදු කළ වහාම සිදුවන අතුරු ආබාධ.

ගබ්සාව සිදු කරන අතරතුරදී හෝ ගබ්සාව සිදුකළ වහාම අතුරු ආබාධ ඇති විය හැකිය. ගබ්සාව සිදු කිරීමට යොදා ගන්නා උපකරණ හරහා ශරීරය තුළට වාතය ඇතුළු වී, රුධිර නාළ අවහිර වීම (Air embolism) සබන් වතුර හිරවීම, මෙයට නිදසුනකි.

උපකරණ ඇතුළු කිරීම හරහා ගර්භාෂය සිදුරු වීම, පෙනහලූ හැකිළීයාම හා අධික ලෙස රුධිර වහනය සිදුවීය හැකිය. මෙවැනි අවස්ථාවලදී රෝහල්ගත කරන රෝගියා අධික ලෙස සුදුමැලි ස්වරූපයක් පෙන්වයි.

විවිධ උපකරණ ගැබ්ගෙලට ඇතුළු කිරීම හරහා ඒ අසල පවතින ස්නායු පද්ධති අක‍්‍රියවීම මරණයට හේතු වෙයි.

2. පැය කිහිපයකට පසු හෝ දින කිහිපයකට පසුව

රුධිර පද්ධතියට විෂබීජ එකතු වීම සුලබ අතුරු ආබාධයකි. එය (Sepsis) ලෙස හැඳින්වෙයි. රෝහල්ගත වන බොහෝ රෝගීන්ට මෙසේ උණ, ඇඟපත වේදනාව, සුදුමැලි ස්වභාවය පවතියි. මේ තත්ත්වය උග‍්‍ර වූ විට රුධිර පීඩනය අඩු වී යයි. අවසානයේ මරණය වැළඳ ගැනීමට සිදුවෙයි. අක්මාව, හෘදය, වකුගඩු, ප්ලීහාව වැනි ඉන්ද්‍රියන්වල පරිවෘත්තිය අඩාළ වීම මෙයට හේතුවයි.

3. සති ගණනක් පසුවී ඇති වන අතුරු ආබාධ

ශරීරයට විෂ එකතු වීම, පෙනහලූ අක‍්‍රියවීම, හෘද අකර්මණ්‍යතා මෙයට නිදසුන්ය. මීට අමතරව යළි දරු පිළිසිඳ ගැනීමක් සිදුනොවීම, අංග විකල දරුවන් බිහිවීම, මානසික ආතතිය, සමාජ අපහරණය වැනි ආබාධ ද නොසලකා හැරිය නොහැකිය.

ගබ්සාව නීතිගත කිරීම හා සාපරාධී ගබ්සාවන් වළක්වා ගැනීම

මවු කුස සිටින කලලයට ද උපන් මිනිසකුට පවතින මානව අයිතිවාසිකම් පවතින බවට දැනට සමාජ මතවාදයක් ගොඩනැගී ඇති අතර, ඒ වෙනුවෙන් බොහෝ රටවල නීති රීති ද සැකසී ඇත. ගැබ්ගැනීම කාන්තාවකගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ අයිතිවාසිකමක් ලෙස බොහෝ රටවල් නොසලකන අතර. එහෙයින් නූපන් කලල රූප සංහාරය සාපරාධී ලෙස සැලකෙයි.

අවිවාහක කාන්තාවන්. අනියම් ඇසුරකින් හෝ බලහත්කාරයෙන් හෝ දූෂණයට ලක්වී දරු පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් එවැනි අවස්ථාවලදී ගබ්සාවට ඉඩදී එම තරුණියගේ අනාගතය බේරා ගන්නවාද ? සැලසුම් නොකළ ගැබ් ගැනීමකින් මවත් බේරා දී පවුලේ ප‍්‍රශ්න ඇතිවීම වළක්වා ගැනීමට ක‍්‍රියා කරනවාද? යන්න තවමත් විවාදිත ගැටලූවකි. මීට අමතරව ඉපදීමට සිටින දරුවා බොහෝ අංග විකලතාවලින් පෙළෙන බව දැනගත් විට ඔහු ගබ්සා කරවා ගැනීමට මාපියන්ට අයිතියක් පවතී ද? මේ සියල්ල තවමත් සමාජය හමුවේ විවෘත අභියෝගයන්ය.

සාපරාධී ගබ්සාවන් වළක්වා ගැනීමට ක‍්‍රියා කිරීම, ගබ්සාව නීතිගත කිරීමට වඩා වැදගත් බව පෙනීයයි. රටේ තරුණ තරුණියන් අතර සෞඛ්‍ය අධ්‍යාපනය ප‍්‍රචලිත කළ යුතුය. කෙතරම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පැවතිය ද ලිංගික අධ්‍යාපනය ලබා දීම තවමත් සීමා සහිත වී ඇත. ඇතැම් උසස් පෙළ සිසුන්, ගුරුවරුන් මෙන්ම සරසවි සිසුන් වැනි උගත් සමාජ කොටස් ද මේ ගැන නිසි වැටහීමකින් කටයුතු නොකරන බව පෙනේ. පහසු උපත් පාලන ක‍්‍රම ගැන ජනතාව තවදුරටත් දැනුවත් කළ යුතුය. සාපරාධී ගබ්සාකරුවන්ට එරෙහිව නීතිය දැඩිලෙස ක‍්‍රියාත්මක වියයුතුය.

වසරකට ගබ්සාවන් 35000 ක් යනු සුළු සංඛ්‍යාවක් නොවෙයි. සෞඛ්‍ය බලධාරීන් වහා අවදි වියයුතු කාලයයි මේ.

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව – මහා බි‍්‍රතාන්‍යයේ සවුත් වේල්ස් සරසවියේ සෞඛ්‍ය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය / හම්බන්තොට හිටපු දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - http://conceptslanka.com/)

Saturday, 13 October 2018 11:38

ණය, වැය සහ රුපියල

රටේ ණය බර හා රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව විශාල කතාබහක් ඇතිවී තිබේ. මෙය මූල්‍ය අර්බුදයක සිට ආර්ථීක අර්බුදයක් දක්වාත්, එතැනින් දේශපාලන අර්බුදයක් දක්වාත් ගමන් කරන බවට අනාවැකි පලවෙයි. වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවා රුපියල ස්ථාවර කරන්නට රාජපක්ෂ පවුල් හවුල කැඳවිය යුතු බවට වූ යෝජනාද ඒ අතර වෙයි.

ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයක පැටලී සිටින බවත්, එයට මූලික හේතුව රාජපක්ෂ පවුලේ අදූරදර්ශී ණය ගැනීම්, ආදායම් නූපදවන සෝබන සංවර්ධන සංදර්ශන හා රාජ්‍ය ආයතන ණයගැති කිරීම බව පෙන්වා දෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් නිබන්ධනයක් එළිදක්වා තිබුණේ 2016 ජූනි මාසයේදීය. එමෙන්ම, ඉන්ධන මිල සූත්‍රය නව බදු ක්‍රමය කෙසේ විය යුතුද හා වාණිජ ණය කලමනාකරණයේ අභියෝගය ජය ගැනීම ගැන කැබිනට් පත්‍රිකා ගණනාවක් 2015 සහ 2016 වසරවල ඉදිරිපත් කර තිබිණි. කණගාටුවට කරුණ නම් රජයේ ආර්ථිකය හසුරුවන සුළු පිරිසට ඒවා දැකීමට නොව තමන් මුහුණ දෙන අර්බුදය දකින්නට තරම් වත් දූරදර්ශී භාවයක් නොතිබීමය. විද්‍යාත්මක ආණ්ඩුකරණයක් නොව, අඩු තරමින් ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණයක් හෝ අප රට තුළ සම්ප්‍රදායක් ලෙස නොපැවතීම මෙයට හේතුවයි.

ණය අර්බුදය

නිදහසින් පසු වසර කිහිපයක් හැරුණු විට සියළු රජයන් අඩු වැඩි වශයෙන් අයවැය හිඟයක් (Fiscal Deficit) පවත්වා ගනු ලැබීය. මේ අයවැය හිඟය පියවා ගැනුනේ ණය ගැනීම මතිනි. 1950 දී 16.9% ක් (දේශීය 13.7 සහ විදේශීය 3.2%) ද.දේ.නි. සාපේක්ෂ වූ ණය බර 2017 දී 77.6% (දේශීය 42.1% සහ විදේශීය 35.6%) බවට පත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රාජ්‍ය අයවැය හි ඌණතාවයන්ය.

අනුක්‍රමයෙන් ශ්‍රී ලංකාව සිය ඒක පුද්ගල ආදායම වැඩිකර ගනිද්දී 1997-98 කාලයේදී අන්ත දුගී රටවල් කාණ්ඩයෙන් මිදුණු අතර, 2004 වනවිට එය ඩොලර් 1000 ඉක්මවීමත් සමග දුගී රටවල් තත්වයෙන් අත්මිදිනි. මේ හා සමගම ලංකාවට අන්තර්ජාතික මූල්‍ය ආයතනවල සහන, දිගුකාලීන ණය ලබාගැනීම් හැකියාව සීමා සහිත විය.

2005 සිට රාජපක්ෂ හවුල මෙයට විසඳුමක් ලෙස කෙටි කාලීන, අධි පොලී වාණිජ ණය, දේශීය හා විදේශීය ලෙස ලබාගැනීම වේගවත් කළේය.

එමෙන්ම, වසර 2008 බටහිර (එක්සත් ජනපදය මූලික) මූල්‍ය කඩාවැටීම නිසා පොලී අනුපාත ඉතා අඩු ඩොලර් සුලභ වූ අතර, ඒවා අන්තර්ජාතික බැඳුම්කර ලෙසත් (International Sovereign Bonds), කොටස් වෙළඳපොල ආයෝජන ලෙසත්, භාණ්ඩාගාර සුරැකුම්පත්වල ආයෝජන ලෙසත්, වෙනත් ආකාරයටත් රට තුළට ගලා ආවේය. මෙය, රාජපක්ෂ හවුලේ ණය ගැනීමේ ක්‍රමෝපායට වාසියක් විය (2010 – 2014). කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ මූල්‍ය අර්බුදය නිමවී එහි පොලී අනුපාත නැවත ඉහළ යෑම ආරම්භ වූ විට එකී ආයෝජන නැවත ආපසු යෑම දැන් ඇරඹී ඇත. මෙය අපට මෙන්ම වෙනත් රටවලටද ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය කර ඇත. (නිදසුන 01)

 එක්සත් ජනපදයේ පොලී අනුපාතය වෙනස් වූ අයුරු

1

අනෙක් අතින් ඩොලර් වලින් ලබා ගන්නා විදේශීය සහන නොවන වාණිජ ණය ප්‍රමාණය 2005 දී සමස්ත විදේශ ණයවලින් 4% ක සිට 2017 වනවිට 55% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය දැන් විෂම ණය චක්‍රයක් නිර්මාණය කර ඇත.

මෙයට ප්‍රධාන හේතුව වාණිජ ණය කෙටි කාලීන වීමත්, (වසර 3-10), එහි පොලී අනුපාත ඉහළ වීමත් (6%-8%) ඒවා ආයෝජනය කළ ව්‍යාපෘතිවලින් මූල්‍ය ප්‍ර‍තිලාභ නොලැබීමත්ය.

කලකට පෙර විදේශ වාණිජ ණයවල කල් පිරීම වසර 25-40 අතර වුවද, 2016 වනවිට එය වසර 07 ක් වීම මගින් මෙය මනාව පෙනීයයි.

ඊළගට මෙය මගින් ජනිත කළ විෂම ණය චක්‍රය මෙලෙස හඳුනාගත හැකිය. (නිදසුන 02)

විදේශ ණය වාරික ගෙවීම (පොලිය ගණන් නොගෙන)

අවශ්‍ය මුදල                              2018                2019                2020

ඩොලර් මිලියන                                    4200                3900                3500

මෙයින්,

1949 සිට 2004                         10.9%              11.1%              12.0%

2005 සිට 2014                         48.0%              61%                 57.9%

2015 සිට 2017                         41.2%              27.9%              30.2%

මෙයින් පෙනී යන්නේ ඩී.එස්. ගේ යුගයේ සිට චන්ද්‍රිකා යුගය දක්වා ගත් විදේශ ණයට අදාල පියවීම මේ වසරේ මුළු ණය වාරිකවලින් 11-12% පමණ ප්‍රමාණයක් පමණක් බවය. 2005-2014 රාජපක්ෂ යුගයේ ණය ගෙවීමට සෘජුව වැයවන ප්‍ර‍තිශතය 50% - 60% අතර බවය.

තවද, 2015-2017 ගත් විදේශ ණය බොහොමයක් 2005-2014 විදේශ ණය පියවීම සඳහා යොදාගත් නිසා සක්‍රීය ලෙස 2005-2014 කාලයේ ගත් ණය වල වාරික ගෙවීමට වැයවන 2018 ණය ආපසු ගෙවීම්වලින් මුදල් ආසන්නයෙන් 80% ක් පමණ වේ.

ඒ අනුව, යහපාලන ආණ්ඩුවට සිදුව ඇත්තේ රටේ සංවර්ධනයට විදේශ ණය ගැනීම නොව, ණය ගෙවීමට ණය ගැනීම නැමති විෂම චක්‍රයට ගොදුරු වීමය.

එමෙන්ම, 2018 දී ගන්නා ණය නිසා 2019-2020 වසරවල ඉහත වගුවේ වූ සංඛ්‍යා වෙනස් වීමට ඉඩ ඇත.

 විනිමය අනුපාතයට ගෝලීය බලපෑම

කලින් සඳහන් කළ පරිදි 2008-2014 එක්සත් ජනපද මූල්‍ය අර්බුදය විසින් ඉතා අඩු පොලී ඩොලර් ට්‍රිලියන ගණනක් ලෝකය පුරා මූල්‍ය වෙළඳ පොලට මුදාහැරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවටද එකී මුදල් ගලා ඒමේ වාසිය ලැබිණි. (නිදසුන 03)

ශ්‍රී ලංකාවට විදේශ මුදල් විදේශිකයන් විසින් භාණ්ඩාගාර සුරැකුම්වල ආයෝජනය කළ ආකාරය

2

ඩොලර් ආපසු එක්සත් ජනපදයට ගලා යෑමත් සමග මෙම වාසිය තුරන් වෙමින් පවතී. නව ට්‍රම්ප් පාලනය විසින් එහි යටිතල පහසුකම් නංවාලීමට නැවත ඇදී එන ඩොලර් යොදා ගැනීමත් සමග ඉදිරි කාලයේදී මෙය වඩාත් සවිමත් ක්‍රියාවලියක් වනු ඇත. මේ හා සමග ලෝකය පුරා ඩොලර් නොවන මුදල්වල අවප්‍රමාණයක් දැකගත හැකිවිය. (නිදසුන 04)

ලොව පුරා මුදල් වර්ග අවප්‍ර‍මාණය වූ ආකාරය - 2018 ඔක්තෝබර් 01

3

විනිමය අනුපාතයට බලපාන සාධක

වර්තමාන ලෝකයේ කිසිදු රටකට තමන්ගේ සියලු භාණ්ඩ තරඟකාරී ලෙස තමන්ටම නිපදවා ගත නොහැකිය. විවිධ භාණ්ඩ හා සේවා සඳහා විවිධ රටවලට සාපේක්ෂ වාසීන් පවතී. එමෙන්ම, ලෝකයේ ධනවත් රටක් වීමට ජාත්‍යන්තර වෙළඳාමට පිවිසීමටද සිදුවේ. එහිදී කරුණු කිහිපයක් බලපායි.

වෙළඳ ශේෂය එයින් මූලිකම ආකාරයයි. (Merchandise Trade Balance) එනම්, යම් රටක් භෞතික ලෙස භාණ්ඩ අපනයනය හා ආනයනය කිරීමෙන් ලබාගන්නා මූල්‍ය ශේෂයයි. ජංගම ගිණුමේ ශේෂය තවත් ආකාරයකි. (Current Account Balance) එනම්, භාණ්ඩවලට අමතරව විවිධ සේවා මගින් උපදවන විදේශ විනිමය, ණය පොලී ගෙවීම් හා ප්‍රේෂණ සියල්ලට අනතුරුව ගෙවුම් ශේෂයෙහි ඇති අතිරික්තය හෝ ඌණතාවයයි.

ඊළග ආකාරය ගෙවුම් ශේෂයයි

ගෙවුම් ශේෂය (Balance of Payment) මෙමගින් රටක් සිය ණය ගෙවීමද, ණය ගැනීමද ඇතුළු ඉහත කී සියළු විදේශ මූලයන්ගෙන් ලබා ගන්නා විදේශ මුදල්වල ශේෂය පෙන්වා දෙනු ලබයි. ඉඳින්, ලංකාවේ තත්වය කුමක්ද? ගෙවුම් ශේෂය ද.දේ.නි. දරණ අනුපාතය මගින් පහත වගුවෙන් පෙන්වා දෙමු. (නිදසුන 05)

ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ හැසිරීම 2015 - 2017

                                                                   2015                2016                2017

ජංගම ගිණුම                                        -           -2.3                 -2.1                 -2.6

                        වෙළඳ ශේෂය                       -10.4                -10.8                -11.0

  1. i.  අපනයන                              -           13.1                 12.6                 13.0
  2. ii.  ආනයන                              -           23.5                 23.5                 24.0

                        සේවා (ශුද්ධ)              -           2.9                   3.5                   3.8

  1. i.  ලැබීම්                                   -           7.9                   8.7                   8.9
  2. ii.  සංචාරක                              -           3.7                   4.3                   4.5

                        iii.  ගෙවීම්                  -           5.1                   5.2                   5.1

ප්‍රාථමික ආදායම් - ශුද්ධ                        -           -2.5                  -2.7                  -2.7

  1. i.  ලැබීම්                                   -           0.2                   0.2                   0.2
  2. ii.  ගෙවීම්                                 -           2.7                   2.8                   2.9

ද්වීතික ආදායම් (ශුද්ධ)                           -           7.7                   7.9                   7.2

  1. i.  ද්වීතික ලැබීම්                       -           8.7                   8.9                   8.2

                        .  සංක්‍රමණික ආදායම්   -           8.7                   8.9                   8.2

                        .  ආණ්ඩුවේ හුවමාරු     -           0.0                   0.0                   0.0

  1. ii.  ද්වීතික ගෙවීම්                     -           1.0                   1.0                   1.0

මූල්‍ය ගිණුම                                                      2.9                   2.1                   2.6

  1. i.  සෘජු ආයෝජන                     -           0.8                   0.8                   1.5
  2. ii.  පුද්ගලික සියළු ආයෝජන      -           0.9                   1.2                   2.0

                        .  ආණ්ඩුව                  -           0.9                   1.2                   2.2

                        iii.  වෙනත් ආයෝජන  -           1.7                   0.1                   2.2

  1. iv.  ණය                                   -           0.9                   1.0                   2.1

                        .  ආණ්ඩුව                   -           0.6                   1.6                   1.4

මෙයින් පෙනී යන්නේ සැමවිටම ද.දේ.නි. 2.0 – 3.0 අතර ප්‍රමාණයක් ජංගම ගිණුමේ හිඟයක් ලෙස පවතින බවත්, සැමවිටම එය පියවීමට ණය ගැනීමට මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුම හරහා සිදුවන බවත්ය.

විනිමය අනුපාත අවප්‍රමාණයේ ප්‍රතිවිපාක

ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ප්‍රතිවිපාක කිහිපයක් ඇතිවේ. රුපියල් වලින් වැඩියෙන් විදේශ ණය ගෙවීමට වැයවේ. එක් ගණන් බැලීමක් අනුව 2018 වර්ෂයේ වත්මන් ණය තොගය සදහා රුපියලකින් ඩොලරයට වැඩිපුර ගෙවීමක් සඳහා විදේශ ණයවලට යන වැඩිපුර ගෙවීම් රුපියල් බිලියන 1.7 කි. අනෙක් අතින් ආනයනික භාණ්ඩවල රුපියල් ප්‍ර‍මාණය ඉහළයෑම නිසා රජයට ලැබෙන බදු මුදලද ඉහළ යයි. එය රුපියල් බිලියන 4.5 ක් ලෙස ගණන් බලා ඇත. (ආචාර්ය විජේවර්ධන - හිටපු මහබැංකු නි. අධිපති) මේ අනුව රාජ්‍ය මූල්‍යයට, භාණ්ඩාගාරයට මෙමගින් වන බලපෑම වාසියකි.

අනෙක් අතින් අත්‍යාවශ්‍ය භාණ්ඩ තෙල්, ගල් අඟුරු, ඖෂධ, පොහොර, ආහාර ආදියේ මිල ගණන් මේ අනුව ඉහළ යයි. රුපියලක් වැඩිපුර ඩොලරයට ගෙවීම නිසා වාර්ෂිකව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවන අවාසිය රුපියල් බිලියන 2.5 ක් ලෙස ගණන් බලා ඇත.

අනෙක් අතින් අපනයන කරන ව්‍යාපාරිකයන්ට වැඩිපුර රුපියල් ලැබීම නිසා රට තුළ එකී කර්මාන්ත උද්දීපනය වේ. තේ, රබර්, පොල්, කුරුඳු හා ඇඟළුම් වලට මෙය බලපායි.

වසර 1947 සිට 1968 දක්වා ඒකාකාර විනිමය අනුපාතයක් රට තුළ පැවති අතර (රු. 4.76 ක්) ඉන්පසු, 1976 දක්වා ද්විත්ව විනිමය ක්‍රමයක් අනුගමනය කෙරිණි. 1977 අයවැයෙන් එය අහෝසි කිරීමත් සමග ඩොලරය රු.16/- ට නැග්ගේය. දැන් එය රු.175 කි. ඇතැම් විට එය තවත් වැඩිවිය හැකිය. ඒ අනුව, පෙනී යන්නේ මෙය ආර්ථිකයේ එක් සාධකයක් පමණක් බවය. එයින් සමස්ථ ආර්තිකය කඩා වැටීමක් සිදු නොවූවත් ඒ සඳහා බලපෑමක් ඇතිබවය.

