ඉරිදා, 31 ජනවාරි 2021 11:02

ලේනෝ.. ලේනෝ.. මේ බෙහෙත අරගෙන මට අලුත් පැටව් නොදියෝ...! Featured

ලේනාටත් උපත් පාලන සැලසුම්!

1 ලේ්නෝ්ලේනාටත් උපත් පාලන සැලසුම්!

අළු පැහැති ලේනුන්ට උපත් පාලන ඖෂධ ලබා දීමේ ව්‍යාපෘතියක් පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි. මෙම ව්‍යාපෘතියට එරට ආණ්ඩුවේ සහයෝගය ද ලැබී තිබේ.

පරිසර අමාත්‍ය ගෝල්ඩ්ස්මිත් සාමිවරයා පවසන්නේ අළු පැහැති ලේනුන් සහ අනෙකුත් ආක්‍රමණික සත්ව වර්ග විසින් එක්සත් රාජධානියේ වනාන්තරවලට සිදු කරනු ලබන හානිය නිසා වසරකට ස්ටර්ලින් පවුම් බිලියන 1.8ක වියදමක් රටේ ආර්ථිකයට එකතු වන බවය.

මෙය අමුතු සැලැස්මකි. අළු පැහැති ලේන් වර්ගයට පමණක් ඇතුළු විය හැකි සිදුරු සහිත පෙට්ටියක උපත් පාලන ඖෂධයක් මුසුකළ ආහාරයක් තැබීම මෙහිදී කරනු ලැබේ.

ගෝල්ඩ්ස්මිත් සාමිවරයා තවදුරටත් කියා සිටියේ මෙම ලේනුන් නිසා ඇතිවන හානිය, දේශගුණික විපර්යාස වලක්වාගැනීම සඳහා අක්කර දස දහස් ගණනක සිදු කෙරෙන වනවගාවට පවා තර්ජනයක් වී ඇති බවය.

මෙම අළු පැහැති ලේනුන් උතුරු ඇමරිකාවේ සිට ගෙනැවිත් එක්සත් රාජධානියට හඳුන්වා දී ඇත්තේ 19වන ශතවර්ෂයේ අග භාගයේදී ය.

එක්සත් රාජධානියේ වනාන්තරවල පවතින, වසර 10ත් 50ත් අතර වයසැති තරුණ ශාක කඳන්වල පොතු ලේනුන් විසින් ගලවා දමනු ලැබීම වනාන්තර පැවැත්මට විශාල හානියක් බව ලේන් ආරක්ෂණය සහ වන ආරක්ෂණය සඳහා පවතින එක්සත් රාජධානියේ ලේන් සම්මුතිය (UK Squirrel Accord) පවසයි.

මෙම ශාක තවත් සත්ව විශේෂ රාශියකගේ පැවැත්මට ඉතා වැදගත් වනු ඇත.

එක්සත් රාජධානිය තුළ මෙවැනි ආක්‍රමණික භක්ෂකයන් මිලියන තුනකට අධික ප්‍රමාණයක් සිටින බවට ඇස්තමේන්තු කර තිබේ.2 ලේනා                                           රතු පැහැති ලේනා

අළු පැහැති ලේනුන් විසින් දේශීය සත්ව විශේෂයක් වූ රතු පැහැති ලේනුන් මේවන විට එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවලින් පලවා හරිනු ලැබ තිබේ.

අළු පැහැති ලේනුන් ගැබ් ගැනීම වැලැක්වීම සඳහා මෙම උපත් පාලන ව්‍යාපෘතිය යෝජනා කෙරුණේ 2017 වසරේදී ය. එමගින්, මෙම සත්ව ගහනය 90%කින් පමණ අඩු කර ගත හැකිවෙතැයි සත්ව සග ශාක සෞඛ්‍ය ඒජන්සිය අපේක්ෂා කළේය.

මෙම ව්‍යාපෘතියට රාජකීය අනුමැතිය ද ලැබී තිබේ.

