ඉරිදා, 10 ජනවාරි 2021 08:35

සැබෑ නිදහස

සියල්ලටම කලින් ඔබත් ඇතුළු බොහෝ දෙනකු අතින් සිදුවෙන වෙන බරපතළ වරදක් නිවැරැදි කරගත යුතුව තිබෙනවා.


මා මේ ලියන දේ හොඳින් කියවා බලා මේ වැරැද්ද දැනට කරමින් සිටින සහ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වන සියලු දෙනාටම ඒ බව දන්වන්න.
ශ්‍රී ලංකාවේ ජනගහන සංයුතිය සෑදී තිබෙන්නේ විවිධ ජාතීන් එකතු වීමෙන් නොවේ. විවිධ ජන වර්ග එකතු වෙලා.
වසර තිස්දාහකට ඉහතදීත් ශ්‍රී ලංකාව ජනාවාස වෙලා තිබුන.
ඒ වකවානුවේත් දියුණු ශිෂ්ඨාචාරයක් තිබිලා තියෙනවා.
ඔවුන්ව හෙළයන් හැටියට හඳුන්වන්නට බැරි ඒ වකවානුවේදී මිනිස් සංක්‍රමණය පසුකාලයක සිදු උනා මෙන් ඉක්මනින් හෝ සංකීර්ණව සිදු නොවීම නිසයි.
මාගේ උපකල්පනයට අනුව ඔවුන් යක්ෂ ගෝත්‍රයේ ආරම්භකයින් වෙන්න පුළුවන්.
බුද්ධ පරිනිර්වාණයෙන් වසර එකසිය පනහකට පසු බෙංගාලයෙන් පිටුවහල් කරන ලදුව අහම්බෙන් ලංකාවට ගොඩබැසි විජය ඇතුළු පිරිසට මුණගැසෙන කුවේණි සහ ඇගේ ඥාතීන් යක්ෂ ගෝත්‍රිකයින් වූ බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා.
කුවේණි කපු කටිමින් සිටි විස්තරයට අනුව වසර තිස්දාහකට කලිනුත් මෙම දූපත ජනාවාස වී තිබුණේ යක්ෂ ගෝත්‍රිකයින් ගෙන් බව තර්කයක් ඉදිරිපත් කළ හැකියි.
වසර 5000 ට කලින් ලංකාවේ රජ කළා යෑයි ජනප්‍රවාදයේ එන රාවණා ද යක්ෂ ගෝත්‍රිකයෙක් බව සැලකේ.
උතුරු හා නැගෙනහිර ඉන්දියාවෙන් මෙන්ම දකුණු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයන් ද මිශ්‍රවී බුදුන් ලංකාවට වැඩි අවස්ථා දෙකකදී( තුන්වතාවක් වැඩිබව ) බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන පරිදි හෙළයන් යැයි සැලකිය හැකි ජන කොට්ඨාශයක් මෙහි දියුණු ශිෂ්ටාචාරයක් ගොඩ නංවා ගෙන තිබුණා යයි සැලකිය හැකියි.
වරක් යක්ෂ ගෝත්‍රිකයින් ද (මහියංගනයේදී) ඊළඟ අවස්ථාවේදී මැණික් පුටුවට දබර කළ චූලෝදර මහෝදර නාග ගෝත්‍රික දෙබෑයන්ගේ ආරවුල සමතයකට පත් කිරීමේ අරමුණින් ද බුදු හිමියන් ලංකාවට වැඩි බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
වසර 2565 කට ඉහතදී මිහිඳු මහරහතන් වහන්සේ මෙම දූපතට වැඩ බුදු දහම ස්ථාපිත කිරීමෙන් පසු හෙළයන් හැටියට ජනවර්ගයක් මෙහි ස්ථාපිත වන්නට ඇතැයි වැඩිදුරටත් උපකල්පනය කරන්න පුළුවන්.
හෙළයන් නොහොත් සිංහලයාගේ සමාජ පරිණාමයට සැබෑ අඩිතාලම වැටුණේ බුදු දහම ඔස්සේ බව පිළිගැනීම සාධාරණයි.
එතැන් සිට මේ භූමිය තුළ හෙළ බොදු සංස්කෘතියක් හැදී වැඩුණු බවත් වරින් වර අසල්වැසි දේශයන්හි සිට පැමිණි සුළු ජන පිරිස්ද එකතුවී මේ දිවයින තුළ සිංහල ජාතිය ස්ථාපිත වූ බවත් කියැවේ. ජීවන දර්ශනයක් ලෙස පිළිගැනුණු බුදු දහම ඔවුන්ගේ "ආගම" ද විය.

ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යත්මක සොයා ගැනීම්ද උපයෝගී කරගෙන විමසා බැලූ විට වසර 30,000 ක පමණ කාලයක සිට මෙහි සිටි සහ මෙරටට සංක්‍රමණය වූ විවිධ ජන කොටස් ඔවුන්ගේ සංස්කෘතිමය අනන්‍යතාවයන් මහා ජාතියක් ගොඩනැඟීමේ අරමුණින් දිය කර හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහල ජාතිය බිහි විය.
මෙම තර්කය ස්ථාපිත කිරීමේදී වැදගත් වන්නේ ඒ ඒ විවිධ ජනකොටස් වල තිබුනු ජානමය වෙනස්කම් වලට වඩා එක භූගෝලිය සීමාවක් තුළ එක සංස්කෘතික රාමුවක් හා ජීවන රටාවක් තුළ එක භාෂාවක් කතා කරමින් (වැදි භාෂාව කුඩා කණ්ඩායමක් තුළ ගෝත්‍ර භාෂාවක් විය) සිංහල ජාතිය නිර්මාණය කිරීමයි.
ක්‍රිස්තු පූර්ව 230 සිට දකුණු ඉන්දියානු ද්‍රවිඩ යින් දහ හත් වතාවක් හෙළ දිවයින ආක්‍රමණය කර තිබෙනවා.
ඔවුන් ආක්‍රමණිකයින් නොවී සංක්‍රමණිකයින් පමණක් වී නම් ශ්‍රී ලංකාව තුළ අප නොදන්නා අනාගතයක් දක්වා වුවත් දිව යා හැකි එදා සිට අද දක්වාත් රටට සාපයක් වී ඇති ඊනියා දෙමළ ජනවාර්ගික ප්‍රශ්නය කියා දෙයක් ඇති වන්නේ නැත.
සංක්‍රමණිකයා ප්‍රධාන ජන කොට්ඨාශයක අනුගතවීම ස්වභාවිකයි. එහෙත්

ආක්‍රමණිකයාගේ පරමාර්ථය මුළු රටම තමන්ගේ බලයට නතු කර ගැනීමයි. ඒ සඳහා ඔවුන් තමන්ගේ භාෂාවත් සංස්කෘතියත් ආගමත් පදනම් කරගෙන වාර්ගික අනන්‍යතාවය දිගටම පවත්වාගෙන යති.
අදටත් උතුරු නැගෙනහිර පළාත් තමන්ගේ නිජභූමිය යයි පවසමින් සාමය කැමති දෙමළ වාර්ගිකයන්ව සිංහල බහුතරය සමග මිශ්‍ර වීමට ඉඩ නොදී වැටකඩලු බැඳ ඇත්තේද වර්ගවාදය කරපින්නා ගත් දෙමළ දේශපාලනඥයන්මය. එය දරුණු ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය කළේ උතුරට වෙනම ක්‍රිස්තියානි රාජ්‍යයක් සඳහා රහසින් පිඹුරුපත් සකස් කළ ආගම් අන්තවාදීන්.

නිජබිම් සංකල්පය ඇඟට ජීර්ණය කර ගත් දෙමළ අන්තවාදීන් මේ භූමිය තුළ වැපිරුවේ වර්ගවාදය ටත් වඩා ජාතිවාදයයි.
මෙම දෙමළ ජාතිවාදී විෂඝෝර සර්පයා ක්‍රමයෙන් හිස ඔසවන අන්දම දසක ගණනක් තිස්සේ අධ්‍යනය කළ මුස්ලිම් දේශපාලන නායකයින් ද බල කෑදර මෝඩ සිංහල දේශපාලකයින් හරහා ඉස්ලාම් ආගම ඇදහීමේ මානව අයිතිවාසිකමක් ගැන සිංහල බහුතරය සමග ගැටුම් ඇති කර ගත්හ.
දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා වංචනික අවස්ථාවාදී සිංහල දේශපාලකයින් සියලුම ජනමාධ්‍යයන් ඔස්සේ උදේ හවස ප්‍රචාරය කළේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතියක් හා මුස්ලිම් ජාතියක් සිටින බවයි.

