Friday, 11 May 2018 12:53

සමාව දෙන්නේ කාටද ?

පසුගිය සතියේ දේශපාලන වශයෙන් සුවිශේෂ සිදුවීම් කිහිපයක් සිදු වුණා. ඒ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම,

ජාත්‍යන්තර මැයි දින සැමරුම සහ වාරාවසාන කරන ලද පාර්ලිමේන්තුව නැවත කැදවීම සේම ත‍්‍රිපුද්ගල මහාධිකරණ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවස්ථාව ලැබීම ද කැපී පෙනුනා. මේ අතර බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් තවත් සුවිශේෂ කරුණක් ද තිබුණා. ඒ 2020 දී තමා විශ‍්‍රාම නොයන බවත් රට වෙනුවෙන් ඉටුකළ යුතු වැඩ කොටස අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කිරීමයි. පසුගිය සතියේ දේශපාලන වශයෙන් සුවිශේෂ සිදුවීම් කිහිපයක් සිදු වුණා.

ඒ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම, ජාත්‍යන්තර මැයි දින සැමරුම සහ වාරාවසාන කරන ලද පාර්ලිමේන්තුව නැවත කැදවීම සේම ත‍්‍රිපුද්ගල මහාධිකරණ පනත් කෙටුම්පත වැඩි ඡුන්දයෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවස්ථාව ලැබීම ද කැපී පෙනුනා. මේ අතර බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් තවත් සුවිශේෂ කරුණක් ද තිබුණා. ඒ 2020 දී තමා විශ‍්‍රාම නොයන බවත් රට වෙනුවෙන් ඉටුකළ යුතු වැඩ කොටස අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කිරීමයි. මේ සියලූ දේශපාලන සිදුවීම් ශ‍්‍රී ලංකාවේ අනාගත දේශපාලන ගමන්මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන බව පැහැදිලියි. විශේෂයෙන් ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පිහිටුවීම තුළින් ජනවාරි 08 දේශපාලන න්‍යාය පත‍්‍රයේ වර්ණවත්ම අපේක්ෂාව ඉටුවීම සේම 2020 දී බලය ඩැහැ ගැනීමට මාන බලන ඇතැම් දූෂිතයින්ගේ අවස්ථාවාදී දේශපාලන අපේක්ෂාවන් කුණු කූඩයට වැටීම නොවැළැක්විය හැකි වනු ඇති බව පැහැදිලියි.

ඒ අනුව ලංකාවේ දේශපාලන වංශ කතාවේ දූෂණයට එරෙහි අලූත්ම පරිච්ෙඡ්දය ලිවීම පිළිබඳව තව දුරටත් ඇත්තේ කාලය පිළිබඳ ගැටලූවක් පමණයි. ජනපතිගේ අනාගත දේශපාලන අපේක්ෂාමේ අතර අට වන පාර්ලිමේන්තුවේ සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ දීර්ඝ ප‍්‍රකාශය ගැන ජනතාව අතර විවිධ අදහස් තිබෙනවා. සම්මුතිවාදී ආණ්ඩුව විසින් පසුගිය තෙවසර තුළ අත්පත් කර ගත් ආර්ථික, දේශපාලන හා සමාජ ජයග‍්‍රහණ පිළිබඳ පැහැදිලි විග‍්‍රහයක් කරමින් ජනාධිපතිවරයා විසින් ජනතා අපේක්ෂාවන් මල්ඵල ගන්වන, සැබෑ ලෙසම ජනතාවාදී වැඩපිළිවෙළ නිර්නායක ලෙස හඳුනාගත හැකි ප‍්‍රවිෂ්ඨයන් 15ක් ඉදිරිපත් කිරීමට ද පියවර ගත්තා. මෙය සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සේම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ 2020න් ඔබ්බට ගිය දේශපාලන වැඩපිළිවෙළ වශයෙන් ද සැලකිය හැකි බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. විශේෂයෙන් පසුගිය මැයි දිනයේදී තම අනාගත දේශපාලන අපේක්ෂාවන් පිළිබඳව ජනපතිවරයා කළ අවධාරණය සමග පාර්ලිමේන්තුව අමතා කළ ප‍්‍රකාශය අන්තර් සම්බන්ධිත බව ඔවුන් සඳහන් කරනවා. පසුගිය 07 වැනිදා මඩකළපුවේදී පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින සැමරුම් රැුළියේදී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළා. ‘‘කිසිඳු ජනතාවාදී වැඩපිළිවෙළක් නොමැතිව බලය ලබාගැනීමට පමණක් සිහින දකිමින් 2020දී අලූත් ආණ්ඩුවක් හැදීමට  ඇතැමුන් අද සූදානම් වෙනවා. එම පිරිස අතර සොරකම් නොකළ සහ මිනිස් ඝාතන සිදු නොකළ අවංක පිරිස කී දෙනෙක් සිටිනවාද ?  එබැවින් අවංක දේශපාලනඥයින් ලෙස සුදුසු අය පමණක් 2020දී නව ආණ්ඩුව සැදීමට ඒකරාශී වන ලෙස මම ඉල්ලා සිටිනවා.  මේ රටේ අහිංසක ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම්ගත් සහ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් මෙන්ම මතුපරපුර වෙනුවෙන් හොඳ රටක් ගොඩනැගීමේ නිසි වැඩපිළිවෙළක් සහ රටේ ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය රකින වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතුයි. එම වැඩපිළිවෙළට නව ජවයක් ලබා දෙමින් එය ඉදිරියට ක‍්‍රියාත්මක කරනවා’’ මෙහිදී ජනාධිපතිවරයා අවධාරණාත්මකව පවසා සිටියේ රට වෙනුවෙන් ඉටුකළ යුතු වැඩ කොටස අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා කැපවිය යුතු හෙයින් 2020දී තමා විශ‍්‍රාම නොයන බවයි.