වෙළඳපොළ ක්‍රමය ගැන විශ්වාස කරන පිරිස් කියන්නේ මෙය වෙළඳපොළට බාරදෙමු කියාය. එනම්, අපනයන - ආනයන භාණ්ඩ හා සේවා වෙළඳපොළ යාන්ත්‍රණය තුළ සමතුලිත විය යුතු බවය.

නමුත්, ලෝකයේ අද පවතින එක්සත් ජනපද - චීන - යුරෝපා වෙළඳ සංග්‍රාමය හා එයින් නිදහස් වෙළඳාමට එල්ලවී ඇති බලපෑම් නිසා වෙළඳපොළට ප්‍රශ්ණය විසඳීමට ඉඩ නොදී රජය හා මහබැංකුව මෙයට මැදිහත් විය යුතුය. ලෝකයේ ආර්ථික අර්බුදවලදී සියලු රටවල් ක්‍රියාකර ඇත්තේ එසේය. 2008 ආර්ථික අර්බුදයෙන් එක්සත් ජනපදය ගොඩ ආවේද, 2013-2017 අර්බුදයෙන් ග්‍රීසිය, අයර්ලන්තය වැනි රටවල් ගොඩඒමට වෙර දරන්නේද ඒ ආකාරයටය. කෙසේ වෙතත් ඉවබවක් නැතුව ණයට ගත් විදේශ සංචිත රුපියල ආරක්ෂා කර ගැනීමට යෙදවීමද ප්‍රඥාගෝචර නොවන බව අතීතය පෙන්නාදෙයි. 2005-2014 කාලයේදී ඩොලර් බිලියන 4.7 ක් ණයට ගෙන රුපියල ස්ථාවර කිරීම සදහා වෙළදපොළට දැමීමෙන් පවා රුපියල 16% කින් පමණ හෑල්ලුවීම වැලැක්විය නොහැකි විය.

ප්‍රශ්නය අප හඳුනාගත් නිසා, විසඳුම්වලියක් මෙලෙස ඉදිරිපත් කරමු.

 පළමුව අපනයන දිරිමත් කිරීම පිණිස පහත යෝජනා ගෙනඑමු

  • අවිධිමත් ආයෝජන කලාප වෙනුවට දැනුම පදනම් කරගත් භාණ්ඩ හා සේවා සඳහා විධිමත් නව උත්පාදන ආයෝජන කලාප පිහිටුවා ඉහළ ගණයේ භාණ්ඩ හා සේවා අපනයනයට පියවර ගැනීම.
  • විදේශගත ව්‍යාපාරික හා වෘත්තීය පිරිස්වලට විදේශ ධනය ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පහසුකම් සැලසීම.
  • විදේශ වෙළඳාම ශක්තිමත් කිරීමට වරාය, නාවුක හා ගුවන් සේවාවන් හි දැනට පවතින භෞතික සීමාවන් ඉවත් කර ඒවා පුළුල් කිරීම.
  • අපනයනවලින් විදේශ විනිමය උපයන අය සඳහා ආනයනික සහන ලබාදීමට ක්‍රියා කිරීම.
  • අපනයන ආදායම් වලින් අඩු තරමින් 20% ක් පමණ විදේශවල රඳවා ගැනීමක් වාර්තා වී ඇති අතර, ඒවා ඇතැම්විට යුක්ති සහගත හේතු මත සිදුවනවාද විය හැකිය. කෙසේ වෙතත් ඒ සදහා නීති පැණවීම සාර්ථක වී නැත. අයථා ලෙස අපනයන ධනය විදේශවල රදවා ගැනීමට වැලැක්වීමට නම් රට තුළට අපනයන ආනයන ගෙන එන්නන් (නිශ්චිත දින ගණනකදී) දිරිමත් කිරීමට පියවර ගත යුතුය.
  • විදේශවලට දැනුම පදනම් කරගත් අපනයන සේවාවන් (BPO, KPO) ප්‍ර‍වර්ධනය සදහා අවශ්‍ය යටිතල පහසුකම් වහා සම්පාදනය කිරීම.
  • පුහුණු ශ්‍ර‍මිකයන් සදහා තවදුරටත් විදේශ වෙළදපල විවෘත කිරීම මගින් සංක්‍ර‍මණික අරමුදල් වැඩිකර ගැනීමට පියවර ගැනීම.
  • ඉහළ ගණයේ සංචාරකයින් සදහා පාරිසරික, සංස්කෘතික, භූගෝලීය සංචාරක ප්‍ර‍වර්ධනයට විශේෂ වැඩපිළිවෙලක් යෙදවීම.

 ආනයන ආදේශක සඳහා පහත යෝජනා ඉදිරිපත් කරමු

  • රට තුළ ප්‍රමිතියකට නිෂ්පාදනය කළ හැකි දැනට සීමාවකින් තොරව ආනයනය කරන භාණ්ඩ රට තුළ නිපදවීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් දිරි ගැන්වීමට තෝරාගත් ආනයන සදහා නව ආනයනික බදු හඳුන්වාදීම හා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍ර‍මය හා විදාතා ව්‍යාපාරය එයට එක් කිරීම.
  • බලශක්ති පරිභෝජනය සීමා කිරීම සඳහා ඉල්ලුම කළමනාකරණය කිරීම.
  • පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ආයෝජනය කිරීම.
  • ශ්‍රී ලංකාවේ ගෑස් සම්පත උකහා ගැනීමේ වැඩපිළිවෙල වේගවත් කිරීම.

මූල්‍ය ක්ෂේත්‍ර‍ය සඳහා පහත දෑ යෝජනා කර සිටිමු

  • රට තුළ දේපොළ විකිනීම ආදියෙන් විදේශයට ඇදෙන ස්ථීර සංක්‍රමණික ධනය සඳහා බදු පැනවීම.
  • රේගුව තුළ ආනයන හා අපනයන සඳහා වැඩි - අඩු ලෙස භාණ්ඩ ලේඛණගත කර (Over and Under Invoicing) විදේශ ධනය සැඟවීම වැලැක්වීමට පියවර ගැනීම.
  • දැනට, දේශීය ආදායම් පනතට අනුව දී ඇති ප්‍රාග්ධන සහන බදුවලට වැඩිමනත් වශයෙන් විදේශ මුදලින් ඩො.මි. 100 කට වැඩි ආයෝජන රැගෙන එන ආයෝජකයින් සඳහා විශේෂ සහන යෝජනා කිරීම.
  • රට තුළ දැනට කර ඇති ආයෝජන තවදුරටත් විදේශීය මූල්‍ය වෙළඳපොළට ගලායෑම වැලැක්වීමට ආයෝජන සඳහා විශේෂ පොලී දිරිදීමක් සිදුකිරීම.

ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන හා ආයෝජන අමාත්‍යාංශ ඇතුළු අපනයන, ආනයන ආයෝජන සදහා සෘජුව බලපාන අමාත්‍යාංශ එකට එක්කොට මෙහි වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කරමු. එයට රටේ ඉහළම දේශපාලන අධිකාරියේ නායකත්වය අත්‍යාවශ්‍ය වේ.

ජාතික හෙළ උරුමය

මේ දවස්වල බහුතරයක් කතා වෙන දෙයක් තමයි අපේ රුපියලේ බාල්දු වීම. රටට ණය ගෙවාගන්න බැරිවෙලා, රටේ පාලනය ආසාර්ථකයි වගේ කාරණාවලූත් ඔය අතරේ කියවෙනවා. ඒ වගේම තවත් සමහරු කියනවා අපට පාලනය භාර දෙන්න රුපියල නවත්වන්න ආදි වශයෙන්. මේ රුපියල බාල්දු වීම කියන කාරණය ගත්තාම අපේ ගම්වල ඇත්තන්ට ඒ ගැන එතරම් තේරුමක් නැහැ. ඒ නිසා වර්තමාන තත්ත්වය ගැන සරළව ජනතාවට පැහැදිලි කරන්න කැමතියි. යම් රටකට ධනවත් වෙන්න, බලවත් වෙන්න  ඕනෑ නම්, ඒ රට වෙළඳාම් කරන්න  ඕනේ. වෙළඳාම් කිව්වාම නිකන් රට ඇතුළේ ජනතාව අතර පමණක් වෙළඳාම් කරලා හරියන්නේ නැහැ. විදේශ රටවල් එක්කත් වෙළඳාම් කරන්න  ඕනේ. එහෙම විදේශ රටවල් එක්ක වෙළඳාම් කරනකොට, ඒ වෙළඳාම් කරන්න වෙන්නේ විදේශ මුදල් ඒකක වර්ග එක්ක. ඉතින් ලෝකයේ බැංකු ගත්තාම ගණුදෙනු විශාල ප‍්‍රමාණයක් සිද්ධ වෙන්නේ ඇමරිකානු ඩොලර් කියන මුදල් ඒකකයෙන්. මේ නිසා ඩොලර් එකට ලංකාවේ අපේ රුපියලේ තිබෙන බැඳීමත් ඉතාම බරපතලයි.

සුද්දන්ගෙන් අපේ රටට නිදහස ලැබුණු කාලේ නම් අපිට අපි තේ, පොල් රබර් වගේ දේවල් මගින් සුද්දා හදා තිබුණු අපනයන ආර්ථිකය තිබිච්ච නිසා රුපියලට ප‍්‍රශ්නයක් උනේ නැහැ. ඩොලරයකට 1948 අපි ගෙව්වේ රුපියල් 7.36 යි. ඒක වෙනස් නොවීම අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් උනා. මොකද ඒ කාලයට සාපේක්ෂව  අපිට හොඳ අපනයන ආදායමක් තිබුණ නිසා. ඩඞ්ලි සේනානායක මහත්මයාගේ යුගයේ ඒ කියන්නේ 1966 ප‍්‍රශ්නයක් ආවා අපේ රුපියලට.  එතකොට එතුමා විසඳුමක් ගෙනාවා ඒක තමයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඩොලරයකට එක ගණනකුත්, අනෙකුත් කාරණා සඳහා ඩොලරයට තව ගාණකුත් ගෙවන්න ක‍්‍රමවේදයක් ගෙනාවා. මේක මහා මංකොල්ලයක් බවටත් පසුව පත් උනා. කෙසේ වෙතත් ජයවර්ධන ජනාධිපතිතුමා 1977 පළවෙනි අයවැයෙන්ම මේ ආකාර දෙකකට ඩොලරයට රුපියල් ගෙවපු එක වෙනස් කර රුපියල පාවෙන්න ඇරියා. එක රැයින් රුපියල් 8 තිබූ ඩොලරය රුපියල් 16 ට ගියා. 100%කින් රුපියල අවප‍්‍රමාණය උනා. ඔය විදිහට විවිධ රජයන් පත් වෙමින්, රට පාලනය කරමින් ඇවිත් 1977 දී රුපියල් 8ක් වූ ඩොලරය අද රුපියල් 170ක් වෙනතුරු ඇවිත් තිබෙනවා. මේක දිහා හුඟාක් දෙනෙක් බලන්නේ එක පැත්තකින් විතරයි. මේක විශාල කම්පනයක් පමණක් හැටියටම පමණක් දකින්නේ නැතිව අපි මේකේ අනික් පැත්තත් බලන්න  ඕනේ. මොකද ඒ වගේම අපේ ආදායමත් ඒ එක්කම වැඩිවී තිබෙනවා. රටේ දළ දේශීය නිෂ්පාදනයත් වැඩිවෙලා තිබෙනවා.  රටේ අපනයනත් වැඩිවෙලා තිබෙනවා.

එහෙනම් අපේ මේ රුපියල ඩොලරයට යාවෙන්න මොකක්ද වෙන්න  ඕනේ? ඒකට කරුණු කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි ආනයන සහ අපනයන කියන්නේ. සමහර දේවල් තියෙනවා අපිට අනිවාර්යයෙන්ම පිටරටින් ගේන්න වෙන දේවල්. ඒ කියන්නේ පිටරටින් ‘ආනයනය’ කරන්නම වෙන දේවල්. උදාහරණ කිහිපයක් ගත්තොත්, අපට ලංකාවට අත්‍යාවශ්‍ය ඛණිජ තෙල් ගෙන්වන්න වෙන්නේ පිටරටින්, ලංකාවේ නිෂ්පාදනය නොකරන අත්‍යාවශ්‍ය ඖෂධත් ගෙන්වන්න වෙන්නේ පිටරටින්, කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොරත් ගෙන්වන්නේ පිටරටින් ඒ විතරක් නොවෙයි අපේ රටේ මෝටර් රථවාහන සෑදීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවාත් ගෙන්වන්නේ පිටරටින්. වාහන ගත්තාම ඒවාට  ඕනෑ කරන අමතර කොටස් ටික පවා ලංකාවේ හදන්නේ නැති නිසා අත්‍යාවශ්‍ය කාරණා වෙන ඒවා සියල්ලම අනිවාර්යෙන්ම පිටරටට මුදල් යවමින් ගෙන්වන්නම වෙනවා.

මේ ළඟදි මුදල් අමාත්‍යාංශයේ දැන්වීමක් දාල තියෙනවා. කවුද ඇපල් ගෙඩියක් කන එකක් දාලා ‘ආර්ථිකය විවෘත කරලා අවුරුදු 40 යි. අපි ඇපල් කෑවා කියලා’ ඒක එක අතකට ඇත්ත. මොකද අපි පොඩි කාලේ අපට ඇපල් කන්න තිබුණේ නැති බව ඇත්තක්. 1977 ආර්ථිකය විවෘත කළහම තමයි ඇපල් මුද්දරස්පලම් එහෙමත් කන්න ලැබුණේ. නමුත් දැන්  හන්දියක්, හන්දියක් ගානේ, වෙලක් වෙලක් ගානේල සිය දහස් ගණනින් ඩොලර් ගෙවමින් මේ පිටරටින් ගෙන්වන ඇපල්, මුද්දරස්පලම්, දොඩම් ආදී ඒවා විකූණනවා. ඒ විතරක් නෙවෙයි ඒවා අති විශාල ගණනක් අපතේ යෑමකුත් සිදුවෙනවා. මේ අපතේ යන්නේ ඩොලර්. මේ අපතේ යන ඩොලර්වලින්, අපට හෘදයාබාධවලට, පිළිකාවලට වගේ රෝගවලට අත්‍යාවශ්‍ය, අපි රට තුළ හදාගන්නේ නැති ඖෂධ ගේන්න පුළුවන් නේද? ඇයි මේ ඩොලර් ඇපල්, මුද්දරප්පලම් කරලා කුණුගොඩවල්වලට ඇදලා දාලා නැතිකරන්නේ මිත‍්‍රවරුණි. අපි මේවා ගැනත් විචාරශීලීව හිතන්න  ඕනේ කාලේ ඇවිල්ල තියෙනවා.

ඒ නිසා මේ රුපියල ගැන කතා කරනකොට පේන දෙයක් තමයි, ලංකාවේ අපි පිටරටට යවන දේවල් මගින් ලබන ආදායමට ඒ කියන්නේ ‘අපනයන ආදායමට’ වඩා දෙගුණයක් විතර පිටරටින් නැව් සහ ගුවන් යානා වලින් රට තුළට ගේන භාණ්ඩවලට යන වියදම වැඩියි කියන එක. ඒ කියන්නේ ‘ආනයන වියදම’ වැඩියි අපේ ‘අපනයන වියදමට වඩා’. අපි රටක් ජාතියක් හැටියට පිටරටට බඩු යවනවාට වඩා අපි පිටරටින් ගෙන්වන එක වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම කණගාටුවෙන් කියන්න  ඕනේ අද වනවිට අපේ රටේ වැදගත් අපනයන 4 යි තිබෙන්නේ. ඒ තමයි තේ, පොල්, රබර් සහ ඇඟලූම්. ඔය 4න් පිට කිසිම වෙනසක් පසුගිය දශක තුනක පමණ කාලය තුළ අපි කරගෙනත් නැහැ. අන්න ඒ වන්දිය තමයි අපි අද මේ ගෙවන්නේ. වෙන හැම රටක්ම අලූත් අපනයන්වලට යොමුවෙලා, නවෝත්පාදනයන්වලට ගිහින් තිබෙනවා. වෙනත් රටවල් ශක්තිමත් අපනයන මාර්ග සොයගෙන ගිහින් තිබෙනවා. නමුත් අපි අවුරුදු 30 ක් අපේ අපනයනයේ කිසි වෙනසක් සිද්ද කරලා නැහැ. ඒ වුනාට අපේ ආනයන වියදම් ඇතිවෙන්න වැඩිකරගෙන තිබෙනවා. අද වෙනකොට හැමදේම පිටරටින් ගේන තැනකට අපි ගමන් කරලා තිබෙනවා. සමහරු මේක තමයි ‘නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තිය’ කියලා කියන නමුත් රුපියලක් අපනයනයන්ගෙන් උපයලා, රුපියල් දෙකක දේවල් ආනයනය කරනවා නම් එතන රටට වාසිදායක නිදහස් වෙළඳාමක් වෙන්නේ නැහැ.

අද ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඞ් ජෝන් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා මොකද කියන්නේ. එතුමා කියන්නේ අපේ ඇමරිකාව තුළට වැඩියෙන් බඩු ගේනවා පිටරටවලින් ඒ නිසා මම ඒවාට ක‍්‍රියාත්මක වෙනවා මොකද මම දේශප්‍රේමියෙක් කියලා. ඔහු මේ පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා මොකද්ද කිව්වේ, ගෝලීයකරණය කියන එකට මම විරුද්ධයි. මම දේශප්‍රේමියෙක්. මේ ලොකේ ඉන්න අනෙක් නායකයොත් දේශප්‍රේමී වෙන්න  ඕනේ මුලින්ම. පසුව ජාත්‍යන්තරය ගැන කතාකරන්න පුළුවන් කියන කාරණයයිි ඔහු කිව්වේ. ඔහු තවදුරටත් කිව්වේ, ඔය විශේෂඥයො ගැන මම හිතන්නේ නැහැ. මම හිතන්නේ ඇමරිකානු ජනතාව ගැන කියලයි. ඔහු අද සියළුම රටවල්වලට බලපාන ආකාරයට බදු පනවලා තිබෙනවා ඔවුන්ගේ ආර්ථිකය රැකගන්න. ඇමරිකාවේ ආර්ථිකය අද ඉතාම ශක්තිමත් වෙලා තිබෙනවා. ට‍්‍රම්ප් ගැන කවුරු මොනවා කිව්වත් ඔහු තමන්ගේ රටේ ආර්ථිකය දේශමාමකව ශක්තිමත් කරගෙන තිබෙනවා.

ඉතින් ට‍්‍රම්ප්ගේ ඒ ක‍්‍රියාවලිය ලෝකේ අනෙක් රටවල්වලට වගේම අපටත් බලපාල තිබෙනවා. එක පැත්තකින් මේ ආනයන-අපනයන ක‍්‍රියාවලියටත්, අනෙක් පැත්තෙන් සේවා සැපයීම්වලටත්. මොනවද අපේ සේවා සැපයීම්, උදාහරණයක් විදිහට අපේ අපේ කාන්තාවෝ ටික පිටරට යනවා. ඔවුන් ගිහින් වැඩ කරලා එහෙන් එවනවා රටට ඩොලර් බිලියන 7 ක්. මිත‍්‍රවරුණි අපි ඒ අයට පිං දෙන්න  ඕනේ. මොකද මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු අපේ සමහර ‘උගත්තු’ රට යනවා කියලා මොකද කරන්නේ? ලංකාවේ තිබෙන දේපල විකුණලා ඒ සල්ලි ටිකත් රටින් පිටකරගෙන ගිහින් පිටරටින් දේපල අර ගන්න එක. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ දරුවන් පිටරට යවලා උගන්වනවා. නමුත් අපේ දුප්පත් කාන්තාවෝ ටික විතරයි අති බහුතරයක් පිටරට සල්ලි හම්බුකරලා ඒ මුදල් ටික ලංකාවට එවලා, ලංකාවෙන් දේපලක් අරන් තිබෙන්නේ. පෙර කියාපු අනෙක් ‘උගතුන්’ සියළු දෙනාම කරලා තිබෙන්නේ රටේ තිබෙන දේපල විකුණලා පිටරටින් දේපළ ගන්න එක. ඔවුන් ලංකාවේ දේපල රුපියල් කරගෙන ඒ ටික ඩොලර්වලට මාරු කරගෙන රටිනුත් පිටවෙලා යන්නම යනවා. ඔය අතරේ තමයි අපේ ගම්වල දුප්පත් කාන්තාවෝ ටික දරුපවුල් තනිකර විදෙස් ගතවෙලා දුක් කම්කටොළු දහසක් මැද ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ඩොලර් බිලියන 7ක් එවන්නේ.

ඒ වගේම රටට ආදයමක් ලැබෙන සේවාවන් ගත්තාම සංචාරක ව්‍යාපාරය දක්වන්න පුලූවන්, ඒකත් දුවන්නේ අපේ ආදි රජවරු හදපු සීගිරියෙන්, පඬුවස්නුවරින්, දඹුල්ලෙන්, අනුරාධපුරයෙන්, පොලොන්නරුවෙන්. ඒ රජවරුන්ගේ දේවල් පෙන්වලා තමයි අද සංචාරක ව්‍යාපාරයත් දුවන්නේ. එම සංචාරක ව්‍යාපාරයයි විදේශ ගත ශ‍්‍රමිකයොනුයි නොඑන්න මේ රුපියල තවත් බාල්දු වෙනවා කෙසේ වෙතත් මස්තබාල්දුම වෙන්න ඉඩ තියෙනවා. මොකද රටක් හැටියට අපි ආදායම් උපයන්නේ සීමිත ක්ෂේත‍්‍ර ගණනාවකින් පමණක් නිසා. මොනවා වුනත් අද යන්තම් ඒ ආනයන අපනයන හිඟය පියවිලා තිබෙන්නේ ඔය කරුණු නිසයි. ඊළඟට ලංකාව විදේශ ණය අරන් තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්මයා ළඟදි මාධ්‍ය සාකච්ඡුාවක් තියලා ආර්ථිකය ගැන කතා කරනවා දැක්කා, එතුමාගේ ආර්ථිකය ගැන හොඳට අපි ඒ කාලෙත් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒවා පිළිගත්තේ නැහැ. එතුමා බලයට එනකොට ලංකාවේ අධි පොලී වාණිජ ණය 1% යි සමස්ථ ණය බරෙන් තිබුණේ. මොකද ඒ දක්වා ලංකාව ණය ගත්තේ සහන පොලී මත නිසා. නමුත් රාජපක්ෂ මැතිතුමා 1% තිබුණු අධි පොලී වාණිජ ණය 52% දක්වා වැඩි කළා.  අද ඒක නිසා ගණන් හැදුවාම අපේ රටේ පුද්ගලයෙකුටම රාජපක්ෂ මහත්මයා ගත්ත ණය ගෙවන්න වර්ෂයකට රුපියල් ලක්‍ෂයක් වැය වෙනවා කියන දේ කියන්න වෙනවා. ඉතින් එතුමා කොහොමද ආර්ථිකය හදන්නේ?

