බදාදා, 24 ජූනි 2020 08:08

කොටි හමුදාවක තිබුණු කුරිරුකම කරුණා හෙළි කළා - දිනේෂ් ගුණවර්ධන

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් LTTE සමයේ සිදුකළ අපරාධවලට එරෙහිව කි‍්‍රයාත්මකවීමට යුද්ධ නීතියෙන් හෝ ඉඩක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු පවසන්නේ කරුණා අම්මාන්ගේ පෙර අතීතය හඹාගෙන ගොස් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට නොහැකි බවයි.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශයෙන් කරුණු රැසක් හෙළිවී ඇති බවයි.

එහිදී, කොටි හමුදාවක තිබුණු කුරිරුකම සහ අමානුෂිකත්වය ජිනීවා රටවලට දැන ගැනීමට පවා මෙය අවස්ථාවක් වේවි යැයි තමාගේ මතය බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ කරුණා අම්මාන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබද සැවොම බලාසිටින බවයි.

අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමසීමට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණිය නොහැකි බව ඊයේ (23) දන්වා තිබුණා.

(Neth)

Features

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website