Features

පළාත් සභා මැතිවරණයට අදාළව නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නම් එය ලබා ගැනීමට තමන් කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි .

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් අද (07) දින සිට වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හුදකලබව පවත්වාගෙන යාම සහ ඉවත්කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ. මේ බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතන මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක ඉකුත්දා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණා. ඒ, ඔහුගේ නියමිත ධූර කාලය අවසන් වීම හේතුවෙන්. සුසන්ත රත්නායක මෙම තනතුරට පත් කර ඇත්තේ වසරක කාලයක් සඳහායි.

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 08:20

ප්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශීය සංචාරකයන් සදහා මෙරට ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම සංචාරක ක්‍ෂේත‍්‍රයට අදාළ සාමාජිකයන් පිරිසක් මෙම කමිටුව ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. එම කමිටුවේ තීන්දු තීරණ පරිදි විදේශිය ජාතිකයින් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි

තමන්ට හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිදු අදහස් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසා ඇතැයි වාර්තා වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය තුල නොසන්සුන්තාවයක් ඇති කරමින්; අධ්‍යාපන පරිපාලන කේෂ්ත්‍රයේ පළමු පන්තියේ තනතුරක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුකම් නොමැති අනිල් වීරසිංහ නැමැත්තෙකු පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

සිකුරාදා, 04 දෙසැම්බර් 2020 08:57

බුරවි කුණාටුවෙන් වැඩිම බලපෑම යාපනයට

මෙරට උතුරු සහ නැගෙනහිර පළාත්වලට දැඩි වශයෙන් බලපෑ ‘බුරවි’ සුළි කුණාඩුව ඊයේ (03 වැනිදා) සවස් කාලයේ දී මන්නාරම සහ පූනරීන් අතර වෙරළට ආසන්ව පැවති අතර එය මන්නාරමට උතුරු ප්‍රදේශයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම අරඹා තිබිණි.

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website