රාජපක්ෂ මහත්මයලා හදපු එකම රාජ්‍ය ආයතනයක්වත් නැහැ. හොඳම උදාහරණය එතුමාගේ සහෝදරයා ගෝඨභය රාජපක්ෂ අද  රටේ ආර්ථිකය හදන්න කතා කරනවා. එතුමා භාර ගත්තා මිහින් ලංකා සහ ශ‍්‍රී ලංකන් එක. අද මොකක්ද ඒවායේ තත්වේ? එමිරේට්ස්ලා මිලියන 8000 ක ලාභ ලබන තැනට ගෙනාපු ශ‍්‍රී ලංකන් එක, ඒ වගේම හොඳට දුවන්න තිබුණු මිහින් ලංකා එක අරගෙන ගෝඨාභය මහත්මයලා, නිශාන්ත වික‍්‍රමසිංහලා අද ඒක කෙලවර කරලා තිබෙන්නේ බිලියන200 ක් පාඩු කරලා. ඒ පාඩුවේ කෙළවරක් නැහැ. ආර්ථිකය හදන හැටි මෙහෙමයි කියා අද කතා කළාට ඔවුන් එහෙමයි එදා රාජ්‍යය හැසිරුවේ. මේ අයගේ ආර්ථික කලමනාකරණයේ තිබෙන දස්කම නිසා, හැම ලාංකිකයෙක්ටම ශ‍්‍රී ලංකන් එක නිසා විතරක් රුපියල් 10,000 ක් ණය ගෙවන්න වෙලා තිබෙනවා. මේ ගොල්ලෝ තමයි අද වීරයෝ වගේ ඇවිල්ලා වියත්මගවල් හදාගෙන කතා කරන්නේ රටවල් හදන්න. බැසිල්, ගෝඨභය මහින්ද හදාපු රාජ්‍ය ආයතන 3 ක් ගැනවත් අඩුම තරමින් පෙන්නන්න කියලා අපි කියනවා.

මම විදුලි බල මණ්ඩලය හය මාසෙන් හදලා පෙන්නුවා. ඉතින් මම එතුමාවත් ගෙනල්ල ආඩම්බරයෙන් අපේ අමාත්‍යාංශයේ රැස්වීමක් තියලා කිව්වා සර්, ඔන්න අපි අවුරුදු 15 කට පස්සේ ලංකා විදුලි බල මණ්ඩලය ලාභ කළා කියලා. බිලියන 155 ක ණය ගෙව්වයි කියලා. එතුමා මොකද යන ගමන් කළේ ලේක්හවුස් එකට දුරකතන ඇමතුමක් දීලා කිව්වා විදුලිබලය ලාභයි කියල එහෙම නිව්ස් ගහනව නෙමෙයි ඇමති පිම්බෙන්න කියලා. ඔන්න එහෙමයි එතුමා වැඩ කළේ. ඊට පස්සේ මට කරන්න තිබෙන හැම බාධාවක්ම සිදුකලා එම ආයතනය නිවැරදි විදිහට ගෙනයන්න ඉඩනොදී. ඔවුන් භාරගත්තු කිසි තැනක, රාජ්‍ය ආයතනයක් හදපු තැනක් නැහැ.

කෙසේ නමුත් ඔවුන්ට ඒ කාලේ පොඩි වාසනාවක් වැඩ කළා. ඒක තමයි 2008 ඇමරිකාවේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග ඇමරිකාවේ ධනපතියන්ට බැංකුවලින්0 පොලියට නිකන් සල්ලි දෙන්න පටන් ගැනීම. මෙහෙම සත පහක පොලියක් අය කරන්නේ නැතිව මුදල් දුන්නා ඩොලර් ට්‍රිලියන ගණන්. මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තු ඇමරිකානුවො 0 පොලියට සල්ලි ණයට ගෙනල්ලා ඉන්දියාවේ, ලංකාවේ වගේ රටවල ආයෝජනය කළා. ඔවුන් ලංකාවේ විනිමය සුරැකුම්පත්වල ඒ මුදල් දැම්මා. මොකද ඇමරිකාවෙන් 0 පොලියට නිකන් ලැබුනු ඒ මුදල් මෙහේ ආයෝජනය කළාම ලංකාවෙ අපි ඒවාට ආකර්ෂණීය පොළී අනුපාතයක් ගෙවපු නිසා. ඒවා කබ්රල් මහත්මයාගේ හෝ ජයසුන්දර මහත්මයාගේවත්, ඉන්දියාවේ අයගේවත් හපන් කම් නෙමෙයි. අපේ රටේ විතරක් නෙමෙයි ඉන්දියාවේ ගත්තාම හැමතැනම ඒ මුදල් දැම්මා. අද මොකද වෙලා තිබෙන්නේ. අද ඇමරිකාවේ ආර්ථිකය සුවපත් වෙලා. අද ට‍්‍රම්ප් ආණ්ඩුව ඇමරිකාවේ පොලී අනුපාතිකය ඉහළ දමනවා. බින්දුවේ තිබිච්ච එක දැන් 2.5  වෙලා තියෙනවා. ලබන වසරේදී 3.5  වෙනවා. එතකොට මොකද වෙන්නේ අපේ විනිමය සුරැකුම්පත්වල තිබෙන සල්ලි අර සල්ලිකාරයෝ ටික ඇමරිකාවටම නැවත ගෙනයනවා. මොකද ඇමරිකාවේ 2.5 හෝ 3.5 ඒ පොළිය අපට වඩා ආකර්ෂණීය හා ශක්තිමත් එකක් නිසා. ඉතින්  ඕක ආපහු කබ්රාල් මහත්තයයි ජයසුන්දරයි ආවා කියලා අයෙත් විසඳන්න හැකි දෙයක් නෙවෙයි. ලෝක ආර්ථිකයේ ප‍්‍රවණතාවයන් මත ඒ කාලේ වැඩකරපු වාසනාව දැන් ආයේ වැඩකරන්නේ නැහැ.

එහෙනම් අපි දැන් මොකද කරන්න  ඕනේ. අපි පළමුව කල්පනා කළ යුතුයි මේ රුපියල අත්‍යන්තයෙන් එන බාල්දු වීම සමහර පැතිවලින් අපට භයානක විදිහට බලපානවා කියන කාරණය. අපේ රටේ තිබෙන විශාලතම ආයතනය වන තෙල් සංස්ථාව දින 100 වැඩසටහන යටතේ මම ලාභ කරලා පෙන්නුවා. මුලූ තෙල් සංස්ථාවම අපි කරකවලා හදලා දුන්නා. අපේ තෙල් සංස්ථාව ගත්තාම ඇතැම් අවස්ථාවල මිලට ගත්තු තෙල්වලට මුදල් ගෙවන්නේ හය මාසයකට පමණ පසුව. සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකහාමාරක පමණ ණය මුදලක් එතැන ගොඩගැහෙනවා. එහෙම ඩොලර් බිලියන ගණනක තෙල් ණය ගෙවන්න තියෙද්දී ඒ ගෙවන්න තියෙන හැම ණය ඩොලරයක්ම රුපියල බාල්දුවීම නිසා ගණන් යනකොට, ඒ කියන්නේ 170 ඉඳලා 171 දක්වා රුපියලකින් රුපියල බාල්දු වෙනකොට තෙල් සංස්ථාවට කලින් හිතාගෙන හිටි ගාණට වඩා, ඒකට රුපියල් බිලියන 2.5 ක්, නැත්නම් මිලියන 2500 ක් වැඩිපුර ගෙවන්න වෙනවා. ඒ කියන්නේ තෙල් මිල ඉබේම වැඩිවෙනවා. එතකොට ඒ මුදල ගෙවන්න මදි සල්ලි ටික කොහෙන් හරි හොයාගන්න  ඕනෑ. අවසානයේ ඒක පාරිභෝගිකයා මතට දමන්න සිදුවෙනවා. ඒ නිසා සමහර ආර්ථික විශේඥයො කියනවා වගේ රුපියල  ඕනෑ  ඕනෑ විදිහට බාල්දු කරන්න දෙන්න බැහැ. මේ වගේ කාරණා වලදී ඔය වෙළඳපොල ක‍්‍රමයෙන් මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ.

මේ වගේ වෙලාවල්වලට ලෝක ආර්ථිකයේ සුලි කුණාටුවලින් ගැලවිලා ඉන්නට පුලූවන් නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තියේම ඉන්න අයට නෙමෙයි. ට‍්‍රම්ප් දේශප්‍රේමි නම් අපිත් දේශප්‍රේමී වෙන්න  ඕනේ. මොකද අපට එයාව හදන්න බැහැ. ඔහු තමයි ලෝකේ ලොකුම ආර්ථිකය හසුරුවන්නේ. මොන කාරණාව වුණත් ඒ ආර්ථිකය පසුපස තමයි අද ලෝකයම යැවෙන්නේ. අරහේ රුසියාවේ පුටින්, මෙහෙන් චීනයේ ෂී-ජින්පින්, ජපානයේ අබේ, අල්ලපු රටේ මොඩි ඔක්කොම දේශප්‍රේමියෝ. එක්කෙනෙක්වත් ගෝලීය වෙළඳාම ගැන කතාවක් නැහැ. ඒ හැමෝම තම තමන්ගේ රට ශක්තිමත් කර ගන්නයි බලන්නේ. එහෙම නම් අපි 40අවුරුද්දක් විවෘත ආර්ථිකේ මෙහේ දැන් තිබුණා, එහෙමනම් අපි ඊළඟ 40ත් එහෙමම යනවා කියලා හිතන්න බැහැ. අපි දේශප්‍රේමී විය යුතුයි. ජාතික ආර්ථිකය ගලවා ගන්න කටයුතු කළ යුතුයි. ඒකට හොඳම දේ තමයි හැමදේම පිටරටින් ගේන එක නවත්වලා රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි.

අද අපි පන්සලට ගිහින් පත්තු කරන හඳුන් කූර පවා ගේන්නේ චීනයෙන් හෝ ඉන්දියාවෙන්. හඳුන් කූර, ඉටිපන්දම අපට හදාගන්න බැරිද? ඒ වගේ මේ රට තුළ හදන්න පුළුවන් භාණ්ඩ 260 ක් තිබෙනවා. මේ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳගන්න පුළුවන් ඔය භාණ්ඩ 260ම ලංකාවේ හැදුවොත් කණගාටුයි කියන්න අපේ මුදල් අමාත්‍යාංශයෙන් භාණ්ඩ 3600 ක එවැනි බදු අයින් කළා. ඒක තමයි ප‍්‍රතිපත්තියක් නැති කම. මේවා දැන් වෙනස් විය යුතුයි. රටේ දේශීය ආර්ථිකයේ මේ කුරුණෑගල කියන්නේ ආර්ථිකයේ  ඕනම දෙයක් කරන්න පුළුවන් තැනක්. පොල්වතු විතරක් නෙමෙයි  ඕනම ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් සශ‍්‍රීක බිමක් මේ හත්කෝරලේ කුරුණෑගල. අපට ඉතාම පහසුවෙන් මේ අර්බුධවලින් ගැලවෙන්න පුළුවන්.

පසුගියදා මට ග‍්‍රීසියේ ඇමති කෙනෙක් හමු වුණා. ග‍්‍රීසිය කියන්නේ හිඟමනට වැටිලා තිබුණු රටක්. මිනිස්සුන්ට අවුරුදු ගාණක් තිස්සෙ විශ‍්‍රාම වැටුප් පවා ගෙව්වේ නැහැ. පෙළපාලි පිට පෙළපාලි හැමදාම ග‍්‍රීසියේ. එතුමාගෙන් මම ඇහුවා දැන් කොහොමද රට කියලා. එතුමා කිව්වා දැන් අපේ රට හොඳයි. අපි සියළුම ආහාරවලින් ස්වයංපෝෂිතයි ණයත් ඔක්කොම වගේ ගෙවලා අපි බලවත් උනා කියලා ඔහු බොහොම ආඩම්බරයෙන් කිව්වා. මිත‍්‍රවරුණි, වසර 3 කට කලින් අන්ත කාලකන්නි භාවයකට පත්වී තිබූ ග‍්‍රීසිය කොහොමද ගොඩආවේ කියන දේ ගැන පුදුමයෙන් මම ඇහුවාම එතුමා කියපු දේ තමයි, අපි දේශප්‍රේමී උනා. රටේ බඩු අපි නිෂ්පාදනය කරන්න අපි තීරණය කළා. අපි යුරෝපා සංගමය පැත්තකට කරලා, අපි තීරණය කළා කෙලින් හිටගෙන  රට ගොඩනගන්න  ඕනෙයි කියලා. ඒ නිසා අවුරුදු 3 න් අපි  රටේ ආර්ථිකය හදාගත්තා, කියන කාරණාවන් ටික.

පසුගියදා එක්සත් ජාතීන්ගේ සංගමයට යනකොට අපි ගියේ දෝහා වල කටාර් රාජ්‍යය හරහා. ඒ කටාර් රාජ්‍යයට සම්බාධක පැනෙව්වා අවට රාජ්‍යයන් ටික එකතු වෙලා. කටාර් රටට බොන්න වතුර ටික කිරි ටික ආහාර ටික එන එක නැවත්තුවා. නමුත් අද මොකද කටාර්වල තත්වය? අද කටාරය ස්වයංපෝෂිතයි. තමන් වවලා, තමන්ම කර්මාන්ත කරලා අද කටාරය ස්වයංපෝෂිත කරලා ඒ සම්බාධකවලට පිං සිද්ධ වෙන්න. අද කටාර් රාජ්‍යය දෙපයින් නැගිටලා තිබෙනවා. අපේ ජනාධිපතිතුමාට හමුවුණා ආසියාවේ සිටින ඉතාම ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ට දේශපාලනඥයෙක් වන මහතීර් මොහොමඞ් මැතිතුමා.  1997 දී මැලේසියාව කඩා වැටුනා. එතුමා මොකද කළේ, කාගෙවත් පස්සේ ගියේ නැහැ, දේශමාමක උනා. දේශකමාමක වෙලා දැඩි නීති රීති පනවලා රට ගොඩගත්තා. අයිඑම්එෆ් එකත්, ලිබරල් උපදේශකවරයාවත් අයින් කළා. එහෙම කරලා රට දෙපයින් නගා සිටෙව්වා. අන්න ඒකයි එතුමා විශ‍්‍රාම ගිහිල්ලා අවුරුදු 15 කට පස්සේ වයසින් අවුරුදු 94ක් වෙලත්, තමන් හදපු පක්ෂේට විරුද්ධව ඡන්දෙ ඉල්ලලා මුළු ජනතාවම දිනෙව්වෙ. මොකද මිනිස්සු අත්දැකීමෙන් දන්නවා දුක් විඳලා හරි රට හදන්න මේ මිනිහා දැක්මක් තිබෙන සැබෑ දේශප්‍රේමියෙක් කියලා.

ඉතින් මිත‍්‍රවරුණි අද රටට අවශ්‍ය මිත‍්‍රවරුනි සබුද්ධික දේශමාමකත්වය. අපි පරණ චින්තනවල බැඳිලා ඉඳලා හරියන්නේ නැහැ. රටේ අර්බුදයට ඍජුව මුහුණ දිය යුතුයි. රටේ අර්බුදයට මුහුණදීමට නම් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. හැමෝම කියනවා වගේ හැම දෙයම කරන්න යන්න හොඳ නැහැ. හැමදේම මේ රටේ කරන්න බැහැ. අපි එය පිළිගත යුතුයි. නමුත් අපට කරන්න පුළුවන් ඒවා ටිකක් තිබෙනවා. ඒ ටික අපි නිෂ්පාදනය කරන්න ඇප කැප උනොත් මේ අර්බුදය අපට ආශිර්වාදයක්. රුපියල අවප‍්‍රමාණය වීම කියන එක අපට ආශිර්වාදයක්. අපිට ඊළඟ හය මාසේ ඇතුළතම මේකෙන් අපට ගොඩයන්න පුළුවන් මිත‍්‍රවරුණි. අපි ඒ දේශමාමක ප‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත්. ඒක නිසා මේ ලෝකයේ හැම රටක්ම මේ වගේ අර්බුදයන්ට මුහුණ දුන් විට ගොඩගියේ එහෙමයි. අපේ අල්ලපු රටේ මෝඩි ජනාධිපතිතුමා පිටරටින් බඩු ගෙන්වන එක අද 90%කින් සීමා කර තිබෙනවා. සීමා කරලා අහකට දාලා තිබුණු ගාන්ධිව ආයෙත් ඉස්සරහට ගෙනල්ලා තිබෙනවා. ඉන්දියාවේ දේ ඉන්දියාව කළ යුතුයි කියලා. මම දන්නවා එතුමා 2019 ඔක්තෝම්බරයේ මහමැතිවරණයට යනකොට මෝඩි යන්නේ ශක්තිමත් දේශමාමක නායකයෙක් හැටියටයි. තමන්ගේ රට අර්බුදයෙන් ගලවගත්ත කෙනෙක් විදිහටයි යන්නේ. ඒ නිසා අපටත් අද රටට අවශ්‍ය ආර්ථිකය රට ඇතුලෙන් හදාගන්න. අපි අධෛර්යමත් විය යුතු නැහැ. ඒකට මේ රටේ හැමතැනකම තිබෙන කුසලතාවය ඉදිරියට ගේන්න අපට අවශ්‍යයි. එනිසා අපි බයනැතුව කියනවා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඒකට ආදර්ශයක් දීලා තිබෙනවා. වැටෙන රටක, වැටිච්ච ආර්ථිකයක ආයතනයක් හදපු එකට අපි ආදර්ශය දීලා තිබෙනවා.

LIN

‘‘දියේ ගසා ගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා’’ වාගේ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. වෙසක් පෝයට පෙර ආණ්ඩුව පෙරළන බවට වහසි බස් දොඩමින් දියත් කළ පාගමන්, පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සහ කොළඹ වැටලීම ආදි සියලූ සැලසුම්වලින් දැඩි සේ අසාර්ථකත්වයට පත් වූ ඒකාබද්ධ කල්ලිය පසුගිය සති කිහිපය පුරාම එල්ලී සිටින්නේ ‘‘රුපියල අවප‍්‍රමාණය වීම’’ නම් පිදුරු ගහෙයි.

ගසා ගෙන යන සැඩ පහරින් බේරීම සඳහා පිදුරු ගසක එල්ලී සිටියත් ඒකාබද්ධ කල්ලිය, විශේෂයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා රුපියල අවප‍්‍රමාණය වීමට බලපා ඇති හේතු ගැන කරන විග‍්‍රහ නම් නිමක් නැහැ. තම දේශපාලන අවස්ථාවාදීත්වය සහ කුහකත්වය මනාව ප‍්‍රදර්ශනය කරමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදීත් තම දස අවුරුදු පාලනය ගැන පාරම්බාමින් ඉදිරිපත් කරන විග‍්‍රහ අතිෂයින් සාවද්‍ය බව, ජනතාව නොමග යනවන ඒවා බව රාජපක්ෂ යුගය ගැන දන්නා කියන ජනතාවට පැහැදිලි කරුණක්. ඒත් මේ සාවද්‍ය හා පම්පෝරි කතා මගින් තව දුරටත් සාමාන්‍ය ජනතාව නොමග යැවීමට හැකි බව ඒකාබද්ධ කල්ලිය විශ්වාස කිරීම පුුදුමයට කරුණක් නොවෙයි. ඒ එකම බොරුව සිය වරක් නොව දහස් වරක් වුව ද අඛණ්ඩව, නිර්මාණශීලීව ප‍්‍රකාශ කිරීමට මේ කල්ලිය නොබියව සූදානම් නිසයි. බිල්ලන් මැවීමෙන් තොර පැවැත්මක් නැති බව දන්නා නිසයි.

කිඹුල් කඳුළු හෙළීම

රුපියල අවප‍්‍රමාණය වීම ගැන කරුණු පැහැදිලි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති මාධ්‍ය සාකච්ඡුාවේදී තම නොහැකියාව මනාව ප‍්‍රදර්ශනය කළ මහින්ද රාජපක්ෂ මහතා එමගින් සිදු වූ නින්දාව මකා ගැනීමට දෝ පසුගිය 25 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ‘‘රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය’’ යන ශීර්ෂ පාඨය යටතේ නිකුත් කළ මෙම මාධ්‍ය නිවේදනය මගින් රාජපක්ෂ මහතා රුපියල අවප‍්‍රමාණය වීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණ දුර්වලතා නිසා නිර්මාණය වූ හුදකලා සිදුවීමක් බව හුවා දැක්වීමට දැඩි වෙහෙසක් ගෙන තිබුණා.

