Saturday, 19 January 2019 05:42

කරන්දෙනිය නුවරඑළියක් කළ විස්මිත ගෙවත්ත

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ හපන්කමක් මෙහි නැති එළවළුවක් නැති තරම්යඋත්සාහ වන්තයා ජයගනී යන කියමන මෙන්ම දිරිය ඇත්නම් කළ නොහැක්කක් නැත. යන්න සනාථ කරමින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් සැම එක්වී ජනතාව මවිත කරවන ගෙවත්තක් සකස් කර ඇත.


විදුහලේ 75වන වසර සැමරීම සඳහා පැවැත්වෙන මහා සැණකෙළිය හා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එන දස දහස් ගණන් ජනතාවට මේ ගෙවත්ත විශ්මයකි. එය එක් වර අහසෙන් කඩා පාත්වූවාක් වැනි හැඟීමක් එහි යන්නෙකුට හැඟෙන්නේ නිරායාසයෙනි.


කැරට්, බීට්, ලීක්ස්, ගෝවා, නෝකෝල්, බෝංචි, රතු ගෝවා, මල් ගෝවා වැනි එළවළු නුවරඑළියට ආවේනික වූ ඒවා බව ජනතා මතයයි. ඒත් මෙම ගෙවත්තට පැමිණෙන ඕනෑම කෙනෙකුට එම මතය සුනු විසුනු වී යන්නේ නොසිතූ ලෙසිනි. එම සියලු එළවළු වර්ග සශ්‍රීකව වැඩී පළින් බර වී ඇත. රතු ගෝවා ඉතා මනරම් ලෙස නුවරඑළියටත් වඩා සරුවට වැවී ඇත.


අක්කරයක පමණ වූ මෙම ගෙවත්තේ නුවරඑළියේ වවන එළවළු ඒ අයුරින් වවා ඇත්නම් අනෙක් ප්‍රදේශවලට ආවේනික වූ එළවළු ගැන කියනු කවරේද? එම සියලුම එළවළු වර්ග කරලින්, මලින් බර වී ඇත. ඒ අනුව විධිමත්ව තක්කාලි, මාලු මිරිස්, මෑ කරල්, කරවිල, වට්ටක්කා, පුහුල්, වැටකොලු, පතෝල, පලා වර්ග ඇතුළු සියලුම එළවළු වර්ග එහි දක්නට ලැබේ. කිසිදු රසායනික පොහොරක් නොමැතිව කොම්පෝස්ට් පමණක් යොදා ගෙන වගාකර ඇති මෙම වගා බිම (ගෙවත්ත) පිළිබඳ විදුහල්පතිවරයා වූ ශාන්ත ආරියරත්න, නියෝජ්‍ය විදුහල්පති විකුම් ප්‍රියලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු ගුරු මඩුල්ල මෙන්ම දරු දැරියන් ද සිටින්නේ මහත් වූ සතුටිනි.


පාසල් ගෙවත්ත සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පතිවරයා මෙසේ පැවසීය. මෙම ගෙවත්තේ කොටස් 5ක් තිබෙනවා. මිශ්‍ර භෝග, වැල් භෝග, උඩරට එළවළු, ගැමි ගෙවත්ත, නාගරික ගෙවත්ත ආදී වශයෙන්. මේ සඳහා විද්‍යාලයේ ලොකු කුඩා සැම දෙනාම මහන්සි වුණා. අධ්‍යාපන කටයුතුවලට බාදාවක් නොවෙන්න දෙමාපියන් වගේම ගුරුවරු එකතු වෙලා දරුවන්ට ගෙවත්ත සකස් කර දුන්නා.


ඒ වගේම දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ඩී.ගුණවර්වධන මහතා වගේම, කරන්දෙණිය කෘෂි උපදේශකතුමිය උපකාර කළා. අපේ විශ්‍රාම ගොස් සිටින ආචාර්ය දයානන්ද මහතා නිතර දෙවේලේ ස්වේච්ඡාවෙන් ඇවිත් සොයා බලා අදාළ කටයුතු කළා. ඒ වගේම ශාන්ත යූ. වික්‍රමනායක මහතා විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ආදි සිසු, සිසුවියන්, මවුපියන් කෘෂි හා පාරිසරික සංගමය මෙම ජයග්‍රහණය පිටුපස ඉන්නවා.


ඇත්තෙන්ම මෙය මහා ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මෙහි ආදායම පාසල් සංවර්ධන සමිතියටයි. මෙම ගෙවත්ත නරඹන ඕනෑම කෙනෙකුට තම නිවසේ මෙවැනි පැළ වර්ග කිහිපයක් අලංකාරයට හෝ රෝපණය කළ යුතුය යන දැඩි අධිෂ්ඨානයකින් ආපසු පැමිණෙන බව නම් කිව යුතුය.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website