බදාදා, 15 ජනවාරි 2020 11:34

රන්ජන්ගේ හඬපට ගැන කලාකරුවන් කියන කතා මෙන්න

රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද අඩංගු හඬ පට පිළිබඳව කලාකරුවන් පුවත්පතකට අදහස් දක්වා තිබේ.

කමල් අද්දරආරච්චි - අනුව කාටත් තේරුම් යන්නේ දොර විවෘත කරගෙන ඔහු වැසිකිළි ගිය ආකාරය තමයි. ශී‍්‍ර ලංකාවත් විකෘති සමාජයක් කරා යොමුවීමක්ද මේ තුළින් පෙනෙනවා.රහසේ කතා කළ යුතු දේ පවා ප‍්‍රසිද්ධියේ අද කතාබහට ලක්වීම තුළින් සදාචාරය පිරිහෙනවා.

ප‍්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා- කලාව ගරුබුහුමන් ලැබෙන ආකාරයට රැුකගත යුතුයි. කලාකරුවෙකු එම වගකීම පැහැර හැරීම තුළින් කලාකරුවා තුළ වැරදි ආකල්ප ඇති වෙනවා. එම නිසා ඔහු කලාව රැකගෙන කි‍්‍රයා කළ යුතුයි. කලාව ගරු බුහුමුන් ලැබෙන උසස් මට්ටමක පවතින බව සිහි තබා ගැනීම වැදගත්.

ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී -අහක යන කුණු කතාවක් වගේම මේක අහක යන කුණු ගොඩක්. මේ ගැන ප‍්‍රකාශ නිකුත් කිරීමට මගේ අදහසක් නැහැ.

චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයක ඩොනල්ඞ් ජයන්ත-රන්ජන්ගේ හඬ පට පිළිබඳ කෙරෙන කතාබහ ගැන තමා නිහඬ වන බව කීවේය.

වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂක සිසිල් ගුණසේකර මහතා-රන්ජන් රාමනායක ඉතා හොඳ රංගන ශිල්පියෙක්. ඔහු දේශපාලනයෙන් බැහැරව සිනමාව පමණක් කළේ නම් ඉතා හොඳ ගමනක් ඔහුට යාමට හැකිව තිබුණා.

ප‍්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා- රන්ජන්ගේ ප‍්‍රශ්නය තුළින් අනවශ්‍ය ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ.

උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) - රන්ජන් රාමනායකට තිබෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලදී තිබෙන ප‍්‍රතිරූපය නොවෙයි. ඔහු කාන්තාවන් දෙස බලන ආකාරය දැන් හොඳට තහවුරු වෙලා තිබෙනවා.

රන්ජන්ගේ දුරකථන කතා බහ හරියට ළිඳ ළඟ සංගමය වගෙයි. රන්ජන් කවුද කියලා සැබෑ තත්ත්වය හෙළිවුණා. රන්ජන් සමග යම්කිසි කෙනෙකු දුරකථනයෙන් කතා කරන්නේ යම්කිසි විශ්වාසයක් මතයි. ඔහු ඔවුන්ගේ විශ්වාසය කඩා බිඳ දැම්මා. රන්ජන් සමග දුරකථනයෙන් මා කතා කරන්නේ නැහැ. හේතුව ඔහු ඒවා පටිගත කරන බව මට විශ්වාසයක් තිබුණා.

චිත‍්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරිය මහතා-ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාප අනුව රන්ජන් ගැන කියන්න දෙයක් නැහැ.

(Neth)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website