සංහිඳියාව ගොඩනැගීමේ ඉතිහාසය ලංකාවේ දේශපාලනඥයින්, සිවිල් සමාජය හා උගතුන් ඇතුළු විවිධ පාර්ශ්ව පසුගිය දශක කිහිපයක් පුරා ‘‘සංහිඳියාව’’ කියන වචනය භාවිත කළා. එහිදී සංහිඳියාවේ කේන්ද්‍රිය අවධානය යොමු වුණේ ‘ජනවාර්ගික සංහිඳියාව’ ගොඩනැගීම කෙරෙහියි. උතුරේ බෙදුම්වාදී සංවිධාන සමග දීර්ඝ කාලයක් පුරා පැවැති ගැටුම් හමුවේ ජනවාර්ගික සංහිඳියාව බිහි කිරීමේ කාර්ය නිෂ්ඵල ප‍්‍රයත්නයක් වුවත් 2009 දී කොටි සංවිධානය පරාජයට පත් කිරීම සමග යළිත් ජනවාර්ගික සංහිඳියාව ගොඩනැගීමේ අවශ්‍යතාව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩිව අවධාරණය කෙරුණා. අවසානයේ මෙහි කුඨ ප‍්‍රාප්තිය ලෙස ‘‘උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂමක් ’’ පත් කිරීමට පවා 2010 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පියවර ගත්තා. එම කොමිෂම විසින් තම අවසන් වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්න ද එය හමස් පෙට්ටියට ගියා මිස ඉන් එහාට දෙයක් රාජපක්ෂ යුගයේදී සිදු වුණේ නැහැ.මේ අතර පශ්චාත් යුධ සමයේ මධ්‍ය භාගය වන විට ක‍්‍රමයෙන් වර්ධනය වූ අන්‍යාගමිකයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සමග ‘‘ආගමික සංහිඳියාව’’ පිළිබඳ ද පැහැදිලි උන්නදුවක් සමාජය තුළ වර්ධනය වෙමින් තිබෙනවා. විශේෂයෙන් පසුගිය අපේ‍්‍රල් මාසයේ නුවර දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සමග මේ අවධානය උච්චස්ථානයට පැමිණියා. දේශපාලන සංහිඳියාව ගොඩනැගීමමේ කෙසේ වෙතත් රටේ සියලූම අර්බුද හා අභියෝග ජයග‍්‍රහණය කිරීම සඳහා අත්‍යවශ්‍යව තිබූ ‘‘දේශපාලන සංහිඳියාව’’ ගොඩනැගීමේ අවශ්‍යතාව පසුගිය කාලය තුළ, විශේෂයෙන් පසුගිය තෙවසර තුළ අපේ සමාජය කිසිදු අවධානයක් යොමු වුණේ නැහැ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුව අමතා කළ ප‍්‍රකාශයේ ‘‘ආචායචනාත්මක’’ කොටස වශයෙන් සැලකිය හැකි දේශපාලන සංහිඳියාව ගොඩනැගීමේ අවශ්‍යතාව සුවිශේෂ වන්නේ ඉහත සඳහන් කළ හේතුව නිසයි. මෙහිදී ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය කෙරෙහි අප අපගේ අවධානය යොමු කළ යුතුයි. ‘‘අප රට මුහුණ දී සිටින්නේ, විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව, රට හමුවේ ඇති අභියෝග සාමුහිකව ජයගත යුතු අවධියක බව මම අවධාරණය කරමි. මෙහිදී, එම ප‍්‍රමුඛතාව යථාර්ථයක් කර ගැනීමට නම්, පළමුව ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය මෙන් ම  දෙවනුව, ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින සෑම ආකාරයකම බල තරඟය සමනය කරගත යුතු වේ. දැනට පවතින සෑම ආකාරයක ම බල තරඟයකින් අපේක්ෂාභංගත්වයට පත්වන්නේ රටේ ජනතාවයි’’ ජනාධිපතිවරයා කළ මෙම ආයාචනයේ (ලේඛකයාගේ අදහස අනුව* ඉතාම පැහැදිලිව හඳුනාගත හැකි කරුණු කිහිපය් දැකිය හැකියි.

