ඉරිදා, 03 ජනවාරි 2021 17:13

විදේශීය සංචාරකයින් පිළිගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සූදානම්

විදේශීය සංචාරකයින්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ නිළවශයෙන් පසුගියදා මෙරට ගුවන්තොටුපළ විවෘත කෙරිණි. ඒ අනුව මාස නවයක කාලයකින් අනතුරුව මෙරටට පැමිණි පළමු විදෙස් සංචාරක කණ්ඩායම වූයේ පසුගිය දැසැම්බර් මස 28 වනදා "PQ 555" දරණ "SKY UP" ගුවන් යානයෙන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් 186 දෙනෙකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සංචාරකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා මාස කිහිපයක සිට සිදුකළ සැළසුම් ප්‍රකාරව එම සංචාරකයින් මෙලෙස දිවයිනට පැමිණියහ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරන මෙම නියමු ව්‍යාපෘතිය මගින් දේශීය සංචාරකයින් හා විදේශීය සංචාරකයින් මුහුවීම වැළක්වීම සඳහාද වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නැංවේ. පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව සංචාරක කළාප වෙත විදේශීය සංචාරකයින් සංචරණය කෙරෙන අවස්ථාවන් හා කාලවේලාවන් තුළදී එම ස්ථාන වෙතට දේශීය සංචාරකයින්ට ප්‍රවේශ වීමට ඉඩලබා නොදීමටද කටයුතු යොදා ඇත.
 
විදේශීය හා දේශීය සංචාරකයින්ගේ සෞඛ්‍ය  ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමේ අරමුණින් සංචාරක , සෞඛ්‍ය මෙන්ම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික යන අමාත්‍යංශයන් හී බළධාරීන් විසින්   තවත් වැඩපිළිවෙල රැසක් ද මේ වනවිට නිර්මාණය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් රැසක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන පොළොන්නරුවේ සංචාරක ව්‍යාපෘතියේ ස්ථාන රැසක සහ සීගිරිය සංචාරක කළාපය තුළ ජනවාරි මස 04 වනදා හා 05 වනදා යන දෙදින තුළ සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව එම සංචාරකයින් මධ්‍යම  සංස්කෘතික අරමුදල මගින් පාලනය වන පොළොන්නරුව සංචාරක  ව්‍යාපෘතියට අයත් "පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාල - (අංක 02) සහ ආලාහ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිම ගෙය හා නෙළුම් පොකුණ  යන සංචාරක ස්ථාන ලබන 04 වනදා නැරඹීමට පැමිණෙන බැවින් එදින ප.ව. 1.00න් පසු කාලය එම ස්ථාන දේශීය සංචාරකයින්ට විවෘත නොකරනු ඇත. එමෙන්ම අදාළ සංචාරකයින් ජනවාරි මස 05 වනදා පෙරවරුවේ සීගිරිය සංචාරක කළාපය නැරඹීමට පැමිණෙන බැවින් මධ්‍යහ්න 12.00 දක්වා කාල‍ය තුළ එම කළාපය ද දේශීය සංචාරකයින් සඳහා විවෘත නොකෙරේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්, දේශබන්ධු, මහාචාර්‍යය කපිල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යාඥ, මහාචාර්‍යය ගාමිණි අධිකාරී මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
අදාළ සංචාරක ස්ථානයන් නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින් හට එම ස්ථානයන් පිළිබඳ වටිනා තොරතුරු ඇතුළත් අත්පත්‍රිකාවක් සහ සංයුක්ත ඩී.වී.ඩී තැටියක් ප්‍රදානය කිරීමට ද කටයුතු යොදා ඇත.

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් දඹුල්ල හා මහනුවර යන සංචාරක කළාප තුළද ඉදිරි දින කිහිපය තුළ සංචාරය කිරීමට නියමිතයි. 

IMG 20210103 WA0006 IMG 20210103 WA0007

IMG 20210103 WA0008 

IMG 20210103 WA0009 

(LIN)

Last modified on ඉරිදා, 03 ජනවාරි 2021 17:17

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website