‘‘යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමේ ප‍්‍රවණතාවක් පැවතුණි. එය අද වන විට භයානක නාය යෑමක් දක්වා වර්ධනය වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තව දුරටත් අවප‍්‍රමාණය වෙමින් පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම යැයි ආණ්ඩුවේ ප‍්‍රධානීන් කියයි. මගේ ආණ්ඩු කාලය තුළ 2007-2008 වසරවලදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හේතු කොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් කඩා වැටුණි. එදා ඇති වූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වග බලා ගැනීමට අපේ ආණ්ඩුව සමත් විය. 2007 - 2008 වසර වලදී මුළු ලෝකය පුරාම හමාගිය දරුණු ආර්ථික අර්බුදයක් තිබුණු බවක් වත් බොහෝ ශ‍්‍රී ලාංකිකයින් දැන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62ක් වූ ඇමෙරිකානු ඩොලරය 2009දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94ක අගයක පැවතියේය’’ මේ මහින්ද රාජපක්ෂ මහතා තම පාලන යුගයේ ප‍්‍රථම භාගයේදී පැවැති තත්ත්වය සමස්ත දශක පාලනය සමග තුලනය කිරීමට දක්වන උත්සාහයයි.

මහින්ද රාජපක්ෂ යුගයේ මේ තත්ත්වය ගැන කිසිවෙකුගේ තර්කයක් හෝ විවෙචනයක් නැහැ. රට තීරණාත්මක යුද්ධයක නිරත වෙමින් සිටියදී ජනතාව අතරින් ද ආර්ථිකමය කාරණා ගැන මැසිවිල් ඉදිරිපත් වුණේ නැහැ. විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂ ද ආණ්ඩුවේ යුද ක‍්‍රියාවලියට පූර්ණ සහාය දුන්නා මිස ළදරු රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ තදියමකින් පෙළුනේ නැහැ. ඒත් ජනතාව දැඩිව ප‍්‍රශ්න කළේ යුද ජයග‍්‍රහණයෙන් පසු උදා වූ රාජපක්ෂ යුගයයි. රට උකස් කරමින් ප‍්‍රදර්ශනකාමී සංවර්ධනය ආරම්භ කළ ඊනියා රාජපක්ෂ පාලනයයි. එම නිසා 2010න් පසු ආරම්භ වූ රාජපක්ෂ දෙවැනි ඉණිමට ඉහත සඳහන් කිසිදු තර්කයක් අදාළ නැහැ.

මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවැනි ඉණිම ආරම්භ වූ 2011 වර්ෂයේදී රුපියල් 110.57ක් වූ විනිමය අනුපාතය 2012දී රුපියල් 127.60ක් දක්වා එක්වරම රුපියල් 17කට ආසන්න අගයකින් අවප‍්‍රමාණය වුණා. මේ යුගයේ ලෝකයේ කිසිඳු ආකාරයක ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. එසේ නම් 2012 රුපියලේ සිදු වූ දැවැන්ත බිඳ වැටීම සම්පූර්ණයෙන් රාජපක්ෂ පාලනයේ ප‍්‍රතිඵලයක් බව අපට පැහැදිලියි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයන කර්මාන්තය වන ඇඟළුම් කර්මාන්තය බිඳ වැටීමට හේතු වූ යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අහිමි කර ගැනීම වැනි ඍජු ආණ්ඩුවේ දුර්වලතා මගින් උද්ගත වූ මේ අර්බුදයෙන් ගොඩඒම සඳහා කළ දේ ගැන මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය දා හෙළි කළා. ඒ ඩොලර් බිලියන 4.1ක සංචිත අමනෝඥ ලෙස මුදා හැරීම මගින් රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කර ගැනීමට පියවර ගැනීමයි.  මෙවැනි තත්ත්වක් තුළ පවා මේ තත්ත්වය අඛණ්ඩව පැවැති බව ද අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව 2008දී රුපියල් 108.33ක් වූ විනියම අනුපාතය 2014 මහින්ද රාජපක්ෂ යුගය අවසානයේදී රුපියල් 130.56 දක්වා රුපියල් 22කට ආසන්න ප‍්‍රමාණයකින් අවප‍්‍රමාණය වී තිබෙනවා. 2015 ද සැලකිය හැකි වන්නේ රාජපක්ෂ පවු ගෙවූ වසරක් වශයෙන් හෙයින් ආසන්න වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි යුගය වශයෙන් සැලකෙන 2010-15 යුගයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 113.06 සිට 135.94 දක්වා අඛණ්ඩව අවප‍්‍රමාණය වීමකට ලක්ව තිබෙනවා. අද රුපියල අවප‍්‍රමාණය වීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනතාව හමුවේ සුදනන් වීමට කැසවන රාජපක්ෂ - කබ්රාල් හවුල මේ අවප‍්‍රමාණය වීම් හා ඒ යට සැඟවුණ ආර්ථික අගතීන් ගැන ජනතාව හමුවේ කරුණු පැහැදිලි කළ යුතුයි.

කොළ කඩා පෑම

තම දශක පාලනය ආරම්භක තෙවසර තුළට ගොනු කිරීම මගින් සමස්ත චිත‍්‍රය පූර්ණ විකෘතියකට ලක් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා දැඩි පරිශ‍්‍රමයක් ගන්නා ආකාරයක් අපට දැකිය හැකියි. මෙය හිතමාතාම ජනතාව නොමග යැවීමේ උත්සාහයක් බව සඳහන් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන 2007-2008 යුගය ගැන තර්ක කිරීමක් අනවශ්‍ය වන්නේ රාජපක්ෂ පාලනය ආරම්භ වූ (2005)  යුගයේ ලංකාව ණය කන්දක සිර කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පියවර නොගෙන තිබූ නිසා මිස රාජපක්ෂ මහතාගේ විශ්මකර්ම හැකියාවක් නිසා නොවෙයි. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමට පෙර 2005 වර්ෂයේ වෙළෙඳ ශේෂය (අපනයන ආදායම් හා ආනයන විදයම් අතර වෙනස* රුපියල් මිලියන -207.503ක් වූ අතර මහින්ද රාජපක්ෂ පාලනය ආරම්භයත් සමග එම හිඟය වේගයෙන් ප‍්‍රසාරණය වූ ආකාරය අපට හඳුනා ගත හැකියි. ඒ අනුව 2006දී වෙළෙඳ ශේෂය රුපියල් මිලියන -296,687 දක්වා ද, 2007දී එය රුපියල් මිලියන -399,516 දක්වා ද, 2008දී රුපියල් මිලියන -561,622 දක්වා ද දැවැන්ත හිඟයක් (ඍණ ශේෂයක්) බවට පත් වූ ආකාරය අපට නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව බලයට ආරම්භක තෙවසර තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෙවුම් ශේෂ හිඟය රුපියල් මිලියන -207,503 සිට  561,622 දක්වා එනම් රුපියල් මිලියන -354,119කින්, එනම් සියයට 125ක ආසන්න අගයකින් ප‍්‍රසාරණය වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේ අවසාන වර්ෂය වශයෙන් සැලකිය හැකි 2014දී ගෙවුම් ශේෂ හිඟය වාර්තා වන්නේ රුපියල් මිලියන -1,037,766ක් වශයෙනුයි. මහින්ද රාජපක්ෂ මහතා පාලනය භාර ගන්නා විට පැවැති මිලියන - 207,503ක් වූ ගෙවුම් ශේෂ හිඟය දස වසරක ඇවෑමෙන් සියයට 500කට ආසන්න අගයකින් වර්ධනය වූ බවක් අපට මේ අනුව වටහා ගත හැකියි. අද වත්මන් ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුදය ගැන උපදෙස් දෙන්නේ මේ ආකාරයේ ආර්ථික කළමනාකරණයක් කළ මහින්ද රාජපක්ෂ මහතා විසින්ම වීම හාස්‍යයට කරුණක්.

පදනමක් නැති චෝදනා

රුපියල අවප‍්‍රමාණය වීම ගැන වත්මන් ආණ්ඩුවට චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ තම පාලන යුගයේ පැවැති නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීමට වත්මන් ආර්ථික අර්බුදයට හේතුව බවයි. ‘‘ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකානු ව්‍යාපාරික ආයතනවලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිෂ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක‍්‍රියාකාරකම් තුළින් ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිෂ්පාදන, බඩ ඉරිඟූ, සෝයා, සීනි, ලූනු, අර්තාපල්, පලතුරු, එළවළු, කුකුල් මස් හා ඇතැම් කාර්මික නිෂ්පාදන මෙරටේම නිපදනවා ආනයනය අඩු කිරීමේ ප‍්‍රතිපත්තියක් මගේ ආණ්ඩුවට ද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙළවරක් නැති නිදහස් ආනයනික ප‍්‍රතිපත්තියකි. ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීමේ කිසිදු උපාය මාර්ගයක් ඔවුන්ට නැත’’

මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුවට චෝදනා කරන්නේ ආනයනය අඩු කොට අපනයනය වැඩි කිරීමේ කිසිදු උපාය මාර්ගයක් වත්මන් ආණ්ඩුවට නැති බවයි. එහෙත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා හිතමතාම වත්මන් ආණ්ඩුව විසින් ආනයනය අඩු කොට අපනයනය වර්ධනය කිරීම සඳහා ගන්නා සුවිශේෂ ක‍්‍රියාමාර්ග ජනතාවගෙන් වසං කිරීමට වංක උත්සාහයක නිරත වන ආකාරයක් අපට දැකිය හැකියි. ‘‘විෂන් 2025’’ තුළ ආණ්ඩුවේ ප‍්‍රමුඛ අවධානය යොමු වී තිබෙන්නේ අපනයන සංවර්ධනය කෙරෙහියි.

‘‘අපි ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි අපනයනාභිමුඛ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නෙමු. මිලියන 20ක් පමණ වන පාරිභෝගිකයින්ගෙන් සමන්විත දේශීය වෙළෙඳපොළක් ශ‍්‍රී ලංකාව සතු වන අතර, තිරසාර, ඉහළ සහ දිගු කාලීන වර්ධනයක් සඳහා විදේශීය අංශයේ ඉල්ලූම මත රඳාපැවතීමට සිදුවන බව මූලික යථාර්ථයක් ලෙස අපි හඳුනා ගෙන ඇත්තෙමු. ගෝලීය නිෂ්පාදන ජාලය තුළ දේශීය ව්‍යාපාර සඳහා අවස්ථා සුරක්ෂිත කිරීම උදෙසා අපි ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට උපායමාර්ගිකව පත් කරන්නෙමු. මෙම පුළුල් දැක්මක් සහිත ප‍්‍රවේශය දේශීය ආර්ථිකයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවනු ලබන අතර සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට සුභසෙත සලසනු ඇත’’ (විෂන් 2025, පිටුව 11)

2025 දැක්ම අනුව යමින් ක‍්‍රියාත්මක ‘‘ව්‍යවසාය ශ‍්‍රී ලංකා’’ වැඩපිළිවෙළ මගින් ද අපනයන සංවර්ධනය වේගයත් කිරීම සඳහා ප‍්‍රබල උත්තේජනයක් ලබා දී තිබෙනවා. ඊට අමතරව අපනයන සංවර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව පසුගිය තෙවසර අනුගමනය කළ ප‍්‍රශස්ත පියවරවල  ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට ඉතිහාසය ඉහළම අපනයන ආදායම ලෙස අපනයන ආදායම ඩොලර් බිලියන 11.3ක් දක්වා වර්ධනය කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව (2014දී 1,453,176ක්* අපනයන ආදායම 2016 දී රුපියල් මිලියන  1,536,167 දක්වාත්  2017දී රුපියල් මිලියන 1,732,440 දක්වා වර්ධන වී තිබෙනවා. වත්මන් ආණ්ඩුවට අපනයන සංවර්ධනය පිළිබඳ දැක්මක් නැතැයි මහින්ද රාජපක්ෂ මහතා නඟන චෝදනාවට පදනමක් නැති බවත් එය ජනතාව නොමග යැවීමේ ප‍්‍රයත්නයක් බවත් මේ අනුව අපට පැහැදිලි වෙනවා.

ආණ්ඩුව ආනයන අධෛර්මයත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පියවර ගෙන නැති බවට මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාව ද පදනම් විරහිත එකක් බවයි පෙනී යන්නේ. මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සිදුවන සියලූම වැඩසටහන් ක‍්‍රියාත්මක වන්නේ  (අපි වවලයි අපි කන්නේ වැනි) දේශීය නිෂ්පාදනය හැකිතාක් පුළුල් කරමින් ආනයන පාලනය කිරීම වෙනුවෙනුයි. උදාහරණයක් ලෙස පසුගිය නියඟ තත්ත්වය තුළ දේශීය ඉල්ලූම සම්පූර්ණ කිරීම හා මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා පසුගිය 2017 වර්ෂයේදී විදේශයන්ගෙන් සහල් විශාල ප‍්‍රමාණයක් ආනයනය කිරීමට සිදු වුණා. එය මෙටි‍්‍රක්ටොන් 7, 48,000ක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. ඊට සමගාමීව දේශීය ඉල්මු ඉහළ යාම නිසා තිරිඟු මෙටි‍්‍රක්ටොන් 1, 250,000ක් ද, ආනයනය කිරීමට සිදු වුණා. එහෙත් මොරගහකන්ද - කළුගඟ, වයඹ ඇළ ඇතුළු දැවැන්ත වාරි සංවර්ධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක වීම සමග ඉදිරියේදී මේ ආනයන විශාල වශයෙන් අඩු කිරීමට හැකියාව ලැබෙන බව පැහැදිලියි. මහින්ද රාජපක්ෂ යුගයේ කෘෂිකාර්මික සංවර්ධනයට අත්‍යවශ්‍ය වාරි සංවර්ධනය පැහැර හැරීම නිසා 2015-17 නියඟ තත්ත්වයට මුහුණදීම අසීරු වූ බව අප මෙහිදී වටහා ගත යුතු කරුණයි.

දෙපිට කාට්ටු කතා

ආනයන පාලනය සඳහා බදු පැනවීම ආදිය නොකරන බවට මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාව ගැන ද මෙහිදී අපි අපගේ අවධානය යොමු කළ යුතුයි. මන්ද මෙය හිතාමතාම ජනතාව නොමග යැවීමට කරන ප‍්‍රකාශයක් බව පැහැදිලි වන නිසයි. උදාහරණයක් ලෙස ආණ්ඩුව පසුගිය දා ආනයනික රෙදිපිළි හා ඇඟළුම් මත සියයට 15ක බදු පැනවීමක් කළ විට රාජපක්ෂ කල්ලියේ ප‍්‍රබලයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා කිඹුල් කඳුළු හෙළමින් කියා සිටියේ මේ බදු පැනවීම් මගින් පමුණුව ඇතුළු ලක්ෂ 10කට පමණ උන්හිටි තැන් පවා අහිමි වන බවයි. ඒ සමග කිරිපිටි, සීනි ඇතුළු ආනයනික භාණ්ඩ මත බදු පැනවූ වහාම ඒවායේ මිල ඉහළ යාම දඩමීමා කර ගන්නා රාජපක්ෂ කල්ලිය ‘‘ජීවන වියදම ඉහළ යන බව ’’ කියමින් ජනතාව කුපිත කරවීමට වෑයම් කරන බව අප අමතක කළ යුතු නැහැ. ඒ නිසා ‘‘කෙළවරක් නැති නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන’’ බවට චෝදනා කරන මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසිය යුතු කරුණ වන්නේ යම් බදු පැනවීමක් සිදු වූ වහාම හනුමාගේ භූමිකාව රඟපාන රාජපක්ෂ කල්ලිය සමග මෙවැනි ප‍්‍රවේශයක් වෙත ආණ්ඩුව පිවිසෙන්නේ කෙසේද ? යන ප‍්‍රශ්නනයි.

‘‘ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම් විදේශ ණය පරිමාව ඉතා ප‍්‍රවේශමෙන් පාලනය කළ යුතුය’’ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට උපදෙස් දෙන්නේ කුමන පදනමක සිටදැයි ජනතාවට පැහැදිලි කළ යුතුයි. මන්ද රාජපක්ෂ පාලනය ප‍්‍රවේශමෙන් ණය පාලනය කරමින් දියත් කළ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ඇතුළු දැවැන්ත හම්බන්තොට සංවර්ධනයේ ඍජු වන්දි ගෙවමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව නිසයි. කිසිදු ඵලදායී ආර්ථික ප‍්‍රතිඵලයක් ලබා නොදුන් මේ සුදු අලි නඩත්තු කිරීමේ මුළු බරම දැන් දරමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව විසිනුයි. වත්මන් ආණ්ඩුවට මේ වන විට ගෙවමින් සිටින සමස්ත විදේශ ණය ප‍්‍රමාණයෙන් සියයට 80ක් ඍජුවම රාජපක්ෂ යුගයේ කෙටි කාලීන ණය බව මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කරවා. ඒ අනුව රාජපක්ෂලා ලකුණ දා ගත් සියලූම වැඩවලට බිල ගෙවන්නේ වත්මන් ආණ්ඩුව බව පැහැදිලි කරුණක්. කිසිදු ඵලදායි ආර්ථික ප‍්‍රතිපත්තියකින් තොරව ගෙන ගිය රාජපක්ෂ දශක පාලනයේ අඳුරු සෙවනැලි තව දුරටත් ආර්ථිකය තුළ හෙල්මන් කරමින් සිටින බවක් මේ අනුව අපට වටහා ගත හැකියි.

රාජපක්ෂ යුගයේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වූ පී.බී. ජයසුන්දර මහතාට  ‘‘ආර්ථික ඝාතකයා’’ යැයි චෝදනා කරමින් මුළු රටක් හිනැස්සූ විමල් වීරවංශ, හෙජින් සූදුව, ග‍්‍රීක බැඳුම්කර, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ආදි නාස්තිකාර ව්‍යාපෘති සඳහා ජාතික ධනය කාබාසිනියා කළ අජිත් නිවාඞ් කබ්රාල් ආදීන්ගෙන් සමග මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රීඩා කිරීමට කැසකවන තෙවැනි ඉණම ගැන ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව අපගේ අදහසයි.

එකක් කඩතොලූ මකා ගන්න ගිහින් කඩතොලූ දෙකක් හදා ගත්ත ආචාරියෙක්ට වුණ ඇබැද්දියක් ගැන කතාවක් අපි අතර තිබෙනවා. මේ වගේ අනපේක්ෂිත ඇබැද්දියකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා පත් වුණා. ඒ පසුගිය 05 වැනිදා සිදු කළ ඉන්දීය සංචාරය හේතුවෙනුයි. රාජපක්ෂ මහතා ඉන්දියාවේ මාධ්‍ය හමුවේ කළ සියලූම දේවල් මේ දක්වා අඛණ්ඩව ඒකාබද්ධ කල්ලිය තුළ වාගේම පොදු ජනතාව අතරත් දැඩි විවේචනයට මෙන්ම හාස්‍යයට ද ලක්වෙමින් තිබෙනවා. විශේෂයෙන් විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු කල්ලියේ දේශහිතෛෂි සිතාම්බර සළුපිළි රාජපක්ෂ මහතා විසින් නොදැනුවත්මව ගළවා දැමූ බවයි බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කරන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට හේතු වුණ සැබෑ කරුණු ගැන මේ දක්වා රාජපක්ෂ පාර්ශ්වයෙන් නිසි පැහැදිලි කිරීමක් සිදුව නැහැ. ඒත් රෙජිම මාධ්‍ය ප‍්‍රකාශ කළේ ‘‘භාරත රත්න’’ සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා රාජපක්ෂ මහතා ඉන්දියා බලා පිටත් වූ බවයි. ඒ අතර විශේෂ දේශන පැවැත්වීම් ගැනත් ප‍්‍රකාශ නිකුත් වුණා. එහෙත් එම සංචාරය සිදු වූ ආකාරය නිරීක්ෂණය කරන විට පැහැදිලිව පෙනී යන්නේ රෙජිම මාධ්‍ය සුපුරුදු ලෙස අතිෂයෝක්තියෙන් යුතුව මේ සංචාරය ගැන ප‍්‍රචාරයේ නිරත වූ බවයි. ඒ නිසා ආණ්ඩුවට සම්බන්ධ බොහෝ දෙනෙක්, විශේෂයෙන් ඇමැති මහින්ද සමරසිංහ ප‍්‍රකාශ කරන්නේ මෙය හුදු සංචාරයක් මිස එයින් ඔබ්බට ගත යුතු කිසිදු දෙයක් නැති බවයි. එමගින් කිසිදු ආකාරයක රාජ්‍ය තාන්ත‍්‍රික බලපෑමක් හෝ වාසියක් රාජපක්ෂ මහතාට අත්නොවන බවයි.

පවුල් පාලනය ගැන අපුල

එසේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය තව දුරටත් දේශීය වශයෙන් මෙතරම් අවධානයට හා විචේනයට ලක් වන්නේ කුමක් නිසාද ? යන ප‍්‍රශ්නය පොදු ජනතාව අතර මතුවිය හැකියි. ඒ සඳහා දේශපාලන නිරීක්ෂකයින්ගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ  ඇතැම් ප‍්‍රකාශ ජාත්‍යන්තර හෝ කලාපීය වශයෙන් කිසිදු වැදගත්කමක් නැති වුවත් රාජපක්ෂ දේශපාලන න්‍යාය පත‍්‍රය පිළිබඳව වර්තමානයේ ඇති වී තිබෙන බල අරගලයේදී තීරණාත්මක හෙළි කිරීමක් කළ බවයි ඔවුන්ගේ අදහස වන්නේ. ඒ අතර ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ තව දුරටත් රාජපක්ෂ පවුල් පාලනය සහතික කිරීම කෙරෙහි මහින්ද රාජපක්ෂ මහතා දක්වන දැඩි උනන්දුව මේ හරහා ප‍්‍රකාශයට පත්වීමයි. මෙය ‘‘රාජපක්ෂවරුන්ගෙන් තොර හෙටක් නැහැ’’ යන අති උද්දච්ච අදහස යළි ප‍්‍රකාශ කිරීමක් වශයෙන් සැලකිය හැකියි. ඒකාබද්ධ කල්ලිය වටා ගොනුව සිටින සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රබලයින් වන කුමාර වෙල්ගම ආදීන්ගේ සිට ශ‍්‍රීලනිපය සමඟ හවුල්්වීමෙන් තොර දේශපාලන අනාගතයක් ගැන සිතීමටවත් නොහැකි වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන ආදීන් අද අවුලෙන් අවුලට පත්ව සිටින්නේ මේ පවුල්වාදය තව දුරටත් කරපින්නා ගෙන යාමට මහින්ද රාජපක්්ෂ මහතා දක්වන මාරාන්තිකභාවය නිසයි.

