Thursday, 13 June 2019 09:30

මුල්ලිවයික්කාල්වලදී හසුවු අමුත්තා යළි නිවහනට

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධීවර දැලකට හසුවු මුතු තල්මසෙකු නැවත සාගරයටම මුදාහළ පුවතක් වාර්තා වෙයි.

පෙරේදා (11) සවස මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එලන ලද දැළකට විශාල මාළුවෙකු හසුවී තිබු අතර, දැල වැල්ලට ඇද බැලීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි.

පසුව තල්මසා දැලින් ඉවත්කොට නැවත සාගරයටම මුදා හැර ඇති බව ධීවරයින් ප්‍රකාශ කර ඇත.

මුලතිව් සාගර කලාපයේ තල්මසුන් මීට පෙරද දැල්වලට හසුව සාගරයට මුදාහළ බව ධීවරයින් සඳහන් කර ඇත.

(අද දෙරණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website