කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැතැයි, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ; යුක්රේන සංචාරකයෝ අද පෙරවරු 11.00 සහ පස්වරු 1.30 අතර කාලයේ දී, මහනුවර දළදා මාළිගාව නැරඹීම සදහා පැමිණීමට නියමිත බවත් මෙම කාල සීමාව තුල දේශීය බැතිමතුන් සදහා ද දළදා මාළිගාව විවෘතව පවතින් බවත්ය.
ළමයින් සම්බන්ධයෙන් පවතින නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා පළාත් නවයට ළමා මහාධිකරණ නවයක් සහ පළාත් හතකට ළමා මහෙස්ත්‍රාත් අධිකරණ හතක් පිහිටුවීම සඳහා අවධානය යොමුවී ඇත.
පසුගිය කාලයේ ඇති වූ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු භූචලන තත්වයන් පිළිබඳ විශේෂඥ කමිටුවක් විසින් නිර්දේශ ඉදිරිපත්කර තිබේ.
මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව අද (05) සිට නීතිමය ක්‍රියාමාර්ගවලට අමතර පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.
විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම ඉදිරි දෙසතිය තුල සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ මුල් සතිය වනවිට ලබාදීමට පියවර ගන්නා බවත් කොවිඩ් හේතුවෙන් හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ අනෙකුන් පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
නවීකරණය කළ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද 2021.01.04 දින පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී විවෘත විය.
බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.