Friday, 21 June 2019 20:00

අගැයුමක් නැති මිනිස්සු

රටක ජීවනාලිය වන්නේ කලාකරුවායි. මිනිසුන් එක් එක් වෘත්තීන් හි නියැලී සිටියත් සියයට දහයක් වැනි කුඩා අංශුවකි, කලාකරුවා. එයින් ගම්‍ය වන්නේ ඔවුන් රටක සිටීම දුර්ලභ බවයි.

ශ්‍රී ලාංකික සිනමාවේ මෙසේ ඇගැයීමකට ලක් නොවූ සිනමාව වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැප කෙරූ ශිල්පීන් බොහෝය. ඔවුන් මියයන තුරුත් සමහරවිට ඇගයීමක් නොමැත. විශේෂයෙන් ප්‍රධාන වූ චරිතවලට ජීවය දෙන ශිල්පීන්ට සහය දෙන ශීල්පීන්හට මෙම අසාධාරණය බොහෝදුරට සිදුවේ.

සිනමාවේ මේ රාමුව තුළ සිටින්නේ බොහෝ දුරට වාණිජ ධාරාවේ සිනමාව සමග එක්වී ගැටෙන සටන් නළුවක් විකට නළුවන් හා දුෂ්ඨ චරිත සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙන ශිල්පීන්ය. තමන්ගේ තරුණ කාලයේ සිට වියපත් කාලය වනතෙක් මේ ඛේදවාචකයට මුසුවූ ප්‍රවීණ නළු නිළියන් බොහෝ ය. රොබින් ප්‍රනාන්දු අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු සමරසිංහ, වින්සන් කරුණාරත්න, ඇන්තනි සී. පෙරේරා, බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, වින්සන්ට් වාස්, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේව, ලැටිෂියා පීරිස්, පියදාස ගුණසේකර, ඩොමි ජයවර්ධන, එච්. ඩී. කුලතුංග, මර්වින් ජයතුංග, රෙක්ස් කොඩිප්පිලි වැනි ශිල්පීන් සිනමාවේ අක්මුල් සැමතැන විහිද වූ ශිල්පීන් වන්නේය. රිදී තිරයේදී මොවුන්ගේ රුව දර්ශණය වූ මොහොතේ සිට ප්‍රේක්ෂකයා පත් වන්නේ කුතුහලයකට බඳුන් වූ මොහොතකටය.

හාරලක්ෂය චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගෙන ආ සටන් ඒ වගේම රොබින් ප්‍රනාන්දු සුරදූතියෝ රක්තා, චිත්‍රපට තුලින් ගෙන ආ සටන් ජවනිකාද වින්සන් කරුණාරත්න සසර චේතනා, හිතුවොත් හිතුවාමයි වැනි චිත්‍රපට තුළ ගෙන ආ සටන් තුළින් සිනමාවේ වානිජ මට්ටම ජයගන්න උවමනා මූලාශ්‍ර ලබා දුන්නා වැනිය. එහෙත් එතනින් එහාට ඔවුන්ව ඇගැයීමක් නොලැබීම කනගාටුවකි. ඇන්තනි සී. පෙරේරා, අල්ලපු ගෙදර, ධීවරයෝ, ආවා සොයා ආදරේ, හතර දෙනාම සූරයෝ තුලින්ද බී. ඇස්. පෙරේරා, කවුද රජා, කපටිකම, වාසනා, සිනමාපට තුළින්ද දොන් සිරිසේන කැකිල්ලේ රජ්ජුරුවෝ , ඇර සොයිසා, ලැටීෂියා පීරිස් ලොකුම හිනාව, ඉහත ආත්මය ද ලිලියන් එදිරිසිංහ ඉපදුනේ ඇයි චිත්‍රපටයේද වින්සන්ට් වාස් සංදේශය, ඔබටයි ප්‍රියේ ආදරේ තුළින්ද නොමැකෙන රංගනයක් සිනමාවේ ඉදිරිපත් කර ඇත. මේ අපරට බොහෝ ශිල්පීන් සිටියත් සියල්ල සඳහන් කිරීම අවශ්‍ය නොවේ.

මොවුන්ගේ ජීවිත කාලයෙන් බොහෝ කාලයක් රසිකයින් පිනවා වියපත් වූ විට හෝ මොවුන් ඇගැයීමකට පත් නොවීම ගැන සිතින් කෙතරම් හඬා වැටෙනවා ඇද්ද? එදත් අදත් ඔවුනට අවසානයේ ලැබෙන්නේ රසික සම්මානය හා ඔවුන්ගේ ඇගැයීම පමණක්ද?

වෘත්තිය වශයෙන් සිනමාව කරගත් ප්‍රවීණ ශිල්පීන් හට අසනීපයකදී විශේෂයෙන් රජයේ රෝහලකදී ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රමුඛ ස්ථානයක් ලබාදීම එක්තරා සහනයක් වනු ඇත. බොහෝ විට රෝහලේ වෛද්‍යවරු හෙදියන් සුළු සේවකයින් පවා බොහෝ ශිල්පීන්ට ගෞරව දක්වන රසිකයෝ වීම නිසා මොවුන් හට නිසි ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු මෙම ලියුම්කාරිය විසින් දකින්නට ලැබීම එක් සිද්ධියක් පමණි.

රජය විසින් ප්‍රවීණ කලාකරුවන් සිංහල සිනමාව වෙනුවෙන් ලබාදී ඇති අනුපමය සේවය වසර 15කින් හෝ ඇගැයීමකට ලක් කිරීම කාලෝචිතයයි සිතමි. මෑතකදී අප අතරින් වෙන්වූ චිත්‍රාවාකිස්ට ශිල්පිනියට වූ‍ෙය්ත් නිසි ඇගැයීමකට ලක් නොවී මියයාමටය.සුවහසක් ප්‍රේක්ෂකයින්ට තම නිසැගි ගෞරවය ලබාදී තම ශ්‍රමය දියවීයාමට නොදී ඔවුන් රැක ගැනීමත් නිසි ඇගැයීමකට ලක් කිරීමත් සිංහල සිනමා වංශය නාමයෙන් කළ යුතු ඉදිරි වැඩකි. මේ සබැඳි අවධානය යොමු වේවා.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website