‘‘රාජපක්ෂ පවුලෙන් පිට කිසිවෙක් රාජ්‍ය නායකත්වය නොදැරිය යුතුය’’ යන මේ අති උද්දච්ච මානසිකත්වය යළි වටයකින් මහින්ද රාජපක්ෂ මහතාව හුදකලා කිරීමට හෝ ඔහු කෙරෙන් තීරණාත්මක බලපෑමක් කළ හැකි ප‍්‍රබලයින් පිරිසක් විතැන්වීට හේතුවක් විය හැකි බවයි බොහෝ දේශපාලන නිරීක්ෂකයින්ගේ අදහස වන්නේ. ඔවුන් සඳහන් කරන ආකාරයට පවුල් පාලනයට හා පවුල් ආධිපත්‍යට දැඩි බරක් තබා ක‍්‍රියා කරන මහින්ද රාජපක්ෂ මහතාගේ පටු පිළිවෙත 2005 සිට ප‍්‍රබල බිඳී යාම් හා අර්බුද නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා. උදාහරණ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ ආසන්න යුගයේදී, 2007 සිදු වූ මංගල සමරවීර, ශ‍්‍රීපති සූරියආරච්චි, අනුර බණ්ඩාරනායක යන ශ‍්‍රීලනිප ප‍්‍රබලයින්ගේ බිඳීයාම ප‍්‍රකට උදාහරණයක්. මෙන්ම රාජපක්ෂ පවුල් පාලනය තීරණාත්මකව පරාජයට කිරීමට හේතු වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බිඳී යාම ද රාජපක්ෂ පවුල් පාලනය දැඩිව, තීරණාත්මකව අභියෝගයට ලක් කළ අවස්ථාවක්. අද ජනාධිපතිවරයාව සිටිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද, මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටිමින් මංගල සමරවීර මහතා ද දැඩි රාජපක්ෂ විරෝධී ස්ථාවරයක සිටින්නේ එම පවුල් පාලනයෙන් බැට කෑමේ වේදනාව නිසා බව නොරහසක්.

රාජපක්ෂ පවුල් පාලනයෙන් හා පවුල් ආධිපත්‍යයෙන් බැට කෑ ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් අතරට මෛත‍්‍රී, මංගල වැනි වර්ණවත් චරිත සේම තවත් ප‍්‍රබලයින් පිරිසක් නම් කිරීමට දේශපාලන විචාරකයින් කැමැත්තක් දක්වනවා. ඒ අතර තම පියා වන බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ කුඩම්මාගේ සැලකිල්ල ගැන විරෝධයෙන් සිටින දුමින්ද දිසානායක, සේම පියසේන ගමගේ ඇතුළු ප‍්‍රබලයින් පිරිසක් ද සිටිනවා. එමෙන්ම රාජපක්ෂ පවුල හම්බන්තොට දිස්ත‍්‍රික්කය තුළ ගෙන යන ‘‘එක පවුලක් ’’ ප‍්‍රතිපත්තියෙන් මහින්ද අමරවීර වැනි ප‍්‍රබල තරුණ ශ‍්‍රීලනිප නායකයින් දැඩිසේ පීඩාවට පත්ව සිටින බව කිසිසේත් බැහැර කළ නොහැකියි. මේ වන විට රාජපක්ෂ පවුල් ගැති ප‍්‍රාදේශීය නායකයින් වෙතින් ද සාම්ප‍්‍රදායික ශ‍්‍රීලනිප නායකත්වය වෙත දැඩි පීඩනයක් එල්ල වී තිබෙන තත්ත්වයක් තුළ තව දුරටත් පවුල් පාලනයක් ගැන සිහින දැකීම මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක මොහොතක තනිවීමට නියත හේතුවක් විය හැකි බව පැහැදිලි කරුණක්. (මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතා 2005/2010 සේව 2015දී ද මුහුණ දුන් බව සලකන්න)

ඉහත සඳහන් තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතා එතෙරදී කී කතා මෙතරදී දේශපාලන සුනාමියක් නොව රාජපක්ෂ පවුල් පාලනය පිළිබඳ අපුලක් ඒකාබද්ධ කල්ලිය තුළ සේම ඒකාබද්ධ කල්ලියේ පදනම වන ශ‍්‍රීලනිප ජන මනස තුළ ද නිර්මාණය කළ බව නොරහසක්. අද කුමාර වෙල්ගම ආදීන් හරහා අඛණ්ඩව ප‍්‍රකාශ වන්නේ හුදු තනි මතයක් හෝ වුමනාවක් නොව ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් විශාල පිරිසකගේ දැවෙන හෘද සාක්ෂිය බව නොරහසක්.

එතෙර කතා මෙතෙර කතා

රාජපක්ෂ පවුල් පාලනය පිළිබඳ එතෙර කතාවලින් මෙතෙර පවුල් පාලනය ප‍්‍රශ්න කෙරෙන තරමට ම එතෙරදී කළ ‘‘දෙපිට කාට්ටු කතා’’ ඒකාබද්ධ කල්ලිය තුළ සේම රාජපක්ෂවාදීන් තුළ ද මානසික අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම දේවභාෂිතයක් සේ ඇදහීමට සූදානම් වහල් මානසිකත්වයකින් සිටින්නන් මේ දෙපිටකාට්ටු කතාවලින් අපේක්ෂාභංගත්වයට පත්වීමයි.

මේ වන විට ඇතැම් ජනමාධ්‍ය විසින් නාමකරණය කර ඇති ‘‘රාජපක්ෂ වහළුන්’’ මේ ආකාරයෙන් දැඩිසේ අපේක්ෂාභංගත්වයට පත්වීමට හේතුව අපට පහසුවෙන් වටහා ගත හැකියි. ඒ ඔවුන් රාජපක්ෂවරුන් අනුව යමින් පසුගිය කාලය පුරාම අඛණ්ඩ ඉන්දීය විරෝධයක ගිලී සිටීමයි. මේ සියලූ අර්බුදයන්ට, අහිමි කිරීම්වලට ප‍්‍රධාන වගකිව යුත්තා ඉන්දියාව බව කල්පනා කිරීමයි. මොවුන් අතර තිබෙන මේ ඉන්දිය විරෝධය හුදු කල්පනාමාත‍්‍රයක් ලෙස නොසැලකිය හැකි මට්ටම දක්වා සංකීර්ණභාවයට හා ප‍්‍රබලත්වයට පත්වූ මනෝභාවයක් බව අපි පසුගිය කාලය පුරාම අඛණ්ඩව අත්විඳිමින් සිටින උදාහරණවලින් වටහා ගත හැකියි.

උදාහරණයක් ලෙස අදත් රාජපක්ෂ වහළුන් විශ්වාස කරන්නේ 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් නොවූ බවයි. ඔවුන් කියන්නේ ‘රාජපක්ෂ මහතාව පරාජයට පත් කරවූ බවයි’’. මෙරට සිංහල, දෙමළ, මුස්ලීම් යන ජනවර්ගික පදනමින් පමණක් නොව, එජාප, ශ‍්‍රීලනිප, ජවිපෙ, ජාහෙළ වැනි පක්ෂවල පුළුල් එකතුවක් මගින් තීරණාත්මකව පරාජයට පත් කළ රාජපක්ෂ පාලනය මෙරට පුරවැසියන් විසින් නොව බාහිර බලවේග විසින් පරාජය පත් කර වූ බව මොවුන් අවධාරණාත්මකව කියන්නේ රාජපක්ෂ කල්ලිය මේ ජනතාවට ගිල්ල වූ බොරුව නිසා මිස තාර්කික පදනමක් ඇතිව නොවන බව බැලූ බැල්මට පැහැදිලියි. එහෙත් තම දැවැන්ත පරාජයේ වගකීම තමන් විසින්ම භාර නොගත් මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 09 වැනිදාම කියා සිටියේ ‘‘මේක කුමන්ත‍්‍රණයක් ’’ බවයි. මේ කුමන්ත‍්‍රණ කතාව යළි යළිත් මෙරට ජනතාව හමුවේ අවධාරණය කළ මහින්ද රාජපක්ෂ මහතා 2015 මාර්තු මාසයේදී එය ජාත්‍යන්තර මාධ්‍යවලට ද ප‍්‍රකාශ කළා. ඒ ‘‘සවුත් චයිනා පෝස්ට්’’ පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින්. ‘‘ඇමෙරිකානුවන්, නෝර්වේජියානුවන්, යුරෝපීයන් සහ ඉන්දීය රෝ ඔත්තු සේවය මට විවෘතවම විරුද්ධව කටයුතු කළා...’’ මහින්ද රාජපක්ෂ මහතාගේ මේ කුමන්ත‍්‍රණවාදී කතාව 2015 මාර්තු 15 වැනිදා ‘‘ඉන්දියා ටුඬේ’’ පුවත්පත ප‍්‍රධාන පුවතක් ලෙස වාර්තා කළේ මුළු ඉන්දියාවේම ඇස් මේ කතාව දෙස යොමු කරමිනුයි.

තමන් විසින් රාජ්‍යත්වයෙන් සැලකූ නායකයා මේ ආකාරයෙන් අනපේක්ෂිත ලෙස බලයෙන් පහ කිරීමට ඉන්දියාව (රෝ ඔත්තු සේවය) මූලිකත්වය ගෙන කුමන්ත‍්‍රණය කිරීම රාජපක්ෂවාදීන්ට කිසිසේත් දරාගත නොහැකි කරුණක් බව පැහැදිලියි. මීට පෙර ලංකාව බෙදා වෙන් කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ, කොටින්ට උදව් කළ ඉන්දියාව, යුද ජයග‍්‍රහණයෙන් පසුව මෙරට නායකයින් (යුද හා දේශපාලන) හේග් නුවර විදුලි පුටුවට ගෙන යාමට බටහිර රටවල් කළ කුමන්ත‍්‍රණයේදී (ජිනීවා මානව හිමිකම් කොමිෂම) අපට විරුද්ධව සිටි බවයි රාජපක්ෂවාදීන්ගේ මතය වුණේ. රාජපක්ෂ කල්ලිය මේ ආකාරයෙන් සදාකාලික ඉන්දිය විරෝධයක් නිර්මාණය කරමින් එය පවත්වා ගෙන ගියේ පූර්ණ වශයෙන් තම දේශපාලන පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙනුයි. ඔවුන් ශ‍්‍රී ලංකාවේ ජනතාව තුළ ඉන්දීය රාජ්‍ය විරෝධයක් නඩත්තු කිරීම සැලකුවේ සාදාකාලික ආයෝජනයක් විදහටයි.

ප‍්‍රතිපත්තියක් නැති දේශපාලනය

ඉන්දීය විරෝධයෙන් මුසපත් කළ ජනතාවගේ කර මතින් යළි බලය අල්ලා ගැනීමට පිඹුරු පත් සකස් කළ රාජපක්ෂ කල්ලිය බලය අහිමි වූ විට ඒ විරෝධය භාවිත කළේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන සැලසුම් කඩාකප්පල් කිරීමේ තීරණාත්මක අවියක් විදිහටයි. රටේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියේ තීරණාත්මක ප‍්‍රවේශයක් ලෙස ඉන්දියාව සමග අත්සන් කිරීමට සැලසුම් කළ ‘‘එට්කා ගිවිසුම’’ කඩාකප්පල් කිරීම රාජපක්ෂ බල සැලසුමේ තීරණාත්මක කොන්දේසියක් වෙනවා. ඒ ආණ්ඩුව ආර්ථික සංවර්ධන ක්ෂේත‍්‍රයේ අත්පත් කර ගන්නා  ඕනෑම ජයග‍්‍රහණයක් යළි බලය අල්ලා ගැනීමේ සිහිනය ඈත් කරන්නක් වීම නිසයි. ඉතාමත් සාවද්‍ය හා අභූත විවේචන කරමින් රාජපක්ෂ කල්ලිය එට්කා ගිවිසුම අත්සන් කිරීමට රජය ගන්නා සැලසුමට මේ දක්වා මාරාන්තික විරෝධයක් දක්වනමින් සිටිනවා. ඒ තමන් විසින් නඩත්තු කළ ඉන්දීය විරෝධීන් හරහායි.

මෙය එට්කා ගිවිසුමට පමණක් ලඝු කිරීමට රාජපක්ෂ කල්ලිය සූදානම් නැහැ. වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග එළඹෙන සියලූම රාජ්‍ය තාන්ත‍්‍රික ගනුදෙනු කඩාකල්පල් කිරීමයි ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ. මේ තුළ මත්තල ගුවන් තොටුපොළ ද තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළ ඉන්දිය සමාගමක් සමග හවුල් කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ සැලසුමට රාජපක්ෂ කල්ලිය හා රාජපක්ෂවාදී පසුගිය කාලයේ මාරාන්තිකව එරෙහි වුණා. ‘‘මම බලයට පත් වුණොත් මේවා යළි පවරා ගන්නවා. ඒ නිසා මේවාට අත තියන්න එපා කියලා මම ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා’’ මහින්ද රාජපක්ෂ මහතා මේ තර්ජනයෙන් පමණක් නතර වුණේ නැහැ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගිය රාජපක්ෂ ගෝලයෝ මේ ගැන සංදේශයක් පවා භාර දුන් බව මාධ්‍ය වාර්තා කළා.

එහෙත් පසුගිය සැප්පැම්බර් 05 වැනිදා රාජපක්ෂ කල්ලියේ කසකරුවන් වන විමල් වීරවංශ, ගම්මන්පිල ආදීන්ගේ දේශහිතෛෂි සීතාම්බර සළු මහින්ද රාජපක්ෂ මහතා විසින් ගළවා දැම්මේ මුළු ලෝකයාම බලා සිටියදී. දෛවෝපගත ආකාරයෙන් ඉන්දීයාවේදී. 

‘‘මම මත්තල ඉන්දියාවට දෙනවාට විරුද්ධ නැහැ. මම විරුද්ධ පුද්ගලීකරණයට’’ කියලා මහින්ද රාජපක්ෂ මහතා ‘‘ද හින්දු’’ මාධ්‍යවේදීන් සමග සහතික වෙන කොට ඒ වචන දේශපාලන බුමරංගයක් වෙයි කියලා මහින්ද රාජපක්ෂ මහතා නොසිතුවා විය හැකියි. ඒ වගේම කලාපීය බලවතාගේ මහ ගෙදරදී සුපුරුදු මැදමුලන චණ්ඩි පාට් වංගු නැති බව මහින්ද රාජපක්ෂ මහතා තම සුපුරුදු ‘‘දවල් මිගෙල් - ? දනියෙල් ’’ ක‍්‍රමයට වැඩ කළ බව නිසැකයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අවස්ථාවාදීත්වය එළිපිටම ප‍්‍රකාශ වූ මේ ජනමාධ්‍ය සම්මුඛ සාකච්ඡුාව ගැන විශ්ලේෂණයේ යෙදෙන විට අපට කරුණු කිහිපයක් නිවාරණය කරගත හැකියි. එයින් ප‍්‍රධාන වන්නේ ‘‘ප‍්‍රතිපත්තියක් නැති දේශපාලනය’’ තව දුරටත් අභ්‍යාස කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බවයි. රටේ ජනතාවට එකක් කියා ඊට හාත් පසින්ම වෙනස් කතාවක් හෝ පොරොන්දුවක් ජාත්‍යන්තරයේදී ලබාදීමට රාජපක්ෂ මහතා දෙවරක් නොසිතන බවයි. මෙය යුද සමයේ සිට මේ දක්වා මහින්ද රාජපක්ෂ චරිතයේ ප‍්‍රධාන ගුණාංගයක් පමණක් බව අප මෙහිදී වටහා ගත යුතුයි. එසේ නොමැති නම් යුද්ධය සඳහා ඉන්දීය සහාය ලබා ගැනීමට ‘‘තර්ටීන් ප්ලස්’’ විසඳුමක් ගැන ඉන්දියාවට සහතික වූ මහින්ද රාජපක්ෂ මහතාට යුද ජයග‍්‍රහණයෙන් පසුව ‘‘කිසිදු විසඳුමක් ’’ නොදෙන මිලිටරි ක‍්‍රමවේදයකට ගමන් කළ නොහැකියි. ඒ නිසා අපට මහින්ද රාජපක්ෂ මහතාගේ මේ අවස්ථාවාදී දේශපාලනය ‘‘ප‍්‍රතිපත්තියක් නැති දේශපාලනය’’ යනුවෙන් පහසුවෙන් හඳුනා ගත හැකියි.

එතෙර කතාවලට මෙතෙර ප‍්‍රතිචාර

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීයාවේදී කළ බව කියන ප‍්‍රකාශවලින් මේ වන විට නිවැරදි කර ඇත්තේ ‘‘ගෝඨාගමනය’’ ගැන කළ බව කියන ප‍්‍රකාශය පමණයි. කල්ලිය අභ්‍යන්තරයෙන් මෙන්ම පවුල තුළින් ද එල්ල වූ දැඩි පීඩනය මැද ‘‘ගෝඨාභය රාජපක්ෂට නියත විවරණ දීම’’ පිළිබඳ ප‍්‍රකාශය යළි හකුළු ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒත් මත්තල ගැන ඇතුළු ඉන්දියාවේ මැදිහත්වීම් හා දේශපාලන අභිලාෂයන් ගැන මේ දක්වා කිසිදු ප‍්‍රකාශයක් නොකිරීමට මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රවේශම් වී තිබෙනවා. රාජපක්ෂ මහතාගේ මේ මුනිවත රැුකීම ඒකාබද්ධ කල්ලිය තුළ අසහනයක් සේම විරෝධයක් වර්ධනයට වීමට ද හේතු වී තිබෙන බවක් දැකිය හැකියි.

මේ බව විමල් වීරවංශ මහතා පසුගිය දා කළ ප‍්‍රකාශයක් මගින් අපට වටහා ගත හැකියි. ‘‘ එතුමාගේ ගෙලට මල් මාලා දැම්මට අපේ කිසිම ප්‍රශ්නයක් නෑග හැබැයි ජාතියේ ගෙලට වද මල් මාලය දානවා නම් අපි ඒකට එකඟ වෙන්නෙ නෑ ’’

විමල් වීරවංශ මහතාගේ අදහස වන්නේ ඉන්දියාව සැරසෙන්නේ ජාතියේ ගෙලට වද මල්මලා දැමීමට නම් ඔවුන් එයට එකඟ වන්නේ නැති බවයි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ඉන්දියාව ජාතියේ ගෙලට දාන්න හදන වද මල් මාලය කුමක් ද ? යන්නයි. මේ වන විට පවතින ප‍්‍රවණතා හමුවේ වීරවංශ මහතා මවන ආකාරයේ ඉන්දීය බිල්ලෙක් දැකිය නොහැකියි. ඉන්දියාව ආර්ථික හා සමාජ සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා තම නොමසුරු දායකත්වය ලබා දෙමින් සිටින අතර මත්තල වැනි ආර්ථිකමය මැදිහත්වීම් සඳහා ද සූදානමින් සිටිනවා. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ද පූර්ණ එකඟත්වයක් පළවී තිබෙනවා. ඒ හැර වෙනත් ආකාරයේ අර්බුදකාරී ඉන්දීය මැදිහත්වීමක් කිසිවෙකුට දැකිය නොහැකියි. ඒ නිසා තම දේශපාලන සීතාම්බර සළුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගළවා ඉවත් කිරීම ගැන අවුලක් විමල් වීරවංශ ඇතුළු කල්ලිය තුළ තිබෙන බව නම් පැහැදිලියි.

මේ තත්ත්වය තුළ නාමල් අභිෂේක කිරීමට ඇති පවාම ගැන ඇති කණස්ල්ල, රාජ්‍ය බලය පවුලෙන් පිටට විතැන් වීම දැකීමට ඇති අකමැත්ත හා ඉන්දීය මැදිහත්වීම් ගැන ඇති ප‍්‍රසාදය වැනි සැප්තැම්බර් 05 සියලූ කතා ගැන විමසන විට අපට පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ එතෙර කතා මෙතෙර අර්බුදයක් නිර්මාණය කළේ එය ඍජුව ඒකාබද්ධ කල්ලියේ දේශපාලන අපේෂාවන්ට එල්ල කළ අතුල් පහරක් වූ නිසා බවයි. එමෙන්ම ඒ සියලූ කතා රාජපක්ෂ මහතාට දේශපාලන බුමරංගයක් වීමට ද ඉඩ ඇති බවයි. ආරම්භයේදී සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාට ඉඳුරුවේ ආචාරියාට වූ ඇබැද්දිය ම සිදුව ඇති බවයි.

සටහන

භාතිය බරුකන්ද

ඔබ කල්පනා කරනවා ඇති වෛද්‍යවරු කිහිපදෙනෙක් වෙදකම් කරන්නේ නැතුව ඇවිත් මොකද මේ අධ්‍යාපනයක් ගැන කතාකරන්නේ කියල. විශේෂයෙන් ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් හැටියට මා ඔබ අමතන්නේ විශේෂ කාරණයක් මුල් කරගෙනයි. මා හමුවට යොමු කෙරෙන දරුවන් ප්‍රකාශ කරන කරුණුවලින් ඉතා හොඳින් පැහැදිලිවන දෙයක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ රෝගාබාධ බොහෝමයකට වර්තමාන අධ්‍යාපන ක්‍රමය සෘජුව හෝ වක්‍රව බලපා තිබෙන බව.

