සදුදා, 21 සැප්තැම්බර් 2020 06:40

සහක් මෙට්‍රික් ටොන් 100,000ක් පමණ ආනයනය කිරීමට කටයුතු කිරීමට සිදු වන වෙළෙඳඇමති.

කිසිදු හේතුවක් මත වෙළෙඳපොල සහල් මිළ වැඩි කරන්නේ නෑ.. - ඇමති බන්දුල මාධ්‍ය හමුවේදී කියයි.

දිවයින පුරා සහල් හිඟයක් මවාපාමින් රට තුළ අර්බුදයක් ඇති කිරීමට උත්සාහ දැරීම හා එතුළින් පාරිභෝගිකයා අපහසුතාවයට පත් කර සහල් මිළ ඉහළ දැමීමේ කූට උපක්‍රමයන් බිඳ හෙළීමේ අරමුණින් අද දින මුළු දිවයිනේම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සහභාගී කරගනිමින් පවත්වන ලද සාකච්ඡාවෙන් අනතුරුව ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

රජයක් වශයෙන් ගෙන ඇති තීරණය පරිදි පාරිභෝගිකයන්ට මිළදී ගැනීම සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිළ කිසිදු අයුරකින් වැඩි නොකරන බවත් වී තොග රැස් කර තබා ගනිමින් වෙළෙඳපොලට නිකුත් නොකර මිළ වැඩි වීමක් බලාපොරොත්තුවෙන් රඳවා තබා ගනිමින් කටයුතු කරන සහල් වෙළඳුන් සම්බන්ධයෙන් කරුණු මෙහිදී අනාවරණය වූ බවද ගරු අමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කරන ලදී. රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීමට කිසිදු ඉඩක් නොතබන ස්ථාවරය තුළ කිසිදු මිළ වැඩි වීමකින් තොරව පාරිභෝගිකයින් වෙත දෛනික සහල් අවශ්‍යතාවය සපුරා ලීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියෙන් යුතුව රජය වෙත ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සහක් මෙට්‍රික් ටොන් 100,000ක් පමණ ආනයනය කිරීමට කටයුතු කිරීමට සිදු වන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වී තොග රැස් කරගෙන සිටින සහල් මෝල් හිමියන් එම සඟවා තබාගෙන සිටින සහල් තොග වෙළෙඳපොලට නිකුත් කරන්නේ නම් සහල් පිටරටින් ගෙන්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොවන බව අවධාරණය කළ ගරු අමාත්‍යවරයා රට තුළ කෘතීම සහල් හිඟයක් හෝ මිළ වැඩිවීමක් ඇති වීමට ඉඩක් නොතබා මහජනතාවගේ අවශ්‍යතාවයට සරිලන සැපයුමක් පාලිත මිළ තත්වය යටතේ ලබා දීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගින ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් හා දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් රැසක් සහභාගී වී සිටියහ.

(LIN)

Features

Image

Stats

There are 29027 listings, 909 categories and 103 owners in our website