Monday, 17 June 2019 07:54

චීන සිගරට්ටුවට පිළිස්සෙන දුම්කොළ ගොවියෝ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස සිටියදී පවා විශාල මෙහෙයුමක් සිගරට් සහ දුම්කොළ නිෂ්පාදනයන්ට එරෙහිව සිදුකරගෙන ගියේය.මේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා සිගරට් පැකැට්ටුවේ සීයට අසූවක දුම්බීමේ ආදීනව පෙන්වන ඡායාරෑප භාවිතා කරවීමටත් එසේම බුලත් විටට දුම්කොළ ඇතුළත් නොකර සිටීමට පියවර ගත්තේය.

එසේම ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ ආරම්භ කර දවස් කීපයක් ගතවන විට දුම්කොළ නිෂ්පාදනය කරන ගොවීන්ට පවසා සිටියේ 2020 වනවිට දුම්කොළ වගාව නවතා දමන නිසා වෙනත් ගොවිතැනක කටයුතු කරන ලෙසය. මේ නිසා ගොවීන් විශාල පිරිසක් අසරණ වූ අතර එතෙක් ඔවුහු වගා කටයුතු කරගෙන ගියහ.

මේ සියල්ල මැද එම ගොවීන් කබලෙන් ලිපට වැටෙන යෝජනාවක් පසුගිය  අයවැයෙන් ඉදිරිපත් වුණේය. ඒ විදෙස් රටවලින් සිගරට් ආනයනය කිරීමටය. මේ නිසා මෙරට සිගරට් සඳහා දුම්කොළ සපයන ගොවීහු රැසක් අසරණ වන තැනට පත් වූහ. එහෙත් අවසානයේ එය හකුලා ගත් අතර එතැනින් පසුව කතාව යට ගියේය.

එසේ කතාව යටගියත් පසුගිය දා නැවතත් මේ කතාව කරළියට ආවේ වෙනත්ම ක්‍රමයක් හරහාය. එනම් මුදල් අමත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටීයේ චීනයෙන් සිගරට් ආනයනය කිරීමට පියවරගෙන ඇති බවය. එයට ඔහු හේතුව ලෙස සඳහන් කර සිටියේ චීනයේ කම්කරුවන් මෙරට රැකියාව කරන නිසා ඔවුන් මෙරට සිගරට් සඳහා කැමැත්තක් නැති නිසා ඔවුන්ගේ අවශ්‍යතාවය උදෙසා මෙම සිගරට් ආනයනය කරන බවය.

මතින් තොර රටක් සංකල්පය යටතේ සිගරට් භාවිතය අඩුකිරීම සඳහා ජනාධිපතිවරයා සීයට 90කි පවා බදු ප්‍රතිශතය වැඩි කළේය. එහෙත් එය කනපිට හරවමින් චීනයෙන් පවා සිගරට් ආනයනය කරන්නට යන්නේ මතින් තොර රටක් සංකල්පයේ කුමන කොටසක් හරහද යන්න කාටත් ගැටලුවක් වී ඇත.

කෙසේ වෙතත් මේ තත්ත්වය නිස අද අසරණව සිටින්නේ දුම්කොළ නිෂ්පාදනය කරන ගොවීන්ය. ඔවුහු මෙරට දුම්වැටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දුම්කොළ සීයට සීයක් සපයති. ඒ හරහා ඔවුන් විශාල ආදායමක් මේ හරහා උපයන අතර  ඒ තුළින් පූර්ණකාලීනව රැකියා කරන පිරිස 60000ක් වෙති. එසේම මේ හරහා සෘජු සහ වක්‍ර රැකියා 300000ක් උත්පාදනය වී ඇත. මේ නිසා එම තීන්දුවෙන් අද වනවිට විශාල ප්‍රමාණයක් අන්ත අසරණ වී ඇත.

එසේ වන්නේ මෙරට සිගරට් නිපැයුම සඳහා විශේෂීයව මෙරටට දුම්කොළ ආනයනය කරන්නේ නැත. ඒ මෙරට ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින්ය. මෙරට සිගරට් නිෂ්පාදනය සඳහා වාර්ෂිකව දුම්කොළ කිලෝ ලක්ෂ 375ක් අවශ්‍ය වන අතර දුම්කොළ කිලෝවක් මිලදී ගන්නේ රැපියල් 40 වැනි මුදලකටය. හෙක්ටයාර 7500ක දුම්කොළ වගා කරන අතර දිස්ත්‍රික්ක දහයක් පුරා පැතිර ඇත.

කෙසේ වෙතත් චීනයෙන් සිගරට් වූ පසුව මෙරට සිගරට් සමාගම් සිය කර්මාන්ත ශලා අතහැර යෑමට තීරණය කරන බව මේ ගොවීහු පවසති. ඔවුන් සඳහන් කරන්නේ අධික බදුබර තුළ පවා ඔවුන් රැඳී සිටින අතර මේ හේතුවෙන් පවුල් ලක්ෂ තුනකට වඩා ජීවත් වීමේ අවස්ථාව හිමිව ඇති බවය. එහෙත් චීනයෙන් සිගරට් ගෙන්වූ පසු සියල්ල වසා දමා පිටව ගියහොත් රැකියා ලක්ෂ තුන පමණක් නොව දුම්කොළ විකිණීම හරහා මෙරට මුදක් අතරට එකතුවන කෝටි 150ක මුදලද අහිමි වන බවය.

