Monday, 24 June 2019 09:10

දිවියන් සංරක්ෂණයට සයිටීස් බලපෑම්

මත්ද්‍රව්‍ය වෙළඳාම, මිනිසුන් වෙළඳාම සහ අවි ආයුද වෙළඳාමෙන් පසු ව ලොව හතරවන ලාභදායීතම සාපරාධී වෙළඳාම ලෙස නිති විරෝධී වනජීවී වෙළඳාම හැඳින්වෙයි.

 

එමඟින් වසරකට ඇස්තමේන්තු ගත ඩොලර් බිලියන 7 සිට 23 දක්වා උත්පාදනය කිරීමට සමත් වේ. ඉතා පුලුල් ලෙස පැතිරී ඇති මෙම වෙළඳාම සිදුකරනු ලබන්නේ සංවිධානාත්මක ලෙස බලගැන්වූ කල්ලි මඟිනි. වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති සත්ත්ව විශේෂයන් 7000කට වඩා වැඩි ගණනක් හේතුවෙන් සමස්ත පරිසර පද්ධතියම මේ වන විට ප්‍රබල තුලනාත්මක අවධානමකට ලක් ව පවතියි.

මෙම වෙළඳාම එරෙහි වීම උදෙසා වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, සයිටීස් සම්මුතිය ලෙසින් වර්තමානයෙදී ක්‍රියාත්මකවේ. ස්වභාවික සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර සම්මුතියහිදී (IUCN) සිදු කරන ලද යෝජනාවක් මුල් කර ගනිමින් 1975 වර්ෂයේ දී ජුලි මස 01 වන දින සමාජිකයන් 09 දෙනෙකුගෙන් සමන්විතව මෙම සම්මුතිය පිහිට වනු ලැබිණි. වර්තමානය වන විට මෙම අන්තර්ජාතික සම්මුතියට අත්සන් තැබීම ස්වඡේඡාවෙන් ම රටවල් 183ක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව මේ සඳහා අත්සන් තබන ලද්දේ 1979 වර්ෂයේදීය. ඒ 49 වන රාජ්‍යය ලෙසිනි. අන්තර්ජාතික සයිටීස් ගිවිසුමෙහි අරමුණ වන්නේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම මඟින් වෙළඳාම් කරන විශේෂවල පැවැත්මට තර්ජනයක් නොවීමට බවට වගබලා ගැනීමයි. වර්තමානයේදී ලොව ආරක්ෂා කළ යුතු ශාක සහ සත්ත්ව විශේෂ 35000කට අධික ප්‍රමාණයක් සයිටීස් සමුලුව හරහා හදුනාගෙන ඇති අතර ඒ සඳහා වෙළඳ නීති රීති නිර්මාණය කර ඇත.

ප්‍රබලතම කාරණාව වන්නේ සයිටීස් සම්මුතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන්නේ අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ කරුණු පමණක් වේ. ඒ සඳහා නිති විරෝදී දේශීයව සිදු කරනු ලබන වෙළඳාම හෝ නිති විරෝධී අස්වනු වෙළඳාම සයිටීස් සම්මුතිය උදෙසා අදාළ නොවේ. සයිටීස් ක්‍රියාකාරම්හි ප්‍රධානම අංගයක් ලෙස වාර්ථා ගත ජාත්‍යන්තර ගනු දෙනුව 1975 දී 1975 සිට මිලියන 1.2 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සයිටීස් අන්තර්ජාතික සම්මුතියෙහි ව්‍යුහය තුළ ප්‍රධාන වශයෙන් ම කොටස් ත්‍රිත්වයක් යටතේ වර්ගීකරණය කර ඇත. ඒ අධ්‍යතන වෙළදපොළ තුළ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ ශාක වෙළඳම සම්බන්ධව සිදුකරන ලද වර්ගීකරණයයි.

