බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 13:17

කරුණා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

LTTE සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කරන ලද්දේ වෘත්තීයෙන් ගුරුවරයකු ලෙසට කටයුතු කරන බොසෙත් කලහෙපතිරණ නැමැත්තෙකු විසින්.

පසුගිය දිනක කරුණා අම්මන් විසින් යුධ හමුදා සෙබලුන් 2000 ක් 3000 ක් අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප්‍රකාශයට අදාළව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

(NEth)

Features

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website