බදාදා, 05 අගෝස්තු 2020 19:40

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවයි

අද පෙරවරු 07 ට ආරම්භ වූ, 2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 05 ට අවසන් කෙරිණි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බවයි.

දැනට ලැබී ඇති වාර්තා අනුව 71% ක පමණ ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිතා කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.

වෙනදා ඡන්ද විමසීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන නමුත්, කොවිඩ් අවදානම හේතුවෙන් මෙවර ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට දිනය දක්වා කල්දමා තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 08 ට පමණ රටපුරා මධ්‍යස්ථාන 77 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව ද සභාපතිවරයා පවසනවා.

හෙට රාත්‍රී වනවිට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

 

(LNW)

Features

2021 අයවැය ඔක්තෝබර්...

සැප්තැම්බර් 17 2020
Image

Stats

There are 28761 listings, 886 categories and 103 owners in our website