ජාතියක් යනු කුමක්ද වර්ගයක් යනු කුමක්ද කියා නොදන්නා සිංහල අමන දේශපාලකයින් පරම්පරා දෙකකටම දෙසා බෑවේ දෙමළ "ජාතියට" මෙන්ම මුස්ලිම් "ජාතියට"ත් මේ රටේ සමාන අයිතිවාසිකම් තිබිය යුතු බවයි. එක රටක එක භූගෝලීය සීමාවක් තුළ ජාතීන් කීපයකට නිත්‍යානුකූලව පිළිගැනීමක් ඇති වන්නේ නැහැ.

ජාතියක් නිර්වචන වීමේදී ඒ ජාතියට අයත් භාෂාව සංස්කෘතිය හා භූගෝලීය සීමාවක් තිබිය යුතුයි. සිංහල ජනවර්ගයට හැරුණුකොට දෙමළ හා මුස්ලිම් ජන කොටස් වලට රාජ්‍යක් ලෙස නිර්වචනය වුන භූගෝලීය ප්‍රදේශයක් නැත.
සිංහල ජාතියට රටක් තිබෙනවා යන්න ජාතිවාදී සංකල්පයක් නොවෙයි. එය බිඳ නොහෙළිය හැකි ඓතිහාසික සාධකයකි.

1505 සිට 1802 දක්වා මෙරට ආක්‍රමණය කළ පෘතුගීසී ලන්දේසි හා ඉංග්‍රීසින් මේ රට අත්හැර ආපසු ගියත් බහුතරය වූ සිංහල බෞද්ධයින්ගේ අනන්‍යතාවය කඩා බිඳ දැමීමට කළ හැකි හැම දෙයක්ම කර ඉවත්ව ගියහ.

මිෂනාරි අධ්‍යාපනය පදනම් කරගෙන විශේෂයෙන්ම සුළු ජන කොටස්වලට ජාතිවාදයේ විෂබීජ ඇතුල් කළහ. එම අධ්‍යාපනයට ගොදුරු වූ සිංහල බෞද්ධ ප්‍රබුද්ධ සුළුතරය නිතරම කතා කළේ "සුළු ජාතිකයින්ගේ "අයිතිවාසිකම් ගැනය. දේශපාලන වේදිකා මත මෙන්ම පාර්ලිමේන්තුව තුළත් මේ විෂබීජ පැතිර වීමට මාක්ස්වාදීන් යැයි කියාගන්නා පිරිස්ද එකුතු වූහ. ඔවුන් බෙදුම්වාදයට උඩගෙඩි දුන්හ. සුළු ජන කොටස් වලට භූගෝලීය වශයෙන් වෙන් කළ ප්‍රදේශ තුළ ජීවත්වීමේ මානව අයිතිවාසිකමක් ගැනද ඔවුන් මැත දෙඩුහ. එසේ කරන ගමන් "සියලු ජාතීන් හා ආගම් අතර සංහිඳියාවක් ගැනද දොඩමළු වූහ.

අපි උදාහරණයක් හැටියට දකුණු ආසියාවේ රටක් ගනිමු.
මැලේසියාවේ විවිධ ජන කොටස් හා ආගම් අදහන පිරිස් සිටියද ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ එය ඉස්ලාම් රාජ්‍යයක් හැටියටයි.
ඒ රටේ රාජ්‍ය භාෂාව මැලේ භාෂාවයි. රටේ නම මැලේසියාවයි. එම රටේ පුරවැසියන් හැමෝම හැදින්වෙන්නේ මැලේසියානු ජාතිකයන් ලෙසයි. එහි ජීවත්වන ඉන්දියානුවන්හට එම රටේ ව්‍යවස්ථාවට අනුව ඉන්දියානු ජාතික අනන්‍යතාවයක් හිමි වන්නේ නැත. සිංගප්පූරුවේ මෙන්ම මැලේසියාවේ දී ඔවුන් ඉන්දියානු සම්භවයක් ඇති මැලේ ජාතිකයන්ය.
ඊට කිසි කෙනෙක් අභියෝග කරන්නේ නැත. එයට හේතුව කොදු නාරටියක් ඇති පාලකයින් ඒ රටවල් පාලනය කිරීමයි.