උපග්‍රන්ථ I -වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ ශාක හෝ ඒවායේ කොටස් සංරක්ෂණය
කිරීම් සඳහා එම සතුන් සහ ශාක වෙළඳාම තහනම් කර ඇත.
උපග්‍රන්ථ II - අධ්‍යතනයේදී වඳවී යාමේ තර්ජනයට ලක් නොවන නමුත් තර්ජනයට ලක් වීමේ
ප්‍රවණතාවයක් සහිත සත්ත්ව සහ ශාක විශේෂයන්හි, පැවැත්මට බලපෑමක් ඇති නොවන
පරිදි වෙළදාම පාලනය කරනු ලැබීම.
උපග්‍රන්ථ III - එක් රටක් තුළ සංරක්ෂණය කළ යුතු සතුන් සහ ශාක විශේෂයන් සංරක්ෂණය කිරීම
සහ වෙළඳාම පාලනය කිරීම සඳහා සයිටීස් සම්මුතියෙහි සෙසු පාර්ශව රාජ්‍යන්හි උපකාර
ලබා ගැනීම.

ආරම්භයේ සිටම දිවියන් (Panthera pardus) සයිටීස් උපග්‍රන්ථ 1 ට අනුව ලයිස්තු ගත කර ඇත. (මෙම සත්වයාගේ ඕනෑම ආකාරයක කොටසක් හෝ වෙළඳාම තහනම්ය) මෙම සත්ත්වයාගේ මූලික ලෙස ම වැඩි ඉල්ලුම පවතින්නේ සම සඳහා ය. විශේෂයෙන් ම දකුණු අප්‍රිකාවෙහි පවතින සාම්ප්‍රධායික උත්සව සඳහා දිවියන්ගේ සම් යොදා ගනී. මෙම සාම්ප්‍රධායික උත්සව හේතුවෙන් වසරකට දිවියන් 2500 පමණ මරණයට පත් කරන අතර අධ්‍යතනයේදී දිවියන්ගේ සම් ව්‍යාජ ලෙස නිර්මාණය කර භාවිත කිරීම තුළින් දිවියන් වෙළඳාම අඩු කර ගැනීමේ හැකියාව ලැබී ඇත. දිවියන් වෙළඳාම සම්බන්ධ වැදගත්ම පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. නසාරිත් බැප්ටිස්ට් (Shembe) පල්ලියෙහි චාරිත්‍ර සඳහා පමණක් නිති විරෝදී ලෙස දිවි සම් 15000 යොදා ගනී. 2013 වර්ෂයේ දී පැන්තරා (Panthera) සංවිධානය ආරම්භයේදී ව්‍යාජ සම් සැපයිම සාර්ථකව සිදු කරන ලදී.

ටිබෙට් රාජ්‍යයෙහි මුලීක වීමෙන් පසු 2006 වර්ෂයේ දී චම්පස් "chupas" නමින් සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් සැරසීම සඳහා ආසියානු ලොකු බළලුන් (කොටින්, දිවියා සහ හිම දිවියා විශේෂයෙන්) විශාල ලෙස භාවිතා කරන ලදී. නමුත් 2006 වර්ෂයේ දී ප්‍රාදේශීය ආගමික නායකයින්ගේ මුලිකත්වයෙන් මෙම ක්‍රියාව අඩු කිරීමට සාර්ථක ලෙස කටයුතු සම්පාදනය කෙරිණි.

srilankalepord2 px 900 19 0

දිවියන්ගේ සම් වෙළඳාම සඳහා ඇති ඉල්ලුම සමහර ප්‍රදේශවල පහත වැටුනි. සැබැවින්ම එම සතුන් අතුරු දහන් වී නොමැති අතර World WISE සහ IUCN හි රතු ලැයිස්තුවට අනුව 2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා අතර ලෝකය වටා දිවියන්ගේ සම් 1000 කට අධික සංඛ්යාවක් ලොව පුරා ලබාගෙන ඇත. ඉන් 500 ක් පමණ තුර්කියෙන් ද, ඉන්දියායෙන් ද, චීනයන් සහ එක්සත් ජනපදය වැනි රටවල් සමඟ ඇති කර තිබේ. එය ලොව විශාලම දිවි සම් ජාවාරම ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව මෙම දිවි සම් ජාවාරමේ ප්‍රබල ලෙස නොසිටන නමුත් 2011 වර්ෂයේ ජනවාරි මස කොළඹ නගරයේ දී එක් ජාවාරමක් සම්බන්ධව තොරතුරු වාර්ථාවීමක් සිදු වේ. නමුත් මෙම තත්ත්වය මත දිවියන්ගේ සම් ජාවාරම බලදාරීන්ගේ අවධානය තවදුරටත් යොමු වී පැවතිය යුතුය.