විශේෂයෙන්ම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හා බැඳුන ලෙඩ රෝග විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අවුරුදු දහය හා ඒ ආසන්න වයස් කලාපවල දරුවන් පැමිණිලි කරන හිසේ කැක්කුම්, බඩේ කැක්කුම්, අංශයක් පණ නැතිවීම් ආදී ලෙඩ රෝග බොහෝමයක් අනවශ්‍ය අධ්‍යාපන පීඩනය නිසා ඇතිවන ශාරීරික ප්‍රකාශන බව පැහැදිලියි.

ඒ වාගේම මේ අධ්‍යාපන පීඩනය නිසා දරුවන් අතරේ රෝග පැතිරී යාම සීග්‍රයෙන් වර්ධනය වී තිබෙනවා. කොහොමද මෙහෙම වෙන්නෙ? ඉස්සර අපිට උණක්, හෙම්බිරිස්සාවක් හැදුනොත් අපේ දෙමව්පියන් අපිව දවස් තුනක් පාසල් යැව්වේ නැහැ. කොත්තමල්ලි ටිකක්, කැඳ ටිකක් බීල විවේකයෙන් ගෙදර ඉන්න ඉඩ සැලැස්සුවා. නමුත් අද එහෙම නෙවෙයි. ගෙදර වැඩ තියනවා, පැවරුම් තියනවා. ඒ නිසා මොන විදිහේ අසනීපයක් හැදුනත් එක දවසකට වඩා ළමයා ගෙදර තියා ගන්න බැහැ. මේ නිසා දරුවන් තුළ හටගෙන ඇති රෝග ඉබේම අසාද්‍ය තත්ත්වයට පත් වෙනවා.

ඒ වගේම රෝගී දරුවන් පාසල් යැවීම නිසා සෙසු දරුවන් අතරේ රෝග පැතිරී යාම සීග්‍ර තත්ත්වයට පත් වෙනවා. විහේෂයෙන් මා දකින විදිහට අද ඩෙංගු රෝගය මේ තරම් භයානක තත්ත්වයට පත්වීමට එක හේතුවක් වන්නේ රෝග ලක්ෂණ හරිහැටි හඳුනාගැනීමට පෙර, දරුවන් පාසල් යැවීමයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, 2011 අප්‍රේල් මස 26 වන දින, කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී

වෙදනා, කැක්කුම්, හිරිවැටීම් ආදී වශයෙන් කායික රෝග ලක්ෂණ පළ කළත් ඒ රෝග බොහෝමයක් කායික මූලයන් මත හටගත්තු ඒවා නෙවෙයි. මේ අධ්‍යාපන පීඩනය නිසා හටගත් මානසික ගැටුම් අර්බුදවල කායික ප්‍රකාශන, වෛද්‍යවරුන් හැටියට අපි මේ තත්ත්වය Somatization නමින් හඳුන්වනවා.

අපේ රටේ වසංගත රෝග සහ වෙනත් බෝ නොවන රෝග මර්දනය කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් කතිකාවන් ඇතිවෙනවා. විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒත් අධ්‍යාපනයේ නාමයෙන්, ජාතික වශයෙන් දැඩි බලපෑමක් ඇති කරන මේ බරපතල සෞඛ්‍ය  තර්ජන ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැහැ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, 2011 ජුනි මස 18 වන දින, මහනුවර, කොටුගොඩැල්ල වීදියේ ළමා පුස්තකාලයීය ශ්‍රවණාගාරයේ දී

අපේ රටේ පවතින අධ්‍යාපනය දරුවන්ගේත්, දෙමව්පියන්ගේත්, ගුරුවරුන්ගේත්, විදුහල්පතිවරුන්ගේත් කායික රෝග ලක්ෂන හැටියට ඉස්මතු වෙලා. විභාග කිට්ටු වෙනකොට නිරන්තරයෙන්ම අප වෙත යොමු වෙන මේ පිරිස් පිළිබඳව වෛද්‍ය කණ්ඩායමක් හැටියට අපි විශේෂ අවධානයක් යොමු කළා. ඊට පස්සෙ අපි තිරණය කළා මේ අර්බුදයේ සුලමුල හොයාගන්න. මෙන්න මෙහෙමයි ඒකට මුල පිරුනේ.

ඒ වගේම අපි පශ්චාත් උපාධි අධ්‍යයනයන් සඳහා විදේශගතව ඉන්න කාලවල අපට සිදුවුණා අපේ දරුවන් ඒ රටවල පාසල්වලට යොමු කරන්න. නමුත් උදේ පාසල් ගිහින් ගෙදර එන අපේ රටේ දරුවන්ට වගේ රෑ දහයාමාර එකොළහ වෙනකම් කරන්න ටියුෂන් සහ ගෙදරවැඩ කන්දරාවක් ඒ රටවල්වලදී ලැබුණේ නැහැ. තමන්ගේ දවසේ කාලය තමන්ට ඕන හැටියට කළමනාකරණය කරගන්න ඉඩ ලැබුණා. මුළු ලොකයම පිළිගන්න විදියට ඒ රටවල් අපේ රටට වඩා දියුණු රටවල්. නමුත් ඒ රටවල ඉගෙනගන්න දරුවන්ට අපේ රටේ වගේ අධ්‍යාපනය උහුලගත්ත බැරි බරක් වෙලා තිබුනෙ නැහැ. මොකක්ද මේකට හේතුව?  අපේ රටේ අධ්‍යාපනය ඒ රටවල්වලට වඩා විධිමත් නිසාද? ඊට වඩා ප්‍රභල නිසාද? එහෙමත් නැතිනම් අපිට කොහේ හරි වැරදිලාද? කියන ප්‍රශ්න ගැන අපි විවිධ කෝණවලින් හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ රටේ සහ අපි දියුණුය කියන රටවල ඒ ඒ වයස් කාණ්ඩවල දරුවන්ට නියම වෙලා තියෙන විෂය නිර්දේශ සංසන්දනය කළා.

ඒ රටවල එක් එක් වයස් කාණ්ඩවල දරුවන් පරිශීලනය කරන පෙළපොත් අපේ රටේ පෙළපොත් සමග සංසන්දනය කළා. විභාග ප්‍රශ්න පත්‍රත් ඒ විදියට සංසන්දනය කළා.

ඔන්න එතකොට අපිට ඉතා පැහැදිලිවම වැටහුණා, ලෝකයේ දියුණු රටවල දරුවන්ට නැති අතිශය කටුක, දුෂ්කර අධ්‍යාපන ගමන් කරන්න අපේ දරුවන්ට සිදුවෙලා ති‍යන බව. පෙළපොත මේ හැම දෙයකින්ම ඒ බව සනාත වුණා.

ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, 2012 ජූලි මස 26 වන දින, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

(http://conceptslanka.com)

භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමිගේ ආරාධනයක් මත ‘ඉන්දු-ලංකා’ සබඳතා මැයෙන් දේශනයක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගිය අවස්ථාවේදී ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය / මාධ්‍ය - ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත - 2018 සැප්තැම්බර් 12 සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදීන් - සුභාෂිනි හයිදර් සහ අමිත් බරුහ්

·         මත්තලට ඉන්දියාව එනවට කැමැතියි..!

·         එට්කා වලට කැමැතියි..!

·         එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය (2009)සමයේදී දෙරට අතර ට්‍රොයිකා නමින් සන්නිවේදන යාන්ත‍්‍රණයක් තිබුණා.

·         මගේ සහෝදරය නිසැකයෙන්ම තරගකරුවෙක්.

ප‍්‍රශ්නය : ඔබට ඉන්දියාව සමඟ රළු සබඳතාවක් තිබුණේ. ඔබ මේ සංචාරය කරන්නේ 2015 වසරෙන් පසු මෝදි ආණ්ඩුව සමඟ සංහිඳියාවක් ඇති කරගැනීමට ද ?

පිළිතුර : ඔව්. මැතිවරණයට (2015 ජනාධිපතිවරණය) පෙරත් පසුවත් අපට අතර බොහෝ වැරැදි වටහාගැනීම් ඇතිවුණා. ඇත්ත වශයෙන්ම ඉදිරියට යෑමට කාලය ඇවිත් තියෙන්නේ කියලා මම හිතනවා.

ප‍්‍රශ්නය : වසර 2015 මාර්තු මාසයේදී ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔබ ඉන්දියාවේ බුද්ධි ඒජන්සිය වන ‘රෝ’ වෙත චෝදනා කළා. විපක්ෂය එකතු කළේත් ඔබගේ පරාජයට හේතු වූයේත් ‘රෝ’ යැයි ඔබ චෝදනා කළා. ඉන්දියව ශ‍්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවිය යුතු යැයි ඔබ මීට සති කිහිපයකට පෙර ප‍්‍රකාශ කළා. ඔබ ඒ ගැන වද වෙනවද ?

පිළිතුර : එය ඉන්දියාව ගැන පමණක් නෙවෙයි. මා එහිදි ඉන්දියාව විතරක් සඳහන් කළේ නැහැ. කවුරුවත් කාගේවත් මැතිවරණවලට මැදිහත් නොවිය යුතුයි. එය රටක අභ්‍යන්තර කරුණක්. කවුද බලයට පැමිණි යුත්තේ කවුදැයි කියලා ජනතාව තමයි තීරණය කරන්නේ. එයයි මගේ ඔළුවේ තිබුණේ. අද වනවිට හැමෝටම තේරුම් ගිහින් තියෙනවා මොකක්ද වැරදුණේ කියලා. අද ඔවුන් තේරුම් ගෙන තිබෙනවා මොකක් ද වුණේ කියලා. ඒ නිසා අපි අතීතය අමතක කළ යුතුයි. ඉදිරියට යෑමටත් ඉදිරිය දෙස බැලීමටත් කාලය ඇවිල්ලා.

ප‍්‍රශ්නය : ඔබේ පක්ෂය චීන සමාගම්වලින් මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාරය සඳහා අරමුදල් ලබාගත් බවට චෝදනාවක් තිබෙනවා.

පිළිතුර : ඔවුන් මට අරමුදල් සැපයුවේ නැහැ. එහෙත් මේවා තමයි මිනිස්සු කතා වෙන්නේ. මොකද (මෛත‍්‍රීපාල සිරිසේන) ආණ්ඩුවට ඒ ගැන අපට චෝදනා කරනවා හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන් බලයට පැමිණි විට මගේ එක්සත් ජනපද ඩොලර් බිලියන 18ක් ගැන හෙව්වා. ඔවුන් තවමත් එය සොයනවා (සිනාසෙයි). ඇමෙරිකාවේ සහ තවත් රටවල් කිහිපයක උදවු උපකාර ලැබිලත් ඔවුන්ට අද වනතෙක් එක ඩොලරයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා.

ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකාවේ චීන ණය ගැන හැමෝගෙම ඇස් යොමුවෙලා තියෙනවා. ඔබ හිතනවද හම්බන්තොට සහ කොළඹ වරාය සම්බන්ධයෙන් ඔබ මුලින්ම කරන ලද ගනුදෙනුව වෙනත් අයුරකින් කරන්න තිබුණා කියලා ?

පිළිතුර : බලන්න, අපි ගත්තු ණය, ශ‍්‍රී ලංකාවට නැවත ගෙවා දැමිය හැකිව තිබුණා. එහෙත් සිරිසේන ආණ්ඩුව සියල්ල අවුල් කරලා. කොළඹ වරාය නගරයට කිසිවක් ගෙවිය යුතුව තිබුණේ නැහැ. එය කොන්ත‍්‍රාත් බෙදාගැනීමේ සැලැස්මක්. එහිදි ඔවුන් සංවර්ධනය කරන ඉඩමට ඔවුන්ට කොටසක් ලැබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුමට එළැඹෙන කාලයේදී අපේ චීනයට වඩා ඇමෙරිකාවට ණයයි. චීනයට වඩා ඇමෙරිකාවට ණය ගෙවිය යුතුව තිබුණා. ඒ වගේම අනිත් රටවලූත්. දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ණය තිබුණේ පාලනය කළ හැකි මට්ටමක. එසේ නම් ප‍්‍රශ්න වැඩි වෙලා නම්, ආණ්ඩුව එය කළමනාකරණය කරලා නැහැ. එහෙනම් කොහොමද අපට චෝදනා කරන්නේ ?

ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය සමඟ පවත්වන සබඳතා සම්බන්ධයෙන් ඔබේ දීර්ඝකාලීන දැක්ම මොකක් ද ? ඒ කාලයේදී වැරැදි වටහාගැනීම්වලට හේතුවුණේ එයයි.

පිළිතුර : මම කිව්වොත් ඉන්දියාව තමයි අපේ සමීපතම මිතුරා. ඒ වගේම අපේ අසල්වැසියා. ඒ වගේම චීනය අපේ දීර්ඝකාලීන මිතුරෙක්. අපි චීනය සමඟ ඇති කරගන්නා ලද සෑම ගිවිසුමකදීම කරන ලද සෑම ගනුදෙනුවකදීම අපි ඉන්දියාවේ ලැදියාවන් අමතක කළේ නැහැ. අපිට ඉන්දීය රජය සමඟ හොඳ අවබෝධයක් තිබුණා. අපේ භූමිය අපේ අසල්වැසියන්ට එරෙහිව යොදාගැනීමට කිසිදු අවස්ථාවකදී ඉඩ නොදෙන බව අපි ඔවුන්ට කියා සිටියා.

ප‍්‍රශ්නය : චීනයට අයත් න්‍යෂ්ටික සබ්මැරීනයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණා. එය ඉන්දියාවේ දැඩි අවධානයට යොමු වුණා. ඉන් පාකිස්තානයේ ග්වදාර් වරයා. මාලදිවයිනේ චීනය කරන මාර්ග සංවර්ධනය ඇතුළු සංවර්ධන කටයුතු. ඉන්දියාව ඔබ සමඟ ඇති කරගන්නා ලද සැකසංකා, සිත් කලබල කරගැනීම් සාධාරණීයකරණය කළා ද ?

පිළිතුර : මේ අහන්න, චීන සබ්මැරීන ගල්ෆ් කලාපය දෙසටත් දකුණු අපි‍්‍රකාව දෙසටත් ගමන් කරමින් තිබුණු එවා. ඔවුන් කොළඹ වරායට පැමිණියේ කෙටි කාලයකට. එච්චරයි. මම හිතනවා ඉන්දියාව ඒ කාලයේදී එය නිදහසට කරුණක් කරගත්තා කියලා.

ප‍්‍රශ්නය : එහෙනම් සබඳතා බිඳ වැටෙන්න හේතු වුණේ මොනවද ?

පිළිතුර : අනවබෝධය. හැමතිස්සෙම මගේ ප‍්‍රමුඛත්වය වුණේ මගේ රට සංවර්ධනය කිරීමයි. මම හැම තිස්සෙම ඉන්දියාව දැනුවත් කළා. වරාය හදන්න, ගුවන් තොටුපොළ හදන්න ඒ වගේම මහාමාර්ග, අධිවේගී මාර්ග හදන්න මම මුලින්ම ඇහුවේ ඉන්දියාවෙන්. අපි නිරන්තරයෙන් ඉන්දියාවට ආවා. අපි ඔවුන්ට තමයි මුලින්ම දුන්නේ. ඊළඟට තමයි අපි චීනයට ගියේ. මොකද ඔවුන් තමයි එය කළ හැකි එකම මිනිස්සු. මාස අටක් ඇතුළත චීනය සංවර්ධන කටයුතු ආරම්භ කළා.

ප‍්‍රශ්නය : ඔබ එහෙම කියනවා. එහෙත් මෑතකදී ඔබේ පක්ෂය මත්තල ගුවන් තොටුපොළ කල්බදු ක‍්‍රමවේදය යටතේ ඉන්දියාවට දීමට විරුද්ධ වුණා. මොකක්ද ඔබේ විරෝධතාව ?

පිළිතුර : මම ඉන්දියාවට විරුද්ධ නැහැ. මම විරුද්ධ පෞද්ගලීකරණයටයි. එය තමයි සිරිසේන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. මම කවදාවත් ඔවුන් පෞද්ගලීකරණය කරන ආකාරයට කළේ නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ගෑස් සමාගමේ කොටස් නැවත ගත්තා. රක්ෂණ සමාගමේ කොටස් නැවත ගත්තා. ඒ වගේම එමිරේට්ස් වෙත විකුණලා තිබුණු ශ‍්‍රී ලන්කන් එයාර්ලයින්ස් නැවත ගත්තා.

ප‍්‍රශ්නය : වත්මන් ඉන්දු -ලංකා දෙස ඔබ දකින්නේ කොහොමද ? නායකත්වය කියනවා එය තමයි ඔවුන්ගේ සමීපතම සබඳතාව කියලා. බොහෝ ගිවිසුම් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ. විශේෂයෙන්ම එට්කා ගිවිසුම ( ආර්ථික, තාක්ෂණික සහයෝගීතා ගිවිසුම),  ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සහ මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නැහැ.

පිළිතුර : ඔව්, දෙරට අතර ඉතා හොඳ සබඳතාවක් තියෙනවා ඔවුන් කියනවා. කලින් තිබුණටත් වඩා හොඳ සම්බන්ධයක් නායකයන් අතර තියෙනවා කියලා ඔවුන් කියනවා. එහෙත් මම හිතන්නේ අපේ පැත්තෙන් කතා විතරයි කියලා. විදේශයක සිටියදී මගේ ආණ්ඩුව විවේචනය කරන්න මට වුවමනා නැහැ. ඔවුන් පැවැත්වූ සියලූ හමුවීම් සහ සාකච්ඡා මම අගය කරනවා. එහෙත් ශ‍්‍රී ලංකාවට කිසිදු ආයෝජනයක් එන්නේ නැහැ. ආණ්ඩුව ස්ථාවර නැහැ. ඉන්දියාවේ ආරක්ෂාවට ශ‍්‍රී ලංකාවේ ස්ථාවර වීම ඉතා වැදගත්. දුර්වල ආණ්ඩුවට එම සහතිකය දෙන්න බැහැ.

ප‍්‍රශ්නය : ඔබේ පක්ෂයට බලයට පැමිණියහොත් ඉන්දියාව සමඟ සබඳතාවලදී ඔබේ ප‍්‍රමුඛත්වය වනු ඇත්තේ කුමක් ද ?

පිළිතුර : මම හිතන්නේ අපේ පළමු ප‍්‍රමුඛත්වය ආයෝජනයි. ඒ වගේම හොඳ සන්නිවේදනයක්. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය (2009)සමයේදී දෙරට අතර ට්‍රොයිකා නමින් සන්නිවේදන යාන්ත‍්‍රණයක් තිබුණා. රටවල් දෙකෙන්ම නියෝජිතයන් තුන් දෙනා බැගින් ඊට සම්බන්ධ වුණා.  ඕනෑම වෙලාවක  ඕනෑම දෙයක් ගැන ඔවුන් සාකච්ඡා කළා. රාති‍්‍රයේදී වුවත් ඔවුන් සාකච්ඡා කළා. ආර්ථික කටයුතුවලටත් අපිට ඒ වගේ යාන්ත‍්‍රණයක්  ඕනේ. අපට අද තිබෙන සෑම ප‍්‍රශ්නයක්ම සම්බන්ධයෙන්ම ඉන්දියාවටත් ශී‍්‍ර ලංකාවටත් අතර සම්බන්ධීකරණයක් ඇතිවිය යුතුයි.

ප‍්‍රශ්නය : ඔබේ ආණ්ඩුව ශක්තිමත් යැයි ඔබ විස්තර කළා. ඔබේ ආණ්ඩුව වුවමනාවටත් වඩා ශක්තිමත් යැයි චෝදනා එල්ල වුණා. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිත් විවේචනයට ලක්වුණා.

පිළිතුර : ආණ්ඩුවක් ශක්තිමත් විය යුතුයි. එක හඬකින් කතා කළ යුතුයි. වර්තමානයේදී (ශ‍්‍රී ලංකාවේ) අගමැතිවරයා එකක් කියනවා. ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිවිරුද්ධ යමක් කියනවා. ආණ්ඩුව ඇතුළේම ප‍්‍රතිපත්ති වෙනස්.

ප‍්‍රශ්නය : විවිධ අභියෝග සහ විශ්වාස භංගය හමුවේ වුවත් මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගෙන් සමන්විත පාලක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය - එක්සත් ජාතික පක්ෂය එකට ඉන්නවා. ඔවුන් මැතිවරණය එක්ව තරගකරාවි යැයි ඔබ සිතනවා ද ?

පිළිතුර : මට ඒ ගැන සැකයක් තියෙනවා. ඔවුන් එකට තරග කළත් ඔවුන්ට දිනන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. 

ප‍්‍රශ්නය : ඔබේ පැරණි පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔබේ පැරණි සගය වන සිරිසේන මහතා සමඟ වැඩ කරන්න ඔබ කැමැති ද ?

පිළිතුර : අවාසනාවකට මා සමඟ වැඩ කරන්න ඔහු සූදානම් නැහැ. අපට නව පක්ෂයක් ( ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ) තිබෙනවා. අපේ පක්ෂයේ සභාපතිවරයා ජී.එල්.පීරිස්. තුන්කොන් සටනේදී අපි සියයට 45ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කරගත්තා. එම නිසා ඔහු අප සමඟ කතා කළ යුතුයි.

ප‍්‍රශ්නය : වසර 2015 දී ඔබට විරුද්ධව පැමිණියේ විපක්ෂය පමණක් නෙවෙයි. දෙමළ ජනතාව, මුස්ලිම් සුළුතරය තමන් කොන්වී ඇතැයි නොවැදගත් යැයි ඔවුන්ට හැඟුණා. ඔබගේ සමයේදී ඔවුන් හිංසාවට ලක්වුණා. ඔවුන් ඔබට ඡන්දය දිය යුතුයි කියලා ඔබ හිතන්නේ ඇයි ?