රට මේ මොහොතේ මුහුණදී සිටින්නේ විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල දේශපාලන බලය උරගා බැලීමට සුදුසු මොහොතක නොව සාමුහිකව අභියෝග ජයගත යුතු අවධියකයි. ජාතික ආණ්ඩුවේ පක්ෂ අතර පවතින බල අරගලය සමනය කළ යුතුයි. ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින සෑම ආකාරයකම බල තරඟය සමනය කළ යුතුයි. මේ සියලූ බල තරඟවලින් පීඩාවට පත්වන්නේ රටේ ජනතාවයි.රට ආර්ථික, දේශපාලන හා සමාජයීය අභියෝග ජයග‍්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉහතින් සඳහන් කරන නිර්නායක ඉටු කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බව අන්තවාදී හෝ අවස්ථාවාදී නොවන  ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැකිය. තමන් පීඩාවට පත්කරන, තමන් දඩමීමා කර ගනිමින් බලය අල්ලා ගැනීමට සැරසෙන සියලූ ආකාරයේ දේශපාලන හා පුද්ගල බලවේගවල පීඩනයෙන් මිදී ජීවත් වීමට මේ රටේ ජනතාව මේ අවස්ථාවේ  ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් වනු ඇති බවත් පැහැදිලියි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ජනපතිවරයා මෙන් ජාතික අවශ්‍යතාව හා න්‍යාය පත‍්‍රයක් ඉදිරියට ගත් නිර්බල දේශපාලනයක් කිරීමට මේ මොහොතේ හැකි සෑම ආකාරයේම බලවේග මුදාහැර ඇති ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ හා ‘එළිය’ ඇතුළු කණ්ඩායම් කොතරම් දුරට සූදානම් ද ? යන්නයි.දේශපාලන සංහිඳියාවේ අභියෝගමේ තත්ත්වය පැහැදිලි කර ගැනීම දුෂ්කර නැතත් වත්මන් දේශපාලන බල අවශ්‍යතා පෙළ ගැසෙන ආකාරය අනුව තරමක් සංකීර්ණයි. උදාහරණයක් වශයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේ වැඩි ඡුන්දයෙන් සම්මත වූ ත‍්‍රිපුද්ගල මහාධිකරණ පනත් කෙටුම්පත හරහා නිර්මාණය වන ජාතික වශයෙන් වැදගත් නඩු කඩිනමින් විභාගයට ගන්නා මහාධිකරණය ඒකාබද්ධ විපක්ෂය විසින් දකින්නේ තමන් කොටු කිරීමේ දේශපාලන අවශ්‍යතාව අනුව සිදුකළ දේශපාලනික ව්‍යාපෘතියක් වශයෙනුයි. (පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට මේ විවේචනය එල්ල වුණා* ඒ බව පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ ද ඉතාම පැහැදිලිව දැකිය හැකි වුණා. මේ තත්ත්වය තවත් තීව‍්‍රර වන්නේ එජාපයේ ප‍්‍රබලයින් ද මෙම ත‍්‍රිපුද්ගල අධිකරණය මගින් නඩු කඩිනමින් විභාග කර ඒකාබද්ධ විපක්ෂයම වැලිඩක දැක්කීමට හැකිවන බවට වහසිබස් කීමයි. ඒ හරහා ජනතාව තුළ අපේක්ෂා ඇති කිරීමයි. එනිසා ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂ ගැති බලවේග හැකි වැරයොදා සටන් කරමින් ආණ්ඩුව බිඳ දැමීමට ක‍්‍රියාකරනු ඇති මිස එක්ව විසඳුමක් සොයමින් ආණ්ඩුව මුහුණ දෙන අභියෝග ජය ගැනීමට එක්වේද යන්න දේශපාලන න්‍යාය පත‍්‍ර හා අවශ්‍යතා ඉක්මවා ගිය කරුණක් වශයෙන් පැහැදිලිව සැලකිය හැකියි.අනෙක් අතින් ආණ්ඩුව හැරදා විපක්ෂයට එක් වූ ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනාගේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමාට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවන බව පසුගිය දා ත‍්‍රිපුද්ගල මහාධිකරණය සම්බන්ධ පනත් කෙටුම්පත විවාදයේ දී හිටපු ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අදහස් දැක්වූ ආකාරයෙන් මනාව පැහැදිලි වුණා. මෙම පිරිස මෙතැන් සිට ක‍්‍රියාකරනු ඇත්තේ රට හමුවේ පවතින අභියෝගය ජයග‍්‍රහණය කිරීමේ පොදු මානසිකත්වයෙන් නොව හැකිතාක් දුරට ආණ්ඩුව, විශේෂයෙන් එජාපය දුර්වල කොට තම ස්ථාවරය රැුක ගැනීමේ මානසිකත්වයෙන් බව අපට පැහැදිලිව දැකිය හැකියි. එනිසා විපක්ෂ බලවේග සමග දේශපාලන සංහිඳියාව වර්ධනය කර ගැනීමේ ප‍්‍රයත්නයේ දී, විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යළි අනුගමනය කළ ප‍්‍රවේශය වෙත අවධානයක් යොමු කිරීමට අවස්ථාවක් තිබෙනවා.ඊට හේතු කිහිපයක් ම පසුගිය දා ත‍්‍රිපුද්ගල මහාධිකරණය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දී උසස් අධ්‍යාපන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කළ ආකාරයෙන් මනාව පැහැදිලි වුණා.