1982 වර්ෂයේදී රේගු දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය මගින් ශ්‍රීලංකාවේ දිවියන් 11 ක් සොයා ගන්නා ලදී. එය මෙරට තුළ සිදු වූ ප්‍රභලම සිදුවීමක් ලෙස නම් කළ හැකිය.මෙම දිවි සම් සගවා තබා ඇත්තේ ව්‍යාජ පත්ලකින් යුත් අපනයනික ග්රුමෆෝන් කුඩු සහිත ලී ඇසුරුම් බහාලුම් තුළය. සැබැවින් ම එය දිවියන්ගේ සම් වෙළඳාම සම්බන්ධ ගැටලුවක් පමණක් නොව ආසියානු ඖෂධ වෙළඳපොළ සඳහා දිවියන්ගේ අස්ථි ආදේශක ලෙස යොදා ගන්නා නියපොතු, දත් හා ඇටකටු ඇතුළු වෙනත් කොටස් වෙළඳාම ද තවදුරටත් තර්ජනයක් වී ඇත.. 2000 වර්ෂයේ දී දිල්ලි නගරය තුළ සිදු කළ විශාල මෙහෙයුමකින් පසුව දිවියන්ගේ සම් 70 ක් සහ දිවියන්ගේ නිය 18000 ක් රාජසන්තක කිරීමට සමත් විය. මේවන විට ශ්‍රී ලංකාව තුළ සිටින වැඩිහිටි දිවියන් ජනග්‍රහණය 1000 ක් ප්‍රමාණයක් ගණනය කර ඇත. මෙම වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ ශාක සම්බන්ධ ජාවාරම්කරුවන් කෙසේ ආරම්භ වූවාද යන්න සොයා බැලීම අපහසුය. නමුත් එයට ප්‍රබල විසදුමක් ලෙස ඉතාමත් සංකීර්ණ DNA විෂ්ලේෂණය කිරීම මඟින් මෙම ප්‍රශ්නයට විසදුම් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

srilankalepord px 900 19 06

ශ්‍රී ලංකාවෙහි අනවසරයෙන් ගාතනය කරන ලද දිවීයන් - අනිකුත් වන සතුන් සඳහා යොදන මර උගුල්වලට හසු වී මිය ගොස් ඇත. ඔවුන් සොයා ගැනීමේ දී නියපොතු සහ දත් පවා නොමැති අතර මෙම දිවියන් කොටස් සඳහා දේශීය වෙළෙඳපොළක් යෝජනා කිරීම සුදුසු වේ. නමුත් දිවියන්ගේ මාංශ සඳහා දේශීය වෙළඳපළක් පවතින අතර සමහර ප්‍රදේශවල පවතින සම්ප්‍රදායික විස්වාසයක් හේතුවෙන් දිවියන්ගේ ගෙල ඇඳුම රෝගය සඳහා ආහාරයට ගනීයි. එසේම ඖෂධීය නොවන පරිභෝජනය සඳහා දිවියන්ගේ මාංශ ලේඛනගත ද වාර්තා වී ඇත.

සයිටීස් සම්මුතියට අත්සන් කිරීමෙන්, ශ්‍රී ලංකාව ඇතුළු ව එහි සාමාජීක වන සෑම රාජ්‍යක්ම රටට පිවිසෙන හෝ රටින් පිටත් කර යවන ඕනෑම දිවියෙකුගේ කොටස් අනාවරණය කර ගත හැකි අවස්ථාවක දී නීතිමය රාමුවකට අනුකූල විය යුතුය. මෙය ප්‍රයෝජනවත් ක්‍රමයක් වන්නේ වනාන්තර ජාවාරම්කරුවන් විසින් අනිසි ලෙස ප්‍රයෝජනයට ගත හැකි නිති ඉවත් කරනු ලැබීමයි .

(RU news)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website