පිළිතුර : මේ ආණ්ඩුව කරපු වැරැදි මොනවද කියලා ඔවුන් තේරුම් ගැන ඇතැයි මම හිතනවා. උදාහරණයකට 2014 වසරේ මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට වගකිව යුතු ඇමැතිවරයා මේ ආණ්ඩුවෙත් ඇමැතිවරයෙක්.   හානියට පත්වූ නිවාස අපි ඒ කාලයේදීම නැවත ගොඩනැගුවා. එහෙත් මේ අවුරුද්දේ මහනුවර ඇතිවුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් කළේ නැහැ. මේ වසරේ පෙබරවාරි මාසයේදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූ වහාම මම ඒ ප‍්‍රදේශවලට ගියා. ආගමික නායකයන් ද ඇතුළුව සියලූ ජනකොටස් කැඳවමින් මම රැස්වීමක් පැවැත්වුවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එහි ගියේ ඉන් පසුවයි.

ප‍්‍රශ්නය : එහෙත් ඔබ නියෝජනය කරන්නේ අති විශාල ශක්තිමත් සිංහල -බෞද්ධ බහුතරය බවට යම් කනගාටුවක් සහ සැලකිල්ලක් තිබෙනවා. එහිදි සුළු ජාතිකයන්ට තමන්ට ආරක්ෂාවක් නැතැයි හැඟී ගොස් තිබෙනවා.

පිළිතුර : මේ බලන්න. මේ වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සමස්ත ආසනවලින් සියයට 71ක බලය හිමි කරගැනීමට අපි සමත්වුණා. ඒක නිසා බොහෝ පිරිසක් අප සමඟ ඉන්නවා කියලා මම හිතනවා. මේක නිකං විපක්ෂය ව්‍යාප්ත කරපු බොරුවක්. මගේ විරුද්ධවාදීන් පතුරන අසත්‍ය ප‍්‍රචාරයක්. මම හිතන්නේ නැහැ මේ මිනිස්සු අතර තියෙන අවබෝධය කියලා.

ප‍්‍රශ්නය : එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පැවැති යුද්ධයේදී සහ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔබේ අතීත කාර්යභාරය කෙසේ සිදු වූයේ ද ? මාධ්‍යවේදීයකු වදහිංසා කිරීම සම්බන්ධයෙන් මෑතකදී ඔබෙන් ද ප‍්‍රශ්න කළා. මේ චෝදනාවලට කොතරම් වගකීමක් තිබෙනවා ද ?

පිළිතුර : මම හිතන්නේ නෑ මේ දේවල් ප‍්‍රශ්නයක් වේවි කියලා. මේ චෝදනා ගෙන එන්නේ අපට හිරිහැර කරන්න කියලා මිනිස්සු දන්නවා. මොකද මේ චෝදනා ඔක්කොම තියෙන්නේ රාජපක්ෂ පවුලට විරුද්ධව. ඒ වගේම ඔවුන්ගේ ආධාරකරුවන්ට විරුද්ධව. එතකොට මගේ ආණ්ඩුවේ හිටපු දැන් මේ ආණ්ඩුවේ ඉන්න අය ගැන මොකද කියන්නේ ? මේවා නිස්සාර චෝදනා. වසර කිහිපයක් ගිහිල්ලත් මේ චෝදනා කිසිවක් ඔප්පු වෙලා නැහැ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන යන විදියට, ඔවුන්ට මගේ පස්සෙන් එන්න දෙන්න. අපට සඟවන්න කිසිවක් නැහැ. ඔක්කොම පස්සේ අපි එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළා. එය කළේ අප වෙනුවෙන් විතරක් ද  ? එහෙම නෙවෙයි ද ? එය එක් ප‍්‍රජාවකට එක් රටකට පමණක් නෙවෙයි. ඔවුන් රජිව් ගාන්ධි ඝාතනය කළා. ඔවුන් අනෙක් රටවල සිටි තවත් සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වූවා. ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර ලෝකයට හඳුන්වා දුන්නා. ඒ නිසා ඔවුන් පරාජයට පත් කිරීම රටවල් බොහෝමයකට උපකාරයක් වුණා.

ප‍්‍රශ්නය : තමිල්නාඩු ප‍්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ නිර්දේශ මත රජිව් ගාන්ධි ඝාතකයට වරදකරුවන් වී සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන් නිදහස් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පසුගිය දින කිහිපයේදී ප‍්‍රශ්නයක් පැන නැගී තිබුණා. මේ ගැන ඔබේ මතය කුමක් ද ?

පිළිතුර : මේ ගැන මට කිසිම අදහසක් නැහැ. ඒක ආණ්ඩුවට අයිති දෙයක්. එය ඉන්දියාවේ අභයන්තර කටයුත්තක්. මේක ශී‍්‍ර ලංකාවේ වුණා නම් අපි ඉන්නේ මීට වඩා වෙනස් තැනක. එහෙත් ඉන්දියාවේ දෙයක් සම්බන්ධයෙන් මම කොහොමද අදහස් දක්වන්නේ ?

ප‍්‍රශ්නය : 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ධුර කාලය සීමා කර තිබෙනවා. ඒ අනුව ඔබ ධුර කාල දෙක අවසන් කර තිබෙනවා. ලබන වසරේ දී (2019) මැතිවරණවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙහෙයවන්නේ කවුද ?

පිළිතුර : මම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙනවා. සංශෝධනය තිබුණත් මට මැතිවරණයට තරග කළ හැකි බවට මතයක් තිබෙනවා. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට යනවා. එහෙත් එම අවදානම ගන්නවාද නැද්ද කියලා මම තීරණය කළ යුතුය. සියලූදෙනාටම පිළිගත හැකි අපේක්ෂකයකු ප‍්‍රකාශයට පත් කිරීම අනෙක් විකල්පයයි.

ප‍්‍රශ්නය : මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔබේ පවුලේ අයෙක් ද ? නැතිනම් ඔබ වෙනත් අයෙක් සලකා බලනවාද?

පිළිතුර : ‘මගේ පුතා (නාමල් රාජපක්ෂට) ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්න බැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ අවම වයස අවුරුදු 35ක් දක්වා වැඩි කරලා. කලින් එය 30ක්. ඒ නිසා 2019ට ඔහු සලකා බලන්න බැහැ. මගේ සහෝදරය නිසැකයෙන්ම තරගකරුවෙක්. එහෙත් ජනතාවට අවශ්‍ය කවුද කියලා පක්ෂය සහ සන්ධානය තීරණය කළ යුතුයි’’.

(ලංකා ඊ නිව්ස්)

‘‘පසුගිය දින කිහිපය පුරා ඊනියා ඒකාබද්ධ කල්ලියේ සහ රෙජිම මාධ්‍යවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය වුණේ රාජපක්ෂ කල්ලිය විසින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹ වටලනවා කියන කතාවයි. උදය ගම්මන්පිල මහතාට අනුව මේ විරෝධතා ව්‍යාපාරය 04 වැනිදා රාත‍්‍රියේ සිට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් එකක් වෙනවා. වාසුදේව නානායක්කාර මහතා කියන්නේ මේ විරෝධතාව නිසා මුළු කොළඹ නගරයේම පරිපාලන හා ආර්ථික කටයුතු බිඳ වැටීම සිදුවිය හැකි බවයි. ඒ අතර එදිනට ගැනීමට නියමිත (ඔවුන්ට පමණක් රහසක් වූ) තවත් දැඩි පියවර රැසක් ගැන මේ කල්ලිය මාධ්‍ය හරහා දැඩි ප‍්‍රචාරයක් ලබා දෙනවා. මේ විරෝධතා ව්‍යාපාරය ගැන වඩාත්ම විචිත‍්‍රවත් කතාව කියන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතායි. පසුගිය ඉරිදා පුවත්පතක් සඳහා සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් රාජපක්ෂ මහතා මෙසේ ප‍්‍රකාශ කරලා තිබුණා. ‘‘ඒක තමයි මං කිව්වේ. සැප්තැම්බර් පස් වැනිදා අපි ජනතාව එක්ක පාරට බහින්නේ ආපහු හැරෙන්න නෙමෙයි, කියලා. එදාට ආරම්භ වෙන වැඩපිළිවෙළ නතර වෙන්නේ රනිල් වික‍්‍රමසිංහව ගෙදර යවලා. එයාට කොයි ගෙදරට යන්න වෙයි ද කියලා මම දන්නේ නැහැ. අගමැතිකමෙන් යන්න වෙනවා කියන එක නම් මට ස්ථිරවම කියන්න පුළුවන්’’

ඉහතින් සඳහන් වෙන්නේ රාජපක්ෂ කල්ලිය විසින් සංවිධානය කළ ඊනියා ‘‘ජන බලය කොළඹට’’ උද්ඝෝෂණය ගැන මේ ලියුම්කරු පසුගිය සිකුරාදා ‘‘අන්වීක්ෂයට’’ ලියූ ලිපියේ ආරම්භක පරිච්ඡේදයයි. එදා මෙම ලියුම්කරු ඇතුළු බොහෝ දේශපාලන විශ්ලේෂකයින් අවධාරණය කළ කරුණ පසුගිය 09 වැනි බදාදා පැවැති ඊනියා උද්ඝෝෂණය මගින් මනාව පැහැදිලි වුණා.

නැටූ කොවිලෙකුත් නැහැ බෙරේ පලූවකුත් නැහැ

සැප්තැම්බර් 05 වැනිදා මධ්‍යාහනය දක්වා ‘‘ආණ්ඩුව ගෙදර යවනවා’’ යැයි වහසි බස් කියමින් රාජපක්ෂ කල්ලිය ඇල්ලූ අඩව්ව අවසානයේදී මේ තරම් කූජිත ආකාරයෙන් නිමට පත් වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ බව සහතිකයි. ඒ මේ ඊනියා උද්ඝෝෂණය ගැන අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ප‍්‍රචාරයක් සහ වටිනාකමක් රෙජිම මාධ්‍ය විසින් ඉතාම සංවිධානාත්මකව ගෙන ගිය නිසයි. ඇතැම් පුද්ගලික එෆ්.එම් නාලිකා සහ වෙබ් අඩවි ඉතාම නිර්ලජ්ජිත ලෙස මෙම උද්ඝෝෂණය මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කර ගෙන තිබුණා. ඒ මගින් ඔවුන් කොළඹ ඇතුළු රටේ සමස්ත ජන ජීවිතයම අඩාල කිරීම සඳහා දැඩි ප‍්‍රයත්නයක් ගන්න ආකාරයක් දැකිය හැකි වුණා.

එහෙත් අවසානයේ ‘‘කන්දක් විලිලා මී පැටියෙක් වැඳුවා සේ’’ රාජපක්ෂ කල්ලියේ උද්ඝෝෂණය මස්ත බාල්දු වෙලා ගියේ මහින්ද, නාමල්, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලට තව දුරටත් මේ රටේ ජනතාව ඇන්දීමට නොහැකි බව මනාව පැහැදිලි කරමිනුයි. ඒ වගේ විමල් වීරවංශ, ගම්මන්පිල, දිනෙෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ආදී බොල් පිළිමවලට තව දුරටත් වාචාල කතා මගින් ජනතාව මුලා කිරීමට හැකියාවක් නැති බව තහවුරු කරමිනුයි. රාජපක්ෂ කල්ලියට බලය අල්ලා ගැනීමට තිබෙන තදියම ජනතාව නැති බව පැහැදිලි කරමිනුයි. නටූ තොවිලෙකුත් නැති බෙරේ පළුවකුත් නැති මේ ඊනියා උද්ඝෝෂණය ඉතාම පැහැදිලිව රාජපක්ෂ පවුලේ රෙදි ගැළවූ තවත් අවස්ථාවක් වශයෙන් ඉතිහාසයට එක් වන බව සහතිකයි.

රනිල් ගෙදර යැවීමට පාරට බැස්ස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා විටින් විට කොළඹ සුපිරි හෝටල්වල රැුදෙමින් සිට අවසානයේ සාටෝපකාරි ආකාරයෙන් උද්ඝෝෂකයින් අතරට පැමිණෙන දුටු උද්ඝෝෂකයින් මහින්ද රාජපක්ෂ මහතා සමග යළි අරලියගහ මැඳුරට ගොස් කිරිබත් කෑමට සිහින දුටු බවට සැකයක් නැහැ. ඊට හේතු කිහිපයක් තිබුණා. ඒ අතර ප‍්‍රධාන වුණේ ආණ්ඩුව ගෙදර යවා මිස තමන් නවතින්නේ නැති බව රාජපක්ෂ කල්ලිය ජනතාවට සහතික වශයෙන් කියා සිටීමයි. ඒ නිසා කොළඹ වටලා ගෙන දවසක් නොව මාසයක් වුව සිටීමට තරම් මනෝභාවයක් ඇතැම් උද්ඝෝෂකයින් අතර තිබුණා. උද්ඝෝෂකයින් අතර සිටි බහුතරයකගේ සැබෑ අපේක්ෂාව වුණේ ටියුනීසියාව, ඊජිත්තුව වැනි රටවල සිදු වුණා සේ අඛණ්ඩව අග නගරය වටලා ගෙන උද්ඝෝෂණයේ යෙදීමයි. ආණ්ඩුකට ඉල්ලා අස්වන තෙක් කොළඹ නගරයේ වඩිලා සිටීමයි. ආරාබි වසන්තය සේ ‘‘නාමල් පිපෙන රාජපක්ෂ වසන්තයක්’’ බිහි කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ ආපසු ගම්රටවල් බලා යාමටයි. උද්ඝෝෂකයින්ට තුළ මෙවැනි අතිධවනකාරී මානසිකත්වයක් නිර්මාණය කිරීමට රාජපක්ෂ කල්ලි සහ රෙජිම මාධ්‍ය ඉතාම සැලසුම් සහගතව පියවර ගෙන තිබුණා. ඒකාබද්ධයේ ප‍්‍රබලයෙක් වන කුමාර වෙල්ගම ‘‘අපි හෙට නයිට් පාක් කොළඹ’’යැයි වහසි බස් දෙඩුවේ ඒ නිසයි.  ඒත් ? හත අට වෙද්දී රාජපක්ෂ කල්ලිය සුපිරි හෝටල්වල සවුදිය පුරද්දි ගම්වලින් පැමිණි ජනතාවට හිස් අතින් ආපසු ගමට යාමට සිදු වුණේ තවත් වරක් රාජපක්ෂලාගේ සාඩම්බර කතාවලට ර‍ෙවටුණු බව මනාව වටහා ගනිමිනුයි.

පුංචි ඡෙන්දේ ආකර්ෂණය බාල්දු කර ගැනීම

05 වැනිදා උද්ඝෝෂණය ආරම්භ වන තෙක් උද්ඝෝෂණය සම්බන්ධයෙන් සෑම දෙයක්ම ‘‘අපූරු රහසක් ’’ ලෙස තියා ගැනීමට රාජපක්ෂ කල්ලිය උත්සාහා ගත්තා. මෙහි න්‍යායාචාර්යවරුන් වූ ගම්මන්පිල සහ විමල් වීරවංශ මේ හරහ  සැලසුම් නිසා අපූරු ස්වවං වින්දනයක් ලබන ආකාරත් දැකිය හැකි වුණා. ඒ නිසා තමන්ට කැමැති - කැමැති ආකාරයට එය අර්ථ ගන්වන්න හැකියාව ලැබුණා. කොහොම වුණත බළලා මල්ලෙන් එළියට පැන්නේ උද්ඝෝෂකයින් බෝඞ් ලෑලි අර ගෙන පාරට බැස්ස අවස්ථාවේදීයි. පසුගිය කාලය පුරාම මස්තබාල්දු වුණ සටන් පාඨ හැර අලූත් කිසිම දෙයක් දැක ගැනීමට නොහැකි වුණා. ‘‘අපිට ඔන ආණ්ඩුවක් - මහින්දගේ ආණ්ඩුවක්’’ ‘‘කොටි එළියට - විරුවන් ඇතුළට’’ ‘‘මහා සංඝ රත්නයට අත නොතබනු’’ ‘‘ජීවන වියදම පහළ දමනු’’ ‘‘පාලාතය මර්ධනය කරනු’’ ‘‘විජයකලා කොටි ඉල්ලයි - ඇමැතිවරු ගොටු අල්ලයි’’ ‘‘පළාත් සභා ඡුන්දයට බාලගිරි දෝෂය’’ ආදී යල්පැන ගිය සහ දියාරු සටන්පාඨ සහිත පුවරු ගෙන සිටි උද්ඝෝෂකයින් අතර තිබුණේ සටන්කාමී ජවයක් නොව ‘‘ආතල් ගන්න ආ’’ ස්වභාවයක්. කොටින්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක දැකිය හැකි වූ ජවය, සටන්කාමී ස්වභාවය වෙනුවට දැකිය හැකි වුණේ ගමේ කොල්ලෝ ටි‍්‍රප් එකක් ගිය විට දැකිය හැකි ස්වභාවයයි. විකාරරූපී භාවයක්.

‘‘උද්ඝෝෂකයින් තුළ පැවැති මේ විකට ස්්වභාවය ගැන මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ බොහෝ දෙනෙක් කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව ප‍්‍රබාකාරයෙන් එල්ල කළ හැකි විවේචන රහිත තත්ත්වයක් තුළ මෙවැනි මන්දෝස්සාහීභාවයක් උද්ගත වීම ස්වභාවික තත්ත්වයක් බවයි.

‘‘මේවා පසුගිය කාලය පුරාම දිගින් දිගටම කළ පුහු චෝදනා. 2015 දී නම් විදුලි පුටුව, ජාත්‍යන්තර යුධ අධිකරණය, කොටි නැගිටීම, පෙඩරල් ව්‍යවස්ථාව, ජනතාවගේ, විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ආකර්ෂණයට ලක් වුණා. ඒමගින් ඔවුන් තුළ දැඩි බියක් නිර්මාණය කළා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහ බැංකු බැඳුම්කර සිදුවීම, රටේ සංවර්ධනය අඩාල වීම වැනි දේ ප‍්‍රධාන සටන් පාඨ වුණා. ඒත් පසුගිය කාලයේදී ඒ සියලූ චෝදනා හුදු ප‍්‍රලාප බවට පත් වුණා. ඉතිං රාජපක්ෂ පාර්ශ්වයට අලූත් සටන් පාඨ සොයා ගැනීමට සිදු වුණා. ඒත් දැන් මොනවා කියලා කියන්නද ? ඉතිං පාක්ෂිකයින් මන්දෝත්සාහී වීම ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. මේ තත්ත්වයවත් ඉදිරියට රැක ගන්න රාජපක්ෂ කල්ලියට නොහැකි වෙනවා’’ මේ ලියුම්කරු සමග අදහස් දැක්වූ දේශපාලන විද්‍යාඥයෙක් සඳහන් කළා. ඔහු එහිදී අවධාරණාත්මකව කියා සිටියේ සැප්තැම්බර් 05 උද්ඝෝෂණයේ අසාර්ථක්වය රාජපක්ෂවරුන්ගේ ඉදිරි බල ව්‍යාපෘති සැලසුම් හා න්‍යාය පත‍්‍ර සම්පූර්ණයෙන් අවුල් කරනු ඇති බවයි.

‘‘අද (06) උදේ මෙනවා හරි ලොකු දෙයක් වෙයි කියලා රාජපක්ෂ පාක්ෂිකයෝ බලාපොරොත්තු වුණා. ඔවුන් කොළඹට ආවේ දැඩි බලාපොරොත්තුවකින්. ඒත් ආරම්භයේ සිටම ඒ බලාපොරොත්තුව බිඳ ගන්න ඔවුන්ට සිදු වුණා. නායකයින් වෙතින්, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඔබුන් බලාපොරොත්තු වුණ උත්තේජනය ලැබුණේ නැහැ. අනෙක් අයත් ඇපෙන් බේරෙන්න වාගේ වැඩ කළේ. හවස් කාලයේ කරන උද්ඝෝෂණයකින් මොනවද කරන්න පුළුවන්. ඔවුන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ආණ්ඩුවවෙන් දැඩි ප‍්‍රතිරෝදයක් බලාපොරොත්තු  වුණා. ඒත් ඒ කිසිවක් සිදු වුණේ නැහැ. ඇතැම් මාධ්‍ය විසින් ලබා දුන් දැඩි ප‍්‍රසිද්ධිය නොවුණා නම් තත්ත්වය මීටත් වඩා දුර්වල වෙන්න තිබුණා. මේ තමන් පත්ව සිටින මේ දුර්වල තත්ත්වය රාජපක්ෂවරු බලාපොරොත්තු නොවුණා විය හැකියි. ඒත් මේ මොහොතේ දේශපාලන භූමියේ යථාර්ය මේකයි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ඔවුන් දිනාගත් සාපේක්ෂ බලය පවා මේ උද්ඝෝෂණය හරහා හෑල්ලූවට ලක් වුණා’’ සැප්තැම්බර් 05 උද්ඝෝෂණය ගැන ප‍්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙක් ලියුම් කරු සමග ඉහත ප‍්‍රකාශය කළා.