"එක්සත් රාජධානියේ ආක්‍රමණික ලේනුන්ගෙන් ඇතිවන නිෂේධක බලපෑම කළමනාකරණය කර ගැනීම සඳහා "එක්සත් රාජධානියේ ලේන් සම්මුතිය (UK Squirrel Accord) පිහිටුවා ගෙන ඇත්තේ චාල්ස් කුමාරයාගේ ද සහයෝගය ඇතිවය.

ඉන්දියාවේ කුරුළු උණ: පක්ෂීන් දහස් ගණනක් මරණයට
එවරස්ට් කන්ද උස ගිහින්!
'සුලවෙසි' ගුහාවකින් අවුරුදු 45,500ක් පැරණි වල් ඌරු සිතුවමක්
දේශීය සත්ව විශේෂයක් වන රතු පැහැති ලේන් ගහනයේ දැනට ඉතිරි වී ඇති ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත් කම පිළිබඳව ඔහු ලියා තිබේ.

එඩින්බ්‍රා නේපියර් විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යාඥ ජේසන් ගිල්ක්‍රිස්ට් ලියා ඇත්තේ අළු පැහැති ලේන් ගහනය ආරක්ෂා කරගත යුතු බව තමන් පිළිගන්නා නමුත් මෙම උපත් පාලන ව්‍යාපෘතියට තමන් සහය ලබා දෙන බවය.

අළු පැහැති ලේන් ගහනය කළමනාකරණය කළ යුතුව පවතින බව ඔහු පිළිගනී.

"තුවක්කුවක් වැනි විකල්පයකට වඩා මෙය හොඳයි." ඔහු බීබීසීයට පැවසීය.

එක්සත් රාජධානියේ ලේන් සම්මුතියේ ද තර්කය වී ඇත්තේ එයම ය. සත්ව ගහනය අඩු කරගැනීම සඳහා ඔවුන් ගැබ් ගැනීම වළක්වාලීම, මානුෂීය විකල්පයක් බව ඔවුහු පවසති.

රාජකීය වන සංවර්ධන විද්‍යා සංගමයේ ප්‍රධාන විධායක සයිමන් ලොයිඩ් කියා සිටියේ අළු පැහැති ලේන් ගහනය අඩු කර නොගතහොත් ගෝලීය උණුසුම සහ ජෛව විවිධත්වය පීඩාවට පත්වනු ඇති බවය.

"අළු පැහැති ලේනුන් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත්, වායුගොලයේ කාබන් අඩු කරගැනීමට හෝ පොළොවේ ජෛව විවිධත්වයට අවශ්‍ය දායකත්වය ලබා දීම සඳහා" අලුත් ශාක ජීවතුන් අතර නොපවතිනු ඇති බව ඔහු ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට පවසා ඇත.

ලේනුන්ට උපත් පාලන ඖෂධ ලබා දීම පිළිබඳව වසර තුනකට අධික කාලයක් තිස්සේ පර්යේෂණ පවත්වා තිබේ.

මෙම පර්යේෂණ වලින් අනතුරුව එක්සත් රාජධානියේ ලේන් සම්මුතිය නිගමනය කර ඇත්තේ අළු පැහැති ලේන් ගහනය අඩු කර ගැනීම සඳහා එය සාර්ථක ක්‍රමයක් වනු ඇති බවය.

මෙම පර්යේෂණය දියත් කළ වනාන්තර නියැදිය තුළ සිටි අළු පැහැති ලේනුන්ගෙන් 90%ක්, ගැබ්ගැනීම් වළක්වන ඖෂධ මුසු කළ ආහාර බඳුන් වෙත ළඟා වී තිබේ.

මෙම ක්‍රමවේදය නැවත නැවත භාවිතා කළ හැකි බැවින් එය සාර්ථක සැලැස්මක් වනු ඇති බවට නිගමනය කර ඇත.

(BBC News)

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 103 owners in our website