බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 13:31

කරුණා CIDයට එයි

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩදි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බව ඔහු අම්පාරේ දී පවසා තිබුණි.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඔහුට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණි.

ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවයි.

නමුත් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබුණි.

(Aruna)

Features

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website