මහින්දගේ කිඹුල් කඳුළු

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ සිහිනය සමගින් කොළඹ වැටලීමට පැමිණි ජනතාව හමුවේ මහින්ද රාජපක්ෂ මහතා කළ කතාව දැනත් අප අපගේ අවධානය යොමු කළ යුතුයි. උද්ඝෝෂකයින් හමුවේ රාජපක්ෂ මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහෝසි කරමින්, රට ඒකාධිපතීත්වයක් කරා ගෙන යමින් සිටින බවයි. ඒ වගේම විපක්ෂයක් ලෙස දේශපාලන කිරීමට අයිති අයිතිය ගැන ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණාත්මක කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ප‍්‍රකාශය ගැන බොහෝ දෙනෙක් යොමු කළේ හාස්‍යය මුසු බැල්මක්. ඒ මහින්ද රාජපක්ෂ යුගයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කරදීමට සහ විපක්ෂයට දේශපාලන කිරීමට කොතරම් අවස්ථාවක් ලබා දුන්නාද යන්න ගැන ඔවුන් තුළ මනා වැටහීමක් වගේම මතකයක් තිබුණ නිසයි. මේ වන විට ‘‘තමාට අවාසි සෑම දෙයක්ම අමතකක වීමේ රෝගයෙන් පෙළෙන’’ රාජපක්ෂ මහතාට තම පාලන යුගයේදී තමා ප‍්‍රජතන්ත‍්‍රවාදය කොතරම් පහත් ලෙස කෙළසා දැමුවාද යන්න ගැන අමතකව තිබිය හැකියි. ඒත් මාධ්‍ය නිදහස අහුරාදමමින්, සියලූම ආකාරයේ පොදුජන හා වෘත්තීය සමිති උද්ඝෝෂණ මර්ධනය කර දමමින් දැඩි මර්ධනකාරී රාජපක්ෂ යුගය ජනතාවට අමතක කිරීමට පහසු නැති බව රාජපක්ෂ මහතා වටහා ගත යුතුයි. උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරපල්ලෙක් ලෙස පිළිගැනෙන ‘‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’’ නීතිගත කර ගැනීමට එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත හා සම්බන්ධ සිදුවීම දැක්විය හැකියි. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පවා ඉඩ නොදුන් රාජපක්ෂ පාලනය එම ප‍්‍රයත්නය සම්පූර්ණයෙන් කඩාකප්පල් කළ බව ජනතාවට අමතක විය නොහැකියි. ‘‘පනතක් මොකටද ?  ඕනෑම තොරතුරක් මගෙන් ඉල්ලන්න’’ යැයි වහසි බස් දෙඩු මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් ආණ්ඩුව තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකම් වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාපිතවම පිළිගෙන ‘‘තොරතුරු කොමිසමක් ’’ ද ස්ථාපිත කර ඇති බව අමතක වීමට හේතුවක් නැහැ. ඒ වගේම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වඩාත් බලවත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ඇති බව අමතක වීමට හේතුවක් නැහැ.

අද රාජපක්ෂ මහතා විසින් කිඹුල් කඳුළු හෙළන ‘‘විපක්ෂයට දේශපාලනය කිරීමට ඇති අයිතය’’ ගැන කතා කිරීමට පවා මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අයිතියක් නොමැති බවයි බහුතරයකගේ අදහස වන්නේ. 2004 / 2010 මහ මැතිවරණවලින් පාර්ලිමේන්තුවට පත් වූ විපක්ෂ මන්ත‍්‍රීවරුවන් තොග පිටින් ආණ්ඩුවට එක්කර ගනිමින් විපක්ෂයේ සියලූම දේශපාලන කඩා ඉහිරුවමින් පවුල් පාලනයක් ගෙන යාමට සියලූ දේ කළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් විපක්ෂයට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදුන් යුගයක් ලංකා ඉතිහාසයේ තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පවා නැහැ. ඒ තරමටම රාජපක්ෂ යුගයේදී පාර්ලිමේන්තුව තුළදී මෙන්ම අන් සෑම තැනකදීම විපක්ෂය දැඩි මර්ධනය ලක් වුණ බව අපට කිසිසේත් අමතක කළ නොහැකියි. 2010 ජනාධිපතිවරණයේදී තමා සමග තරඟ කරමින් ඡන්ද ලක්ස 40ක් දිනාගත් විපක්ෂයේ අපේක්ෂකයා බොරු හා අභූත චෝදනා නගමින් සිරගත කිරීමට තරම් දුර ගිය මහින්ද රාජපක්ෂ මහතා අද දෛවෝපගත ලෙස විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුව සිටිමින් විපක්ෂයට දේශපාලනය කිරීමේ අයිිතිය එදා වින්දිතයින්ගෙන්ම ඉල්ලා සිටීම දේශපාලන සරදමක් පමණක් නොව දේශපාලන විගඩමක්ද බව වටහා ගත යුතුයි.

‘‘රට ඒකාධිපතීත්වයක් ’’කරා යමින් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතා හෙළන කිඹුල් කඳුළු ගැනද කිව යුත්තේ ‘‘රට ඒකාධිපතීත්වයක් කරා ගමන් කරමින් සිටින බවට මේ චෝදනා කරන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන යාවජීව ජනාධිපති වෙන්න දත කෑ, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම අතට ගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතා ද නැතිනම් වෙනත් රාජපක්ෂ කෙනෙක්ද ? යන්න ගැන සිහි මොළේ ඇති මිනිසුන් කල්පනා කරන බවයි.

මේ නිසා නැටූ තොවිලෙකුත් නැති - බෙරේ පලූවකුත් නැති සැප්තැම්බර් 05 ඊනියා උද්ඝෝෂකයින් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශ හා චෝදනා අළුයම ලූ කෙළපිඬක් සේ බැහැර කිරීම හැර ජනතාවට ගත යුතු යමක් ඇත්තේ නැහැ.

හිට්ලර් සෙවණැලි පෙළපාලි යන විට

මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විපක්ෂයේ දේශපාලන අයිතිය වගේම ආණ්ඩුවේ ඒකාධිපති ගමන ගැන හාස්‍ය ජනක කතා වගේම හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජනතාව සමග උද්ඝෝෂණ පෙළපාලි යනු දකින විට හාස්‍යය මුසු කනගාටුවක් ඇති වීම පුදුමයක් නොවෙයි. ඒ ‘‘ගෝඨා පන්නය’’ තුළ මෙවැනි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් යනු සිහිනයක්ම පමණක් වන නිසයි. වෙඬරුවේ උපාලි ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ මිලිටරි කල්ලි වෙතින් ‘‘හිටලර්ගේ අවතාරයක් ’’ ලෙස අභිෂේක ලැබීමට සිහින දකින ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බලවත්ම අයිතියක් සේ පිළිගන්නා උද්ඝෝෂණ ව්‍යාපාරයක ඉදිරියෙන්ම ගමන් කරනු දැකීම හාස්‍යයක් නොවන්නේ කෙසේද ? යම් ආකාරයකින් සැප්තැම්බර් 05 වැනිදා ? වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට මේ කල්ලිය සමත් වුණා නම් සැප්තැම්බර් 06 වැනිදා සිට බිහිවන ගෝඨලන්තයේ මෙවැනි පොදුජන උද්ඝෝෂණ සඳහා නිදහසක් තබා ඒ ගැන සිතීමට පවා ඉඩක් තිබේද ?

‘‘හැදෙන ගහ - දෙපෙත්තෙන් පෙනෙනවා’’ කියන්නා සේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ධූරය දැරූ යුගයේ කටුනායක සිට රතුපස්වල දක්වා, කොළඹ කොම්පඤඤවීදියේ සිට වන්නියේ පුදුමාතලන් දක්වා මේ ආණ්ඩුවට විරෝධය පෑමේ අයිතිය නොලැබුණු බව සිහිපත් කර ගත යුතුයි. හිට්ලර්ගේ මුණබුරා වෙමින් මිලිටරි හා අන්තවාදී භික්ෂූ කල්ලියක් සමග හිට්ලර් පන්නයේ ගමනක් යාමට සිහින දකිමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ලේක් හවුස් වටරවුමට එන විට ලේක් හවුස් ආයතනයේ ම සේවය කළ පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ආදින්ගේ මතකය සිතට නොනැගුණා විය නොහැකියි.

මේ තත්ත්වය තුළ 2015 ජනවාරි 08 වැනිදා ‘‘ඡන්දය’’ නැමැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවිය මගින් සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් කෙළසමින් සිටි පවුල් පාලනයක් පෙරළා දැමූ 62 ලක්ෂයක් ජනතාවට තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බව වැටහී යා යුතුයි. ඒ නාමල් පිපිපෙන රාජපක්ෂ වසන්තයක් මේ බිම තුළ යළි බිහි නොවීමට වග බලා ගැනීමයි. ඒ සමගම ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය  ඕන - ඒකාධිපතිවාදය වානා’’ යැයි බෝඞ් ලෑලි ගසාගෙන මේ එන්නේ හිටලර්ලාගේ, පොල්පොට්ලාගේ මල්ලීලා බව හෙටත් මේ කල්ලි පසුපස වැටීමට සූදානම් ‘‘පොල් ලෙලිවලට’’ වටහා දීමට පියවර ගත යුතුයි.

‘‘බුදු සරණයි !’’ කියා බෝඞ් එකක් ගසා ගෙන හරස් මස් අදින ලොරියකයි සැප්තැම්බර් 05 උද්ඝෝෂණයි අතර කිසිම වෙනසක් නම් නැහැ. දෙකම එකයි !

ප්‍රසන්න රත්නායක

‘‘ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ ආ යුතුයි’’ යන කියමන සනාථ කරමින් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින ආකාරයක් අපට පසුගිය සතියේ දකින්නට ලැබුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද සිටින පතුළක් නොපෙනෙන ළිඳට වැටුණේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අසීමිත වාර ගණනක් ජනාධිපතිධූරය දැරිය හැකි බවට ව්‍යවස්ථාව සංශෝධනය කර ගත් නිසයි. එසේ නොවුණා නම් ජනතාවට 2015 දී ජනාධිපතිවරණයක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ පූර්ණ නිල කාලයම ධූරය දරමින් සිට ගෞරවණීය ආකාරයට විශ‍්‍රාම යාමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව හිමි වෙනවා. ඒත් අසීමිත බල තණ්හාව සහ කේවට්ට උපදේශකයෝ ඒ සියලූම අවස්ථාවන් අහිමි කරලා මහින්ද රාජපක්ෂ මහතාව පතුළක් නොපෙනෙන පාළු ළිඳකට තල්ලූ කරලා දැම්මා. ඒ ෆැසිස්ට්වාදයට පාර කැපූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගිනුයි.

යළිත් මහින්ද රාජපක්ෂ මහතාගේ මේ අසීමිත බල තණ්හාව සහ රාජපක්ෂ මහතා වටේ සිටින කේවට්ට උපදේශකයෝ 2015 දී වැටුණ ළිං කටින්ම ගොඩ ඒමට මගක් සොයමින් සිටිනවා. ඒ ‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන්නේ නැහැ’’ යැයි තර්ක කරමිනුයි. මේ කුතර්කය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින නීති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වැන්නන් අද මහින්ද රාජපක්ෂ මහතාට ලූණු දෙමින් සිටින්නේ කෙසේ හෝ රාජපක්ෂ මහතාව ළිඳෙන් ගොඩ ගන්නා ආසාවෙන් බව පැහැදිලියි. ඒත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ගැන හසල දැනුමත් සේම රාජපක්ෂ තේජසින් දෑස් අන්ධ කර නොගත් නීතිවේදීන් ඉතාම පැහැදිලිව පෙන්වා දෙන්නේ ජී.එල්, සරත් නන්ද සිල්වා වැනි රාජපක්ෂ පේ‍්‍රමීන් ඉදිරිපත් කරන තර්ක කිසිදු ආකාරයක පදනමක් නැති හුදු ප‍්‍රලාප පමණක් බවයි.

ව්‍යවස්ථාපිත විධිවිධාන

විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියේ (2) අනු වගන්තියේ ඉතා පැහැදිලිව දක්වා තිබුණේ, ‘‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධූරයට  ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේ ය’’ යනුවෙනුයි. දේශපාලන හා නීති ප‍්‍රවීණයින්ට අනුව මේ වගන්තිය මග හැර යාමට හැකියාව තිබුණේ 1978 මහ මැතිවරණයෙන් බලයට පත්ව, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපති ධූරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතාට පමණයි. ඒ ජයවර්ධන මහතාව ‘‘ජනතාව විසින් තෝරා පත් කර ගන්නේ ’’ 1982 ජනාධිපතිවරණයෙන් පමණක් වීම නිසයි. මෙම ප‍්‍රතිපාදනය ඊළඟට නොකඩවා දෙවරක් (1994/1999) ජනාධිපතිවරණ ජයගත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ද ඒ ආකාරයෙන්ම බලපෑ නිසා එතුමිය යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණේ නැහැ.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා 2010 සැප්තැම්බර් 09 වැනිදා කූඨ හා අත්තනෝමතික ලෙස සම්මත කර ගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළා. මෙම සංශෝධනයේ මෙසේ සඳහන් වුණා.

(මෙහි මින් මතු ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව’’යනුවෙන් සඳහන් කරනු ලබන) ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

1.       එකී ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව ඉවත් කිරීමෙන්,

යනාකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතා අසීමිත වාර ගණනක් (ජනතාව විසින් තෝරාපත් කර ගන්නා තාක්) ජනාධිපති ධූරය දැරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන ඇතුළත් කර ගත්තා.

එදා මේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ දැඩි විවේචනයට සේම පිළිකුලට ලක් වුණා. ඒ අතර අද මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කෝන්දේසි විරහිතව පෙනී සිටින හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ද සිටියා. මෙහිදී පොදුවේ එල්ල වූ විවේචනය වුණේ එක් පුද්ගලයෙකු විසින් අසීමිත වාර ගණනක් ජනාධිපති ධූරය දැරීම නිසා ජනතාවගේ නිදහස සේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද වළ පල්ලට ගොස් රට ඒකාධිපතිවාදය කරා ගමන් කරනු ඇති බවයි. එහෙත් මේ කිසිඳු විවේචනයකට හෝ විරෝධයකට මහින්ද රාජපක්ෂ මහතා හෝ රෙජිමය කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වුණේ රාජපක්ෂ පවුලේ යාවජීව පාලනයක් (පවුල් පාලනයක්) වෙනුවෙන් මේ පාර්ශ්වය කොන්දේසි විරහිතව පෙනී සිටීමයි.

එහෙත් දෛවෝපගත ආකාරයෙන් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක පරාජයක් හිමිකර දීමට මෙරට ජනතාව පියවර ගත්තා. ඔවුන් එදා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට දැඩි තීන්දුවක් ගත්තේ නැවත වරක් මහින්ද රාජපක්ෂ මහතාව පමණක් නොව ඔහු විසින් නායකත්වය දුන් රෙජිමය (පවුල්) පාලනය ද අනවශ්‍ය බව අවධාරණය කරමිනුයි.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 මැයි 15 වැනිදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නේ ඉතාම පැහැදිලිව යළිත් මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව ඉදිරියේ දී ජනාධිපති ධූරයට පත්වන  ඕනෑම පුද්ගලයෙකුට දෙවතාවකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි බවට ප‍්‍රතිපාදන ඇතුළත් කිරීම මගිනුයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සංශෝධනය කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාව යළි සංශෝධනය කිරීමට පියවර ගත්තා.

  1. 4. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවට ඉක්බිතිව ම පහත දැක්වෙන අලූත් අනු ව්‍යවස්ථාව ඇතුළත් කිරීමෙන් :- ”(2) ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේ ය”

අද මහින්ද රාජපක්ෂ පාර්ශ්වය තර්ක කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බල නොපාන නිසා එය මහින්ද රාජපක්ෂ මහතාට අදාළ නොවන බවයි. ඒ අනුව යළිත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බවයි.

නීතිවේදීන් තර්ක මොනවාද ?

මේ සම්බන්ධයෙන් ඉතා නිරවුල් පැහැදිලි කිරීමක් හිටපු අධිකරණ ඇමැතිවරයෙක් වූ වත්මන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් කර තිබුණා. ‘‘19 වැනි ව්‍යවස්ථාව අනුව අතීතයේ ජනාධිපති තනතුර දෙවරක් දරා තිබෙනවා නම් අනාගතයේ දී ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න නොහැකි බවට ඉතාම පැහැදිලිව ප‍්‍රතිපාදන දක්වා තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන ‘‘ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරාපත් කරගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරාපත් කර ගැනීමට සුදුස්සෙකු නොවන්නේය’’ යන නෛතික ප‍්‍රතිපාදන ඉතාම පැහැදිලියි.

මේ සම්බන්ධයෙන් නීතිඥ සුනිල් වටගල මහතා ද තමන්ගේ අදහස් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ මෙවැනි අදහසක්. ‘‘මේක සම්පූර්ණයෙන්ම ජනතා ආකර්ෂණය දිනා ගන්න මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තවත් සංදර්ශනයක් විතරයි. රාජපක්ෂලාගේ ජනප‍්‍රියත්වය වේගයෙන් හීන වෙමින් තිබෙනවා. තමන් වෙතින් ගිලිහෙන ජනප‍්‍රියත්වය රැුක ගන්න ඔවුන්ට කාලයෙන් කාලයට මේ වාගේ  උප්පරවැට්ටි යොදා ගන්නවා. නීතිඥයෙක් ද වෙන මහින්ද රාජපක්ෂ මහත්තයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වුණ දේ ගැන නොදැන ඉන්න විදිහක් නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දෙවරකට වඩා ජනාධිපති ධූරයට දැරිය නොහැකි බවට ප‍්‍රතිපාදන දැම්මේ ම යළිත් මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අවස්ථාවක් නොදෙන්නම තමයි. මේ ගැන ඔහු හෝ ඔහු වටා සිටින කල්ලිය සංවිඥානික නොවෙන්න කිසිම හේතුවක් නැහැ. මේ කරන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක්’’

රාජපක්ෂ රෙජිමය යළි ඔසවා තැබීමේ අසීමිත වුවමනාවෙන් පෙළෙන නීතිවේදීන් පිරිසක් හැරුණ විට සෙසු සියලූ නීතිවේදීන්ගේ අදහස වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි.

රාජපක්ෂ පවුලේ බල පොරය

ඒ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ප‍්‍රවේශය වෙනත් කෝණයකින් ද දකින පිරිසක් සිටිනවා. ඔවුන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතා යළි ඉදිරිපත් වීම පිළිබඳ තර්කය ඉදිරිපත් වන්නේ මේ වන විට රාජපක්ෂ පවුල තුළ ක‍්‍රමයෙන් මෝරා වැඩෙන බල අරගලය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප‍්‍රියභාවය පිරිහීම පිළිබඳ ජනතා අවධානය වෙනතක යොමු කිරීමේ අරමුණින්.

දේශපාලන ප‍්‍රවණතා සහ ගමන් මග පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති ප‍්‍රවීණ දේශපාලනඥයෙකු වන ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා මේ සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කර තිබුණා.  ‘‘1978 ව්‍යවස්ථාවේ ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන සම්බන්ධයෙන් තිබුණු ප‍්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වැනි  ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළා. ඒ අනුව ජනතාව පත් කරනවා නම්  ඕනෑම වාර ගණනක් ජනාධිති ධූරය දැරිය හැකියි. ඒක ඉවත් කරලා තමයි 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේ. දැන් මේ කතා නිකම් ම නිකං විහිළු කතා බවට පත් වෙලා ඉවරයි. මගේ පරණ මිත‍්‍රයෙක් වන මහින්ද රාජපක්ෂ මහත්තා දැන් නාඩගම්කාරයෙක් බවට පත්වෙලා ඉවරයි. මේ එතුමා වටේ ඉන්නේ නීතිඥයෝ කියා ගන්න එක එක බමුණෝ එතුමාට දෙන ලණු විතරයි’’

ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සභාපති නීතිඥ ලාල් විජේනායක මහතාට ද අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි අනුවණ ප‍්‍රකාශ කරන්නේ ජනතා අවධානය දිනා ගැනීම සඳහායි.

‘‘1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලින්ම තිබුණේ ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ දෙවතාවක් පමණයි කියලයි. ඒත් මහින්ද රාජපක්ෂ මහතාම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවතාවට වඩා ජනාධිපතිධූරය දැරිය හැකි බවට ව්‍යවස්ථාව වෙනස් කළා. නමුත් වත්මන් ආණ්ඩුව දින සියයයේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත පෙර තිබූ තත්ත්වයටම ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඒ අනුව පැහැදිලිවම ජනාධිපතිවරයෙකුට දෙවතාවයි බලයට පත්විය හැකි වන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ තර්කය වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කලින් සිටි අයට / අතීතයට බලපාන්නේ නැති බවයි. නීතියක් ගෙනාවට පස්සේ ඒක කලින් සිටි අයට බලාත්මක වන්නේ නැහැ කියලා කාටවත් තර්ක කරන්න බැහැ. කොහොම වුණත් මේක අර්ථකථනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඒත් මේ කිසිවක් ඇත්ත වුවමනාවට සිදුවන දේවල් නොවෙයි. ඔවුන් තනිකරම කරන්නේ ජනතාවගේ අවධානය දිනා ගන්න ප‍්‍රචාරයක් විතරයි. ජනතාවගේ අවධානය දිනා ගන්න තමයි මේ වාගේ අනුවණ වැඩ කරන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම

යළිත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බලන බව ද මේ සමග රාජපක්ෂවාදීන් සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිවේදීන් අවධාරණය කරන්නේ බලය දරමින් සිටින (වත්මන්) ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට (හිටපු ජනාධිපතිවරුන්ට පවා) කිසියම් කරුණක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හැකියාවක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තියෙන් බලය හිමිවන බවත් එහි ඉතාම පැහැදිලිව මේ බලය ජනාධිපතිවරයාට පමණක් හිමිවන බලයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා. ‘‘ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමකින් යුතු යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප‍්‍රශ්නයක් උද්ගත වී ඇති බව නැතහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවක දී වුව ද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප‍්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැක්කේ ය. එසේ යොමු කරනු ලැබූ විට ඒ යොමු කිරීමේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත හෝ ජනාධිපතිවරයා විසින් දීර්ඝ කරන ලද යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ අධිකරණය යෝග්‍ය යයි සලකන විභාගයක් පැවැත් වීමෙන් අනතුරුව ඒ අධිකරණයේ මතය ජනාධිපතිවරයාට වාර්තා කළ යුත්තේ ය’’

මේ ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදන අනුව මහින්ද රාජපක්ෂ මහතාට හෝ වෙනත් අයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හැකියාවක් නොහැති බව ද පැහැදිලියි. ඒ නිසා මහාචාර්ය ජී.එල්. පීරිස් හෝ සරත් නන්ද සිල්වා යන මහත්වරුන්ගේ ‘‘ගොරකා දඩමස් කරන’’ නීති තර්ක හුදු අවස්ථාවාදී ප‍්‍රලාප පමණක් බවයි මධ්‍යස්ථ නීතිවේදීන්ගේ අදහස වන්නේ.

ප්‍රසන්න රත්නායක

Page 1 of 33

Features

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website