සිකුරාදා, 08 ජනවාරි 2021 08:28

නිමි ඇඳුම් ආනයනය සඳහා වන බද්ද එළඹෙන අප්‍රෙල් මාසයේ සිට වැඩිවේ ?

විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් පනවා ඇති තාවකාලික ආනයන සීමා කිරීම්


මේ වසරේ ජනවාරි 02 වැනිදා සිට තවත් මාස 06 ක් දීර්ඝ කිරීමට නියමිත බව නිල ආරංචි මාර්ග සඳහන් කරනවා.
මීට පෙර මෙම සීමාව මාස 06 කට පනවා තිබූ අතර එය අවසන් වුනේ ජනවාරි 02 වැනිදායි.

ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්ගේ මඟ පෙන්වීම යටතේ මුදල් අමාත්‍යංශය විසින් මේ සතිය තුළ නිකුත් කරනු ඇත.

එහිදී මෝටර් රථ වැනි විශාල ආනයනික භාණ්ඩ පමණක් තවත් කාලයකට මෙරටට ගෙන්වීමේ තහනම බලපැවැත්වෙනු ඇත.

මීට පෙර සැළසුම් කර ඇති පරිදි අදාළ තහනම මාස 03 ක් සඳහා පමණක් පනවා තිබුණද එහෙත් මේ වන විට මාස 06 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට පසුගිය බ්‍රහස්තිපතින්දා තීරණය කළ බව ආරංචිමාර්ග පවසයි.

* මෙම ආනයන සීමා කිරීම් මෙරට ආර්ථිකය වර්ධනය කෙරෙහි තවදුරටත් බලපෑම් කළ හැකි අතර ආනයන මත ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට මින් විශාල පාඩුවක් සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

එසේම ඔවුන් තවදුරටත් පවසන්නේ දේශීය නිෂ්පාදන ජාලයන් සාර්ථක වීම සඳහා පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන ආකාරයේ නිෂ්පාදනවල ගුණාත්මක බවට බලපෑම් එල්ලවන වීමටත් භාණ්ඩ මිළ ඉහළ යාම කෙරෙහිත් මෙම ආනයන සීමාවන් සලකනු ඇති බවයි.

ආර්ථික: ආචාර්ය W.A. විජේවර්ධන පවසන්නේ ඉතාම කෙටි කලකදී ශ්‍රී ලංකාවට ආනයන සීමා පැනවීම හැර වෙනත් විකල්පයක් නොමැති වුවද මෙම කෙටි කාලය තවදුරටත් දීර්ඝ නොකිරීම නුවණයට හුරු බවයි.

මේ තත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික ආනයන සීමාවන් මත නැඹුරු වූ නිෂ්පාදන වෙළඳපොළ ආර්ථිකයක් කරා ගෙන යනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෙනම දේශීය ධනපති පංතියක් බිහිවීම කරා තල්ලු වනු ඇත.

නිමි ඇඟලුම් සඳහා දැනට පවතින සීමාවන්ට අමතරව නිමි ඇඳුම් ආනයනය සඳහා වන බද්ද එළඹෙන අප්‍රෙල් මාසයේ සිට වැඩි කරන බව නිළ ආරංචි මාර්ග පවසනවා.

වත්මන් ගෝලීය හා කලාපීය ආර්ථික තත්වයන් තුළ විදේශ විනිමය ආරක්ෂා කිරීමේ අරමුණෙන් සිදුකරන ආරක්ෂක උපක්‍රම අතාර්කික ඒවා බව ආර්ථික විශ්ලේෂකයන් කියා සිටිති.

ඊට හේතුව වෙළඳපොළ තරඟකාරීත්වය වෙනුවට වෙළඳපොළ ඒකාධිකාරීත්වයක් නිර්මාණය කරන ආරක්ෂන ක්‍රමවේද ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කිරීම බවයි ඔවුන්

මහා බැංකු වාර්තා දත්ත පෙන්වා දෙන පරිදි, ආනයනික පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණය මුල් ආනයනයන්ගෙන් 19.8% ක් පමණක් වන අතර ආනයනවලින් 57% ක් නිෂ්පාදනය සඳහා අතරමැදි භාණ්ඩ වේ. මෙය දේශීය නිෂ්පාදනයන්ගේ ආර්ථිකයට දැනටමත් අහිතකර බලපෑම් එල්ල කරමින් සිටියි.

SINGER සමූහ ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී මහේෂ් විජේවර්ධන සමාගමේ වාර්ෂික වාර්ථාව ඉදිරිපත් කරමින් සිට කොටස්කරුවන් අමතා පැවසුවේ මෙම ආනයන සීමා කිරීම් පාරිභෝගික කල්පවත්නා වෙළඳපොළටද බලෑමක් ඇති කරනු ඇත යන්නයි.

වානේ, ඇල්මිනියම්, උළු, වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදකයන් කීප දෙනෙකු සිය භාණ්ඩවල මිල ගණන් වැඩි කරමින් ජනතාව සූරාකමින් සිටිති. මෙහි ප්‍රධාන ගැටළුව වන්නේ බදු සහ ආනයන සීමා යටතේ ජනතාව ඉහළ මුදලක් ගෙවන අතර එකී මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට නොගොස් බලයේ සිටින පාලක පක්ෂයට සම්බන්ධ ඇති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ සාක්කුවලට යාම සිදුවෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පවසති.

(LIN)

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website