සුළු ජන කොටස් මුළු ලෝකය පුරාම විශේෂයෙන්ම බටහිර රටවල් වල ක්‍රිස්තියානි පල්ලි වල සහයද ඇතිව ප්‍රචාරය කළේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අන්ත වාදීන් සුළු ජන හා සුළු ආගමික කොටස්වලට හිංසා කරන බවයි. නමුත් ලංකාවේ සැබැවින්ම සිදු වුණේ බටහිර බලපෑම් මෙන්ම ඉන්දියානු ඇඟිලි ගැසීම් හරහා සුළුතරය බහුතරය පාලනය කිරීමයි. එම රටවල් බහුතරයට බලකර සිටින්නේ සුළුතරයේ මානව අයිතිවාසිකම් රැක දෙන ලෙසයි.
නමුත් වරින් වර ලංකාවේ සිදුවුණු ම්ලේච්ඡ ඝාතන වලට 100%ක් ම ගොදුරු වූයේ සිංහල බෞද්ධ තරුණ තරුණියන්. ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා දස දහස් ගණනින් මරා දමන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්න කිසිම ලෝක බලවතෙක් ඉදිරිපත් නොවීම ඇත්තෙන්ම ලජ්ජා සහගතයි.

1988-89 වකවාණුවෙදි ඝාතන අණ නොතැකීමේ වරදට රාජ උදහසට ලක්ව පණ බේරාගෙන ඇමරිකාවට පැන ආ ශ්‍රී ලංකාවේ උසස් හමුදා නිලධාරියෙක් 1998 දී මාහට එම රටේදී පවසා සිටියේ මරාදමන්න නියමව ලැයිස්තු ගත කර තිබූ ගම්බද තරුණ තරුණියන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ව සිට ඇත්තේ 25% ක් පමණක් බවයි. මෙම පිරිසෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් අය වූහ. ඔවුන් මිය ගියේ ත්‍රස්තවාදයට ඇති සම්බන්ධතාවයක් නිසා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැදි සිංහල බෞද්ධ තරුණයින් වීම නිසයි.
අප විසින් මෙම ජීවමාන උදාහරණය ගෙනහැර දැක්වූයේ අපේ හමුදාවන්ගෙන් හිංසාවට ලක් වූයේ උතුරු හා නැගෙනහිර දෙමළ තරුණ තරුණියන් පමණක් යන මිත්‍යාව පරාජය කිරීම පිණිසයි.
දකුණේ සිංහල බෞද්ධ තරුණ තරුණියන්ව මරා දැමීම සඳහා කෝටි ගණනින් මුදල් වියදම් කළ ඇමරිකානු CIA සංවිධානය, අපේ රණවිරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී ප්‍රහාරයන් දියත් කිරීම සඳහා LTTE කණ්ඩායමටද රහසින් උදව් කළා. 88-89 භීෂණ සමයේදී සිංහල තරුණ තරුණියන්ව ඝාතනය කරන්නත් පැරමිලිටරි කණ්ඩායම් වලට මුළ්‍ය වශයෙනුත් ආධාර කළා.

මේ සියලුම උදාහරණ සහිතව අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ 1948 බ්‍ර්තාන්‍යයින්ගෙන් නිදහස ලැබුවේ බ්‍රිතාන්‍යයයින් අනුකරණය කරමින් යුරෝපීය ජීවන රටාව වැළඳගත් ප්‍රබුද්ධ සුළුතරයක් පමණක් බවය. වරප්‍රසාද ලත් ඒ සුළුතරයට හැම වාර්ගිකයෙක්ම අයත් වුණා.
පෑගුණු පිරිසට සිංහල දෙමළ මුස්ලිම් කියා වෙනසකින් තොරව හැම ජන කොට්ඨාසයකම පීඩිතයින් අයත්වීම ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය තුළ අදටත් අමිහිරි යථාර්ථයක් බවට පත්වී ඇත.

සැබෑ නිදහස වෙනුවෙන් හෙට දිනයේ සටනට අවතීර්ණ වන සෑම විරුවෙකු ගේම ජනවිඥානය විය යුත්තේ අප විසින් මෙහි සඳහන් කළ පරම සත්‍යයයි. ඓතිහාසික තොරතුරුයි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා )
10.01.2021

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website