Saturday, 22 June 2019 09:13

හොර ලැඟුම්හල් තහනම් කරන්න

රටට මහා ව්‍යසනයක් බවට පත්වෙමින් පවතින අනවසර ලැඟුම්හල් (Rooms) වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්කළ යුතුය. දැන් රටේ උද්ගතව ඇති අනතුරුදායක වාතාවරණය මත මෙවැනි අනවසර ලැඟුම්හල් ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයකි.

පසුගිය 21 පාස්කු ඉරිදා දෙහිවල ලැඟුම්හලක බෝම්බයක් පුපුරුවාගෙන මියගියේ මුස්ලිම් අන්තවාදී කල්ලියක සාමාජික‍ෙයකි. එම අන්තවාදීයාගේ බෝම්බ ප්‍රහාරයෙන් ලැඟුම්හලේ සිටි තරුණියක් හා විවාහක පුද්ගලයකුද මරණයට පත්විය. රජයේ කිසිදු ආයතනයකින් බලපත්‍රයක් හෝ නොගෙන අනවසරයෙන් පවත්වාගෙන යන මේ ලැඟුම් හල්වල ඕනෑම සමාජ විරෝධී ක්‍රියා සිදුකරන පුද්ගලයකුට හෝ කණ්ඩායමකට වුවද සුළු මුදලක් ගෙවා මේවායේ නවාතැන් ගැනීමට පුළුවන. ඒ වගේම එසේ ලැගුම්ගන්නා පුද්ගලයන්ට ඕනෑම නීති විරෝධී අපරාධයක් සැළසුම් කිරීමට මේ ලැඟුම්හල්වල තහනමක් නැත. කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩක්‍රියා පැවැති සමයේ කොළඹ අවට ලැඟුම්හල්වල සිටි කොටි රැසක් ආරක්ෂක අංශමඟින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් කොළඹ නගරය තුළ සිදුකළ බෝම්බ ප්‍රහාර රැසක් සැළසුම්කර ඇත්තේ මෙම අනවසර ලැඟුම්හල්වල සිට බව පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළිවිය. ඒ වගේම කොළඹ නගරයට ප්‍රහාර එල්ලකිරීමටත් ප්‍රභූවරු ඝාතනය කිරීමටත් ඔත්තු බලා ඇත්තේද මෙම අනවසර ලැඟුම්හල්වල සිට බවද ප්‍රකට කරුණකි.

දැන් එම වැඩපිළිවෙළ මුස්ලිම් අන්තවාදීන්ද අනුගමනය කරනු ‍ෙපනේ. රට පුරා සෑම නගරයකම ගමකම අනවසර ලැඟුම්හල් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන ආකාරය දැකිය හැකිය.

මේවා තුළ ත්‍රස්තක්‍රියා සැළසුම් කිරීමමෙන්ම විවිධ ලිංගික අපචාර ද සිදුවීමද නිතර සිදුවේ. විශේෂයෙන්ම පාසල් දැරියන් උපකාරක පංතිවලට පැමිණෙන දැරියන් මෙන්ම අනවසර ලිංගික සම්බන්ධතා පවත්වන තරුණ තරුණියන් විවාහක කාන්තාවන් සහ පිරිමින් තහනම් ගහේ ගෙඩි කෑම සඳහා මෙම අනවසර ලැඟුම්හල් වෙත පැමිණෙති. ලිංගික අපචාර මෙන්ම ත්‍රස්ත ක්‍රියාවලටද හොද තෝතැන්නක් වන අනවසර ලැඟුම්හල් හදිසිනීති රෙගුලාසි යටතේ වහාම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත යුතුය. එය රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ලිංගික අපචාර වැනි සමාජ විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා ගතයුතු නිවැරදිම පියවරක් වනු ඇත.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website