Friday, 18 January 2019 03:58

රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් වෙයි

රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 17 දින සිදු කෙරිණි.


මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද, රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.


රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත රෝහල් අධ්‍යක්ෂ විසින් සන්දේශයක් ලබා දීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා රත්නපුර ශික්ෂණ රෝහල නිරීක්ෂණය කලේය.

(අද දෙරණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website