ඉතාම අඩු පිරිවැයකින් සිදුකරන මෙම දුම්කොළ වගාව වසර 80ක් පුරා සිදුකෙරෙන අතර දැනට පරම්පරා තුනක් මේ යටතේ ජීවත් වී ඇත. රුකියා දස ලක්ෂයක් මවන බවට කී රජය අවසානයේ ලක්ෂ හතරකට ආසන්න පිරිසකට උන් හිටි තැන් අහිමි කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය සිය සටන ආරම්භ කර ඇත.

ඔවුන් මේ ගැන කතා කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා හමුවීමට ගියත් මුදල් අමත්‍යවරයා වෙත යොමු කිරීමට පියවර නොගත් ඔහුගේ විවිධ නිලධාරින් පවසා ඇත්තේ හැකි ඉක්මනින් වෙනත් රස්සාවක් සොයා ගන්න ලෙසය. කිසිදු ඇහුන්කම් දීමකින් තොරව වෙනත් රැකියා සොයා ගන්නා ලෙස ඔවුන් දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමයේ සභාපති ජේ.ඒ එගොඩවෙලේ මහතගෙන් කරුණු විමසීමක් කළෙමු.

අපි පිළිගන්නවා මේ රටේ නීතියක් තියෙන්න ඕනේ කියලා. හැබැයි අපි අවුරැදු ගාණක් ජීවත්වුණු රුකියාව නැති කරලා චීනයෙන් සිගරට් ගෙන්නන්න යන්නේ අපේ ගොවියට ආදරේට නෙමෙයි. මේ වෙනත් අරමුණකින්. මේකෙන් ජීවත් වෙන්නේ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු කාලා ඇඳලා හිටියේ මේ රස්සාවෙන්. ඇයි මේ රටේ පාලකයන්ට පේන්නේ නැත්තේ මේ දුක. එක ව්‍යාපාරිකයෙක් නැගී සිටුවන්න රුකියා ලක්ෂ තුනකට එහා පාරට දානවා. මේ මොන අපරාධයක්ද. මේ ගැන කතා කරන්න කෙනෙක් නෑ. කතා කරන්න ගියාම අවස්ථාවක් දෙන්නේ නෑ. කෘෂිකර්ම අමාත්‍යංශය තුළ පවා වෙනම නිලධාරියෙක් පත් කළා. ඒ තරම් මේක වැදගත් ගොවිකමක්. ඒත් අද කවුරැත් අපේ දුක අහන්න නෑ. මේ චීනයෙන් ආපු සුළු පිරිසක් වෙනුවෙන් අපි පාරට දාලා. තව දවස් ටිකකින් අපෙන් දුම්කොළ ගත්ත සමාගම් යන්න යයි. ඒ ගියාම අපිට මේවා විකුණගන්න බෑ. වහ බොන්න වෙන්නේ ගොවීන්ට. අපිට 2020 නතර කරන්න කියලා වගාව දැන් චීනෙන් සිගරට් ගේන එක හරිද?”

සිගරට් සම්බන්ධයෙන් වූ කාරණයක් නිසා බොහෝ දෙනකුට මෙය "හොඳ වැඩේ" යැයි සිතෙනු ඇත. එහෙත් මේ ගොවීන් ඔබ අප වගේ පවුල් සහ තම ජීවිත වසර ගණනාවක් රැකගත්තෙ මේ රැකියා හරහාය. රජයෙන් ඊට විසඳුමක් ලබා නොදී ඔවුන් පාරට ඇද දැමීම කෙතරම් සාධාරණද?

සිගරට් චීනයෙන් ගෙන්වීම සඳහා ව්‍යාපාරිකයන් 50 ආසන්න සංඛ්‍යාවක් අයදුම් කර ඇත. එහෙත් එය හිමිවන්නේ එක් ව්‍යාපාරිකයකුටය. ඔහු ප්‍රකට ව්‍යාපාරිකයකු වන අතර රජයත් සමඟ කාලයක් ගනුදෙනු කළ අයෙකි. ඒ හිතවත්කම උදෙසා ඔහු වෙනුවෙන් මෙය සිදුකරන්නට අවසර ලබාදීමට උත්සාහ ගන්න බව ගොවීහු චෝදනා කරති.

මතින් තොර රටක් නම් එය සියලු දෙනාටම අයිති කරුණකි. එසේනම් සියලු දුම්කොළ නිෂ්පාදන තහනම් කළ යුතුය. එහෙත් මේ හරහා ජීවත් වන පහළ ගොවියාත් වක්‍ර රැකියා කළ ලක්ෂ තුනක ප්‍රමාණයත් පාරට දමා මේ කරන්න යන්නේ ඉහළ ව්‍යාපාරිකයන්ගේ මනදෝළ සතුටු කරන්න නම් එය මේ රටට කරන එදිරිකමකි. මේ රටේ ගොවියා ශක්තිමක් කිරීම වෙනුවට තව තවත් පාරට ඇද දමන්නේ නම් එය රජයට බරපතළ ප්‍රශ්න ඇති කරවනු ඇත. කෙසේ වෙතත් අපනයනය කිරීමට පවා අසීරැ මෙරටදීම මුදල් හම්බකරගත හැකි රුකියාවක් නැති කිරීම රජයක ප්‍රතිපත්තිය නම් එය සැබවින්ම කනගාටුවකි.

(දේශය)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website