අත්දැකීම් බහුල දේශපාලනඥයින්ගේ හිඟයෙන් බැටකන අවස්ථාවක දේශපාලන සංහිඳියාවේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අනෙකා ඉවසීම ද ප‍්‍රගුණ කළ යුතුව තිබෙනවා.ආණ්ඩුව තුළ සංහිඳියාවජනාධිපතිවරයාගේ මුඛ අපේක්ෂාව වන්නේ ආණ්ඩුව තුළ දේශපාලන සංහිඳියාවක් නිර්මාණය කර ගැනීම බව පැහැදිලි කරුණක්. ජනවාරී 08 වෙනස වෙනුවෙන් දේශපාලන නායකත්වය හා ජනතාව සම්බන්ධයෙන් වගකීමෙන් හා වගවීමෙන් බැඳී සිටින ජනාධිපතිවරයා ආණ්ඩුව තුළ දිගින් දිගටම පවතින බල අරගලයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පැහැදිලි කරුණක්. අපේක්ෂාභංගත්වයට පත් එජාප මන්ත‍්‍රීවරුන් හා ඇමැතිවරුන් බොහෝ අවස්ථාවලද ඒ පීඩනය ජනාධිපතිවරයා වෙත මුදා හරින ආකාරයක් අපි පසුගිය කාලය තුළ පැහැදිලිව නිරීක්ෂණය කළා. මේ තත්ත්වය තුළ ඉදිරි අවුරුදු දෙකක කාලය සහ එජාපය හා ජනාධිපතිවරයා අපේක්ෂා කරන ආකාරයෙන් 2020 දී යළි යහපාලන බලවේග වෙතම බලය රඳවා ගැනීමේ ප‍්‍රයත්නයේ දී ජනපති - අගමැති දේශපාලන සංහිඳියාව සේම එජාප - ශ‍්‍රීලනිප දේශපාලන සංහිඳියාව සේම අනාගත බල සැලසුම් ආණ්ඩුවේ වත්මන් ක‍්‍රියාකාරීත්වයට හානි නොකරන ප‍්‍රවේශය ද අතිෂයින් වැදගත් වෙනවා. මේ අතර ජනාධිපතිවරයා මේ සියලූ දේශපාලන බල අරගලයන්ගෙන් පීඩාවට පත්ව සිටින්නේ ජනතාව බව පැහැදිලිව අවධාරණය කිරීම ආණ්ඩුවට සේම විපක්ෂ දේශපාලන බලවේගවලට ද යළි යළි තම ක‍්‍රියාකාරීත්වය විමසා බැලීමට හේතුවක් වෙනවා. මන්ද 2015 ජනවාරි 08 වැනිදා තීරණාත්මක පරාජයෙන් පසු රාජපක්ෂ පවුල නායකත්වය දෙන දේශපාලන බලවේග තමන් සහ තම ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිව ප‍්‍රකාශයට පත් වූ ජනමතයට පිටු පා තම දේශපාලන අරමුණු පමණක් ඉටුකර ගැනීමේ නොනවතින අරගලයක නිරත වුණා. එයින් ඉතාම පැහැදිලිව පීඩාවට පත් වුණේ සාමාන්‍ය ජනතාවයි. උදාහරණයක් ලෙස මැතිවරණ පරාජයේ ආරම්භයේ සිට තම බල ව්‍යාපෘති වෙනුවෙන් රාජපක්ෂ කල්ලිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විද්වත් වෘත්තිකයින් සේම එප්පාවල ගොවි ජනතාව වැනි සාමාන්‍ය ජනතාව ද අසීමාන්තික ලෙස අපයෝජනය කළා. එමෙන්ම පාර්ලිමේන්තුව තුළ හා ව්‍යවස්ථා සම්පාදන කාර්යයයේදී ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කිරීමට සේම ඒවා දියාරු කිරීමට ද මේ පිරිස දැඩි ප‍්‍රයත්නයක් ගත්තා. විශේෂයෙන් නව බදු පනත සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ගෙන යමින් සිටින සාවද්‍ය ප‍්‍රචාරය තුළ ආණ්ඩුවේ බදුකරණ ක‍්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවක් දැකිය හැකි වෙනවා.දේශපාලන ආතතියඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ කල්ලි මේ ආකාරයෙන් දේශපාලන ආතතියක් සමාජය තුළ නිර්මාණය කිරීම මගින් ආණ්ඩුවේ අසාර්ථකභාවය ජනතාව හමුවේ සනාථ කිරීමට ගන්නා උත්සාහයට සමගාමීව රටේ දේශපාලන අස්ථාවරභාවය සම්බන්ධයෙන් වැරදි, සාවද්‍ය චිත‍්‍රයක් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ද යනවා. මේ තත්ත්වය ලංකාවේ විදේශ ආයෝජන ඇතුළු සංවර්ධන කාර්යයන් සඳහා ඍජුව බලපාන අතර එය කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් රටේ ප‍්‍රතිරූපයට හානිකිරීමට ද ප‍්‍රබල හේතුවක් වෙනවා. මෙහි අවසාන ප‍්‍රතිඵලය වනු ඇත්තේ ඉතාම පැහැදිලිව ලංකාව වෙත අත්‍යවශ්‍ය විදේශ ඍජු ආයෝජන, සංචාරක පැමිණීම් දුර්වල වීම හා ශ‍්‍රී ලංකාව වෙත යළි ජාත්‍යන්තර අතපෙවීම් සිදු කිරීමට පහසු ප‍්‍රවේශයක් නිර්මාණය කිරීමයි. 

මේ තත්ත්වය පහසුවෙන් වළකා ගත හැක්කේ ජනාධිපතිවරයා යෝජනා කරන ආකාරයට දේශපාලන සංහිඳියාවක් බිහිකිරීම තුළින් ම පමණක් බව පැහැදිලියි. ඒ නිසා මෙතෙක් කාලයක් හිටපු පාලකයින්ගේ ලේ ම ඉල්ලමින් කළ අරගලය වෙනුවට දකුණු අප‍්‍රිකාවේ සිදු වූ ආකාරයේ සමාව දීමේ ක‍්‍රියාවලියක් වෙත යාමට ප‍්‍රවේශය නිර්මාණය කර ගැනීමට ජනපතිවරයාට සේම අගමැතිවරයාට ද අවස්ථාව තිබෙනවා. එය ස්වර්ණමය අවස්ථාවක් කර ගනිමින් රටේ ප‍්‍රමුඛ සංවර්ධන හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ආරම්භ කරමින් තිරසාර ගමනක් ආරම්භ කිරීමට ජනපතිවරයාට හැකියාව ලැබුණොත් පසුගිය මැයි දිනය දා ජනපතිවරයා විසින් අවධාරණය කළ ආකාරයට ‘‘රට වෙනුවෙන් ඉටුකළ යුතු වැඩ කොටස අඛණ්ඩව කර ගෙන යාමට ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බව අපට පැහැදිලියි. ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ දේශපාලන වෙනස වෙත යළි රට ගෙන යාමේ වගකීම බලය මතම ලූහුබැඳ යන දේශපාලන නායකයින් හා පුද්ගල කණ්ඩායම් අතට පත් කිරීමට වඩා එම බල අරගලයෙන් බැට කමින් සිටින ජනතාව වෙත පත් කළ යුතුව ඇතැයි අවසාන වශයෙන් ප‍්‍රකාශ කළ යුතුයි.

Features

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website